හෝටල බිල් වංචා කළැයි කියන බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ ගමන් බලපත්‍රය ඉල්ලා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය ඉදිරිපත් කළ පෙත්සමක් ඉවත දැමූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තමා නඩු අසනුයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයයට ඕනෑ විදියට නොවේයැයි කීවේය.
ගමන් බලපත්‍රය ඉල්ලා සිටිය යුත්තේ මහ කොමසාරිස් කාර්යාලයය නොව එය අයිති පුද්ගලයා බව මහේස්ත්‍රාත් කීවේය.
බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ජෝන් රුපියල් 17202ක බිලක් නොගෙවා හෝටලයෙන් පිටවී ගිය බවට කොළඹ ග්‍රෑන් ඔරියන්ටල් හෝටලයේ කළමනාකරු පැමිණිලි කර තිබිණි.
ඇලන්ගේ ගමන් බලපත්‍රය පොලිසියෙන් උසාවියට භාර දී ඇත.
පොලිසිය අධිකරණයට දැන්වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය බිල ගෙවා ඇති බවයි.
එහෙයින් මෙම කාරණය සමතකයකට පත් කිරීමට හෝටලය ද කැමැත්ත පළ කරයි.
එහෙත් අයිතිකරු වෙනුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය ගමන් බලපත්‍රය ඉල්ලා සිටීම නිසි නීතිමය ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීමක් නොවේයැයි ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයා මරපු එකේ ඩී එන් ඒ තාම නැහැ. කරනවා නම් දේවල් කොච්චරද? (නි)
නියම නඩුකාර හාමුදරුවෝ කෙනෙක්.මුළු රටේම ගෞරවය ඔබතුමාට හිමි වෙනවා. (නි)
මම කලිනුත් ලියල ඇති එංගලන්තය කියන්නේ මොක්ද කියලා. ඒ අය මුදල් බාර ගත්තේ මොකද? ඒ අයට තිබුනනේ ගිහින් පොලිසියට හරි උසාවියට හරි ගෙවලා මේක විසදා ගන්න කියන්න. එංගලන්තයයි, ඇමෙරිකාවයි හැමතිස්සෙම ඔහොමයි.(නදී)
මේ බ්‍රිතාන්‍ය කාර්යයාලයේ කට්ටිය වැඩ කරන හැටි දන්නේ නැහැ. පගාව දුන්නනම් වැඩේ ඉවරනේ.(නදී)
මහේස්ත්‍රාත්ට මගෙනුත් මල් මිටියක් ! (නි)
මෙතැන බ්‍රිතාන්‍යට දොස් කිව්වට වැඩක් තියෙනවද ? ඔය ඔක්කොම දේවල් කියන්නේ කුහකකමට. බ්‍රිතාන්‍යට යන්න චාන්ස් එකක් තියෙනවා නම් මේ කට්ටිය ඔක්කොම යන්නේ උඩින්ම. ඒත් මෙතැන බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ කොහෙත්ම වරදක් නැහැ. ඒ අය කරලා තියෙන්නේ නියම තානාපති සේවයක්. තමන්ගේ ජාතිකයන් රැක ගැනීම සේවය කිරීම කෙරෙන්න ඕනෑ.මේවාවත් බලලා හැදෙනවා නම් ... අනේ අපොයි! (නි)
කොන්ද පණ තියෙන මෙවන් විනිසුරුවන් අපේ රටේ ඉන්න එක ගැන අපිට සතුටුයි (නි)
