බෝර ගසා මහා කළු ගලක් කඩමින් සිටි සේවකයකු පොල්පිතිගම ගල්කැටියාගම දී ගල්වලට හිරවී මියගියේය.
ගලට නැගී බෝර ගසා කඹයක ආදාරයෙන් එම පෙදෙසින් ඉවත් වීමට ඔහු ගත් උත්සාහය අසාර්ථක වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
බෝර ගසා මහා කළු ගලක් කඩමින් සිටි සේවකයකු පොල්පිතිගම ගල්කැටියාගම දී ගල්වලට හිරවී මියගියේය.
ගලට නැගී බෝර ගසා කඹයක ආදාරයෙන් එම පෙදෙසින් ඉවත් වීමට ඔහු ගත් උත්සාහය අසාර්ථක වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අති දක්ෂ ගල් කපන්නෝ ඉන්නවා. ඒ අය මෙවැනි වැඩ සඳහා යොදා ගත යුතුයි.(නදී)
මහවැලිගේ යෝජනාව නම් හොඳයි. (නි)
සත්‍යායා,ඔබගේ යෝජනාව අගය කරමි. අපිට බැරිද "ලංකාදීප එසැණ පුවත් අන්තර්ජාල පාඨක සමාජය" කියලා සංවිධානය වෙන්න. (නි)
ලංකාදීප පුවත්පත හරහා මියගිය පුද්ගලයා වෙනුවෙන් අරමුදලක් ඇරඹීම සදහා බැංකු ගිණුම් අංකයක් පලකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.සත්‍යා, ඔබට ස්තුතියි (නි)
ජයසුරිය සංවේදී හදවතක් ඇති මනුෂ්‍යයෙක් බව පේනවා. ඔහු කියන විදියට අපි මෙසේ මියගිය ඒ අහිංසක පුද්ගලයා වෙනුවෙන් අරමුදලක් අරඹමු. එය ලංකාදීප පුවත්පත හරහා කරමු. බැංකු ගිණුම් අංකයක් මෙහි පල කරන්න කියමු. රු. 100ක් නොවෙයි රු.1000/- බැගින් ඒ අරමුදලට බැර කරමු. (නි)
සංජීව, ඔබ මේ තීරයට අදහස් ලියන්නේ පුද්ගලයින් ලියන දෙය කියවා නොව ලියන පුද්ගලයාගේ නම හා නමට කලින් ඇති පට්ටම දිහා බලලා බව පේනවා. ඔබ උගත්කම නොලැබීම නිසා හීනමානයෙන් පෙළෙන්නෙකු ලෙසයි මෙහිදී හැසිරෙන්නේ. පිටිගල මිලානෝට පහර ගසන ඔබට "ෂේලාන්සුයුස්" ලියා ඇති දේ නොපෙනුනේ ඇයි? (නි)
කව්ද මේ ජගත් කියන්නේ ,,!! ඉස්කෝලයක් ලගින්වත් ගිහින් නැහැ වගේ , නැත්නම් මියගිය මනුස්සයාගේ ජන්ම හතුරෙක් වෙන්නැති .., දුප්පත් කමින් මිරිකී දුප්පත් කමින්ම මියගිය ඔබට නිවන් සුව අත්''වේවා''(නදී)
අපිත් නැති බැරි මිනිස්සු තමයි. මේක හද කම්පා කරන පුවතක්. අදහස් පළකරන මිතුරනි, අපි කට්ටිය එකතුවෙලා රුපියල් 100/ ගානේ හරි එකතු කරලා පරිත්‍යාග කරමු නේද? (නි)
කල කල දේ පල පල දේ. (නදී)
පව් අසරණ කම්කරුවෙක්, නිවන් සුව පතමි, ගල්වල හිමි කරුගෙන් නිසි වන්දියක් ගෙවිය යුතුය, ( පිස්සෝ එවන පිස්සු,නොගැලපෙන අදහස් පල නොකිරීමට කතු තුමා වග බලා ගත යුතුය.)(නදී) 9
කල කල දේ පල පල දේ.(නදී)
ටික කාලෙකට ඉස්සර ලංකාදීපේ අදහස් දාපු "ආචාර්ය" කෙනෙක් හිටියා . මිනිහත් "පිටිගල මිලානෝ " වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්නේ . ඕනේ දෙකට හොට දානවා .. දාලා කට කැඩිච්ච කතාවක් කියලා අනිත් මිනිස්සුන්ගෙන් ඇති වෙන්න බැනුම් අහනවා . ඒ උනත් ලජ්ජා නැතුව ආපහු අදහස් දානවා .. (ස)
