IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය මානව හිමිකම් රැක්ක හැටි ජනපති පෙන්නයි

මානව අයිතිවාසිකම් ගැන මහ ලොකුවට කතා කරන බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ වලපනේ ගල්ඉඳි බැද්දේ ගල් ගුහාවකට සිංහලයන් 16 දෙනකු පණ පිටින් දමා ගල් දොර වසා ඔවුන් මරා දැමූ බව අමතක වී ඇතැයි මහින්ද රාජපක්ෂ ජනපති වලපනේ සද්ධානන්ද විද්‍යාලයයේ උත්සවයක දී අද ප්‍රශ්න කළේය.

පන පිටින් සතුරන් මැරීමේ මානව න්‍යාය ප්‍රභාකරන්ට උගන්වා ඇත්තේ බ්‍රිතාන්‍ය බව පෙනේ යැයි ද ජනපති කීවේය.

ඔවුන් එදා කළ මෙවැනි වැඩ අද අමතක වී ඇතැයි ද ජනපති සඳහන් කළේය.

 

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය මානව හිමිකම් රැක්ක හැටි ජනපති පෙන්නයි

කිර්තිරත්න Friday, 15 August 2014 05:54 PM

අපේ නිර්භීත ජනනායකතුමාට ජයවේවා! (නි)

:       0       0

අපොන්සු Saturday, 16 August 2014 08:20 AM

බ්‍රිතාන්‍යය වෙල්ලස්සේ කැරැල්ල මැඩපවපත්තපු දරුණු සංහාරය බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්ථාවේ සඳහන්, මේ දරුණු සංහාරය බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිලා තියෙනවා. කරුමේ කියන්නේ බ්‍රිතාන්‍යය කිරුළට විරුද්ධව නඩුවක් දාන්න ජගතෙක් රටේ බිහි නොවීමයි.(අ)

:       0       0

කිංස්ලි Friday, 15 August 2014 07:02 PM

මමත් ඔබතුමා සමඟයි. ජයවේවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 16 August 2014 08:25 AM

ඇති ගරු ජනාධිපති උතුමනි ඔබතුමා අපේ රටේ රජකමට සුදුසුයි.ආයුබෝවේවා.(අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 15 August 2014 07:21 PM

අපි සැළකිළිමත් වියයුත්තේ අපේ රටේ දියුණුව සහ රටේ මානව හිමිකම් සුරැකීම පිළිබඳවයි (නි)

:       0       0

හසන්ත Friday, 15 August 2014 07:25 PM

හැමදාම කෙළින් කතාකළ මෙතුමාට මම සැමදා ගරුකරමි (නි)

:       0       0

පේමචන්ද්‍ර Saturday, 16 August 2014 08:49 AM

පර අදහස් තියන අය අපේ සමාජයේ තවම ඉන්නවා (අ)

:       0       0

හේවාවිතාරණ Friday, 15 August 2014 08:00 PM

ඔහුට වඩා සොඳ මහතෙක් කවරේද? (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 15 August 2014 08:02 PM

මෙතෙක් ලංකාවේ සිටි කිසිම නායකයෙක් මා දන්නා තරමින් මෙවන් එඩිතර නිර්භය වදනක් පවසා නොමැත (නි)

:       0       0

එරංග Friday, 15 August 2014 08:18 PM

ඉතා හොඳ කතාවක්. ඔය කතාව ඉංග්‍රීසියෙන්ද කරමු (නි)

:       0       0

චමින්ද Friday, 15 August 2014 08:23 PM

නියම කතාව...... (නි)

:       0       0

මිලානො ජයන්ත Friday, 15 August 2014 08:38 PM

ජනාධිපතිතුමා කෙළින් කතාකිරිම අගයකළ යුතුයි. (නි)

:       0       0

සෑම් Friday, 15 August 2014 09:09 PM

මම සුද්දන් කළ දේ හෙළා දකිනවා. ඔවුන්ද අතීතයේ සහ වර්තමානයේ මානව හිමිකම් කඩ කරනවා. නමුත් දැන් අපි වර්තමාන සිද්ධීන් සංසන්දනය කරමින් තර්ක කළයුතුයි නේද? (නි)

:       0       0

සනත් Sunday, 17 August 2014 04:09 AM

ඔබතුමාට ජයවේවා (දී)

:       0       0

අයේෂ Friday, 15 August 2014 11:05 PM

ගුණධර්ම අතින් ලංකාවේ මිනිස්සු කොහොමත් ඉන්නේ බ්‍රිතාන්‍යයට වඩා ගොඩක් ඉදිරියෙන් (නි)

:       0       0

ලුම්බිණි Saturday, 16 August 2014 12:01 AM

අනෙක් අය වැරදි කළ පළියට අප වැරදි කළයුතු නැත. අපි අනෙක් අයට ආදර්ශවත් වියයුතුය (නි)

:       0       0

කරුණාරත්න Saturday, 16 August 2014 12:54 AM

ලුම්බිණි, මොකක්ද දැන් මෙතන තිබෙන වැරැද්ද? (නි)

