IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බෙබෝගෙ බබා...

2016-12-29-ent-31

මිනිසුන් වැඩිපුරම පීඩා විඳින්නේ තමන්ගේ ගැටලූවලින් නොව අනුන්ගේ ගැටලූවලිනි. විශේෂයෙන්ම ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිත හා සම්බන්ධ දේවලින් පීඩා විඳින අය මේ සමාජයේ බහුලය. ජනප‍්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන් ගැන නිරතුරුවම ඔවුහු සෝදිසියෙන් සිටිති.

2016-12-29-ent-32බෙබෝ යන සුරතල් නමින් හැඳින්වෙන කරීනා කපූර්ට ද මේ අවධානයෙන් ගැලවෙන්නට පුලූවන්කමක් නොවිණි. ඇය සිනමාවට පිවිසි දා පටන්ම ඇගේ විවාහය ගැන ඔවුහු උනන්දු වූහ. ඇගේ පෙම්වතුන් පිළිබඳව සැමියා පිළිබඳව දෙමව්පියන්වත් ඒ තරම් උනන්දුවෙන් සොයා බලන්නට නැත. ඇය සයිෆ් අලි ඛාන් සමග විවාහ වූවාට පසුව ඔවුන්ට දැන ගැනීමට වුවමනා වූයේ ඇය මවක් වන දවසය. දැන් ඒ බලාපොරොත්තුවත් ඉටු වී තිබේ. කරීනාගේ පුතු උපන්නේ දෙසැම්බර් 20 දා මුම්බායිහි බී‍්‍රඞ් කැන්ඩි රෝහලේදීය.

කරීනාත් ඇගේ අක්කා කරීෂ්මාත් දෙදෙනාටම සිටි වෛද්‍යවරයාම කරීනාගේ පුතු බිහි වෙද්දීත් ළඟ සිටීම විශේෂත්වයක් විණි. කොළ පැහැති ශල්‍යාගාර ඇඳුමකින් සැරසුණ සයිෆ් අලි ඛාන් ද දරුවා බිහි වෙන ආකාරය නරඹන්නට ප‍්‍රසූතිකාගාරයේ රැුඳීසිටියේය. ඔහු පුතු පිළිගත්තේ මහත් සෙනෙහසිනි.

ඔවුහු තායිමූර් අලි ඛාන් පතාවුඞ් ලෙසින් දරුවා නම් කළහ.

කරීනාගේ හොඳම මිතුරා කරන් ජෝහාර් විසින් දරුවාගේ උපත පිළිබඳව පළමුවෙන්ම මාධ්‍යවලට හෙළි කරනු ලැබිණි. ඒ මොහොතේ සිටම ඔවුනට ලැබුණු සුබ පැතුම් පණිවිඩ අනන්තය.

කපූර් පරම්පරාවේ අය සහ ඛාන් පවුලේ අය ලහි ලහියේ රෝහලට පැමිණියේ සිය පවුල්වලට පැමිණි අලූත්ම සාමාජිකයා දකිනු රිසියෙනි. කරීනාගේ දෙමව්පියන් වන රන්ධීර් කපූර් සහ බබිතා පැමිණියේ කරීෂ්මා කපූර්ද සමගය. නැන්දා රීමා ජෙයින් සහ අත්තම්මා ක‍්‍රිෂ්ණා රාජ් කපූර් ද ඒ සමගම පැමිණියහ. කරීනාගේ නැන්දම්මා ශර්මිලා තාගෝර් පැමිණියේ ඇගේ ¥වරු වන සබා, සෝහා සහ බෑණා කුනාල් කෙට්ටු සමගය.

දරුවාත් මවත් දෙදෙනාම බොහෝ සනීපයෙන් සිටි බැවින් පසුදාම ඔවුන්ට දරුවත් රැුගෙන නිවසට යාමට හැකි වූයේය. එදින ද ඔවුන්ට සුබ පතන්නට පවුලේ අය මිතුරු මිතුරියෝ, රසිකයෝ සැදී පැහැදී සිටියහ. අලූත්ම සාමාජිකයා නිවසට පැමිණීමේ සතුටට පුංචි සාදයක් ද පැවැත්විණි. රන්ධීර් කපූර් රෝහලේදී පැවසුවේ කපූර් පවුලේ සාම්ප‍්‍රදායික නත්තල් සාදයට කරීනා අනිවාර්යෙන්ම සහභාගි වෙන බවය. එය කරීනාගේ මුත්තණු ශෂී කපූර් විසින් ජුහු වල පිහිටි ඔහුගේ නිවසේ පවත්වනු ලබන උත්කර්ෂවත් සාදයකි. කපූර් පවුලේ අය එකට එකතු කිරීම මේ සාදයේ ප‍්‍රධානතම අරමුණය. එහෙත් අලූත් මව කරීනා කපූර් මෙවර සාදයට සහභාගි වූ බවක් දැන ගන්නට ලැබී තිබුණේ නැත.

”දරුවා ඉපදුණ දවසෙම කරීනා මාධ්‍යවේදීන්ගේ ඡුායාරූපවලට පෙනී සිටියා. ඒත් තවමත් ඇය විඩාබරයි. නත්තල් දවසේ තවත් ඡුායාරූප සංදර්ශනයකට ඉදිරිපත් වෙන්න ඇගේ කැමැත්තක් තිබුණේ නෑ...”

කරීනාගේ ප‍්‍රකාශකයෙක් එසේ කියා තිබුණි.

දැන් බොහෝ දෙනකුට ප‍්‍රශ්නයක් වී ඇත්තේ දරුවාගේ නමය. තායිමූර් නොගැළපෙන නමක් යයි ඔවුහු වාද කරති.

”රාම දෙවියන්ගේ නම තියෙන මිනිහෙක් නිදහස් ඉන්දියාවේ පළවෙනි ත‍්‍රස්තවාදියා වුණා කියලා අපි ඒ නම දරුවන්ට තියන්නෙ නැද්ද..? අශෝක අධිරාජයා තමන්ගේ සහෝදරයො 99 දෙනෙක් මැරුවා. කාලිංග සටනේදී මිනිස්සු ලක්ෂ ගාණක් මැරුවා. ඒත් අපි අශෝක නමට වෛර කරනවාද...? ඉතින් තායිමූර් නමේ තියෙන

වෙනස මොකක්ද..?”

සමහරු ප‍්‍රශ්න කරති. කවුරු මොනවා කිව්වත් ඒ නම වෙනස් කිරීමේ අදහසක් නම් අලූත් දෙමව්පියන්ට නැත.



අදහස් (0)

බෙබෝගෙ බබා...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 36 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 192 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 270 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 471 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 160 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 119 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26089 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site