1999 කොළඹ නගර ශාලාවේ බෝම්බ ප්‍රහාරයෙන් පසු හිටපු ජනපතිනි කුමාරතුංග මහත්මියගේ මොළයට තවත් මිලිමීටරයකින් හෝ බෝම්බ කෑලි ගියේ නම් ඇගේ තත්ත්වය බරපතල විය හැකිව තිබිණැයි අක්ෂි වෛද්‍ය විශේෂඥ දොස්තර චරිත් ෆොන්සේකා කොළඹ මාහාධිකරණයේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.
මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා ඉදිරියේ වෛද්‍යවරයා සාක්කි දුන්නේය.
සිද්ධිය වූ දින රාත්‍රියේ හිටපු ජනපතිනිය පරීක්ෂා කිරීමට කොළඹ ජාතික රෝහලෙන් තමා කැඳවූ බව කී දොස්තර ෆොන්සේකා ඒ වන විට ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වන ජේ බී පීරිස් හා කොල්වින් සමරසිංහ මහත්වරුන් ඇය පරීක්ෂාකිරීමට පැමිණ සිටි බව කීවේය.
ඇගේ දකුණු ඇස තුවාල වී තිබිණැයි කී වෛද්‍යවරයා එය දරුණු තුවාලයක් බව සඳහන් කළේය.
ඇගේ එම ඇස අන්ධ වී තිබිණැයි ද, වෛද්‍යවරයා විශේෂ උපදෙස් පතා ඇය ලන්ඩනයට ගිය බව ද සඳහන් කළේය.
විත්තියේ නීතීඥවරුන් ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේ නැත.
ඔවුන් ඉල්ලා සිටියේ පළමුවැනි විත්තිකරු රඝුපති ශර්මා හා ඔහුගේ බිරිය යාපන සිර ගෙදරට මාරු කරන ලෙසයි. ඔවුන්ගේ දියණියට ඔවුන් බැලීමට හැකි බව ද ඔවුහු කීහ.
මේ ඉල්ලීම බන්ධනාගාර අධිකාරියට ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරයා කීවේය.
රඝුපති ශර්මා, වේලායුදන් උදයරාජා හා චන්ද්‍රා ශර්මා චෝදනා 190ක් යටතේ මේ නඩුවට මුහුණ දෙති.
26 දෙනකු මරණයට පත් වූ මේ බෝම්බ ප්‍රහාරයේදී සියයකට වැඩි පිරිසක් තුවාල ලදහ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ජනාධිපති ඡන්ද රැස්වීමක් අමතමින් සිටියදී මරාගෙන මැරෙන කොටි කතක බෝම්බයක් පුපුරවා ගත්තාය.
වැඩිදුර විභාගය ජූනි 19 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලේනියම් පාවාදීමත්, ගිවිසුම් මගින් රට බෙදන තැනට කටයුතු කිරීමත් ,අන්තර් පාලනයක් ගෙන ඒමට උත්සහ කිරීමත් රනිල් සහ චන්ද්‍රිකා දෙදෙනාගේම මෝඩකම් .කිසිම භේදයකින් තොරව විවේචනය කලයුතුය.(නදී)
චතුල වෙරෝනා ගැන මම හිතන් හිටියේ ටිකක් ඔලුව පාවිචිකරන කෙනෙක් කියලා. ඒත් ඒක වැරදි හිතුවිල්ලක්. මොන දේශපාලනයක් තිබුනත් කමක් නෑ. මේක එයා එයාටම තියාගත්තු බෝම්බයක් කියන්නට තරම් හිතන්නට තරම් බුද්ධියක්. ඕකට කියන්නේ බුද්ධිය නොවේ වෙන එකක්. "නිහඩව ඉන්න තාක්කල් මෝඩයද පණ්ඩිතයෙකි" කියල කියමනක් තියනවා. පුළුවන්තරම් නිහඩව ඉන්න බලන්න.(නදී)
