අම්පාර බස් නැවතුම්පොළට ආ කතක සතියක පමණ දරුවකු එහි සිටි කාන්තාවකගේ අතට දී අතුරුදන්වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
අම්පාර බස් නැවතුම්පොළට ආ කතක සතියක පමණ දරුවකු එහි සිටි කාන්තාවකගේ අතට දී අතුරුදන්වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන ආර්ථික ප්‍රශ්න තියෙනවද?(අ)
අනේ ලස්සන පොඩි එකෙක්, ජීවත් වෙන්න තවත් වාසනාව තිබිල තියෙනවා.(නදී)
මගේ ගමත් අම්පාර. මෙච්චර කාලෙකට ඇහුවෙත් නැහැ මේ වගේ ආරංචියක්. ගොඩක් දුකයි.(නදී)
චන්දිමා දුටු යථාර්තය ගැන සතුටුයි. අදහස් දක්වා ඇති බොහෝ අය කලින්ම තීරණය කරලා ඉවරයි. මේ දරුවා දාලා ගියේ ආර්ථික ප්‍රශ්න මත බවත් වෙන සමාජමය ප්‍රශ්නයක් නොවෙන බවත් ඔවුන් නිගමනය කර අවසන් බවකුයි පෙනෙන්නේ. ඉදිරියට මේ මව නීතියේ රැහැනට අසුවන්නට පුළුවන්. එදාට සියලු විස්තර දැනගන්නට පුළුවන් වේවි.(නදී)
අනේ ලස්සන දරුපැටියා. මොන හිතකින් දාලා ගියාද ? මොන තරන් කරදර තිබුනත් තමන්ගේ දරුවා මෙහෙම දාලා ගිය හැකිද?(නදී)
ජයසූරිය බබා ගන්නවා නම් එයට සුදුසු විදියක් තියෙනවා. ඔබ නිකන් විහිලුවට ලිව්වා නම් ඔබ තරම් මෝඩයෙක් නැහැ. ලංකාදීප කන්තෝරුවට හෝ විජය පුවත් පත් සමාගමට හෝ කතා කර මෙය කල හැකිය. අපි හිතනවා ඔබ සද්භාවයෙන් හා අවංකවම මෙම ඉල්ලීම කලා කියලා.(නදී)
දරුවා ගැන කතා නොකර, බොහෝ අදහස් ආර්ථික ප්‍රශ්න ගැනයි. අපේ රටේ ඔය කියන ආර්ථික ප්‍රශ්න නැත. ජනතාව සාගතයෙන් නොපෙළේ. මන්ද පෝෂණයෙන් ජනතාව මිය නොයයි. හැමෝම දැනට සිටින ජිවන මට්ටම උසස් කිරීමට උත්සාහයක දේ. (නදී)
ළමයි හදන්න පෙර සිතා බලනු. මෙවන් විපත් නොකරනු මතු.(නදී)
බුදුන් තෙවරක් වැඩිය රටේ ඇයි දෙවියනේ මෙවන් දේ වෙන්නේ ?(නදී)
ඉෂාර දමයන්ත කවුරු හරි පිරිමියෙක් මේ අසරණ කාන්තාවට කරපු තිරිසන් වැඩක් හින්දනේ ඇය ගැබ් ගත්තේ. ඒ සඳහා ඒ තිරිසනා ඇයට මිහිපිට සුර පුරක් මවා දෙනවා කියන්න ඇති අපේ දේශපාලුවන් ජනතාවට පොරොන්දු දෙනවා වගේ. කන්න අඳින්න දෙන්න බැරිනිසා දරුවන් ගඟට විසි කරනවා ට වඩා මෙහෙම හරි කාට හරි බාර දී යාමෙන් ඇය ඇගේ මාතෘත්වය යම් තරමකින් හෝ රැකගෙන තියෙනවා.(නදී)
