IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


බොඳ මීදුම් 'සංසලා'

2016-09-09-ent-60

මම කරන්නෙ නෑ කියලා අටවතාවක්ම ප‍්‍රතික්ෂේප කරපු නාට්‍යයක් තමයි බොඳ මීදුම්.

නමුත් මට ඒ නාට්‍යය හරහා ලැබුණු ජනප‍්‍රියත්වය අතිවිශාලයි. ජනප‍්‍රියම නිළිය සම්මානයට පවා පාත‍්‍රවීමට මට හැකි වුණේ ”සංසලා” නිසා.

ඒ විදියට තමා රඟ පෑ චරිතය ගැන කතා කරන්නෙ අතිශය ජනාදරයට ලක් වූ ”බොඳ මීදුම්” ටෙලි නාට්‍යයේ ”සංසලා” චරිතයට පණගැන් වූ උදාරි වර්ණකුලසූරිය. ඇය රඟපෑ එම සංසලා චරිතය පේ‍්‍රක්ෂකයන් අතර නොමැකෙන සටහනක් තබන්නටද සමත් වුණා.

සංසලා - ධනුක පෙම් යුවළ තරුණ හදවත්වල ලැගුම් ගත් පෙම් යුවළක් ලෙස තවමත් ඔවුන්ගෙ මතකයේ රැඳී තිබෙනවා.

ඒ මතකය අවදි කරන්නත් සමගින්ම තමයි ”සංසලා” සැඳැල්ල සමග එක්කර ගන්න හිතුවෙ උදාරි වර්ණකුලසූරිය සංසලාගේ මතකය අවධි කළේ මෙලෙසින්.

 

උදාරිට බොඳ මීදුම් ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නෙ කොහොමද?

2016-09-09-ent-58නිල්වලා ආයතනයේ ලලිත් වසන්ත මහත්මයා තමයි මට ආරාධනා කළේ. මම ඒ වෙද්දි එකම ටෙලි නාට්‍යයකවත් රඟපාලා තිබුණෙ නෑ. මම ටෙලිනාට්‍යයවලට හුරු නැති නිසා බොඳ මීදුම් නාට්‍යය 8 පාරක් ප‍්‍රතික්ෂේප කළා මට ටෙලි නාට්‍ය කරන්න බෑ කියලා. ඒ තරම්ම ප‍්‍රතික්ෂේප කරපු ඒ නාට්‍යයට මමම සුදුසුයි ගැළපෙනවා කියලා ඔවුන් හිතපු නිසාම වෙන්න ඇති ඒ තරම් ප‍්‍රතික්ෂේප වෙලත් ඒ චරිතය මගෙ ළඟටම ආවෙ. ඉන් පසුව තමයි ඉතින් මම සැමියත් එක්කත් කතා කරලා ඒ සඳහා සහභාගි වුණේ.

 

8 වතාවක් ප‍්‍රතික්ෂේප කරපු ඒ චරිතය ඔබටම ලැබීම ගැන දැන් මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒක පෙර පිනක්. ලොකු භාග්‍යයක් සහ වාසනාවක්. ඒ වෙනුවෙන් උපුල් ජයසිංහ මහත්මයට සහ ලලිත් වසන්ත මහත්මයට අනේකවාරයක් ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මගේ නොදැනුවත්කමින් මම ඒ චරිතය ප‍්‍රතික්ෂේප කළාට මාව ඒ සඳහා සුදුසුයි කියලා තෝරා ගැනීමට සහ මම වෙනුවෙන් ඒ තරම් ඉවසපු එක ගැන මට අද කියන්න බැරි තරමෙ සතුටක් තියෙනවා.

 

ඒ වෙනුවෙන් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා නේද?

2011 වර්ෂයේ ජනප‍්‍රියම නිළිය සම්මානය ලැබුණා.

 

සංසලා චරිතය ඔබට දැනුණෙ කොහොමද?

