කොළඹ ළමා රෝහලේ දොස්තර ප්‍රියංගිට මරු කැඳැවු බම්බලපිටිය ලංකා කොස්මැටික්ස් සර්ජරි ආයතනයේ දොස්තර නිමල් ගමගේ ගේ සුදුසුකම් දැනගැනීමට බම්බලපිටිය පොලීසිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහාය පතයි.
පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේ ඒ ජී පුංචිහේවා මහතා හමුවේ කියා සිටියේ වෛද්‍ය සභාවෙන් එම තොරතුරු ලබා ගැනීමට නියෝගක් නිකුත් කරන ලෙසයි.
මහේස්ත්‍රාත් එම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව නිමල් ගමගේ සමත් වු උපාධිය,උපාධිය ලබාගත් සරසවිය,උපාධි ප්‍රදානෝත්වසය පැවැත් වු දිනය හා ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇත් ද, සැත්කම් කිරීම සඳහා ඔහුගේ ආයතනය සුදුසු ද යන කරුණු ද සැත්කම් සඳහා සුදුසු කාර්ය මණ්ඩලයක් ඇත් ද යන තොරතුරු වෛද්‍ය සභාවෙන් ලබා දෙන ලෙසට ද බම්බලපිටිය පොලීසිය අධිකරණයේ සහාය පැතීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
. මෙතන තිබෙන්නේ වෛද්‍යවරයා අදාළ සැත්කම් වලට අවශ්‍ය සුදුසුකම් ලබා ගෙන තිබෙනවාද යන්නයි.අපේ රටේ සුදුසුකම් ලැබූ දොස්තරලට වඩා හොර දොස්තරලාත් ආයුර්වේද සහතික ගෙන බටහිර වෙදකම කරන දොස්තරලාත් වැහි වැහලා!! ඒ අඩු ගාස්තු ගනිමින් බටහිර වෙදකම කරන මේ අය බරපතල අසාත්මික තත්වයක් අවොත් කරන දේවත් දන්නේ නැහැ !!මෙයට පෙරත් මෙවැනි දේ සිද්ද වුන.නමුත් බලධාරීන් මුනිවත රකිනවා. (අ)
බන්දුල පෙරේරා ගෙන් අහන්න.එයා මෙයාට ඉහලම සම්මානය දෙන නිසා මොකක් හරි සම්බන්දයක් තිබෙන බව පෙනෙනවා.නෑ.. එක අතකට බන්දුල හැමදාම වැරදිකාරයාගේ පැත්ත හරි කියල පෙනෙන නිසා ඒක බන්දුලගේ හැටි වෙන්න ඇති. (දී)
පිරිමිත් රුපය දියුණු කරගන්න දොස්තරලා ලඟට යනවා. කවුරු ගියත් ඒකෙ වැරද්දක් නැහැ. හරියට මේ කට්ටිය පව්ඩර් දන්නේ නැති කොන්ඩේ ලස්සනට හැඩ කරන්නේ නැති, ලස්සන ඇදුම් අදින්නේ නැති අය වෙන්න ඇති. (දී) .