:       0       0

චන්දන Saturday, 16 August 2014 01:07 AM

මවුබිම රැකදුන් විරුවාට ජයවේවා! (නි)

:       0       0

දිසානායක Saturday, 16 August 2014 01:59 AM

අපේ ජනාධිපතිතුමා ඉතිහාසය ගැන හොඳින් දන්නවා (නි)

:       0       0

අනුරුද්ධ Saturday, 16 August 2014 02:01 AM

ඔබගේ ඔය ඍජු ගුණයට මම සැමදා ගරු කරනවා (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 16 August 2014 02:20 PM

රොහාන්, එහෙම දෙයක් සඳහන් වෙලා තියෙන්නේ කොහේද? (නි)

:       0       0

මධුභාෂිනී Saturday, 16 August 2014 02:32 AM

ඔබතුමා උපන්බිම තනිකළේ නැහැ. ඒ වගේම අපි ඔබතුමාත් තනි කරන්නේ නැහැ. මේ අදහස මගේ පමණක් නොව මගේ මවුබිමේ උපන් සමස්ත ජනතාවගේ එකම පැතුමයි. හිතට එකඟව කරන කියන ඔබතුමාගේ සියලු කෞශල්‍යයන් වැඩිදියුණු වේවා! සියලු දෙවියන් ඔබතුමා රැකදේවා! දළදා සමිදු පිහිටයි! (නි)

:       0       0

නන්ද Saturday, 16 August 2014 02:41 AM

ගරු ජනාධිපතිතුමනි, ඔබේ ප්‍රකාශය නිර්භීතයි.තවමත් බටහිරට ගොස් සුද්දාට කේළාම් කියන අවස්ථාවාදී දේශපාලකයින් ඉන්න රටක කොන්ද කෙළින් තබාගෙන සිටීම ගැන අපි හෙළයින් වශයෙන් ඔබට ප්‍රණාම කරනවා. (නි)

:       0       0

නන්ද Saturday, 16 August 2014 02:54 AM

ජනාධිපතිතුමනි, අපේ සහය ඔබටයි. (නි)

:       0       0

රන්ජිත් Saturday, 16 August 2014 02:58 AM

එතුමා ඔය කතාව බ්‍රිතාන්‍යයට ගිහින් කවදාහරි සුද්දන්ටත් තරු විසිවෙන්න කියන බව මට හොඳටම විශ්වාසයි (නි)

:       0       0

අමරතුංග Saturday, 16 August 2014 03:08 AM

ඔබතුමාට සදා ජය! (නි)

:       0       0

සුනිල් Friday, 15 August 2014 01:52 PM

අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

අක්රම් Saturday, 16 August 2014 03:11 AM

ඔබතුමාගේ නොසැළෙන ගුණයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

හෂාන්ති Saturday, 16 August 2014 03:17 AM

ජයවේවා මැතිඳුනි, අපි සදා ඔබ සමඟයි (නි)

:       0       0

සත්‍යයා Saturday, 16 August 2014 03:36 AM

පහත සඳහන් චේදය පළකළහොත් සුදු වෑන් එකකින් අවසන් ගමන් යන්න වේවි යයි ඔබට බයක් දැනේ නම් එය පළ නොකර ඇඟ බෙර ගත්තට කමක් නැහැ. ""ගුණධර්ම අතින් ලංකාවේ මිනිස්සු කොහොමත් ඉන්නේ බ්‍රිතාන්‍යට වඩා ගොඩක් ඉදිරියෙන්" කියල අයෙක් කියනවා. තංගල්ලේදී කුරම් ෂෙයික් ව මරල එයාගේ පෙම්වතිය සමුහ දුෂණයට ලක් කලෙත් ගුණ ධර්ම ඉහ වහා ගිය පුද්ගලයින් කිහිපදෙනෙක් කියලත් අමතක කරන්න හොඳ නැහැ නේද? (නදී)

:       0       0

යසිත Friday, 15 August 2014 02:09 PM

බොහොම ඇත්ත ජනාධිපතිතුමනි (නි)

:       0       0

වීර හැන්නැදිගේ Saturday, 16 August 2014 03:44 AM

අතීතයේ සිදුවුණු මෙවැනි සිදුවීම් දැන ගැනීමට ලැබුන එක හොදයි. (නදී)

:       0       0

වරුණ Friday, 15 August 2014 02:13 PM

මමත් පිළිගන්නවා ‍අපේ ජනාධිපතිතුමා කියන දේ (නි)

:       0       0

තිලකා Saturday, 16 August 2014 03:53 AM

මිලානෝ-ජයන්ත මහත්මයා. කාලයකට පසු ඔබගේ ප්‍රශස්ත වැකියක් මට කියවන්නට ලැබුණා. (දී)

:       0       0

අතුල Friday, 15 August 2014 02:27 PM

මමත් ඔබතුමා සමඟයි (නි)

:       0       0

අජිත් ප්‍රනාන්දු Saturday, 16 August 2014 03:58 AM

අවුරුදු 500 පුරාවට අපගෙ රටේ සියලුම සම්පත් හූරගෙන ගිය, අපේ මිනිසුන් ගේ දරුවන් පවා උඩදමා කඩුව ඇල්ලු බ්‍රිතාන්‍යයින් ගැන වෙනම පරීක්ෂණයක් ක‍රන්න ඕන. (දී)