තිලිණ ගමගේ කියන්නේ පොළොවේ පය ගහලා ඉන්න පොඩි මිනිහෙක්. හරිම සරල ජිවිතයක් ගතකරන නඩුකාරයෙක් කියල හිතන්නවත් බැරි සුන්දර උසස් මනුශ්ෂයෙක්. ඔහු කැස්බෑව උසාවියේ ඉන්නකොට දීපු තීන්දු හරිම සාදාරනයි. දුප්පතාට කවදාවත් අපහසුතාවයට පත් කරේ නෑ. හැබැයි ඒ වගේ නඩුකාරවරුන්ට දේශපාලන නඩු හබ හමු නොවෙවායි පතමි! (නදී)
රන්ධි ඔබගේ කියමන නම් හරි. ඒ වුනාට මේක ලෝකයේ ආශ්චර්යමත් රටක්නේ. (නි)
මමත් හොදටම දන්නවා මේ අයගේ වැඩ මුන් ගේන හැම භාන්ඩයක් ම අදායම් බදු නොගෙවා තමයි ගන්නේ මහා ලොකුවට මානවහිමිකම් ගැන කථාකලට කරනතරමක් කරන්නේ බලුවැඩ සමහරු මුන්ට උදව් කරනවා වාසියට වැඩකරන සේවකයින්ට සලකනහැටි මම හොදට දන්නවා හිටපුගමන් ජොබ් එක නැ කියලා පොඩි වන්දියක් දීල ගෙදරයවනවා අපේ ලොක්කොත් උන්ට තමයි උදව් කරන්නේ(අ)
මම නම් මේ තානාපති කාර්යාලේ අගය කරනවා.හේතුව මේ තානාපති කාර්යාලේ මේ මිනිහා වැරද්දක් කලත් අහක බැලුවේ නැහැ. අන්න අපේ අය මිනියත් විකුණගෙන කන්න හදනවා ඉතාලියේ.මැදපෙරදිග තියන ගොඩක් ඒවා අපේ ගැණු අසරණ වුනහම රිරිමාන්සේම හූරන් කනවා. අපේ ගැනුන්ගේ බෙල්ල කැපුවත් දන්නේ නැහැ. (නි)
සුද්දා ඔය ගාන සිං ගාලා ගෙවයි (නි)
මන් නම් මල් මිටක් දෙන්නේ නැහැ. ලංකාවේ මෑත කාලේ නඩු තීන්දු දිහා බැලුවම අපි කාටවත් සතුටු වෙන්න බැහැ. (නි)
මේක සාදරනත්වේ නම් ඒක හැම නඩු තින්දුවටම අදාළ වෙන්න ඕනෑ නේද? නමුත් අපේ රටේ නඩු තීන්දු සියල්ල එහෙමද? (නි)
අපි මෝඩයෝ තමා... එහෙම නොවේ නම් හැම රටක්ම ලාබ ලබද්දී අපි ක්‍රිකට් වලින් පාඩු ලබනවා,දරුවෝ ඉපදෙනවා ලක්ෂ 3 ක ණයක් එක්ක.හෙට නැවක් නාවොත් රටම හාමතේ, අපි මෝඩයෝ නොවන්නේ මොන අතින්ද? (නි)
ඉනියා ජාතිකවාදී රැල කෑගහලා තියෙන්නේ මෙතනත්. (නි)
තම රට වැසියා වෙනුවෙන් වරදක් කළත් නැතත් උපරිම සේවාවක් ලබා දෙන මෙවැනි තානාපති කාර්යාල අතිශයින්ම අගය කරමි.මාද බ්‍රිතාන්‍යය පුරවැසිබවය හිමි හෙයින් ලොව ඕනෑම රටකදී මා ලබා ගන්නේ බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලයේ උදවු මිසක ලංකාවේ උදවු නොවේ. (නි)
මේ කෙහෙල්මල් ප්ලැටිනම් ඇඩ් එක ඉවත් කරන්න ලංකාදීපය. අපට මහත් කරදරයක් පුවත් බැලීමේදී.(නදී)
ඒ රටවල් වෙනත් රටවලදී පවා තමන්ගේ රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනීසිටින හැටි දකින්න අපේ රටෙන් යන තානාපතිවරු ගැන කියන්න තියෙන්නේ සතුටුයි කියලා.(නදී)