මේ අයව හදුන්වලාදුන්නු සියලුම රුපහවිහිණි වගකියන්න ඕනේ (දී)
ආයේ දෙකක් නැහැ සත්‍යපාල මහත්තය , බන්දුලගේ මුනේ රැලි ටික යවලා ඔප මට්ටම කරලා ගන්න ඇත්තෙත් මෙයාම තමයි. නැතිනම් මෙහෙම සුදු හුණු ගාවිද ? (දී)
මට මතක හැටියට පසුගිය කාලයේ ආරංචියක් ගියා තමාගේ රුපලාවන්‍ය සේවාවේදී හම සුදු කරන්න එන්නතක් භාවිතා කරන එක්තරා කාන්තාවක් ගැනත්. එයා ප්‍රසිද්ධ කෙනෙක් වුනත් මට මෙතන නම ලියන්න බැහැ. ඒ එන්නතත් මේකට නොදෙවෙනි එකක් ද දන්නේ නැහැ. (නදී)
සිත්, පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්න. මෙතන හැමෝම කියන්නේ ලස්සන වෙන එක වැරද්දක් කියලා නෙවෙයි. ලස්සන වෙන්න ගිහින් වැටිලා තිබෙන අමාරුව ගැන. උපතින් තමන්ට ලැබුන රූපය ප්‍රසන්න පෙනුමට තියාගන්න එකේ කිසිම වැරද්දක් නැහැ. ඒ උනාට වයසට යාම නවත්තන්න කරන උත්සාහයන් වැරදි තැනින් නවතින්න ඉඩ තිබෙනවා. ඒක ගැනයි මේ හැමෝම කතා කරන්නේ. (නදී)
අපේ රටේ ඕනෑම ව්‍යාපාරයක් පටන් ගන්න කිසිම අමාරුවක් නැහැ . වෙනත් රටවල් වල රුපලාවන්‍ය ස්ථාන පටන් ගන්න කලින් එහි ප්‍රමිතිය ගැන පරික්ෂා කරලා අදාළ බලධාරීන්ගෙන් සහතිකයක් ලැබුනා ට පසුව තමයි ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඉඩ ලැබෙන්නේ. භාවිත කරන රසායන ද්‍රව්‍ය , අදාළ ස්ථානයේ සෟඛ්‍යාරක්ෂිත බව පාවිච්චි කරන උපකරණවල ගුණාත්මක භාවය පවා නිරතුරුවම පරික්ෂාවට ලක්වෙනවා. අපේ රටේ රුපලාවන්‍ය ව්‍යාපාරයක් පටන් ගන්න අවම සුදුසුකම නිළියෙක් හෝ කලාකාරියක් වීම පමණයි. (අ)
අපේ නංගි මුණ සුදු කරගන්න කියලා රුපලාවන්‍ය සත්කාර ගන්න ගිහින් දැන් එයාට සාමාන්‍යයෙන් කුරුලෑ එන වයසේවත් ආවේ නැති කුරුලෑ දැන් ඇවිල්ලා. ඔන්න දැන් නහයෙන් අඬමින් ඉන්නවා. (අ)
අර අම්මගේ ලියුමෙන් එපා කියත්දිත් එන්නතක් විදලා ඉස්කෝලෙක පුංචි දරුවෙක් මළානේද? එ්කට ලැබුණු විසදුමත් මතකද ? (අ)
මෙහිදී මට සිහිවන්නේ මාරාන්තික ඩෙංගු වෛරසය විනාශ කරන මාහැඟි ඔසුවක් නිපදවූ අපේ දේශීය වෛද්‍ය වරියට සිදු වූ දේ ගැනය. එතුමිය මාද්‍ය මගින් තමාගේ නිෂ්පාදනයට ඇති තර්ජන ගැන රටට කිවුවා. ඒවාට මාෆියා තහංචි මේවාට පසු පරීක්ෂණ. දෙකොනින් හිනා යන්නේ නැද්ද අප්පා..? (දී)
