සසර වසනාතුරු ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් පිහිටවිය නොහැකි යැයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වාද්දුව තල්පිටිය හෝටලයක රැස්වීමකදී පැවසීය.
2020 දී රජයක් පිහිටුවන ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.
ඔවුන් කළැයි කියන අපරාධ ගැන ගුණවර්ධන මහතා උපහාසයෙන් කථා කළේය.
‘ජවිපෙ කවදාවත් ගෙදරකට ඇවිත් හැඳුනුම්පතක් පැහැරගෙන නැහැ. කළුතර දිස්ත්‍රික්කේ අය ඒ බව හොඳට දන්නවා. කවදාවත් පොදු දේපළ විනාශ කරලා නැහැ. උසාවි ගිනි තියලා නැහැ. කවදාවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරවලා නැහැ. කවදාවත් බෝක්කුවක්වත් කඩලා නැහැ. කවදාවත් නිරායුද අහිංසක මිනිස්සු මරලා දණිස්සෙන් පහළට වළ දාන්න කියලා නියම කරලා නැහැ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කෙනානේ රතු එළිය දල්වලා තියෙන්නේ. මට නම් හිනාත් යනවා (නි)
ජේවීපී එක දැන් කැරලිකාර පක්ෂයක් නොවේ. එ්ත් හැම සතියකටම සැරයක් මහා පාරේ උද්ඝෝෂණවලට අනුබල දීමෙන් එහි අගය අඩුවෙලා ගිහින්. දැන් කාලේ මහා පාරේ උද්ඝෝෂණයක් දුටු විට මිනිසුන් එය කුමක් සදහාද කියලවත් සොයා බලන්නේ නැ. (බ)
බන්දුල ගුරුතුමෝ සිතිය හැකියි උගන්වන කාලේ කොහොමද කියා හසුරුවන වචන වලින් .කොමියුනිස්ට් වාදය දැන් තුරන් වෙමින් පවතී ,මාද එයට අකමැතිය ,මෙහි පදිංචියට පෙර වෙළඳ නාවික ඉංජිනේරුවෙක් හැටියට ලොව තරණය කර ඇත .(බ)
හීනෙන් ගොක්කොළ පේනවාද (බ)
බන්දුලගෙන් ටියුෂන් ගත්ත අය දැන් පළාත් සබා වල කියන කතා වල හැටියට ඉතින් ගුරාගේ හැටි තේරුම් ගන්න පුළුවන්. (නි)
ජේ.වී.පි.ය කළේ සේප්පඩ විජ්ජාවක්. නිදහසින් පසු අපේ රට පාලනය කළේ ප්‍රධාන පක්ෂ දෙක පමණයි. ඔවුන්ට උවමනා කළේ ප්‍රධාන පක්ෂ දෙක එක්කරලා රජයක් පිහිටුවන්නයි. ඊටපසු ඔවුන් කරන මහජනවිරෝධී වැඩ පෙන්නා බලය ලබාගැනීමයි. (නි)
විජේසිංහ මහතාණෙනි, ස්තුතියි. මම ජවිපෙ නායකයෙකුගෙන් ඇහුවා ඔය වෙනස ඇයි ඡන්දයකින් කරන්න හදන්නේ නැත්තේ කියල. ප්‍රතිඵලය මොකද්ද? අහිංසක සිංහල කොල්ලන්ට ජීවිත අහිමි වුණා. ජවිපෙ නායකයෝ ගැන අපි දන්නවා (නි)