මේ පැරණි අනතුරුදායක ක්‍රමය නීතියෙන් තහනම් කරන්න තියෙන්නේ. අද මීට වඩා බොහෝ ආරක්‍ෂිත තාක්ෂණික ක්‍රම තියෙනවා වෙඩිල්ල පත්තු කරන්න. කිසිම නවීන උපකරණයකට ලොකු අමතර වියදමක් නොකර වයර් එකක් බැටරියක් යොදාගෙන ආරක්‍ෂිත දුරක ඉඳගෙන බයක් නැතුව පුපුරවා හරින්න තියෙද්දී ඇයි මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරට දමන්නේ. (නි)
දැනටත් පුපුරවන්නේ නැතුව ගල් කඩන ක්‍රම ලංකාවේ තියෙනවා. මට මතක විදියට ඒකට ජෙල් එකක් දාලා තමයි පුපුරවන්නේ. අනතුරුදායක නැහැ. (නි)
රෝහණ, මාබල් ඝන මීටරයක පමණ කුට්ටි ලෙස කපන ආකාරයටම ඊට අඩු ඝනත්වයෙන් යුත් කළුගල් ද වෙන්කර පසුව අවශ්‍ය ප්‍රමාණයට කැබලි කර ගත හැකියි. මෙහිදී වැදගත් වන්නේ නිධියෙන් අවශ්‍ය කොටස් ආරක්ෂාකාරීව වෙන්කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය යෙදවීමයි. (නි)
පිටිගල මහත්මයා, ඔබතුමා හරි. මේ සාම්ප්‍රදායික ක්‍රමය නීතියෙන් තහනම් කළාට කමක් නැහැ. මීට වඩා සරල ආරක්‍ෂිත ක්‍රම තියෙනවා. තමන් සුරක්ෂිත දුරක හෝ බංකරයක හිඳිමින් දිග වයරයකින් බැටරියක විදුලියෙන් වෙඩිල්ල පුපුරවන්න පුළුවන්. මේවා හොයාගන්න අමාරු දේවල් නොවෙයි. (නි)
පිටිගල මහත්තයෝ, මාබල් වලට කඩන කළුගල් සහ මේ කඩන කළුගල් අතර වෙනසක් තියනවා. මාබල් වලට කඩන ගල් ගන්නේ ලොකු බ්ලොක් වේදියාට, මේවා ගෙවල් වලට වැඩට ගන්න ඕන නිසා පොඩි කැබැලි වලට ගන්නේ. (ස)
අනේ පිටිගල දන්නා මාබල්. (ස)
අහිංසක දරුවන්ගේ ධෛර්යවන්ත තාත්තා කෙනෙක් වෙන්න ඇති. නිවන් සුව පතමි ඔබට. අති බහුශ්‍රැත වරුණ, මම කරුණාවෙන් ඉල්ලන්නේ මේ සංවේදී පුවතට ඔයාගේ අධි බුද්ධිමත් අදහසක් ප්‍රකාශ කරලා අගෞරව කරන්න එපා කියලා (නි)
කම්කරු අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා මෙම සම්ප්‍රදායික 'ගල් බෝර' ක්‍රම තහනම් කර විවිධ රටවල් භාවිතා කරන ආරක්ෂාකාරී ක්‍රම රටට හඳුන්වා දෙන මෙන්. මේ ගැන හදාරන්න අවශ්‍ය නම්, හොඳ රට ඉතාලියයි. ඉතාලියේ 'මාබල් නිධි' කඩන ආකාරය අධ්‍යනය කිරීම කාලෝචිතයි. (ස)
පව් ...අහිංසක මිනිස්සු..... (ස)
ලංකාවේ බොහෝ වැඩපළ වල සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනවා අඩුයි. මේ සම්බන්ධව අදාල ඇමති කට්ටිය මොනවා හරි කළ යුතුයි. මෙහෙම කරදර වලට පත් වෙන අයගේ පවුල් වල අයට ආධාර කිරීමේ වැඩපිළිවලක් වත් තිබිය යුතුයි. ඉතා කණගාටුදායකයි. (නි)
පව්, ජීවත්වෙන්න, අඹු දරුවන් රකින්න කළු ගල් සමඟ පොරබැද ඔහු මියගියා. අපි ඔබට නිවන් සුප පතමු. (ස)