මේ සිද්දිය හොදින් අධ්‍යනය කර බලන මෙන් සියලුම අදහස් පල කරන උදවියගෙන් ඉල්ලා සිටිනවා . සිගරට්ටුවක් ගැනීමට වාහනයෙන් බැස ගත් පුද්ගලයාගේ කලිසම් ගැලවෙන්නේ කොතනීද ? උත්තර පැහැදිලි නැත . කල්ලියක් විසින් මොහුව අල්ලා ගෙන කතාවක් ගෙතුවද කියා සොයා බැලිය යුතුයි . ඇත්තෙන්ම කිසි වරදක් නොකළ පුද්ගලයෙකුට මෙවැනි දෙයක් සිදු වුණොත් සිදුවන පසුතැවීම තමන්ට සිදු වුණ දෙයක් ලෙස සිතා බලන්ඩ . බොරුකාරයින් විසින් මුළු ඇත්මයමයම සුනු විසුනු කරනවා නොවේද ? රටේ දැන් සිදුවන සිදුවීම් දෙස හැම කොනයකින්ම බලන ලෙස සම දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි . නැතිනම් අන්තිමට ජය ගන්නේ මහා අමන කුමන්ත්‍රණ කාරී දූෂිත පුද්ගලයින් පමණි . සුපරික්ෂකරිවන්න !! බෝම්බයක් විය හැකියි (අ)
මේ වෛදවරයා ගැන බලධාරීන්ට දන්නපු වෙලාවේ ක්‍රියාකළා නම් අද මේ ගැන ලියන්න වෙන්නෙ නෑ. (අ)
ජයන්ත ඔය ඩෙංගු වෛද්‍යවරියගේ කතාවත් මීට දෙවෙනි නැහැ එයත් බොරුවට සද්දේ දානවා එපමණයි මොනම බෙහෙතක් වත් එහෙම රෝගීනට දෙන්න බැහැ එයාට පහුගිය දවසක විවෘර්ත ආරාධනාවක් කරලා තිබුන රජයේ රෝහලක ඩෙංගු විශේෂඥයෙක් එයාගේ බෙහෙත් රෝහලේ ඉන්න රෝගීනට දෙන්න කියල මේක සද්භාවයන් කරපු ඉල්ලීමක් කෝ තාමත් සද්දයක් නැහැ බොරුවට කෑ ගහනවා දේශපාලකයොත් අල්ලාගෙන එයා එයාගේ බෙහෙත මෙහෙමයි කියල ඔප්පු කරලා පෙන්නුවොත් අපිත් පිළිගන්නවා(අ)
මේවා පවත්වාගෙන යන්න බලපත් නිකුත් කරන කොට මේවා සොයාබලන්න තිබුනේ.දැන්වත් මේවා පවත්වා ගෙන යන තැන් ගැන අවබෝධයෙන් සිටියොත් හොදා.(අ)
ජගත්, මමත් මගේ සහෝදරියත් ඩෙංගු වෛරසය ශරීරගතවී පීඩා විඳිද්දී අපව සුවපත් කළේ ඔබ ගරහන ඒ වෙදැදුරුතුමියයි. එතුමිය රජයේ පේටන්ට් බලපත්‍රලාභිනියක්. එතුමිය අතිවිශාල රෝගීන් සංඛ්‍යාවකට දිවා රෑ නොබලා ප්‍රතිකාර කරන්නියක්. (නි)
අනේ සංසාරේ බවේ දුකා .......(අ)
මේ දොස්තර රූපවාහිනියට ගෙන්නපු ඔහුව ලොකුවට උලුප්පල වැඩසටහන් කරපු අයවත් ජනතාව නොමග යැවීම ගැන නීතිය ඉදිරියට ගෙන්නන ඕන .(අ)
මෙතන හෙදියන්ගේ සුදුසුකම් ගැනත් පරීක්ෂාකර බැලුවොත් හොඳයි (නි)
මෙවැනි දේවල් කරගෙනයාමට අවසරයක් ඔවුන් දුන්නේ කෙසේද යන්න ගැනත් සොයාබලන්න ඕනෑ. මාධ්‍ය වලට දොස් කියලම වැඩක් නැහැ. (නි)
දොස්තර කෙනෙකුගේ අතින් තවත් දොස්තරවරියක් අපරීක්ෂාකාරී ලෙස මියයාම මොහුගේ දෛවයේ සරදමක්ම බවට පත් වූ නියාවකි. (නි)
අශ්වයා ගියාට පසු ඉස්තාලයේ ගේට්ටුව වසා වැඩක් නැහැ. කොයි බාප්පලා මහප්පලාගේත් වං හුං හොයලා බලන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. (නි)