මා අකමැතිම දේශපාලකයා බන්දුල ගුණවර්ධන මහතාය. අපට කියන්න තියෙන්නෙත් ඒකාබද්ධ විපක්ෂයටත් රජයක් පිහිටුවීමට සසර වසනතුරු හැකිවන්නේ නැත කියාය. (නි)
කුමාර්, රංජිත් මංජුල, ඔබ සමඟ මමත් එකඟයි. ජ.වි.පෙ. සමහර ක්‍රියා හරි නැහැ තමයි. හැබැයි ඔවුන් නොහිටින්න මේ මහ පක්ෂ ආණ්ඩු දෙකම රට සම්පුර්ණයෙන්ම වනසනවා. හොඳට කරුණු ඇතුව පාර්ලිමේන්තුවේ කතාකරලා රට දැනුවත් කරන්නවත් මහ පක්ෂ දෙකේ මන්ත්‍රීලා නැහැ. (නි)
නන්ද, ඔබ හරි. කොටි කාලේදී පාසිකුඩා වෙරළ තීරයක් විතරයි. අද එහෙමද? කොටි ඉවරවෙලා අවුරුදු කිහිපයක් යනකොට ලහි ලහියේ විශාල හෝටල් ඉදිවෙලා. මේ හෝටල් කාගේද? කාගේ මුදල්ද? (නි)
ජවිපෙ කියද්දී සමහරු බයෙන් වෙව්ලනවා කියලා අපි දන්නවා. (නි)
සුන්දරලිංගම් මහතා ජ.ව්.පෙ පරම්පරා දෙකයි නම් ,වර්තමාන පාලකයෝ ගැනත් කෙටි සදහනක් දමන්න.(අ)
රුපියල් 2500 කින් දරු පවුලකට බඩ කට පිරෙන්න කන්න පුළුවන් කියා කී සමහරුන්ගේ ගෙදර ඇති කරන බල්ලාටත් රුපියල් 40,000 කට වඩා මාසෙකට වියදම් යනවා කියලා අපිට ආරංචියි. (නි)
හිටපු ඒකාධිපතියාට ආවඩන එක තරම් සැපතක් මට නම් නැහැ. අපේ පරම්පරාවටම නැහැ. (නි)
වින්සන්ට්ගේ කතාව අනුමත කරමි. මම නාවික හමුදාවේ සිටි කාලයේදී මේ ජේ.වී.පි. අය මගේ යාලුවෙකුගේ අයියාගේ බිරිඳව මරා පිච්චුවා. ( ඒ අයියා එවකට යුධ හමුදාවේ සහ ඒ අක්කා දරුවෙක් ලැබීමට සිටි කෙනෙක්) මට ඕනෑ නම් නම් සහ ස්ථානය සඳහන් කළහැක. (නි)
මිනිහෙක් ළිඳකට ඇද දමා ඔහුගේ ජීවිතය බේරාගැනීමට දඟලනවිට ළිදෙහි වතුර බොරවීම පිලිළිබඳ පමණක් කතාකිරීම සාධාරන නොවන බැවි මගේ හැඟීමයි (නි)
රජින්දගේ කතාවට මමත් එකඟයි. (නි)
රෝහණ, අපි හොඳට ඒ ඉතිහාසය දන්නවා. (නි)
කොහමටත් ජ.වි.පෙ. ට ආණ්ඩු කිරීම පිළිබඳ අත්දැකීම් නැති නිසා විපක්ෂයේම සිටීම හොඳයි. ආණ්ඩුවක් කිරීම විපක්ෂයට වෙලා කෑගහනවා වගේ ලෙහෙසි පහසු නැහැ. (නි)
ජවිපෙ කරපු විදිය අපි දැක්කනේ. ජවිපෙට පුළුවන් කෑගහන්න විතරයි (නි)
ජේවීපි එකට ජන පදනමක් නැහැ. ජනතා කැමැත්තක් නැහැ. දුරදර්ශී දේශපාලන දැනුමක් නැහැ. හැම ආණ්ඩුවක්ම පත්කරන්නත් එයට බනින්නත් පුළුවන්කම තිබෙනවා. ඉහළ පෙළේ පෝස්ටර් ඇලවීමක් තිබෙනවා. හොඳ කථිකත්වයක් තිබෙනවා. ප්‍රතිපත්ති දේශපාලනයක් නැහැ. අද ඒ බව තහවුරු කර ඉවරයි. දැන් කියන්නේ රතු අලි කියලා. (නි)
