සෑම බීම වර්ගයකම අඩංගු සීනි ප‍්‍රමාණය වර්ණ තීරුවක් මගින් එහි ලේබලයේ සඳහන් කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් පත‍්‍රය අගෝස්තු 1 වැනිදා සිට ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව සෑම බීම වර්ගයකම මිලිලීටර් 100 ක අඩංගු සීනි ප‍්‍රමාණය ග‍්‍රෑම් 11ට වැඩි නම් රතු වර්ණයෙන් ද, ග‍්‍රෑම් 2ත් 11ත් අතර මධ්‍යස්ථ මට්ටමක පවතී නම් නහ වර්ණයෙන්ද ග‍්‍රෑම් 2ට අඩු නම් කොළ වර්ණයෙන් ද දැක්විය යුතු බව ගැසට් නිවේදනයෙහි දැක්වේ.
මෙමගින් ජනතාවට තමන්ට සුදුසු සෞඛ්‍යාරක්‍ෂිත බීම වර්ග තෝරාගැනීමේ අවස්ථාව හිමිවන අතර එමගින් බෝ නොවන රෝග පාලනය කරගැනීමට ද හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටොන් ගණන් විස ගිලින මිනිසුන්ට ඕවා කජ්ජක්ද? දැනටමත් අදාළ තැන්වල පිටපොට ගහනවා ඇති ඊළඟ ගේමට (නි)
ඉතාම හොඳ වැඩක්. නිෂ්පාදකයින් මෙය නිවැරදි ලෙස කළයුතුයි (නි)
ඉතාම හොඳ වැඩක්. (නි)
ඇයි බීම වර්ග විතරක්? පාන්, බනිස් බිස්කට් වලත් අසුරණයේ ග්ලුකෝස් සහ මේදය ප්‍රදර්ශනය කළයුතුයි. අන්තර්ජාලය පහසුකම නම් හිනිපෙත්තටම තියෙනවා ලංකාවේ. ජන ජීවිත වලට අවශ්‍යම කාරණා නැහැ (නි)
අහාර වර්ණවත් කරන වර්ණකාරක සම්බන්ධවද දැඩි නීති පැනවිය යුතුයි. හාල්, මිරිස්කුඩු, කහකුඩු සහ පලතුරු රසායන ද්‍රව්‍ය මගින් වර්ණ ගන්වා වෙළඳපොලේ තිබෙනවා අපි කවුරුත් දකිනවා. අනිත් සැකසු අහාර ගැන කවර කතාද? (බ)
අගය කලයුතු වැඩක්. (ම)