සංසලා චරිතය මගේ ජීවිතේට ගොඩක් සමීපයි. මොකද දඟකාර චරිතයක් නිසා. මම සංසලා චරිතය රඟපාද්දිත් මට වයස 23යි. ඉතින් මට ගොඩක් සතුටට කාරණාවක්. ඒ වයසෙදි ඒ චරිතය ගොඩක් සාර්ථකව රඟපාන්න ලැබීම පිළිබඳව.

 

අනෙකුත් රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහය කොහොමද?

ඇත්තටම ඒ චරිතය මට තනියෙන් කරන්න බෑ. ඒ වෙනුවෙන් මට ගොඩක්ම බුද්ධදාස විතානාරච්චි මහත්මයගෙන් සාරංග දිසාසේකර මහත්මයගෙන් ඇතුළු ඒ සඳහා රංගනයෙන් දායක වුණු හැමෝගෙම සහය ලැබුණා. අපිට ඕනෑම චරිතයක් තනියම කරන්න බෑනේ. තනි අතින් අත්පුඩි ගහන්න බෑ. අධ්‍යක්ෂතුමාගෙ ඇතුළු නළු නිළියන් කාර්මික ශිල්පීන් ඒ හැමෝගෙම දායකත්වය මේ සඳහා අවශ්‍ය වෙනවා. චරිතය වෙනස්වෙන තැන්වලදි අහිංසක වෙන්න. අසරණ වෙන තැන් වලදි, නපුරු තැන් වලදි සහ දඟකාර හිතුවක්කාර විදියට චරිතය වෙනස් වෙද්දි රංගනයෙන් දායක වෙන්න ඕනෑ අවස්ථාවල ඒ සඳහා දායක වුණු හැමෝගෙම සහය උපරිම ලෙස ලැබුණා.

ඒ හැමෝගෙම මහන්සියෙ ප‍්‍රතිඵලයක් විදියට තමයි බොඳ මීදුම් මෙතරම් ජනප‍්‍රියත්වයේ රඳවා තබාගැනීමට හේතුව වුණේ. අපි ඔක්කොම එක පවුලක් වගේ රඟපෑවේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ එහි ප‍්‍රධාන නළුවා විදියට සාරංග දිසාසේකරගෙන් ලොකු උදව්වක් ලැබුණා. ඉතින් ඒ විදියට සහයෝගයෙන් ගෙවුණු ඒ කාල සීමාව හරිම සුන්දරයි. විහිළු කරගෙන, රණ්ඩු කරගෙන අපි හැමෝම සතුටින් කල් ගෙව්වේ. ජීවිතේ ලස්සනම දවස් කිහිපයක්.

 

ඒ පළමු රංගනයම ප‍්‍රවීණයන් සමග වැඩ කිරීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ලොකු භාග්‍යයක්. බුද්ධදාස විතානාරච්චි මහත්මයා වගේ දැවැන්ත රංගන ශිල්පියෙක් සමග වැඩ කරන්න ලැබීම ඇත්තටම ලොකු වාසනාවක්. මගේ පියා ලෙසින් රංගනයේ යෙදුණු ඔහුට මම අදටත් කතා කරන්නෙ අප්පච්චි කියලා. මොකද ඒ ටෙලි නාට්‍යයෙන් පසුව අපි ගොඩක් සමීප වුණා. ඇත්තටම තාත්තයි දුවයි වගේ හැඟීමක් තියෙන්නෙ තවමත්. මොකද කොටස් 350 වගේ ප‍්‍රමාණයක් ටෙලි නාට්‍යයෙ දිග ඇරියා. අපි ඇත්තටම එකම පවුලක් වගේ. ටෙලි නාට්‍ය අවසන් වුණත් ඒ හැඟීම අපි අතර තවමත් තියෙනවා.

 

කතාව ගැන මොකද හිතෙන්නෙ?

