IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බොරු වීසාවෙන් ඉතාලි යන්න බැරි වේ

ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා ඉතාලියට යාමට උත්සහ කළ  උතුරේ තරුණයෙකු කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපො‍ෙළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්  විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනයේ  කල්අඩි  ප්‍රදේශයේ  පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

ඔහුගේ ගුවන් ගමන් බලපතේ  අට වතාවක්  තුර්කිය හරහා ඉතාලියට ගිය බවට ආගමන විගමන ම්‍රද්‍රා  තබා  තිබූ බවත් ඒ සියල්ල  ව්‍යාජ ම්‍රද්‍රා බව පොලීසිය කියයි.

මීගමුව ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු විසින් සැකකරුට මෙලෙස ඉතාලි යාම සඳහා ලියකියවිලි සකස් කර ඇති බව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු  තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ 731 දරණ ගුවන් යානයෙන් තුර්කිය හරහා ඉතාලියට යාමට කටුනායකට පැමිණ ඇතත් ගුවන් කාර්යමණ්ඩලය විසින් සැකකරු පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් අනතුරුව ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.

මීගමුවේ තැරැව්කරු සැකකරුට ඉතාලි යාම සඳහා ව්‍යාජ ලියිකියවිලි  සති දෙකක කාලයක් තුල සකස් කර දී ඇත්තේ ඉතාලියට ගිය පසු රුපියල් ලක්ෂ තුනක් එහිදී හමුවන තවත් පුද්ගලයෙකුට ලබා දීමේ පොරොන්දුව මත බවත්  අනාවරණය වී ඇත.

සැකකරු මේ සඳහා ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපතට ව්‍යාජ තුර්කි වීසා ස්ටිකරයක් අලවා  තුර්කියට   ගොස් තවත් ව්‍යාජ වීසා ස්ටිකරයක් අලවා  එහි සිට ඉතාලි යාමට උත්සහ කර ඇති බව හෙළි වී තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  මේ පිළිබඳව සිදු කරන  මුලික විමර්ශණ වලින්  අනතුරුව සැකකරු මීගමුව අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

බොරු වීසාවෙන් ඉතාලි යන්න බැරි වේ

රවිඳු Friday, 15 July 2016 08:15 AM

හේෂාන් මානවඩු කියලා තියනවා වගේ බහුදින යාත්‍රාවකින් හෝ හොර ලියකියවිලි පෙන්වලා විදේශ රටකට වීසා එකක් හදාගෙන හෝ, මැදපෙරදිග රටකට ගොස් ටොකු කමින්, එහෙම නැත්නම්, ලංකාවේ දේශපාලකයින්ට පන්දමක් අල්ල රැකියාවක් ලබාගෙන ඉන්න අය තමයි මේ රටේ වැඩිපුර ඉන්නේ. ඉතාම සුළු දෙනෙක් තමයි තමන්ගේ සුදුසුකම් වලට ලංකාවේ රැකියාවක් කරන්නේ හෝ සුදුසුකම් මත පිටරට යන්නේ. එහෙම තියෙද්දී මානවඩුලා මෙතන පොර ටෝක් ලියනවා මොකක්ද ඉතාලියේ කරන රස්සාව? (ර)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Thursday, 14 July 2016 05:47 PM

මමත් ඉතාලියට ආවේ බොහෝ කලකට කලින් බහුදින ධීවර යාත්‍රාවකින්. ඉතාලියට විත් බොහෝ දුක්විඳලා, කලකට පසු ඉතාලියේ නේවාසික විසා ලබා ගත්තා. කෙසේ හෝ කවුරු හෝ කොහොමහරි ඉතාලියට ආවොත් වරදින්නේ නැහැ. කොහොමහරි ජීවත්වන්න මාර්ග තියෙනවා. මේ කට්ටිය ගැන දුකක් සිතෙනවා (නි)

:       0       0

කමල් Thursday, 14 July 2016 01:19 PM

අපේ අයට කොච්චර කිවුවත් කරන්නේ එපා කියන එකමනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 0 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1697 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4562 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3383 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3502 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site