IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බිමල්ගේ මීළඟ ගීයේ සංගීතය කසුන්ගෙන්ද?

සිය රංගන කුසලතාවෙන් පරිපූර්ණ ශිල්පියෙකු ලෙස ටෙලිනාට්‍ය, සිනමාව හා වේදිකාව තරණය කරන ඔහු විටෙක ස්වකීය හඬ පෞරුෂයෙන් නිවේදනයෙකුගේ කාර්යය නිරායසයෙන්ම සිදුකරයි. කලා පරපුරකින් පැවැත එන මොහු නමින් බිමල් ජයකොඩිය.  තමාට හුරු සංගීතයට යලි පා තබා ඇති බිමල් සිය කුලුඳුල් ගීතය නිර්මාණය කරේ මීට වසර දෙකකට පෙරය. එයින් පසු නිහඬව සිටි ඔහු නවතම ගීතයක් එළිදැක්වීමට සූදානමින් සිටියි. ඒ පිළිබඳව දැනගැනීමට බිමල් ජයකොඩි මෙලෙසින් සම්බන්ධ කරගත්තෙමු.

 

20160715Bimal-1රංගන හැකියාව මෙන්ම ගීත ගායන හැකියාවද ඔබ තියෙන බව බොහෝ දන්නා කරුණක්. ඔබ ගීත ඇල්බමයක් කිරීමට බලාපොරොත්තුවක් නැද්ද?

ගීත ඇල්බමයක් කරන්න සංකීර්ණ වෙන්නේ නැතුව ඇත්තටම මම දැනටත් එක ගීතයක් පටිගත කරලයි තියෙන්නේ. ඉදිරියේදී තවත් මම ආස පද රචනයක් මට හම්බෙලා තියෙනවා. ඒක ඇත්තටම මගේ ඉල්ලීම  මතයි පද රචනය වුණේ. ඉතිං මම බෙහෙවින් ප්‍රිය කරන අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් කසුන් කල්හාරට කියලා ගීතයක් නිර්මාණය කරගන්නට ආසාවක් තියෙනවා. දැන් ඒ අවස්ථාව උදාවෙලා තියෙනවා. ගීත ඇල්බමයක් කියන සංකීර්ණ සහ විධිමත් කාරණයට යනවාට වඩා යම් විදියක නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

ගීතයක් නිර්මාණය කිරීමට සඳහා ඔබ යොමුවෙන්නේ ඇයි?

මෙහෙමයි. මම රංගනය තෝරගන්න කලින් විෂයක් විදිහට පාසල් අවධියේදී සංගීත තමයි හැදෑරුවේ. ඒවගේමයි මම කාලාන්තරයක් පාසලේ අවසානයෙන් පස්සේ සංගීත කණ්ඩායමක වාදන ශිල්පියෙක් විදිහට කටයුතු කළා. ඒ කාලෙ රැල්ලට වගේ මියුසික් කරන එකට එහා ගිය වෘත්තීය විදිහට සංගීතයට මැදිහත් වෙලා හිටියා. එක්තරා තැනකදී ගමන් මාර්ග දෙක වෙනස් වුණා.

 

පළමු ගීතය වන 'ඔබ ආයේ දවසක'  ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මගේ විවාහ සංවත්සරයක් වෙනුවෙන් තමයි ඒ ගීතය නිර්මාණය කළේ. මගේ මිත්‍රයෙක් වන තේජ ඉද්දමල්ගොඩ තමයි ඒ ගීතය නිර්මාණය කරනු ලැබුවේ. ඒක මාධ්‍යයේ ප්‍රචාරය වෙනවාට වඩා මගේ යාළු මිත්‍රයන් තමයි ඒ ගීතය වැඩිපුර අහලා තියෙන්නේ. ඒක  මගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක් නිසා පොදු ලක්ෂණයක් නෙමේ. ඒක ගොඩක් පුද්ගලික ලක්ෂණ සහිත ගීතයක්. ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණා මම ඉදිරියේදී කරන නිර්මාණ සඳහා වෙනසක් වෙයි කියලා හිතනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / වීඩියෝ අනුග්‍රහය - අගස්ති ලියනගේ / Lanka Vid​ / Blog Video



 



අදහස් (0)

බිමල්ගේ මීළඟ ගීයේ සංගීතය කසුන්ගෙන්ද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 48 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1721 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4610 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3406 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3517 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site