බොඳ මීදුම් එදිනෙදා සමාජයේ දකින්න තියෙන කතාවක්. මේ සත්‍ය කතාවක්. ගොතපු එකක් නෙමෙයි. ඉතින් එය තාත්වික සමාජයේ දකින්න තියෙන කතාවක් විදියට තිබුණ නිසා වෙන්න ඇති ජනතාව එතරම් වැළඳගත්තේ.

 

සංසලා වගේ චරිතයක් සැබෑවට මුණගැහිලා නැද්ද?

ඒ වගේ අසනීපයක් වෙලා හිටපු ගෑනු ළමයෙක් මට ඇත්තටම මුණගැහිලා තියෙනවා. ඇත්තටම සමාජයේ එවැනි චරිත ඉන්නවා නේද කියලා දැනුණම හරිම දුකයි. ඇය මාත් සමග කතා කරලත් තියෙනවා. මේ වෙද්දි ඇය මගේ හොඳ පේ‍්‍රක්ෂිකාවක්.

 

සංසලා චරිතය උදාරිටම ලබාදීම ගැන සතුටුයිද?

ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ සැබෑ ජීවිතේට සංසලා චරිතය හරිම සමීපයි. එතරම් සමීප නිසා ඒ නිෂ්පාදන කණ්ඩායමේ කට්ටිය මා තුළ ඒ චරිතය දකින්න ඇති. ඒ නිසා තමයි සංසලා චරිතය මටම දෙන්න ඇත්තෙ.

 

තවමත් සංසලාට ඉහල ප‍්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්, ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනෑ. තවමත් මට ගොඩක් කට්ටිය ”සංසලා” නමින් ආමන්ත‍්‍රණය කරන්නේ. බොඳ මීදුම් හැමදාම පේ‍්‍රක්ෂකයන් තුළ මතක හිටින ටෙලි නාට්‍යයක්. මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ ටෙලි නාට්‍යයක් සහ සංසලා වගේ අමරණීය චරිතයක් නැවත බිහිවෙයි කියලා. එසේ බිහිවුණොත් මට කවදාවත් ඊර්ෂ්‍යා හිතෙන්නෙ නැති වෙයි. එහෙම වුණොත් ගොඩක්ම ආසාවක් සහ සතුටක් මගේ හිතට දැනෙයි.

ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ සංසලා කියන එක ”ඊර්බා භ්පැ” එකක් වුණා. සංසලා ඇඳපු ඇඳුම් විලාසිතා කඩවල්වල විකුණන්න ගත්තා සංසලා ඇඳුම් කියලා. ඒ හා සමානව සංසලාට මිනිස්සු කොයිතරම් ඇබ්බැහිවීමක් තියෙනවද කියලා කියනවා නම් අපි ගාල්ලෙ යද්දි දැකපු දෙයක් තමයි පාරවල්වල කොමඩු ගෙඩිය විකුණුවෙත් පත්තක්කා කියලා. එතනදි ඔවුන් විකුණන්නෙ ”පත්තක්කා පත්තක්කා මේවා රස පත්තක්කා. සංසලා බොන්නෙත් මේවා.... එයා ලස්සන වුණෙත් මේවා කාලා බීලා තමයි” කියලා. ඒ වගේ සුන්දර අත්දැකීම් තිබුණා. මේ නාට්‍යය පුරාවටම ඒ දේවල් මතක් වෙද්දි හිතට හරිම සතුටක් තමයි දැනෙන්නෙ.

 

ධනූ විජේරත්න

 

2016-09-09-ent-59



අදහස් (1)

බොඳ මීදුම් 'සංසලා'

සමන් Wednesday, 26 December 2018 06:10 AM

කතාව ගොඩක්ම හොඳයි අති විශිෂ්ටයි. සම්පූර්ණ එච්.ඩී. වීඩියෝ එකම බාගත කරගන්න අවස්ථාව සපයන්න. කතාවට හරියනම චරිත තෝරගෙන තියනවා කියන්න සුපිරි... ජයවේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 16 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 335 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 201 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 713 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 308 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site