බම්බලපිටියේ රූපලාවන්‍ය ආයතනයේ දී මිය ගිය දොස්තර ඊ ඒ ප්‍රියංගාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි දොස්තර නිමල් ගමගේ ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා අද නියෝග කළේය.
රස පරීක්ෂක හා වෛද්‍ය මණ්ඩලයේ වාර්තා ලැබී නැතැයි පොලිසිය ප්‍රකාශ කළේය.
දොස්තර ගමගේට ඇප ඉල්ලමින් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා කරුණු දැක්වීය.
ඔහුට ඇප දුනහොත් වෛද්‍යවරුන් අතර වර්ජනයක් පවා ඇති විය හැකි බව පොලිසිය කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ප්‍රකාශය උසාවියට අනියම් ලෙසින් බලපෑමක් කිරීමක් ලෙසින් මම දකිමි. මොහුට ඇප දුන්නොත් අනෙක් වෛද්‍යවරුන්ට ඇති ගැටළුව මොකද්ද කියන ප්‍රශ්නය මතුවෙනවා නේද? (නි)
ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරුන්ගේ බෙහෙත් ශාලා ටිකත් පරික්ෂා කරන්න. ඒවාට ඉංග්‍රිසි බෙහෙත් පෙති, කරල් එන්නේ කොහොමද කියලත් සොයා බලන්න (දිල්)
දොස්තරලා සම්බන්ධයෙන් ගන්න උසාවි තීන්දු අනෙක් දොස්තරලා ස්ට්‍රයික් කරනවට බයේ වෙනස් වෙන්න ඕනෑද? රටේ නීතිය කාටත් එකයි. දොස්තර වුණත් කොන්දොස්තර වුණත් වැරැද්දට දෙන්න පුළුවන් දඬුවම උසාවියට ස්වාධීනව තීරණය කරන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. ඇප දෙන්න ඕනෑද, ඕනෑ නැද්ද කියන එක නීතියේ හැටියටත් ,කරලා තියෙන වැරැද්දේ හැටියටත් තීරණය කරනවා මිසක් අනෙක් දොස්තරලාගේ ස්ට්‍රයික් එකේ හැටියට තීරණය කරන්න ඕනෑ නැහැ (නි)
එම්.බී.බී.එස් එක විතරක් තියාගෙන මේ දොස්තර ලොකු ලොකු වැඩ පෙන්වන්න ගියපු එකනේ වැරැද්ද? අද ඉන්න සමහර එම්.බී.බී.එස් වෛද්‍යවරුන්ට උණට කැස්සටවත් හරියට බෙහෙතක් දීගන්න බැහැ. විශේෂඥයෙක් චැනල් කරලා ගත්තහම එක බේතෙන්ම ලෙඩේ හොඳයි.ඒක ඉතින් ඒ අයගේ දක්ෂකම වෙන්න ඇති. වැඩේ වැරදුනේ දොස්තර නෝනා කෙනෙකුටම වෙච්ච හින්දා, දොස්තරට ඇප දුන්නොත් අනිත් වෛද්‍යවරු ස්ට්‍රයික්. බැරිවෙලා හරි අපි වගේ සාමාන්‍ය මනුස්සයෙකුට වුණා නම් දොස්තරට ඇප නොදුන්නොත් අනිත් වෛද්‍යවරු ස්ට්‍රයික් කරයි.ඒක තමයි අපේ ලංකාවේ හැටි (නි)
ඔය ස්පා කියලා කියාගෙන සම්බාහන සත්කාර කෙරෙන තැන්වලත් සිද්ධ වෙන්නේ වෙනත් දේවල් කියලා ආරංචියි. (නි)
සැත්කම් දාස් ගානක් කරලා එකක් වැරදුනාම මරන් කන්න යනවා (නදී)
නීත් විරෝධී රූපලාවන්‍යාගාර, හෝටල්, කඩ, විද්‍යා ආයතන හා නොයෙක් සේවා සපයන ආයතන වල තත්වය තමයි මෙි. මොකක් හරි සිද්ධියක් වුනාම ලොකු ප්‍රසිද්ධියක් දීලා පත්තරවල දාලා නීතිය ක්‍රියාත්මක කරන්න උනන්දුවන වන ආයතන හා මින්ස්සු මෙි නීති විරෝධී කටයුතු නතර කිරීමට කලින්ම සිදු කිරීමට අවශ්‍ය කරන ක්‍රියා මාර්ග නොගන්නේ ඇයි කියන එක තමයි ලොකුම ප්‍රශ්ණය.(නදී)
රූමත්වීම සඳහා මා ළඟ පරම්පරාගතව පැවත එන කෙමක් ඇත.ඔබ සැමගේ අවශ්‍යතාවය සළකා මීළඟ වෙසක් සමයේදී මම ඒවා වෙළඳ පොළට වෙස් මුහුණු වලට අලේප කර ඉදිරිපත් කරමි.තරුණ තරුණියනි, එතෙක් ඉවසන්න (නි)
