සීගිරියෙන් බඹරුන් පලවා හැරීමට බලධරයන් ගිය බවසරේත් ගත් උත්සහාය අසාර්ථක කරමින් බඹරු සීගිරි ගලේ යළිත් සිය අණසක පතුරවති.
සීගිරි ගලේ මේ වන විට බඹර වද 18 ක්ද අවට ගස්වල 4 ක්ද ඇත.
අවස්ථා කිහිපයකදී ආදී වාසීන් හා බඹර විශේෂඥයින් යොදා ගනිමින්, ශාන්තිකර්ම සිදුකරමින් හා පුච්චමින් මෙම බඹර වද නැති කිරීමට උත්සාහ කළත් ඒ සෑම ක්‍රමයක්ම අසාර්ථක විය.
පැරැණනන් කියනුයේ එදා සිටම සීගිරි ගලේ බඹරුන් සිටින අතර ඹබරුන්ට කරදර නොකළොත් මිනිසුන්ට කිසිම කරදරයක් නැති බවයි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට නිදහසේ ඉන්න දෙන්න. (ර)
බඹරා පැන්නුවොත් සිගිරි සිතුවම් වලට හානියක් සිදුවිය හැක. (ර)
මොවුන් පන්නන්න එපා , සිංහල ජාතියේ උරුමය අරක්ෂකරගනිමටයි මොවුන් ඉන්නේ... (ර)
සීගිරිය බලන්න යන පඩිපෙළ වටකර කුඩා කම්බි දැලකින් ආවරණය කළොත් බඹර ප්‍රශ්නය නැතිවෙනවා වගේම බලන්න යන අයට ආරක්ෂාවකුත් ලැබෙනවා. බඹරුන්ට උන්ගේ පාඩුවේ ඉන්න පුළුවන්. (නි)
ස්වභාව ධර්මය වෙනස් කරන්න එපා. ඔවුන් නිලනොලත් ආරක්ෂකයන්. සන්සුන්ව ගොස් එය නරඹා පැමිණීමට අපි ඉගෙනගනිමු (නි)
සීගිරියෙන් බඹරුන් ඉවත් නොකළ යුතුයි. (නි)
බඹරු පන්නන්න බෑ නෙමෙයි පන්නන්න එපා ඒ ගොල්ල ඔතන ඉන්නේ කස්සප රජුටත් කලින් අපිට තියෙන අයිතිය මොකද්ද ඒ ගොල්ලන්ව එලවන්න (අ)
ධම්ම ,හේවා ,අසංක ,ප්‍රනාන්දු ,ඉන්දු ,ලුම්බිණි,.. අගයමි ඔබ ගේ අදහස්. මේ ස්ථානය ඉදිකල කාශ්‍යප රජවරුන්ටද පෙර සීගිරිය බමරුන්ට අයත් රජදහනක්, වාසභූමියක්. අපි ඔවුන්ගේ අයිතියට ගරුකර මනා විනයකින් යුතුව, අවදානම ටද සුදානම්වී සීගිරි නගිනවානම් ගැටළුවක් නැහැ .අපේ අසංවර හැසිරීමට ඔවුන් දඬුවම් දෙනවා. අර ප්‍රනාන්දු කීව වගේ බමර අවදානම් කලාප හඳුනාගෙන කුඩා කම්බි දැලකින් නරඹන්නන් සුරැකීමට මේ අධි තාක්ෂණ යුගයක අසීරු ඇයි..? අති විශාල ආදායමක් ලබන මේ පුරාවිදු බිමේ බලධාරීනට අවධානය යොමුකරමි. (ර)
බඹරුන්ට කරදර කරන්න එපා. (නි)