සත්‍යයා සමග සම්පූර්ණයන් එකඟයි. තවද ගුවන්විදුලි, රුපවාහිනී පුවත්පත් වැනි මාධ්‍ය ඔවුන්ගේ වැඩසටහන් සඳහා සම්පත්දායකයන් තෝරාගැනීමේදී ඔහුන්ගේ සුදුසුකම් ගැන සොයාබැලීම අනිවාර්ය කළයුතුය. මොකද අද කාලයේ බොහෝ දෙනා මෙම මාධ්‍ය ගෙනෙන මෙවැනි වැඩසටහන් ගැන පූර්ණ විශ්වාසයක් තබා ඔවුන් දෙන උපදෙස් පිළිපැදීමට පසුබට නොවන නිසාය. (නි)
මෙයාගේ විතරක් නෙමෙයි , මෙයාව රූපවාහිනි මැදිරි වලට ගෙන්වාගෙන මහජනයා අමාරුවේ දාන වැඩසටහන් නිෂ්පාදකලා ගැනත් සොයා බලන්න. (නි)
රුපවාහිනි වැඩසටහන් වලට ගෙන්වා ගන්නා වෛද්‍ය වෘත්තිකයින්, ව්‍යායාම උපදේශකයන්, රූපලාවන්‍ය ශිල්පින්ගේ සුදුසුකම් සොයා බලා කටයුතු කිරීමේ වගකීම වැටසටහන් නිෂ්පාදකවරුන්ට දෙන්න ඕනෑ. කවුරුහරි අමාරුවේ වැටුනාට පස්සේ සුදුසුකම් බලලා හරි යන්නේ නැහැ. මෙතන භාවිතා වුණ බෙහෙත් කල් ඉකුත් වූ ඒවා ඒවා කියලා ඔප්පු වුණොත් , මෙතනින් ප්‍රතිකාර ගත් ගනුදෙනුකරුවන්ට ඊළඟට යන්නේ වෙන්නේ ප්‍රෙෂර් එකට බෙහෙත් ගන්න. (නි)
මම කියන්නෙත් මේ පුද්ගලයා රූපවාහිනි මැදිරි වලට ගෙන්වාගෙන ප්‍රේක්ෂකයන්ට මැජික් පෙන්වූ වැඩසටහන් නිෂ්පාදකයන්ගෙනුත් ප්‍රශ්න කළ යුතුයි. එතකොට අඩු ගානේ අනෙක් අයවත් මීටපසුව මේ වැඩසටහන් වල ගුණාත්මකභාවය ගැන මීට වඩා ප්‍රවේශම් වේවි. (නි)
ජපානයේ සියලුම මාධ්‍ය වලින් රූපලාවන්‍ය ආලේපන සම්බන්ධයෙන් ප්‍රචාරය කිරීමට පෙර එම නිෂ්පාදනය ගැන රසපරීක්ෂක සහ වෛද්‍ය සභාවෙන් අනුමත කරවා ගතයුතුය යන්න රීතියක් බවට පත් වී ඇත. එසේ වුයේ රූපලවන්‍ය ආලේපනයකින් කාන්තාවකට ඇති විශාල හානියක් මුහුණට සිදුවූ පසුවය. (නි)
දැන්නම් ඉතින් ගොඩක් ප්‍රමාදයි (නි)
රූපවාහිනී වැඩසටහන් වලට මෙතුමා පැමිණි ආකාරය ගැනත් සොයාබලන්න. (නි)
ඇතැම් විද්‍යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යය සදාචාරය කා වෙනුවෙන් විවෘත වී ඇත්දැයි කියා සිතාගන්න අමාරුයි. (නි)
තිලකා, මා දන්නා පරිදි ජපානයේ පමණක් නොව ලංකාවේ ආහාර, රූපලාවන්‍ය ආලේපනය ඇතුළු බෙහෙත් ප්‍රචාරය පමණක් නොව විකිණීම සඳහාද රජයේ අනුමැතිය ගතයුතුය. මේ සඳහා ආහාර සහ බෙහෙත් වර්ග පරික්ෂාව සඳහා සුව සේවා අමාත්‍යංශයේ විශේෂ නිලධාරීන් ඇතත් ඔහුන් කොතරම් ක්‍රියාත්මක වනවාදැයි මම නොදනිමි. (නි)
