සිදුහත් කුමාරයා බුද්ධත්වයට ලැබූ බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධිය ළඟද අද අලුයම බෝම්බයක් පිපිරී ගිය බව මගධ නියෝජ්‍ය පොලිස්පති නායර් හුස්නේඛාන් කියයි.
මහාබෝධි විහාරය සංකීර්ණයේ බෝම්බ හතරක් ද, කර්මාපා ටිබෙට් පන්සලේ බෝම්බ තුනක් ද, අඩි අසූවක් උස බුද්ධ ප්‍රතිමාව අසළ බස් නැවතුම්පොළක තව එකක් ද පිපිරී ගිය බව ඔහු පවසයි.
එක් බෝම්බයකින් විහාර ගෙයි බුදු පිළිමයේ පාදයකට හානි සිදුවී ඇතැයි ද ඔහු කියයි.
අද අලුයම 5.30ත් 5.58ත් අතර සැර අඩු මෙම බෝම්බ වැල පුපුරවා ඇතැයි ද පොලිසිය කියයි.
පිපිරී නොගිය බෝම්බ දෙකක් පසුව පුහු කර දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආගමකින් කරත් මොන ජාතියකින් කරත් කියන්න ලැජ්ජයි බුදු දහමේ සත්‍ය තාවය ඉදිරියේ මෙතරම් වෙහෙසක් අරගෙන එය විනාස කරන්න යාමෙන්ම පෙනෙනවා බංකොලොත් බාවය.(ත)
මට හිතෙන්නේ මේක ඉන්දියාවේම වැඩක්.(නදී)
රත්නායක මහතානෙනි, ඔබ පැවසූයේ පරම සත්‍යයකි. ලංකාවේ එක්තරා පන්තියක් තමුනට හැකිකළ අධාර්මිකව උපයාගත් වස්තුවෙන් දඹදිව ගොස් පව් අරවා එති. ලංකාවේ එදාවේල කන්න නැති අයට සතයක් නොදෙති. මෙය බුදු දහම නොවේ (දී)
රත්නායක දන්නවද බෞද්ධයන් දැක බලා සංවේග උපදවාගත යුතු තැන් බුදු හිමියන් දේශනා කර ඇති බව? (නදී)
බුදුරදුන් ඉපදුන බුද්ධගයාවක් කොහෙද ඉන්දියාවේ? අනෙක බුදුන්ට කරන වැදීම බුදුන්ගේ ධර්මය දැකීමයි. ඉන්දියාවේ වන්දනාවේ ගොස් නැතිනාස්ති කරන මුදල් ලංකාවේ බෞද්ධ ශාසනයේ දියුණුවට යොදන්න. නැත්නම් දුප්පත් අයට දෙන්න. ඒකයි නියම බුදුන් වැදීම (නි)
ඉදිරියේ මේවා කළ අයට විපාක විදින්න වෙනවාම තමා. (නි)
බාමියන් බුදු පිළිම විනාශ කරපු ඇෆ්ගනිස්ථානයට තවමත් බෝම්බ වැසි වසිනවා. ඉන්දියාවේ අසරණ ජනයාට එවන් විපතක් නොවේවා යැයි බෞද්ධයන් හැටියට අපි ප්‍රාර්ථනා කරමු. (නි)
මෙය කළවුන්ට තව තියෙන්නේ ඉතාම කෙටි කාලයයි.ඒක ලෝකයටම ප්‍රදර්ශණය වෙයි.තලේබාන්ලටත් ඒ ටික වුනා, වෙමින් පවතිනවා. (නි)
දැනුවත් කරන්න මේවගේ දේවල් අනිත් ආගම තැන්වලත් සිදුවෙනවද? (නදී)
අනික් ඔක්කොටම ලොකුවට කතා කරන අයට මේ ගැන ලියන්න එක වචනයක් නැති වීමෙන් පේනවා කට්ටියම බුද්ධාගමට කොච්චර ආදරෙන්ද මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදේ ගැන කතා කරන්නේ කියලා. වෙන අයගේ ආගමකට මේක උනා නම් දහස් ගණන් දේවල් මේ වෙද්දී ලියලා.(නදී)
මේවා දේවදත්ත පරම්පරාවෙන් එන අයගේ වැඩ තමා. (ත)