මෙයාල අපේ මිනිහෙක් පොඩි වරදක් කලත් විදුලි පුටුවේ තියල තමයි නවතින්නේ. බොහොම හොඳ තීන්දුවක් , වගේම අපේ රටේ නායකකාරකාදින්ටත් හොද පාඩමක් තමන්ගේ රට වැසියෙක් වෙන රටකදී වරදක් කලොත් කොහොමද බේරාගන්නේ කියලා , සේන ගැන කනගාටුයි , මොකද ගඟේ මාලුවෙක් ඉන්නවා හෙවන් මාළුවා කියල ඌ ඉපදෙන්නේ ගඟේ උනාට පීනලා ගිහින් හැදෙන්නේ මුහුදේ හැබැයි සේන ඔයාට වඩා ඌ ටිකක් හොඳයි දන්නවද මොකද කියලා ? හැවන් මාළුවා මැරෙන්න කිට්ටු වෙනකොට ආපහු පීනලා ගඟට එනවා.(නදී)
පිටබද්දාර ජයා, ඔයා අපේ තානාපති සේවේ ගැන දන්නෙ නැහැ වගේනේ කතාව. ඔයා කියන්නේ ලංකාවේ නිසා නොසලකා ඉදිමු කියලද. (දී)
අහිංසක මිනිස්සු කපා කොටා බෝම්බ දාලා මරපු කොටීන්ට අද දේශපාලන රැකවරණ ගන්නවා ඒවාට නීතියක් ක්‍රියාත්මක කරන්න ඔය මහා ලොකුවට කතා කරන නීතිපතිවරුන්ට බැරිවෙලා ඒකිය් කරුමේ. පිස්සු නීති. (අ)
මුන් ලංකාව භේද බින්න කරන්න එන ඔත්තු කාරයෝ.(අ)
කොන්ද පන ඇති ඔබතුමාට මගේ ප්‍රණාමය ලංකාවේ ලොක්කෝ වැඩිදෙනෙක් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට බයවෙලා ඉන්නේ එයාලගේ විසා ප්‍රතික්ෂේප කරයි කියලා.(නදී)
සොයා බලන්න වටිනවා යටින් යන ගේම මොකද්ද කියලත්. (ත)
නීතිය සෙල්ලම් බඩුවක් ලෙස හෑල්ලු කොරන්න නොදීම ගැන මල් මිටියක්.(නදී)
අපේ ලංකාවේ මින්නිස්සු දැන් එංගලන්තේ යන්නේ නැහැ. යන්නේ ඕස්ට්‍රෙලියාවට සහ නවසීලන්තයට.(නදී)
බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මිට මැදිහත්ව ඇති නිසා නිතිය හරි හැටි ක්‍රියාත්මක කල යුතුයි .මුළු ලෝකෙටම අපේ රටේ නිතිය සාදාරන බව පෙන්නන මෙය අවස්ථාවක් කරගත යුතුයි. මොහු මුදල් ගෙවා ඇතත් කර ඇති වංචාවට දඩුවන් ලබාදෙන්න.(නදී)
ඇත්තටම මෙයා ඉංග්ලිෂ් ද ? මේක එංගලන්ත කම්කරුවකුගේ දින 2 ක පඩිය.(නදී)
හේරත්, මහේස්ත්‍රාත්ට මල් මිටි දෙන්න ගියොත් ඔයාවත් හිරේ දායි නේද?(නදී)
කොන්ද පන ඇති ඔබතුමාට මගේ ප්‍රණාමය ලංකාවේ ලොක්කෝ වැඩිදෙනෙක් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට බයවෙලා ඉන්නේ එයාලගේ විසා ප්‍රතික්ෂේප කරයි කියලා.(අ)
මිනිහා නමු සුද්දෙක්ම තමයි. සුද්දයක් දාන්න හදලා තියෙන්නේ බිලට.(නදී)
නියමයි හරියට හරි. නීතිය සුද්දටඕන විදිහට බැහැ. මේක ලංකාව කියල උන් දැනගන්න ඕන (අ)
පඩ සුද්දෝ හදපු නීති වලින් උන්ටම කරකලා දාන එක නියමයි. උන් හිතන් ඉන්නේ තවම උන්ගේ පාලනය තියෙන්නේ කියලා. නියමයි මහේස්ත්‍රාත් තුමනි, ඔබට අපේ ගෞරවය.(නදී)
