උතුරු මැද හිටපු ප්‍රධාන ඇමැති අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට පළාත් සභා සංකීරණයේ ඉදිරිපිට තිබු බැනර් ඉවත් කිරීමේ සිද්ධියක් මුල් කැර ගෙන උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතාගේ කාර්යාලයට ගිය කිහිප දෙනකු ඔහුගේ රාජකාරියට බාධා කළෑයි අනුරාධපුර පොලීසියට පැමිණිළී කළ බව ප්‍රධාන ඇමැති කාර්යාලයේ නිලධරයෙක් කියයි.
එහිදී තලාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සෙනරත් බද්දේගම මහතා හා තවත් අයකුට පහර දුන්නැයි ඔවුහු අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේවා දාන්න එපා අනේ.මට හරියට දුක හිතෙනවා අනේ! (නි)
මේකට හේතුව කටවුට් ඉවත් කිරීමක් නෙමෙයි කියලයි මම නම් කියන්නේ. (නි)
ඉන්නකම් බලයේ ,නොසිතුනේ කිමද කරුමේ! (නි)
සැමදාම චන්ඩිකම් බැරිය, ඉඳල හිටලා ගුටි කන්නත් වෙනවා. ඒක කාටත් සාධාරණය. එම නිසා ඡන්දය අතින් පයන් නොව ඔලුවෙන් කරන්න. (ස)
වවපු දේ නේ නෙලාගන්න වෙන්නේ. තල ගන්න තල වවන්න ඕනේ. තලා ගන්න වෙන්නේ ඒවා වවපු නිසා. (ස)
අමිල, අපේ මහ ඇමති නම් ඒ කාලේ ගියේ සී90යෙ. මං මේ කියන්නේ අපේ මහ ඇමති ගැන. මගේ ගම හෙම්මාතගම. (ස)
මේ අයට ඡන්දෙ දුන්න එවුන්ට ....... අනේ මගේ කට !!!! (ස)
නියමයි ඊළඟ ජවනිකාව?මේ අය ජනතාවට කල දේ ජනතාව දන්නවා. ඉන්න ටිකේ හොඳ දෙයක් කරන්න හිතට ගන්න. (ස)
මේවා දන්නා අප මමත් ඡන්දෙ ඉල්ලන්න ඉන්නෙ.... (ස)
දැන් ඔය සමහරු හම්බ කරන ගාන මදිවෙලා මංකොල්ලකන්නේ. ගම්පහ බලන්නකෝ. කොහොම හරි මොවුන්ට ඡන්දෙ දෙන අයට මොනවා කළත් හිත් වදින්නේ නැහැ. (නි)
මේක මනාප ක්‍රමයේ වැරද්දක් නෙවේ, ලේවල තියෙන වැරද්දක්. උපන් මෝඩකම් අතාරවන්ද බැහැ (දී)
බර්ටි මහත්තයගෙන් ගොඩ ගිහිල්ලා මුල අමතක කරන හැමෝටම වෙන්නෙත් අනාගතයේ දවසක් තමන් හදපු ගෝලයන්ගෙන් ගුටි කන්න තමා.මොනවා වුනත් බර්ටි කියන්නේ හැමටම උදව් කරපු කෙනෙක්. (නි)
ලැජ්ජාවක් නැති දේශපාලඥයින්ට ඡන්දෙ දෙන අය ඊට එහා (නි)
මොනවද අනේ මෙයාලගේ මේ තුට්ටු දෙකේ වැඩ...???(දී)
ලැජ්ජා නැති දේශපාලනය කියන්නේ ඕක තමයි (නි)
මේ වැඩේ මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා නම් නරක නැහැ කියලයි මට හිතෙන්නේ. අර ඉස්සර රෝමයේ හිටපු ග්ලැඩියේටර්ලා එක එකා සටන් කරගෙන කරගෙන ගිහින් අන්තිමට ඉතුරුවෙන කීප දෙනෙක් විතරයි ජීවත්වෙන්න වාසනාව ලබන්නේ. (නි)
එයා කොහොමද කෝටිපතියෙක් වුනේ? (නි)
ලජ්ජා නැතිදෝ අයියේ ...ඩිංගක් හිතන්නකෝ අයියේ....ඩිංගක් හිතන්නකෝ (නි)
අමිල, ඔබ හරි. මම රට හිටියත් මම අනුරාධපුරයේ නව නගරයේ කෙනෙක්. මම දන්නවා මේ අය. (නි)
බර්ටිගේ කරමතින් කරලියට පැමිණ ඔහුටම පහරදෙන අය ගැන අපි දන්නවා (නි)
පව් (නි)
අමිල, බොහොම දෙනෙක් ඔහොම තමයි (නි)
ඒක ඇත්ත (නි)
94දි තැපැල් 90 එකෙන් ගිය කෙනා කොහොමද ජනතාවගේ මුදල් වලින් කෝටිපතියෙක් වුන හැටි?මන් ඒ කියුවේ දිවංගත බර්ටි ගැන. (දී)
ඊළඟ ආත්මෙදිත් මේ මනාප පොරේ නැවත පටන් ගනීවි!(දී)