මේ සිද්ධියත් සමග සැහෙන කතිකාවන් ගණනාවක්ම ගොඩ නැගිලා තියෙනවා හැම මාධ්‍යක් හරහාම. සුදුසුකම් ගැන කතාකරනවා, කල් ඉකුත්වූ දේවල් අසුවීම ගැන කතාකරනවා. මෙම ආයතනයෙන් සේවය ලබා ගත්තු, සමාජය බොහොම හොඳට කැපී පෙනෙන රුප ලක්ෂණයකින් සිටින අය බොහෝ ඇති, ඒ වගේම සුදුසුකම් හොඳට සපුරපු දක්ෂ වෛද්‍ය වරුන් අතිනුත් මොනයම් හේතුවක් නිසා හෝ මරණ අනන්තවත් මේ රටේ සිදුවෙලා තියෙනවා, ඒවා ගැනත් මාධ්‍ය කතා කරනවා. මරණයට නියම හේතුව තවම නිශ්චිතව ප්‍රකාශ කරලත් නැහැ. මොන විදියකින් හරි සිදුවෙන මරණයක් ගැන ආරංචි උනහම අපි කවුරුත් දුකට පත්වෙනවා. විශේෂයෙන් දොස්තර කෙනෙකුගේ ජිවිතයක් මෙලෙස අකාලයේ නැතිවී යාම සමාජයට හුඟක් තදින් දැනෙන දෙයක්. දැනට බොහෝ අදහස් උදහස් ප්‍රකාශ වෙයි. පොඩ්ඩක් කල් ගියාට පස්සේ, කිසිම වෙනසක් නැතුව පරණ විදියටම සෑම දෙයක් සිදුවෙයි. (නදී)
කොහොම වුනත් මාධ්‍ය වලට වගකීමක් තිබෙනවා මහජනයාට ලබාදෙන තොරතුරු ගැන. ඒ අයට ඒ වගකීමෙන් මිදෙන්න බැහැ අසවලාගේ බලපෑම නිසා අපි මෙහෙම කළා කියලා. විශේෂයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් නම් ජනතාවගේ ආකර්ෂණය නිරතුරුව ලැබෙනවා. එම නිසා තමන් ට ලැබෙන ප්‍රතිලාභ මොනවා වුනත් ජනතාවට අඩු වශයෙන් තමන්ගේ හෘද සාක්ෂියේ හැටියටවත් ගුණාත්මක දෙයක් ලබා දෙන්න රුපවාහිනි මාධ්‍ය වෑයම් කල යුතුයි. (නදී)
ඇතැම් විට ශරීරයේ බර අඩු කරගන්න කියලා සමහර නිෂ්පාදන ඔස්ට්‍ර්ලියාවේ නිෂ්පාදිතයයි කියමින් ලංකාවේ ප්‍රවර්ධනය කරනවා. මේ ගැන ලංකාවේ ඉන්න මගේ ඥාති තරුණියක් ඇසුවාම මම නිකමට මෙහෙ සාප්පු සහ ෆාමසි කිහිපයකින් ඇසුවා. ඔවුන් ඒ නමින් කිසිම නිෂ්පාදයක් විකුනන්නේ නැහැ . මේ නිසා මම පාඨක මහත්මීන් ගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඔය එක එක රටවල නිෂ්පාදිතයි කියලා විකුණන රුපලාවන්‍ය බෙහෙත් කරල් දන්නා කියන උදවිය පාවිච්චි කරනවා නම් හොඳට සොයා බලන්න කියන්න.(නදී)
දෙමව්පියන්ගෙන් උරුම වූ රූපය වෙනස් කර නො ගන්නා සමාජ සංකල්පයක් ගොඩනැගෙන තුරු මේ ව්‍යසනයට ගොදුරුවන කාන්තාවෝ තවත් ඉදිරියේදී හමුවනු ඇත. (නදී)
" සෞඛ්‍ය බලධාරීන්ගේ ඇස් වසා අගනුවර මහා දවල් මරණයක්.." මේ වගේ හෙඩිමක් අදාළ සිද්ධියට හොඳ නැද්ද.? (දී)
මේවත් හොයා බලන්න කියන්න. 1. මෙමෙ වෛද්‍යවරයාට වෙනත් රටක (ඇමෙරිකාවේ) ලියාපදිංචිය තහනම් කර තිබේද. එයට ඉදිරිපත්කල අභියාචනයත් ප්‍රතික්ෂේප කර තිබේද. 2. ලංකාවේ පිලිකා, නිට්ටාවටම සුවකරන බව කියන පුද්ගලයන්ගේ සුදුසුකම් මොනවාද. ඔවුන්ගේ ඖෂධ පිළිගත හැකිද. ඔවුන් අතින් කොපමණ රෝගීන් සංඛ්‍යාවක් මියගොස් තිබේද. (දී)