ටිකිරි බණ්ඩා මහත්තයෝ ඔය කතාවල් ජේ.ආර් මහත්තයා ඉන්න තැනකට ගිහින් කියන්න. ඔහුගේ පටු දේශපාලන තීන්දු නිසා අප ලංකා මාතාවට වටිනා ජිවිත සහ දේපල අහිමි කරනු ලැබුවා. මහින්ද ජන නායක තුමා එම වැරදි නිවරදි කරමින් රට සුබ මගකට යොමු කර ඇත. බඩ ගැන සිතීමට පෙර රට ගැන සුබවාදීව සිතීමට පුරුදු වන්න. නිරෝගිව අතපා හිස තිබෙන ඕනෑම කෙනෙක්ට ලංකාවේ ජිවත් වීමට අදායම් මාර්ගයක් සකස් කර ගැනීමට නොහැකි නම් මගේ මතය නම් ලෝකයේ කිසිම රටක කල නොහැකිය. ලංකාවේ වැඩි දෙනෙක් උගුර ලගට වෙනකම් සප්පායම් වී කසිප්පු කියන ගිනි වතුරත් බාගයක් පමණ පානය කර දවසේ වැඩි කාලයක් නිදා ගැනීමට පුරුදුව ඇත. මෙය පවුලේ ආර්ථිකයට තදින් බල පාන කරුණකි. මෙම සිද්දියත් එහි එක් අතුරු ඵලයක් විය හැක.(නදී)
බන්දුල පෙරේරා මේ නහින දෙහින කාලේ මොන දරුවෝද මනුස්සයෝ ? දැන් ඉතින් ඇට මාලයක් අරන් ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරන ගමන් දනක් පිනක් කර ගත්තොත් නරකද යන එන තැනකට ?(නදී)
දරුවන්ගේ වටිනාකම දන්නේ දරුවන් නැති දෙමාපියන් විතරයි. අනික දරුවෙක් වදන්න අමිමා කෙනෙක් විදින දරු දුකත් එක්ක බැලුවාම මෙහෙම දරුවන් දාලා යන එක ගැන ඒ අම්මා ලැජ්ජාවෙන්න ඹිනා. දරුවන් හදන්න බැරිනම් දරුවෙක් ඉපදෙන්නේ නැති තැනට වැඩකරන්න ඹිනා. මෝඩ ගැණු නිසා අහිංසක කිරි දරුවෝ දුක්විදිනවා අන්තිමට.(නදී)
සමදරාගේ අදහස අගෙයි, තිත්ත උනත් ඇත්ත කියල තියෙන්නේ.(නදී)
අනේ මේ ළමයා මට හම්බුනානම් මං හදා ගන්නවා. (ත)
ලස්සන ළමයෙක් (ත)
දෙමාපියෝ හැටියට අපි දරුවෝ වටිනාකමක් කියන්න බැ ඒ අම්ම උනත් දරුවට අර්දරේ නැ කියල හිතන්න බෑ.ආර්ථික අපහසුව මත මිනිස්සුන්ට හොඳ නරක ගැන නොහිතා තීරණ ගන්න සිද්ද වෙලා.මේක නොදැනෙන්නේ ජනගහනයෙන් 10% ක පිරිසකට විතරයි.අපි වගේ මැද පන්තියේ මිනිස්සු නොමැරී මැරෙනවා.අද කාල හෙට කන්නේ මොනවද කියන තත්වෙට බහුතරයක් වැටිලා.පාන් නැත්නම් කේක් කාපල්ලා කියන මනසිකයේ ඉන්න පාලක පක්ෂයට මේවා දැනෙන්නේ නැ. (අ)
ළමය ඉපදිලා සතියකට පස්සෙද ආර්ථික අමාරුකම් දැනුනේ? මාස දහයකට ඉස්සෙල්ල ඒ අමාරුකම් දැනුනේ නැද්ද? මම මේක ලියන්නේ ඒ අම්මට නෙමෙයි, අදහස් දාන ආර්ථික පණ්ඩිතයන්ට. (අ)
මේ බබා මට දෙන්නකෝ. (අ)
අනේ රෝස මලක්නේ මට දෙන්න. (නදී)
ලස්සන දරුවෙක්, ඇයි මේ අම්මලාට හිතක් පපුවක් නැත්තේ. (නදී)
සරත්, දැන් ලංකාවේ ඉන්නේ ප්‍රකෝටිපතියෝ සහ හිගන්නෝ කියන කොටස් දෙක විතරයි. ඔබ මොන කොටසටද අයිති කියා සිතා ගැනීම ඔබට බාරයි.(නදී)
