ඌව පළාත් සභා ඡන්දයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් බහුල ලෙස යොදාගෙන ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු (කැෆේ) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
මහියංගණය , හාලි ඇළ , බදුල්ල හා ඌව පරණගම රජයේ දේපළ මෙන්ම ලංගම බස් හා සංචාරක බංගලා ද රජයේ ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇතැයි ඔහු පැවසීය.
මහියංගනයේ නීතී විරෝධි ඡන්ද පෝස්ටර් හා පත්‍රිකා මං මාවත්වල අලවා ඇතැයි ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන හැටියට කැෆේ සංවිධානයට තිබෙන ප්‍රශ්නය විසඳන්න ක්‍රමයක් නැහැ වගෙයි (නි)
මම නම් මේකේ වැරැද්දක් දකින්නේ නැහැ. මේක එදා ඉඳලාම අපේ රටේ පැවති දෙයක් (නි)
කැෆේ කියයි.අපි අහයි. නමුත් අලුත් යමක් සිදුවෙයිද? (නි)
ඔය කියන සංවිධානය සමබර, ස්වාධීන, අපක්‍ෂපාතී සංවිධානයක්ද? (නි)
මොනවා වුණත් මේ වැඩේ නම් භයානකයි. (නි)
කොපමණ පැවසුවත් වැඩක් වෙනවාද? බලයේ සිටින කව්රුත් එකයි. ඒ නිසා මේ රටේ මහ ජනතාව දේශපාලන වහලුන් නොවී ,හැම කෙනෙක්ම මැතිවරණයෙන් මැතිවරණයට ගෙදර යැවීමට පෙරමුණ ගතයුතුයි. (නි)
බලය ඇති අය මැතිවරණ වලදී තම බලය ප්‍රචාරණයන් සදහා යොදවනවා.නමුත් කවදාවත් ඒ බලය මිනිසුන්ගේ කතිරයට බලපෑමක් කරන්න යොදාගන්න කිසිම රජයකට බැහැ..කතිරය ගහන තැනදී තමන්ගේ කැමැත්තට මිසක් අනුන්ගේ කැමැත්තට බලපෑමට කවුරුත් කතිර ගහන්නේ නැහැ.එහෙම වෙනවා නම් ඉතින් සදාකාලිකව මේ මැතිවරණ ක්‍රමයේ ඉන්න ඕනෑ එක ආණ්ඩුවක් පමණයි. (නි)
ඕක අහන්නත් දෙයක්‍ද නඩුත් හමුදුරුවන් ගේ බඩුත් හමුදුරුවන් ගේ. (නදී)
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
රටකට ගිය කල! ලංකාව දැන් ගෙවන්නේ අඳුරුම කාල පරිච්ඡේදයක් බවට කිසිම සැකයක් නැහැ (නි)
ආණ්ඩු බලයට පත්වෙන්නේ ඡන්දයෙන් පමණක් යන්න ලංකා දේශපාලන සංදර්භයේදී පරමාදර්ශී සිහිනයක්. කොපමණ ඒ ගැන කතා කලත් දිනන පුද්ගලයත්, දිනන පක්ෂයත් තීරණය වෙන්නේ මැර බලය, ධන බලය හා වංචාව කොයි තරම් සාර්ථකව හසුරවන්න පුළුවන් කාටද කියන එක උඩ.(නදී)
බොහොම ස්තුතියි. සුබ දවසක්! (නදී)
මේ කියන දේවල් මීට කලින් ඡන්ද වලදීත් ප්‍රකාශ උනා. කෝ ඒවාට දඬුවම්? මේවාටත් එහෙම තමයි, ආණ්ඩු පක්ෂේ උදවියට නීති ක්‍රියාත්මක වෙයිද? ඡන්ද දායකයින් මීට වඩා බුද්ධිමත් වෙලා තීන්දු ගන්න උවමනා කරන කාලයයි මේ. (නදී)
වැරැද්ද පුරුද්ද වෙනවා. පුරුද්ද සම්ප්‍රදාය වෙනවා. සම්ප්‍රදාය අපේ වෙනවා. ඉතින් බොලේ මේ අපි අපිමනේ. කැෆේ සංව්ධානය ශ්‍රී ලාංකික මැතිවරණ සම්ප්‍රදායට ඇගිලි ගැසීමෙන් ඉවත් වී වෙන ආදායම් මාර්ගයක් සොයා ගනු (නදී)
මේවා කරන්න ඕනේ දෙපාර්තමේන්තුව නේද ? කවුද ඇමති ? (අ)
මේවා අනුමත කරන පිරිසකුත් ඉන්න බව දැකීමෙන් මේ රට ගැන පුදුම දුකක් ඇති වෙන්නේ (අ)