බ්‍රිතාන්‍ය හිතාගෙන ඉන්නේ අපි රටම උන්ගේ කොලනියක් කියල .. එතකොට ත්‍රස්තවාදීන්ට ආයුද ගන්න අරමුදල් රැස්කරනකොට උන් උදව් කලේ.. ත්‍රස්තවාදීන්ට පුරවැසිකම දුන්නේ ... ඒවගේ ජරාවැඩ තමා අපිට කොහොමත් මෙයාල කරලා තියෙන්නේ ... විනිසුරු තුමනි ඔබට අපගේ ප්‍රණාමය...(අ)
ගොඩක් හොදයි මොකද එයාල කව්ද ?නියම නඩුකාරයෙක් .ඔබ තුමා ගැන අපි ආඩම්බරයි (අ)
පැන කියන්නේ කඩුවක්. රිද්දන්නත් පුළුවන්.නලවන්නත් පුළුවන් දක්සතව අනුව. (අ)
හිතාගෙන ඉන්නේ මේ අයට ඕන ඕන විදියට හැම එකාම නටවන්න.(නදී)
හුගක් අපේ අය හිතාගෙන ඉන්නේ හමේ පාට සුදුනම් ඒ ගොල්ලන් වෙනම ලෝකෙක මිනුස්සු කියලා. හොරු ,මදාවි හැම පාටින්ම ඉන්නවා.සිංහල ඇරෙන්ට අනිත් ඕන භෂාවක් කතාකරන ජාතීන්ට විශේස සැලකිල්ලක් දක්වන අය අපේ රටේ ඕන තරම් ඉන්නවා. හුගක් මේ අය ඉංග්‍රීසි මදක් කතාකරන්න පුළුවන්, අධ්‍යාපනිකව නුගත් කාන්ඩ.(නදී)
ඕනෑම රටක් නිකුත් කරන ගමන් බලපත්‍රයේ අයිතිය එම රටටයි. ශ්‍රී ලංකාවත් නිකුත් කරන සියලුම ගමන් බලපත්‍ර අයිතිය ශ්‍රී ලංකා රජයටයි. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය තම පුරවැසියාගේ ගමන් බලපත්‍රය ඉල්ලා සිටීම නිත්‍යානුකුලයි. නමුත් එය කල යුත්තේ අපගේ විදේශ අමාත්‍යංශය හරහා හෝ තානාපති කාර්යාලය නිත්‍යානුකුලව නියෝජනය කරමින් ඉදිරිපත් වන ශ්‍රී ලාංකික නිතිඥයෙකුටයි. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ශ්‍රී ලංකාවේ උසාවියකට කෙලින්ම සම්භන්ද විය නොහැකියි.ලංකාවේ සිටින බොහෝ සුදු විදේශිකයින් මෙවැනි දේ කරන්නේ ඔවුන්ගේ මනසේ අපේ රට පහත් කොට සලකන නිසයි. අපි මෝඩයන් ලෙස තක්සේරු කරගෙන ඉන්න නිසයි. මෙවැනි අවස්ථාවලදී අපි නිතිය ඍජුව ක්‍රියාත්මක කලයුතුයි. හෝටලය මොනවා කීවත්, මෙම විදේශිකයා රට තුල කරන ලද වරදට දඬුවම් කල යුතුයි. රටේ සිවිල් පාලනයට අත පෙවීම ගැන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට අපගේ විදේශ අමාත්‍යංශය හරහා හෝ ඔවුන්ගේ නීතිඥයා හරහා තදබල ලෙස අවවාද කලයුතුයි.(නි)
හොරට විභාග පාස් කරපු අයට නඩුත් නැහැ. තංගල්ල මිනීමැරුමට සාධාරනයක් ඉෂ්ඨ වෙන්නේත් නැහැ වගේ.(නදී)
ශා නියමයි. අපිත් රට ගිහිල්ල හෝටල් වලින් කෑවම අපේ තානාපති කාර්යාලත් බිල් ගෙවයි නේද ?(නදී)
ඒ උනාට අර බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරලා ඔහුගේ බිරිදව දුෂණය කරපු අපේ අයට නම් ඔය මොනවත් තියා, නඩුත් නැහැ නේද ? ඒවා හරිද එතකොට? නීතියක් තියෙන්නේ මිනිසුනේ ඒක හරියට කරපල්ලා. නම්බුකාර සිංහලයෝ විදියට රෙදි ඇදගෙන.(නදී)