ප්‍රනාන්දු මහතාගේ අදහස සහතික ඇත්ත.එකට කියන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන සිටීම නොවේද මින් ඉදිරියට දරුවට වාසනා ශක්තිය සහ ආදරය සැමදා ලැබේවා (දී)
පව් අසරණ දරුවා, එම කාන්තාවට නිසි දඩුවම් දෙන්න ඔනී (දී)
දරු පැටියාව දැක්කාම ලොබ කමේ බැහැ (දී)
ආසියාවේ ආස්චර්‍ය තමයි මේවා.(නදී)
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ළමයා මරනවාට වඩා මෙහෙම දෙයක් කල එක නම් හොදයි (දී)
ළමයා දීලා ටොයිලට් එකට ගියා, ඇවිල්ල බැලින්නම් ළමයා නැහැ. මම නිවැරදිකරු ස්වාමිනි මට සමාවෙන්න. (නදී)
කෝ මේ බබාගේ පියා. බඩට දරුවෙක් දීල මාරුවෙලා වගේ. පියෙක් නැති දරුවෙක් හදාගන්නේ කොහොමද ? ඒකයි මේ අම්ම දරුවාව දාලා ගියේ. තමාගේ ආශාවන් වලට පමණක් මේ අම්මව පාවිචිචි කරලා දරුවත් සමග අනාථ කරපු ඒ බලු තාත්තා පණපිටින් හම ගහන්න ඕනේ. අම්මල දරුවෝ එක්ක මැරෙන්නේ බේබදු තාත්තාලගේ තියන හොඳ කම නිසා තමයි. (නදී)
ඇත්තටම මේ වගේ තිරිසන් වැඩ වලට ආර්ථිකය පලි නැහැ. මිනිස්සුන්ට නැති බැරිකම් සල්ලි ප්‍රශ්න තියෙනවා.ඒත් මේ විදිහට අහිංසක පැටව් මහමග දමා යන එක තිරිසන් වැඩක්. අද ලංකාවේ කොච්චර මිනිස්සු ඉන්නවාද ළමයි නැතිව? (දී)
මේ වගේ ගෑනු තවත් ඉන්නවනෙ මේ රටේ. නටන නැටුම් ඔක්කොම නටල ලමයි හම්බ උනාම දාලා යනවා.(නදී)
කාලේ හැටියට ටිකක් හොඳ මවක්. දරුවාට අනතුරක් නොකළ නිසා. (නදී)
ආසියාවේ ආශ්චර්‍ය.(නදී)
දැන් ජනවාරියේ සිට කිරිපිටි ඇතුළු තවත් ආහාර වල මිල ගණන් ඉහල දැමීමෙන් දරුවන්ට කන්න බොන්න දෙන්න නොහැකි හැමෝටම අකමැත්තෙන් වුවත් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ මෙපමණකි. ආර්ථික පීඩනය දරා ගත නොහැකිව දරුවන් සමග සිය දිවි හානි කර ගන්නවට වඩා මෙය තරමක් දුරට සාධාරණය. මෑත කාලයේ කෙදිනකවත් මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පැවේ නැත. (නදී)
අනේ කිරි කැටියට උනු විපතක්.(නදී)
අම්මලා දරුවෝ හදා ගන්න බැරුව දමා යනවා. දරුවෝ අම්මල අතහැර දමනවා. මේ වගේම ආර්ථික අහේනි යුගයක් 1972 උදාවුණා. එකල පාරිභෝගික භාණ්ඩ හිගයක් පැවතියත් මේ තරම් බදු බරක් තිබුනේ නැහැ. මේ නිසා අද මෙන් ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න කරා පැමිණියේ නැහැ.(නදී)
ලෝබ නැද්ද දෙයියනේ? (නදී)
රටේ හොරකම,නාස්තිය,දුෂණය,කොමිස් ගැහිලි නතර කරලා,මේ දුක් විඳින මිනිසුන් ගැන ටිකක් සංවේදී වුනා නම් මේ දේවල් මේ වගේ වැඩි වෙන්නේ නැහැ.(නදී)