කොහොම උනත් දැන් අලුත්ම දේ පරණ බෝම්බ තියපු කොටින්ව ටික ටික නිදහස් කරනවා. දෙහිවල බෝම්බෙන් මැරුන මිනිස්සුන්ට සාදාරණයක් උනේ නැහැ. මිනි මරපු කොටින්ව එල්ලුම් ගස් යෙවිය යුතුයි.(නදී)
රටක් බෙදන්න අවශ්‍ය පරිපාලනය , බැංකු , ජනතාව හා දීසා සිමාව හා සියලු දේම තිබුණු වෙලාවක තමයි චන්ද්‍රිකා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිරෙව්වේ කියලා මතකද ?(නදී)
එතුමිය කියන තරම් මේ රටේ මිනිස්සු මෝඩද ?(නදී)
අනුරාධ, ඔයාගේ මොලේ අර ගාල්ලේ මන්ත්‍රී තුමා චෙක් කරගත්ත තැනින් බලාගන්න. (නදී)
අපි හිතන්නේ "අදට වැඩිය හෙට හොඳයි" කියලා. ඒත් අපි දකින්නේ "සුදු සඳේ කළු වලා" සහ "කඩවුණු පොරොන්දු".(නදී)
අනේ මමනම් චන්ද්‍රිකාට බනින්නේ නැහැ. ඇයගේ දෙමව්පියන් රටට හොදට සේවය කරපු අය. ඇයගේ සැමියා විජයකුමාරතුංග මගේ වීරයා. (නදී)
දේශ පාලනය මොනවා වුනත් ,පක්ෂ මොනවා වුනත් , ශ්‍රී ලාංකිකයෙකුට කරදරයක්/ අනතුරක් වූ විට සමහරු ඔය විදිහට කතාකිරීම කැත පුරුද්දක්, මිනිස්සු මීට වැඩිය ගුණගරුක විය යුතුයි (නි)
පිනක් තියෙනවානම් බේරෙනවා (දී)
එදා චන්ද්‍රිකා බලයට අවේ නැත්නම් අද මහින්දට ඔය තැනට එන්න වෙන්නෙත් නැහැ .එහෙම උනානම් තවමත් කොටින් ලංකාවේ බෝම්බ පුපුරවනවා. චන්ද්‍රිකාගේත් වැරදි තිබුන තමයි. ඒ උනත් යූ ඇන් පි එක එලවන්න ඒ දවස්වල හිටිය එකම කෙනා චන්ද්‍රිකා විතරයි.(නදී)
පාරුක්, ඡන්ද රැස්වීමක් අමතමින් සිටින විට නොවේ බෝම්බය පිපිරුනේ. අමතලා ඉවර වෙලා ස්ටේජ් එකෙන් බැහැලා යනකොට. (නි)
එහෙම දෙයක් වෙන්න, එහෙම දෙයක් තිබුනද ?(නදී)
චන්දා, ඔබ සඳහන් කර ඇතිපරිදි "විධායක බලතලවත් මෙහෙයවා යමක් කලේ නැහැ" යන්නට බැලූ බැල්මට එකග වියහැකි නමුත් ගැඹුරින් සිතා බැලීමේදී එය එසේ විය නොහැකිය. ඔබ ගෘහණියක් නම් නිවසේ යම් වැදගත් වැඩ කටයුත්තකදී ස්වාමියාගෙන්, දරුවන්ගෙන් හෝ ආයතනයක් පාලනය කරන කෙනෙක් නම් අදාළ නිලදාරීන්ගෙන් හෝ නොවිමසා තනි තීරණ ගන්නවාද? ඔබ බුද්ධිමත් කෙනෙක් නම් පිළිතුර වියයුත්තේ "නැත" යන්නයි. රටක් පාලනය කිරීම ඉහත ආයතන දෙකටම වඩා ඉතා බැරෑරුම් කාර්‍යයක් වන අතර ජාතික ගැටලුවේදී ගනු ලැබ ඇත්තේ ඒ අවස්තානුකූල (වරදින හෝ නොවරදින) තීරණයයි. 'බිලිපිත්තෙන් මාලු බෑමෙදී ඇමගිල්ල විගසම මාළුවා ගොඩ ගැනීම නුසුදුසුය".(නදී)