සසර වසනතුරු හොරුන්ට ජවිපෙන් ගැළවීමක්ද නැති බව දැනගෙන මේ කියන්නේ. රට පාලනය කරනවා කියන්නේ පාර්ලිමේන්තු බලය ගන්නවා කියන එකම නොවෙයි නේද? ජවිපෙ භූමිකාව ලාංකීය දේශපානය මත කෙතරම් බලපෑමක් කරනවාද? (නි)
ජවිපෙට රාජ්‍යබලය ලබාගන්න තරම් ජන පදනමක් නැතිවෙන්න පුළුවන්. එහෙත් මෑත කාලය තුල ඔවුන් විසින් ප්‍රකට කරන ලද දේශපාලන පරිනතබව සහ විශිෂ්ටත්වයට ළංවෙන්නට ඔබතුමාටනම් සසර වසනතුරා බැරිවේවි. අශෝක මහත්මයටත් යමක් කියන්න ඕන.මම ජවිපෙ සාමාජිකයෙකු හෝ හිතවතෙකු නොවේ කරුණාකර 71 කැරැල්ලේ නඩුව විභාගකළ විනිසුරු ඒ. සි.අලස් විසින් රචිත 71 කැරැල්ල නම් කෘතිය සහ රෝහණ විජේවීර විසින් අපරාධ යුක්ති විනිශ්චය සබාවට ලිඛිතව ඉදිරිපත්කළ ප්‍රකාශනය කියවන්න. (බ)
මීට අවරුදු කීපයකට පෙර ජවිපෙ ආණ්ඩුවක් ගැන කිව්වම කවුරුවත් ප්‍රකාශ නිකුත් කරන්න ගියේ නෑ.. ඒ එහෙම එකක් වෙනවා කියලා කාටවත් හිතුන නැති නිසා.. එත් දැන් ජවිපෙ ආණ්ඩුවකට බය අය කලබල වෙලා.. ඒ ජවිපෙ ආණ්ඩුවක් ලගම පේන නිසා.. අවරුදු 68 ප්‍රදාන පක්ෂ දෙක කාපු රට ගොඩ ගන්න පුළුවන් හොරු නැති නිවැරදි දැක්මක් තියෙන ජවිපෙ රජයකට විතරයි.(හේ)
මම නම් හිතන්නේ ජවිපෙට බලය නොලැබුනාට කමක් නෑ. මීට වඩා නියෝජනයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.(හේ)
අද ජේ වී පි වගේ පෂයක ආණ්ඩුවක් රටට අවශ්‍යයි රටේ ඉතුරු ටිකවත් බේරගන්ඩ (බ)
හැබැයි කවදාවත් දෙදාස් පන්සීයකින් මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියලත් නැහැ (හේ)
හැමෝගේම චරිත ගැන ජනතාව දන්නවා.(හේ)
ඔබතුමා කොහොමද ඒක දන්නේ.(හේ)
බන්දුල මහත්තයෝ රටට අවශ්‍ය වන්නේ අවංක ජනතා නායකින් මිජනතා මුදල් කාබසිනියාකරන හොර නඩයක් නොවේ (හේ)
ඕවා ශ්‍රීලංකා එකෙනුත් වෙලා නෑ නේද, ?හැමෝම එකයි.(හේ)
1971 කැරැල්ල ඇති වෙනකොට මම සිසුවෙක්. කැරැල්ලක් ඇති වෙන්න තරම් ජරා පාලනයක් 1065-1970 ආණ්ඩුවේ තිබුනේ නෑ. රෝහණ විජේවීරගේ බල තණ්හාවෙන් සිංහල තරුණයන් විනාශ වුණා. මහජන දේපල හානි වුණා. ඊට වඩා බරපතලම අපරාධය තමයි ප්‍රභාකරන්ට ආයුධ අතට ගන්න ඒ සිතුවිලි වලට මග පැදීමක් කිරීම. ජේවීපී එකේ ගුණ වර්ණනා කරන ඔයාල එතකොට ඉපදිලා නෑ (බ)