ප්‍රමුඛ, මෙහෙම ගසා කෑමක් නම් මම මගේ අම්ම මුත්තා කිරිකිත්ත කාලෙදිවත් අහලවත් දැකලවත් නැහැ. (නදී)
අනේ මෙහෙම දරුවාව දල යන්න කොහොම හිතක් අවදා දන්නේ නැහැ . එක පැත්තකින් හොදයි දරුවට කරදරයක් නොකර කාට හරි බාර දීල ගිය එක .(දී)
දෙයියනේ මුණ බලාගෙන කොහොම දාලා ගියාද? (දී)
බල්ලගේ ආහාර සඳහා දක්වන සැලකිල්ල,වුවමනාව දරුවන්ගේ ආහාර වලටවත් ලැබුනා නම් මව්වරුන්ට ටිකක් හරි ජීවන බර සැහැල්ලු වෙනවා.මොනවා කරන්නද ?මේ තත්වය වෙනස් නොවුනොත් දුක් විඳින ජනයාගේ හෙට දවස තවත් අඳුරු විය හැක.(දී)
මේ දරුවා දිනක ලංකාවේ ජනපති වෙන්නත් පුළුවන්. කාටද එහෙම වෙන එකක් නෑ කියන්න පුළුවන්. එනිසා දරුවන්ගේ වටිනාකම සැමට දැනේවා.(නදී)
ආර්ථික ප්‍රශ්න වලට අම්මල ළමයි අතෑරලා යනවා කියන්නේ මේ රටේ ජීවත් වෙන අය නෙමේ. ඒගොල්ලෝ ඔය එලියට දාන්නේ වෙන හිතේ අමාරුවක්. ඒක කෙසේ වෙතත් ලංකාවේ අම්මල කන්න නැතුව මැරුණත් තමන්ගේ දරුවෝ දාල යන ජාතියේ අය නෙමේ.(නදී)
දෙමාපියන්ට දරුවන්ට කන්න අදින්න දෙන්න සල්ලි නැහැ. වේලක් හැර වේලක් කන්න දෙන්නෙත් බොහොම අමාරුවෙන්. ආර්ථික වේගය 7.5 ක් කිව්වට හෙට කන්න දෙන්නේ මොනවද කියල ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් දස දහස් වාරයක් මැරී මැරී උපදිනවා. හෙට අනිද්දා වෙනකොට අපිට වුනත් වෙන්නේ හිගා කන්න තමයි.(නදී)
දුප්පත් ජනතාවට ආර්ථික ප්‍රතිලාබ ලැබෙන්නේ නැහැ. (නදී)
කරුණාකර මේ බබා මට දෙන්නකෝ ගන්න විදියක් කියන්නකෝ.(නදී)
මාතාවනි ඔබට බොහෝ පින්. වැසිකිලි කානුවක හෝ වලක නොදමා කරපු දෙයට. මෙවන් ප්‍රශ්න ඇති අය කරුණාකර මේ ළමයින්ව පන්සලක දමා යන්න. වෙන කොහෙවත් දමන්න එපා මේ අයට අනතුරක් වෙයි. (නදී)
සමහර සංවිධාන සිංහල ජාතිය වැඩි කරන්න කියන නිසා මමත් හිත ගෙන හිටිය දරුවෙක් හදා ගන්න. නමුත් මේ අයවැයෙන් පස්සේ ඒ තීරණය වෙනස් කළා. මේ කාලේ උසස් කුලවල බල්ලෙක් හදාගන්න එතරම් මුදලක් වැය වෙන්නේ නැහැ.බ ලු ආහාර මිල ගොඩාක් අඩු කරලා තියෙන්නේ.හොද වෙලාවට රටේ ආර්ථිකය ගැන හිතල තීන්දු ,තීරණ ගන්නේ. නැතිනම් මමත් ලොකු අමාරුවක වැටෙනවා. (නදී)
අවාසනාවන්ත අම්ම කෙනෙක්ගේ වාසනාවන්ත දරුවෙක්. කව්රු හරි හදාගත්තොත් වාසනාව ගෙනෙයිද? (නදී)