එතුමියට බලේ තිබෙනකොට මොලේ තිබුනේ නැහැ , මොලේ පෑදෙනකොට බලේ නැහැ , එතුමිය පොරොන්දු උන විදියට විධායක ජනාධිපති බලතල ඉවත් කලානම් රටට හොද කලදසාවක් ලබනවා , කොහොම නමුත් අපේ රටේ මිනිස්සු මරන්න බෝම්බ අටවපු කොටින්ට බුරුලක් නම් දෙන්න එපා. අර ප්‍රභාකරන්ගේ පාසල් මිතුරාට වගේ අඩු දඩුවමක් දෙන්න එපා.(නදී)
පොඩි පොඩි බෝම්බ කෑලි වලින් ඈට කුමක් වෙන්නද එතුමියම බෝම්බයක්නේ .(නදී)
මට නම් හිතෙන්නෙ සැමියත් අහිමිව දරුවන් දෙන්නෙකුගෙ අම්ම කෙනෙක් විදිහට චන්ද්‍රිකා මැඩම් පුළුවන් විදිහට රට අස්ථාවර වෙන්නෙ නැතිව පාලනය කලා. වර්තමාණ ආන්ඩුවට බනින්න ඇයට සාධාරණ හේතු තියෙනවා.(නදී)
අනුරාධ, මිලේනියම් සිටි පාවාදීමට ඇය ඇගේ විධායක බලතලවත් මෙහෙවා යමක් කලේ නැහැ ඒ අවස්ථාවේ, ඒ අස්සේ අන්තර් පාලන ගෙනාවා තව පොඩ්ඩෙන් , එජාපෙ කාලෙට වඩා කොටි ඇගේ පාලන කාලේ රටට හානි කළා නිකන් සුදු නෙලුම් අරන් තවලමේ යන්න එන්න එපා අපිත් එක්ක .(නදී)
මුලින්ම කියන්නේ මා මේ ලියන දේ වැරදිනම් සාධක ඇතිව නිවරදි කරන්න. උපන් රටට ආදරය කරනවා නම් මේ දෙය අප අමතක කලයුතු නැත. එතුමිය එදා බේරුනේ රටේ අප සියලුදෙනාගේ වාසනාවට. මිලේනියම් සිටි මෙහෙයුම් වල අතීශය රහසය භාවය හෙළිකිරීමෙන් හමුදාව අමු අමුවේම පාවාදීලා, වංචනික ගිවිසුම් ගහලා ත්‍රස්තවාදියාට මුළු රටම බිල්ලට දීල තිබුන අවදියක එතුමිය ඥානාන්විතව එවකට පැවැති රජය විසිරුවලා නව පාලනයක් ඇතිකරන තැනට වැඩ නොකලානම් ඇතිවෙන්න තිබුන අතීශය විනාශකාරී තත්වය අමුතුවෙන් කිවයුතු නැහැයි කියල මට හිතෙනවා. (නදී)
වික්ටර් අයිවන් මහත්තය කිව්ව විතරක් නෙමේ පොතකුත් ලියුවා මේ බෝම්බ ප්‍රහාරය චන්ද්‍රිකාගෙම ප්ලෑන් එකක් කියල ඒ ගෑන මේ ගොල්ලො කවදාවත් කතා කලේනෑ, බොරු කිව්වෙත් නෑ.(නදී)
එහෙම වුනානම් කොච්චර හොදද?(නදී)
ඔය චන්ද්‍රිකා හෙරක් කියලා පාරම්බාන අය අද තියෙන පාලක පක්ෂය ගැන මොකක්ද දන්නේ නැහැ කියන්නේ. හැමෝම එකයි. (නදී)
එදා බෝම්බෙට පින්සිද්ද වෙන්න යන්තම් ගොඩ ගියා.(නදී)
රටේ නායකයින්ට ගරු සරු ඇතිව කතා කිරීම වැදගත් ශ්‍රී ලාංකිකයන්ගේ හොද ගතියක්. වචන පාවිච්චි කරන විට ප්‍රවේසම් ඉතා වැදගත්.(නදී)
කවුරු උනත් මේ රටේ නායකයෙකුට බෝම්බ අටවපු හෝ උදවු කල අයට මොන නඩුද? නිකන් කාලය කන්නේ නැතිව මරල දාන්න තියෙන්නේ.(නදී)
බැරි වෙලාවත් එහෙම දෙයක් වුන නං හාස්කම් වලින් පිරුණ කොළඹ දේවාලෙට දාලා සනීප කරගන්න තිබ්බා.(නදී)
නීල්-රානා, හිතේ තියන ජරා තිත්ත කමට ලෝකේ කිසිම බෙහෙතක් නෑ.(නදී)
නුලක් නෙමෙයි අඟලක් එහායින් ගියත් මොකෝ.(නදී)
ඔබතුමියට බුදු සරණයි
පව් අනේ.(නදී)