බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් ආධාර මුදලට අමතරව තවත් රුපියල් කෝටි 24 කට ( ඇමෙරිකා ඩොලර් මිලියන 1.745ක් ) වැඩි ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි කොළඹ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් පැවසීය.
2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ රහිත රටක් කිරීමේ අරමුණෙන් ජාතික බිම් බෝම්බ ක‍්‍රියාකාරී කමිටුවට සහ අනෙකුත් දේශීය සහ විදේශීය හවුල්කරුවන්ට ඇමෙරිකාව ලබා දෙන සහායට අමතරව මෙම ආධාර පිරිනමන බවද මෙරට ඇමෙරිකා තානාපතිවරයා කියා සිටී.
මෙරට ඇමෙරිකා තානාපති කෙෂාප් පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හමුවූ අතර එහිදී හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය. මෙම හමුවේදී උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ පිළිවෙළ පිළිබඳව ඔවුන් දෙපළ සාකච්ඡා කර ඇත.
ගතවූ විසි වසරේදී ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් වලට ඇමෙරිකාව විසින් ඇමෙරිකා ඩොලර් මිලියන 43 ක් (රුපියල් කෝටි 600කට අධික මුදලක්) මෙරට ලබා දී තිබේ. බිම් බෝම්බ හඳුනාගත හැකි බල්ලන් යොදා ගැනීමේ වැඩසටහන ඇතුළුව ශ්‍රී ලංකා හමුදාවේ බිම් බෝම්බ අපහරණ ඒකකයට පුහුණුවීම් ලබාදීම ආදී කාර්යයන්ට ඇමෙරිකාව නායකත්වය ලබා දී තිබේ.
ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්
නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක
පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බිම් බෝම්බ ඉවත්කරන්න ඇමරිකාවෙන් කෝටි 24ක්
උදිත් Saturday, 10 October 2015 03:17 AM
සතුටුයි! (නි)
රුචී Friday, 09 October 2015 11:00 AM
දීපාල්, අනිවාර්යන්ම මෙතන යටි අදහසක් තියෙනවා. මෙච්චරකල් නැති ආධාර දැන් මොකටද දෙන්නේ. (ර)
ලහිරු Friday, 09 October 2015 11:28 AM
රුචි, කලිනුත් රු. කෝටි 600 ක් දුන්නා කියලා තියෙන්නේ. සිරස්තලය විතරක් කියවලා අදහස් පල කරන්න එපා. (ර)
කරුණාරත්න Friday, 09 October 2015 03:14 PM
අන්න හොඳ වැඩ! (නි)
අජිත් Saturday, 10 October 2015 09:34 AM
බිම් බෝම්බ, යුද්ධේ ඉවර වෙලා අවරුදු කියක් ගියද.? තාම බිම් බෝම්බ හොයලා ඉවර නැද්ද.? (ර)
නුවන් Friday, 09 October 2015 05:46 PM
බොහොම හොඳයි (නි)
දිපාල් Friday, 09 October 2015 09:34 AM
තවත් ජාත්‍යන්තර කුමන්තනයක් කියාවි.(ම)
සසිත් Friday, 09 October 2015 10:27 AM
නෑ දීපාල් ඕක පොඩි විහිළුවක්. (ර)