ටිකිරි බණ්ඩා,ප්‍රමුක ලගේ අදහස් හරියටම හරි ,මට ලියන්න තියෙන්නෙත් ඒ කතාවම තමයි,මම සතුටු වෙනවා ලංකාවේ අයට දැන් ඇත්ත වැටහෙනවා.(නදී)
චන්දිමා සහෝදරියගේ කතාවට මාත් එකගයි. මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් ඒ අම්ම හරි මවක් නම් ඔහොම දරුවාව දාල යන්නේ නැහැ. මෙතන වෙන මොකක් හරි දෙයක් ඇති. මම අත්දැකීමෙන් දන්නා දෙයක් තියනවා. ඔය අම්මට කවද හරි දවසක ඔය දරුවා ගාවටම එන්න වෙනවා. ලෝක දර්මතාවය ඒක නම් එදාට ඒ දරුවා ගන්න තීරණවලට මිනිස්සු ඒ දරුවට බනියි. නමුත් කරන්න දෙයක් එදාට ඒ අම්මට ඉතුරු නොවී තිබේවි. කන්න දෙන්න විදිහක් නැත්නම් ඕන තරම් ළමා නිවාස තියනවා ඒ විදිහට ළමයින්ව දෙන්න. කානුපල්ලේ දාල යන්න නම් අතරමන් කරන්න නම් මොනවටද දරුවෝ හදන්නේ..? (නදී)
බබාට වෙනත් අනතුරක් නොකර ඒ වගේ දෙයක් වත් කරන්න ඇයට මොලයක් තිබුන එක නම් හොඳයි. (නදී)
පොලිස් සේවය ලබාගැනීම සදහා අවස්තාව එනතෙක් පෝලිමේ ඉන්නවා වගේ පෙනේ. (නදී)
එක අතකට මේ කාන්තාව මේ කල ක්‍රියාව අගය කල යුතු වෙනවා. සමහර අම්මලා දරුවෝ මරනවා ,වෙනත් නොයෙක් අකටුතුකම් කරනවා. දැන් අඩු තරමින් දරුවා හොඳින් ජීවත් වේවි. එත් ඒ අම්ම මුළු ජීව්ත කාලයම මේ වැඩේට හිතං දුක් විදීවී.(නදී)
මට දුන්න නම් මගේ මල්ලි වගේ මම බලනවා මේ පැටියව.(නදී)
ඒ පැටියා මට දුන්නානම් ආයේ කාටවත් හම්බවෙන්නේ නැහැ.(නදී)
කවුරු මේ අසරණ අම්මට බැන්නත් මම බනින්නේ නැහැ. එක මවක් ජීවත් වෙන්න විදියක් නැතුව දරු තිදෙනා සමග කැළණි ගඟට පැන මැරුණා. තව මවක් මේ ළඟදී දරුවනුත් එල්ලා තමනුත් එල්ලී මරුනා. තවත් සිදුවීම් එමටයි. මේ මව දරුවා මරා තමනුත් මරුනේ නැහැ. දුක කියා කියා හිගා කන්න ගියෙත් නැහැ. දරුවට අනතුරක් නොකර තවත් අම්ම කෙනෙකුගේ අතට දරුවා දී හිස් අතින් යාම පමණයි ඇය කලේ. හැමෝම මැයට දොස් කීවත් මේ තත්වයට පත් වු හේතු කාරණා ගැන හිතන්නේ නැහැ.ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් අද කොයින්ද? දරුවන්ට කිරි වීදුරුවක් ලැබෙනවද? හැමෝම පටු විදියට තමා හිතන්න පුරුදු වෙලා ඉන්නේ. හැම දෙයකම මුල පෙනෙන්නේ නැහැ, කෙලවර පමණයි දකින්නේ. නරක සමාජ ඇසුර නිසා අනවබෝධයෙන් ,ඇබ්බැහිවීමෙන් ,කුඩු බොන කෙනාට කුඩුකාරයා කියා බනිනවා. ඔහුව සමාජයෙන් කොන් කරනවා. කුඩු ගෙන්වන කෙනාට මහත්තයා කියා නමස්කාර කරනවා. ගරු සරු ඇතිව පිලිගන්නවා.පුදුම සමාජයක් මේක. (නදී)