(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බීමත් රියැදුරකු අධික වේගයෙන් පැදවූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් පදිකයින් දෙදෙනෙකුගේ ,හා කැබ් රථයක , ත්‍රීරෝද රථයක හප්පා සිදු කළ අනතුරින් එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ හෙට්ටියාවත්ත , 6 වන පටුමග , අංක 412 / 06 හි පදිංචි විනිදු සත්සර නමැති එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි.
හයිලෙවල් මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල දෙස සිට ඊයේ (26) රාත්‍රී 10 ට පමණ කොළඹ දෙසට අධික වේගයෙන් බීමත් රියැදුරකු පැදවූ මෝටර් රථයක් මීගොඩ 20 කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් මවක (57) සහ ඇයගේ පුත්‍රයෙකුගේ (18) සිරුරේ ගැටි අනතුරක් සිදුව තිබූණි.
එහෙත් අනතුරෙන් පසුව මෝටර් රථය නොනවත්වා මීටර් 500 පමණ ඉදිරියට ධාවනය කරද්දී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට විරුද්ධ මන්තීරුව ඔස්සේ අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටී ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී අනතුරු දෙකක් සිදුව තිබුණි .
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු ( 56) හා ඔහුගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එකොළොස් හැවිරිදි පාසල් සිසුවා මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් අනතුරුව අනතුර සිදු කළ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි මෝටර් රථ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථයට හා මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර ප්‍රතිකාර ලබන අනිත් දෙදෙනාගේ තත්ත්වය සාමාන්‍ය බව පොලිසිය කියයි .
අනතුරට හේතුව නොසැලකිලිමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය බව පොලීසිය කියයි. ඒ අනුව මියගිය පාසල් සිසුවාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් (27) දා සිදුකිරීමට නියමිතව තිබුණි .
අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බීමත් රියදුරා සිසුවාට මරු කැඳවයි
මැක්ස් Thursday, 27 July 2023 11:51 AM
50 පැනලත් සංයමයක්, විනයක්, හැදියාවක්, සදාචාරයක් නැති කාලකන්නි නොසන්ඩාලයෙක්. මිනීමරු චෝදනා යටතේ මූට උපරිම දඬුවම් දෙන්න.
pakeer Thursday, 27 July 2023 12:39 PM
මූසලයාව මරන්න ඕනේ .නඩු එපා .අමන බල්ලා .කොච්චර පව් ද මේ ළමයා
Bunny Preena Friday, 28 July 2023 03:07 PM
අසාදු ලෙකන ගතකොට රියදුරු බලපත්‍ර ලබා ගෙනෙඑමට හෝ රිය පැදවීමට නුසුදුස්සෙකු ලෙස ලෙඛන ගත කල යුතුයි ඇගිලි සලකුනුත් සමග.