කොළඹ රිජ්වේ ළමා රෝහලේ දොස්තර ප්‍රියංගනීට මරු කැඳවූ බම්බලපිටියේ කොස්මටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ පැය හය හමාරක් තිස්සේ පිරික්සූ විශේෂඥ වෛද්‍ය හා රස පරීක්ෂක කණ්ඩායම එක දෙක තුන යන කාමරවලට සීල් තැබීය.
කල් ඉකුත් වූ බෙහෙත් ද, පෙති නිශ්පාදන යන්ත්‍රයක් ද එහි තිබූ බව පොලිසිය කියයි.
දොස්තර නිහාල් ගමගේගේ නිවස ද පරීක්ෂාවට ලක් විය.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, රජයේ රස පරීක්ෂක ඇතුළු විශේෂඥ වෛද්‍යවරු හා රස පරීක්ෂක විද්‍යාඥයෝ දස දෙනෙක් පමණ මේ සෝදිසියට එක් වූහ.
යළිත් මෙම ස්ථානය සෝදිසි කරන බව ඔවුහු කීහ.
බම්බලපිටිය පොලිසියේ උප පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා එම කටයුතු සම්බන්ධීකරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මිනිහ උපරිම ආදායම් ලාභියෙක්. ඔය මොන දැන් පරික්ෂා කලත් එයා ඇප පිට නිදහස් කරන එකනේ අපට දරා ගන්න බැරි. (නදී)
ප්‍රමාදය දුකට එක හේතුවකි (නදී)
මෙයාට උදව් උපකාර කළ දොස්තර සගයින් ඕනා තරම් ඇති (නදී)
මෙයා විතරක් නෙමේනේ හොර දොස්තරලා ඉන්නේ තව ඕනි තරම්. මොකක් හරි උනාම පරම්පරාවම හොයනවා. වෙන්න කලින් හොයනවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ (නදී)
මීට ඉස්සර කොච්චර මිනුස්සු මැරුණද මේ ඩොකාලගේ වැරදි වලින්. නමුත් මේ ඔක්කොම එකතුවෙලා කොහොම හරි වැරදිච්ච එකාව ගොඩ දානවා, අපිව ගොනාට ඇඳීම තමා සේරම. (නදී)
ජීවිත කීයක් මීටපෙරත් අවදානමේ දා ඇද්ද? (නි)
රංජිත් සිල්වා, මාත් ඔබ සමඟ එක්කයි. (නි)
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු. දැනට පේන විදිහට හොර දොස්තර පමණක් නොව, හොර ගුහාවක්. වෛද්‍ය වරිය ජීවිතය පුදකිරීමෙන් තව ගොඩක් අයගේ ජිවිත රැකුණා. එතුමියට නිවන්සුව ! (නදී)
ඔය සමහර රූපවාහිනි නාලිකා තුල උදේ වරුවම කුලියට කියවන රූපලාවන්‍ය නිෂ්පාදන වලත් ප්‍රමිතියක් තියෙනවාදයි බලන්න. රටේ අහිංසක දරු දැරියන් රෑවටෙනවා නේද? වගකිවයුතු අංශවල අවධානය යොමුවෙනවා නම් හොදයි. අස්සයා පෑනගියාට පසු ඉස්ථාලය වෑසීමෙන් පලක් නෑතිනිසා.(නදී)
අපිට දුක දොස්තරවරිය (නදී)
මම සිතන්නේ මෙවෙනි අකල් මරණවලට සහ හොර දොස්තරලට වඩාත් වාසි වන්නේ අපේ ලංකාවේ තිබෙන කිසිම ප්‍රමිතියකින් තොර රුපවාහිනි නාලිකා. ලංකාවේ බොහෝ නාලිකා උදේ වරුවම මෙම එක එක දොස්තරවරු හෝ උපදේශකයන් ගෙන සොයා නොබලා , මහජනතාවට ඉදිරිපත් කරන බොරු බේගල් වලින් ජනතාව මුලා වනවා (නදී)
ඔය කොස්මැටික් එකක් කියලා එකක් අපේ රටේ තියනවා. ඒක කරන්නේ අහිංසක පාමසි කාරයෙක් තුන්ඩුවක් නැතුව බෙහෙතක් දුන්නොතින් හරි පාමසියේ වායුසමනය නැත්නම් හරි ඌව කුදලාගෙන යන එක පමණි. නමුත් මේ වගේ අලි යන තැන් එයාලට පේන්නේ නැහැ (නදී)
දැන්ද මේවා අහුවුණේ? අපරාදේ වටිනා ජීවිතය! (නි)