:       0       0

දිනූෂා Friday, 15 August 2014 02:28 PM

ඔබතුමා හැමදාමත් කෙළින් කතාකළා (නි)

:       0       0

දුලනි Friday, 15 August 2014 02:29 PM

අපි සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

ගයනි Saturday, 16 August 2014 04:02 AM

ඔබතුමා හරියටම හරි මේවා මතක් කරලා දෙන්න ඕනේ (දී)

:       0       0

සන්ජය Friday, 15 August 2014 02:35 PM

ලංකාව කවදාවත් බ්‍රිතාන්‍යයට සමකරන්න බැහැ. (නි)

:       0       0

ස්ටෙෆාන් Saturday, 16 August 2014 05:36 PM

ඔබයි සදා අපේ ශක්තිය! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 04:41 AM

ජනපති තුමනි ඔබ තුමා කෙලින් කටින් සිටින නිසා ඔය අපට කරන කෙනහිලිකම් වලට හොද පාඩමක්.. (දී)

:       0       0

හසන්ත Saturday, 16 August 2014 05:58 PM

බන්දුල පෙරේරා මහත්තයෝ,ඔබ කියූදෙයට මොනවා කියනවද කියලා මට හිතාගන්න බැහැ (නි)

:       0       0

පෙරේරා Saturday, 16 August 2014 06:18 PM

අපි ඔවුන්ට විරුද්ධව මානව හිමිකම් පිළිබඳව උදාහරණයක් සේ මෙයම පෙන්වා දෙමු. (නි)

:       0       0

මොහාන් Saturday, 16 August 2014 04:51 AM

සත්‍යයා කුරාම් ෂේයික් ගැන වගේම එංගලන්තයෙදි මරා දැමු ලාංකිකයා ගැනත් කතා කරන්න (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Friday, 15 August 2014 03:53 PM

ශ්‍රී ලාංකීය නාමය ලොව දසතම පතල කළ තවත් ලක් පුතණු කෙනෙක් බිහිකළ, ලක් මාතාවගේ පනනල දෙස් විදෙස් සතුරන්ගෙන් රැකගැන්මට, ඔබට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවත් ආශිර්වාදයත් නිරතුරු ලැබේවා. (නි)

:       0       0

ශේමේන්ද්‍ර Saturday, 16 August 2014 07:15 PM

බන්දුල පෙරේරා,ඔයාට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

රෙහාන් Saturday, 16 August 2014 05:12 AM

චීන මහා ප්‍රාකාරය හදද්දීත් කොයි තරම් මිනිස්සු මැරුවද ඒවාට මානව හිමිකම් නැද්ද (දී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 16 August 2014 08:27 PM

කොන්ද කෙළින් ඇති එකම ජන නායකතුමනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

සනත් Saturday, 16 August 2014 05:37 AM

චිත්‍රපට ශාලා හිමියනි, ඔබගේ චිත්‍රපට ශාලාවේ ගැලරිය නැවත ස්ථාපිත කරන්න. නෑ මම මේ කිවේ දුප්පත් අපටත් චිත්‍රපටියක් බලන්න සෙනඟ ඉඳීවි හොඳට. (නදී)

:       0       0

නිහාල් විතානගේ Friday, 15 August 2014 04:46 PM

ඔවුන් තමයි ලෝකයම මිලේච්ඡත්වයට පත්කළේ. අපේ ජාතික වීරයින්, භික්ෂූන් වහන්සේලා මොනතරම් නම් ඝාතනය කළාද? (නි)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 16 August 2014 06:03 AM

මොහාන්, ඔබ කියන්නකෝ එංගලන්තයේදී මරා දැමූ ශ්‍රී ලාංකිකයා ගැන. සැකකරුව අත් අඩංගුවට ගැනීමට එරෙහිව තිබු දේශපාලන බලපෑම් එහෙම. ලංකා චාර්ල්ස් කුමාරයා ගිහිල්ලා එහේ නායකයන්ට කතා කරපු ඒවා එහෙම. (අ)

:       0       0

රන්ජිත් Friday, 15 August 2014 04:58 PM

ඔබට සුබ ගමන්! (නි)

:       0       0

පියල් Friday, 15 August 2014 05:12 PM

හරිම හොඳ දෙයක් ඕවා මතක් කරලා දෙන එක. (නි)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 16 August 2014 06:17 AM

අජිත්, බ්‍රිතාන්‍යයන් ලංකාවට ආවේ කොයි අවුරුද්දේද? ඔයාගේ 500 අනාගතය ගැනත් හිතල වෙන්න ඇති කියන්න ඇත්තේ! (අ)

:       0       0

සීල Saturday, 16 August 2014 06:28 AM

අපි අනුන්ට කෑගහුවත්, අපි සදාචාරාත්මක විදිහට මානව සුරකම් රකිනවාද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1105 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3847 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2931 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3390 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1487 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site