මිනිස් ආත්මභාවයක් ලබා ගැනීම දුෂ්කරය,එසේම එසේ ලබාගත් මිනිස් ආත්මභාවය රැක ගැනීමද දුෂ්කරය,කල්පකෝටි ගණනකින් සදහම් දෙසන්නෙකු සොයාගත නොහැකි බැවින් සදහම් ඇසීමද දුෂ්කරය,බුදුවරුන් කප්කෙල සුවහස් ගනනකිදුත් ලොව පහල නොවන නිසා බුදුවරුන්ගේ ඉපදීමද දුෂ්කරය. (ත)
මේ පාපකර්මය කල සියලු දෙනාටම උඩ සිටින දෙවියන්ගෙන් නිසි දඩුවම හැකි ඉක්මනින් ලැබේවා කියා මම දෙවියන්ගෙන් ඉල්ලාසිටිනවා ? (ත)
අන්තවාදීන්ගේ අමනුෂ්‍ය තිරිසන් ක්‍රියාවක් (ත)
ලංකාවේ වගේ ත්‍රස්තයන් හුරතල් කරන්නේ නැහැ ඉන්දියාවේ. බලමු මොකද වෙන්නේ කියල.(ත)
මේක "රෝ" එකේ වැඩක් වෙන්න බැරිද? (නි)
ඇමෙරිකාව කියන විදියට මේකට වගකියන්න ඕනෑ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක්.මෙහේ වීරයො ටික මුස්ලිම් කඩවලට ගහලා,මස් කඩ වහලා,පල්ලිවලට තර්ජනය කරනකොට ඒකට ලැබෙන ප්‍රතිචාර තමයි මේ.පැහැදිළිවම ඉස්ලාම් අන්තවාදය මුළු ලෝකයටම අද තර්ජනයක්.ඉන්දියාවට මේක පාලනය කරගන්න අමාරුයි.චීනයටත් මේ ප්‍රශ්ණයම තියනවා.අපි තීරණය කරන්න ඕනෑ කාගෙ පිලටද එකතුවෙන්නෙ කියලා.බොරුවට ඇමෙරිකාවට විරුද්ධව කෑගැහුවට ඒ මිනිස්සු විතරයි කෙලින් මේ තත්වයට මුහුන දෙන්නෙ.බුද්ධාගම සිංහලයින්ගෙ බූදලයක් කියලා හිතාගෙන ලෝකෙ අනෙක් මිනිස්සුන්ට ගරහන්න ගියාම අපිට දුවන්න තැනක් නැතිවෙනවා. (නි)
මහා විනාශයක පෙරනිමිති.බෞද්ධයිනි, දුකෙන් මිදීම සැපතක්,දුකෙන් මිදෙනා තෙක් ලෝකේ දුකමයි.ලෝකය දුකෙහි පිහිටා ඇති බව සියල්ල දත් බුදුරජානන් වහන්සේ පවා දේශනා කළා.නිවනින් මෙහා ස්තිර වූ සදාකාලික වූ සැපතක් නැහැ.හැම වස්තුවකම තියෙන්නේ සම්භවයත් විනාශයත් අතර සිද්ධ වෙන විපරිනාමයයි.හරියට මේ මහා සාගරයේ පාවෙලා යන පිදුරු කෑල්ලක් වගේ,එහෙ මෙහෙ රැලි මාලාවලට අහුවෙලා යන පිදුරු කෑල්ලක් වගේ අපිත් මේ සංසාරේ නොයෙක් දුක් විඳිමින් සසර නමැති සාගරයේ මේ ජීවත් වන්නේ.අපිට වුවමනා කරන්නේ කවදාවත් මේ සංසාරික ලෝකයේ නුපදින තත්වයේ පින් දහම් කිරීමයි ! (නි)
මහා බෝධිසත්වයන් වහන්සේ,මුළු මහත් තුන්ලෝ තලයම තමන්ගේ දරු පෙළක් සේ සලකායි මේ ධර්මය සොයාගත්තේ. (නි)
බුදුරජානන් වහන්සේ රාග රක්ත ලෝකය ජයගත්තා,දෝස භරිත ලෝකය ජයගත්තා,මෝහ පටල ලෝකය ජයගත්තා ! (නි)
මේ වැඩ වලින් අප කීර්තියට පත්වෙන්නේ ඔවූන්මයි..!! දේව ශාපයක් වැනි මීට සති කිහිපයකට කලින් මහා ගන් වතූරින් මහම විනාශයක් වුනා. තව ඉදිරියේදී මූළු ඉන්දියාවම සොබා දහමින්ම විනාශවී යාවි. (නි)