ප්‍රසන්න පත්මසිරි
බදුල්ල මහ නගර සභවේ බලය මාස තුනකට විශේෂ කොමසාරිස්වරයකුට පැවරීම මන්ත්‍රිවරුන්ට ඉතාම හොද පාඩමක් බවත් නැවතත් නගරාධිපති තනතුර මාස තුනකින් තමාටම හිමිවෙනවා යැයි හිටපු නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය.
බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයාට මන්ත්‍රිවරුන් බහුතරයකගේ සහයෝගය නොලැබීම හේතුවෙන් සභාව අක්‍රීය වීමෙන් ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා විසින් සභාවේ කටයුතු අත්හිටුවා විශේෂ කොමසාරිස්වරයකු යටතට පත්කීරීමේ ගැසට් නිවේදනයකින් නිකුත් කර ඇත.
නගර සභාව සභිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වන අතර ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බලය තහවුරු කරගෙන තිබිණි.
හිටපු නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
මම නගරාධිපති වශයෙන් සභාව ආරම්භයේ දි බදුල්ලට වැඩ ගොඩාක් කළා මේක සමහර බෝනස් වලින් පත්වුණ මන්ත්‍රීවරුන්ට බලාගෙන ඉන්න බැරි නිසා කුමන්ත්‍රණ කළා. සමහරු අවුරුදු දෙකෙන් තනතුර ගන්න බලාගෙන හිටියා. වසර දෙකෙන් තනතුර මාරුකරන්න කියලා මට අපේ නායකයෝ කියලා තිබුනේ නෑ.
2021 අයවැය පරාජය කරන්න මන්ත්‍රීවරුන් කටයුතු කළත් මම අයවැය නීතියානුකුලව දිනුවා.මම නීතියානුකුලවයි අයවැය ඉදිරිපත් කලේ සභාව පිහිටුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 8 දෙනා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 5 දෙනා සමඟ දැන් වෙනකොට නගරාධිපතිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනි වුණා.
ඒකයි මෙතන ප්‍රශ්ණය.නමුත් මාත් එක්ක අපේ පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරම්ණේ මන්ත්‍රිවරු අටදෙනා ඉන්නවා. අනිත් මන්ත්‍රීවරු උසාවි ගියා. උද්ඝෝෂණ කළා නීතිපතිට කිව්වා නීතිපති මාව නිවැරදි බවට පිළිගෙන ලියුමකුත්
එවා තිබුණා මේ මන්ත්‍රිවරුන්ට තියෙන්නේ බල තණ්හාව සභාව ගැන පරීක්ෂණයක් කරන තෙක් කොමසාරිස් පාලනයට පැවරීම ඉතාම හොඳයි මම නිවැරදි බව පරීක්ෂණයේදි ඔප්පු වුණාම මාස තුනකින් මම නැවතත් නගරාධිපති පුටුවේ වාඩි වෙනවා ඒක කාටවත් නතර කරන්න බෑ.මම තමයි තව මාස තුනකින් බදුල්ලේ නැවතත් නගරාධිපති ඒක කාටවත් වළකන්න බෑ.
සභාවේ මන්ත්‍රිවරු නීතිය පිළිගන්නේ නෑ දන්න කවුරු කියන දෙයක් වුණත් පිළිගත්තේ නෑ මට පදනම් විරහිත චෝදනා නැගුවා සම්මත වුණ අයවැය කරගෙන යන්න දුන්නේ නෑ මට මන්ත්‍රිවරුන්ට පගාව දෙන්න අතේ සල්ලි තිබුනේ නෑ ඒකයි මෙතන ප්‍රශ්නය මට දැන් තේරෙනවා.
මන්ත්‍රිවරු ඔවුන්ගේ රාජකාරිය කලේනෑ තනතුරු බලාගෙන කටයුතු කළා මේක කාටත් හොද පාඩමක් බදුල්ල නගරයේ පාරවල් 38ක් හදන්න 2021 වසරට මුදල් අනුමත කළා මම හදපු අයවැය විශේෂ කොමාරිස්ට කරගෙන යන්න පුළුවන් සභාවේ දිගටම කරන්නේ මගේ යෝජනා මම කොහොමත් දිනුම්. මාස තුනක් මම බලාගෙන ඉන්නවා මම පරිහරණය කළ සියලුම වාහන ඇතුළු උපකරණ අද මම සභාවට බාරදෙනවා. මාස තුනකින් නැවතත් නගරාධිපති තනතුර ඇරගෙන මම බදුල්ලේ ජනතාවට වැඩ කරනවා යැයි හිටපු නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුල්ල තව මාස තුනකින් ආයෙත් මටම එනවා