IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බම්බලපිටියේ නගරය මැද ළහි ළහියේ ඉදිකරන්නේ කුමක්ද?

2016-06-20-ent-001අහස උසට යන ඉඩම් මිල, අපේ රටේ බොහෝදෙනාට ප‍්‍රශ්නයක් වී ඇතත්, සමහර බලවතුන්ට කෝටි සිය ගණන්වල ඉඩම් ගනුදෙනු ඉතා සාමාන්‍ය බව දේවල් බව හෙළිදරව් වෙමින් ඇත. ජනතාවගේ ඇස්වලට වසන් වී, ඉතා මෑතකදීත් රුපියල් කෝටි 230ක සුපිරි ඉඩම් ගනුදෙනුවක් කොළඹදී සිදුවී ඇති බව වෙත වාර්තාවේ.

බම්බලපිටිය නගරය මැද, විශාල ඉඩමක් පසුගියදා රු.2,300,000,000/-කට මිලදීගත්තේ කවුද? මෙහි අබිරහස් අන්දමින් ළහිළහියේ ඉදිකරන්නේ කුමක්ද? මෙවැනි මහාපරිමාණ ගනුදෙනු සිදුවීම සාධාරණදැයි ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රදේශයේ සුවිසල් නිවසකදී, ප‍්‍රබලයන් පිරිසක් මෑතකදී රහසේ කතාබහ කළ බවද වෙත වාර්තාවේ.

බම්බලපිටිය දුම්රියපොළ පාරේ, යුනිටි ප්ලාසා පිටුපස - මැජෙස්ටික් සිටි ඉදිරිපිට ඇති මේ දැවැන්ත ඉඩම ඇත්තේ පොලිස් ස්ථානයටත් අතේදුරෙනි. දිවා රෑ දෙකේම බොහෝ යන්ත‍්‍රසූත‍්‍ර හා බරවාහන ක‍්‍රියාත්මක වෙමින් එහි දැවැන්ත ඉදිකිරීමක් කළත්, මේ කිසිවක් මහජනතාවට දැකගත නොහැකි බවත් වාර්තාවේ. මෙම ස්ථානයට කිසිම මාධ්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඇතුලූවීමට නොහැකිවන සේ, පැය විසි හතර පුරා ඉහළපෙළේ ආරක්ෂා සේවාවක් යොදවා ඇත.

මේ ගැන මුලසිටම විමසිල්ලෙන් සිටින ත‍්‍රීරෝද රථ රියදුරෙකු ප‍්‍රකාශ කළේ, එක්තරා පුද්ගලයෙකු වීදුරු කඵ පැහැගැන්වූ අතිසුපිරි වාහනයකින් නිතර නිතර එන බවත්, ඔහු කඵ කන්නාඩි පැළඳසිටින බවත් ය. ඔහු විදේශිකයෙකු වියහැකි බවත් ත‍්‍රීරෝද රථ රියදුරා සැක පළකළේය. කෙසේවෙතත් මෙම ඉදිකිරීමට ‘ජපන් පෙනුම’ ඇති පුද්ගලයන්ද සම්බන්ධ බව හෙළිදරව් වී ඇත (ඔවුන් චීන ජාතිකයන් නොවන බව තහවුරු කරගෙන ඇත).

මෙය ‘ශ‍්‍රී ලංකාවේ උසම ඉදිකිරීම බවත්, ලෝකයේ ඉහළම තාක්ෂණික හා ‘තරු හතේ’ සුඛෝපභෝගී පහසුකම් සහිතව ඉදිකරන බවත් පමණක්‘, නම සඳහන් කිරීමට අකමැති වූ ශ‍්‍රී ලාංකික බරයන්ත‍්‍ර කි‍්‍රියාකරවන්නෙකු අප සමග හෙළිකර තිබිණ. එ් බව තහවුරු කරන තව බොහෝ කරුණු හෙළිදරව් කරගනිමින් සිටී (ළගදීම මෙම තොරතුරු සාක්ෂි සමග හෙළිකිරීමට අපි සූදානම්).

අනාවරණය කරගෙන ඇති අන්දමට, මෙම ගොඩනැගිල්ලේ ‘රූෆ්-ටොප්’ හෙලිකොප්ටර් අංගනයක්ද ඉදිකිරීමට පිඹුරුපත් සකසමින් සිටී. එතරම් රහසිගතව - ජනතාවට නොපෙනී ‘යන්න-එන්න’ සැරසෙන බලවතුන් කවුද? මෙවැනි ඉහළම තාක්ෂණික හා ‘තරු හතේ’ සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් අපේ රටට අවශ්‍යද? කොළඹ සමාජයේ ඉහළම ධනවතුන්ට හා බලවතුන්ට පමණක් විවෘත මෙවැනි ස්ථාන ඉදිකිරීමට ඉඩදීම, ශ‍්‍රී ලංකාව වැනි රටකට සුදුසුද?

මේ අභිරහස් ඉදිකිරීම ගැන අපි අවදියෙන් සිටින බව මතක් කරමු.

 



අදහස් (0)

බම්බලපිටියේ නගරය මැද ළහි ළහියේ ඉදිකරන්නේ කුමක්ද?

සත්‍යයා Friday, 17 June 2016 08:43 PM

බම්බලපිටියේ නගර මැද විතරක් නොවෙයි මුළු රටම විදේශිකයින්ට බදු දී හෝ විකුණා අවසන් වගෙයි. ශ්‍රී ලාංකිකයිනේ, නුඹලාට අවැසි නම් මේ ඉදිකිරීම් වල කුලී වැඩකරුවන් හා ඉදිකිරීම් නිම වූ පසු එහි සුළු සේවකයින් වියහැකියි. පාරාදීස වලත් මෙහෙකාර තනතුරු තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 212 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 908 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1408 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 340 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 992 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1859 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site