බන්දුල ගුණවර්ධන කියන දේ ඇත්ත. බොහෝ දෙනෙකුට මෑත අතීතය අමතක සේම "ඇත්ත තිත්තයි " බව පෙනේ. (බ)
ජ.වී.පෙ. ඒ ගානට ගෙනාවේ කවුද ?(හේ)
ජේවීපී කාරයෝ සිංහල තරුණ පරම්පරා දෙකක් සමූල ඝාතනය කළා (බ)
අනිවාර්යයෙන්ම කවුරු කීවත් ඇත්ත කතාව. ජ.වී.පෙ. ට තියෙන්න ඕන ආණ්ඩු කිරීමේ බලයකුත් නෙවේ කොහොමත්. වෙන්න ඕන ප්‍රධාන පක්ෂ දෙකෙන් තරුණ නායකත්වයන් බිහිවී ඉදිරියට යාමයි. තවමත් විශ්වවිද්‍යාලෙ අවසන් වසරේ මම ඉන්නේ, විශ්වවිද්‍යාල තුළ මෙයාලගේ ප්‍රතිපත්ති බොහොමයක් ක්‍රියාත්මක වෙනවා සහ වුනා.යල් පැන ගිය අදහස් වලින් ඔලු පුරවාගෙන හීන ලෝකයක් මවාගෙන මෙයාල කටයුතු කරන්නේ. බලයක් ලැබුනොත් අනිවාර්යයෙන්ම රට අස්ථාවර වෙනවා නියතයි (බ)
අතීතය් අවුසන්න ගියොත් ඔය කාගෙ-කාගේත් කිල්ලොටවල හුණු තියෙනවා. ධාතු කරඬුව හිසමත තියාගෙන රඟ දක්වන, බුදුහාමුදුරුවන්ටත් වඩා බුදුබණ දන්නවා වගේ කතා කරන අයගේ පැටිකිරිය රටේ බොහෝ දෙනා දන්නවා, මන්ත්‍රීතුමෝ.. (බ)
අශෝක මහත්මයා 71 කැරැල්ල ඇති වුනේ මොකක් නිසාද කියල වැටහීමක් නැති පාටයි. සමහරවිට ඒ දවස් වල ආණ්ඩු පක්ෂයට වැඩ කරපු කෙනෙක් වෙන්න ඇති. ඒ කෙසේ වෙතත්, අද තියෙන්නේ එදා තිබ්බ ජේ වී පී එක නෙවෙයි කියල ඕනෑම කෙනෙක් දන්නවා. (බ)
පලවෙනි ජන්දය ජවිපෙට දාලයි අපිත් දේශපාලනයට නැඹුරු වුනේ. ඒත් අද ජවිපයක් නැහැ. එදා ජවිපෙ ප්‍රතිපත්තීන් අද ඔවුන් පාර්ලිමේන්තුවේ හෝ වේදිකා වල රංග දක්වන විකට වැඩසටහන් නෙවෙයි. ඒවා හදවතට කථා කළා අපව බුද්ධියෙන් විමසන්න හුරු කළා. අවංකවම මේ යන විදිහට ජවිපෙට අනාගතයක් කොහෙත්ම නැහැ තමයි. (බ)
සසර වසනතුරු කෙසේ වෙතත් මීළඟ ආණ්ඩුව නම් ජේවීපී තමා (බ)
අම්මපා බන්දුල විමල් වීරවංස ලඟ ඉඳගන්නේ කොහොමද බං.(රේ)
ජ වී පෙ ඔය කියන තරම් නරකද?(රේ)
හැබැයි බන්දුල කිව්වොත් දෙයක් ඊට විරුද්ධ\n දෙය වෙනවමයි\(රේ)
තරුණ තරුණියන් 60,000 ක් මරල පාරවල් ගැනේ පුච්චපු අයත් බලයට ඇවිත් ඉන්න එකේ ජවිපෙට බලයට එන්න නුසුදුසුකමක් නෑ. කරුණා අම්මාන් පසුගිය රජයේ ඇමති කෙනෙක් වෙලා හිටියේ. ඇයි බන්දුලට ඒවා මතක් නොවෙන්නේ (රේ)