ඉන්දිරා ගාන්ධි පාලන සමයේදී ඉන්දියාවේ අම්රිත්සාර් නුවර සීක් රන් දෙවොලට එල්ල වූ ප‍්‍රහාරයට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සහාය දුන් බවට චෝදනා කරමින් අන්තර්ජාලයෙහි ප‍්‍රසිද්ධ වී ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එරට අමාත්‍ය මණ්ඩල ලේකම් ජෙරම් හේවුඩ් පෙරේදා (14) නියෝග කර තිබේ.
2011 වසරේදී එංගලන්ත රජය විසින් එරට වාසය කළ ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් පිටුවහල් කරනු ලැබීම සම්බන්ධයෙන් තොරතුරු සොයමින් ලන්ඩන්හි පිහිටි ජාතික ලේඛනාරක්ෂක ආයතනයට ගිය පිල් මිලර් නිදහස් මාධ්‍යවේදියකු විසින් සොයාගන්නා ලද රහස් ලිපි කිහිපයක් හේතුවෙන් මෙම ආන්දෝලනය සිදු වී ඇතැයි ‘බි‍්‍රතාන්‍ය පුවත් සේවය’’ ‘‘ද ගාඩියන්’’ ඇතුලු මාධ්‍ය වාර්තා රැසක් වාර්තා කර ඇත.
අම්රිත්සාර් නුවර රන් දෙවොලෙන් සික් කැරැලිකරුවන් ඉවත්කිරීම සඳහා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිට සහාය දෙන්නැයි බි‍්‍රතාන්‍ය ගුවන් හමුදාවේ විශේෂ භට කණ්ඩායමකට නියෝග කළ බවට ඉඟි කෙරෙන රහස්‍ය ලිපි ලේඛන කිහිපයක් මෙසේ අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධ කැරි තිබිණි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ
ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බ්‍රිතාන්‍ය රජයේ කුණු ගොඩක් ඇවිස්සෙයි
ධම්ම Thursday, 16 January 2014 11:29 AM
කලබල වෙන්න එපා. එම පරීක්ෂණය ලිපි ලේඛන පිටවුනේ කොහොමද කියන එක ගැනයි. (දී)
කුමාර් Thursday, 16 January 2014 01:22 PM
බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අපිට එක ඇඟිල්ලක් දික් කරන කොට, එයාලගේ දෙසට ඇඟිලි තුනක් දික්වෙනබව අමතක වෙලා වගෙයි . බි‍්‍රතාන්‍ය ආණ්ඩුව තමන්ගේ ඇහේ තියෙන පරාලේ අයින්කරගත්තනම් හොඳයි !! (දී)
ආරියසේන Wednesday, 15 January 2014 09:18 PM
එදා කල සමුල ඝාතනය ලොකු රටවල් නිහඩයි. (අ)
මර්වින් Wednesday, 15 January 2014 09:28 PM
මොකක්ද මේ අසභ්‍ය ය වචනයක් තියෙන්නේ ? (නදී)
සත්‍යා Thursday, 16 January 2014 03:15 PM
අම්රිත්සාර් හි සීක් රන්දෙවොලට පහර දෙන්න ඉන්දිරා ගාන්ධිට උපදෙස් දුන්නේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවයයි. ඒ ඌරගේ මාළු ඌර පිටම තියල කපන න්‍යාය උඩයි. ඉන්දිරා ගාන්ධි ඒ ලනුව කෑ නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා. එංගලන්ත ආණ්ඩුව බොහෝ විට කළේ ඇමෙරිකාවේ ජාත්‍යයන්තර පොලිස් භූමිකාවට ඍජුව සහය දීමයි. බැලුවහම කාගේ කාගේත් කිල්ලෝටවල හුණු (දී)
නඩරාජ් Thursday, 16 January 2014 12:36 AM
කැමරන් මහත්තොයෝ චෝගම් වලදී කට දෙඩව්වට ස්වභාවධර්මය ටික ටික දඩුවම් දීම අරඹලා (අ)
අසංක Thursday, 16 January 2014 02:55 AM
හොඳ වැඩේ..(අ)
ෂාරෝ Thursday, 16 January 2014 04:49 AM
අනුන්ට වලවල් කපන කොට පස්ටික වැටෙන්නේ තමන්ගේ පැත්තට කියන එක අමතක වෙලා ...(අ)
ගයාන් Thursday, 16 January 2014 05:31 AM
පරණ කුණුගොඩවල් අවුස්සන කැමරන්ටත් හොද වැඩේ,,,,,,(අ)