දැන් මේ පුද්ගලයා විතරක් අල්ලාගෙන හරියන්නේ නැහැ. කාන්තාවන් ලස්සන කරන්න කියලා තව තව ගොඩ වෙද්දු මදිවාට හැම හන්දියක් ගානෙම සැලෝන් දමාගත් කලාකාරිනියන් කියලා කියාගන්න සමහර අයත් ඉන්නවා. ඒ අය මොනවා ගනුදෙනුකරුවන්ගේ මුහුණේ උලනවාද දන්නේ නැහැ. මේ රටට ගෙන්වන සමහර ක්‍රීම් ලෝෂන් වර්ග අනෙකුත් රටවලින් භාවිතයට නුසුදුසුයි කියලා ඉවත් කළ ඒවා. සමහර ඒවායේ ඉතාම අහිතකර රසායන ද්‍රව්‍ය. පසුකාලයේ පිළිකා තත්ව පවා ඇති වෙන්න ඉඩ තිබෙනවා. (නි)
මට නම් ලංකාවේ නීතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා? (නි)
එහෙම පහසුවෙන් ගැළවීයන්න පුලුවන්ද? වෘත්තිමය නොසැළකිල්ල කියන්නේ නීතිය ඉදිරියේ ඔප්පු වුණොත් ලොකු වැරැද්දක් නේද? (නි)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන්න (නි)
තවත් මෙයාලා වගේ ලස්සන කරන කට්ටිය ඉන්නවා නම් ජීවිතය අවලස්සන කරගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)
මේ මරණය සාමාන්‍ය කෙනෙකුට වුණා නම් මියගිය කෙනාගේ අවාසනාව කියලා හිතහදාගන්නත් තිබුණා සමහරවිට (නි)
මේක මහා අමුතුම විදියේ කාරණාවක් නේ. එහෙනම් දොස්තරලට බයේ එක දොස්තර කෙනෙක් හිරේ තියන්න ඕනේ. මට නම් දැන් ලංකාවේ වෙන දේවල් ඇහැව්වම කරකවල අත හැරිය වගේ වෙනවා (නදී)
බොහෝ ක්ෂේත්‍රවල 'හොඳ වැඩකාරයෝ' එක්කෝ විභාගේ අසමත්. නැත්නම් මුලික සුදුසුකම් නැති අය. (නි)
මෙතන බන්දුල විතරයි පදනමක් ඇතුව අදහස් පළකරන්නේ (නි)
මෙතන හෙදියන් ගැනත් අපිට යම් යම් දේවල් ආරංචියි. ඒවා අදාළ නිලධාරින් රාජකාරි මට්ටමින් ප්‍රසිද්ධියේ කියනකන් අපි කට ඉස්සර කරගන්නේ නැහැ. (අ)
මෙයාගේ නර්ස් නෝනාලාගේ සුදුසුකමුත් පරික්ෂා කරන්න ඇතියි සිතමි. එතනත් කොස්සක් තියනවාද දන්නේ නැහැ. (අ)
සැකකරුවන් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේම තියන්න කියා මම ඉල්ලනවා. මොවුන් එළියට ආවොත් තවත් විනාශයක් කර නවතින්න පුලුවන් (නි)
දොස්තර නෝනලාත් මෙයාලට අහුවෙනවා නම් උදේට ගෙදර ටීවී එක ඉදිරියේ ඉඳගෙන කල්මරන ගෘහණියන් ගැන කවර කතාද. (නි)
ඩිල්ෂාන් නම් නඩුව අහලා තීන්දුව දීලත් ඉවරයි. (නි)
මොහු වැරදිකරුවෙක්. ඔහුට නිසි දඩුවම් ලැබිය යුතුයි (නි)
ඇපදීමකට විරුද්ධව මේ වගේ කාරණාත් ඉදිරිපත් කරන්න පුලුවන්ද? (නි)
කෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න පුලුවන් මම දන්නා විදියට නම් ඔහුගෙන් සමාජයට අගතියක් හෝ සාක්ෂිකරුවන්ට සහ පැමිණිලිකරුවන්ට බලපෑමක් තර්ජනයක් එල්ලවෙනවා නම් පමණයි නේද? මේ දොස්තර මහත්තයාගෙන් එහෙම බලපෑමක් වෙන්නේ නැති බව පැහැදිලිව පෙනෙනවා නොවේද? වැරදි නොවන, අත්වැරදීම් නොවන, සියල්ල නිවැරදිවම කරන දොස්තරලා මේ දොස්තර මහත්තයට එලව එලවා ගල්ගහනකොට මට නම් මතක් වෙන්නේ එක්තරා ප්‍රසිද්ධ කියමනක්.. (නි)
දොස්තර වර්ජනයක් ගැන පොලිසිය ප්‍රකාශය කළේ මොන පදනමකින්ද දන්නෙ නැහැ. ඊට පාදක වූ කරුණු මොනවාද? (නි)
ලේන්සුවෙන් මුහුණ වහගත්තට වැඩක් නැහැ. දැන් ලංකාවේ ඔක්කොම හඳුනනවා. (නි)
දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටිනවිට දැනෙයි ලස්සන වීමේ රඟේ තරම (නි)
මට දැනෙන විදියට නම් ඇපදීමට විරුද්ධ වෙන්න පොලිසිය මීට වඩා යුක්තිසහගතව හේතු දැක්වීමක් කළයුතු නොවේද? (නි)
උසාවි තීන්දුවකට එරෙහිව දොස්තරලා කොහොමද වර්ජනය කරන්නේ? (නි)