ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් උන් හිටි තැන අහිමිවුණ පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීමේ ව්‍යාපෘතියක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 1,000 ක ( රුපියල් 2,13000 ) මුදලක් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයෙන් පරිත්‍යාග කර ඇත.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව කරුණු පැහැදිලිකරදීම සඳහා ලන්ඩන් නුවරදී පැවැත්වුණ සුහද හමුවකට සහභාගීවූ දෑ හිතකාමී සිංහලයෝ පිරිසක් මෙම මුදල් පිරිනැමූහ.
ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුලිකත්වයදෙමින් වැඩකටයුතු කරනු ව්‍යෛද්‍ය එම්.බී. රණතුංග වෙත මෙම මුදල පරිත්‍යාග කරන ලද්දේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ ජනක අලහප්පෙරුම සහ වසන්ත කරුණාතිලක විසිනි.
මෙම පරිත්‍යාග සඳහා සම්මාදම්වුන සියලුම දෙනාට ස්තුතිවන්තවන බව පැවසු ජනක අලහප්පෙරුම ඉදිරියේදීත් මෙවැනිවැඩකටයුතු කිහිපයක්ම සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවද පවසයි.
මේ පිලිබඳ විස්තර [email protected] යන විද්‍යුත් තැපෑලෙන් ලබාගත හැකිවන බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොද වැඩක්ද ඔබලාට පින්.(නදී)
පටු දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජාතික චින්තනයෙන් රට, ජාතිය, ආගම වෙනුවෙන් අවංකවම කැපවූ පිරිසක්. වෛද්‍ය රණතුංග මහතා වැදගත් ධානපති සමාජ සේවකයෙක්. අනිත් දෙදෙනා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ. වැඩේ හොඳටම කෙරෙන්න ඇති.(නදී)
මෙවන් හොඳ වැඩ කරන අය මැද්දට පැනලා සමහරුන් 'පිට කසා ගන්න' දරන උත්සාහය නම් හොඳ නැත. (නදී)
එක්සත් රාජධානියේ සිටින සියළුම දේශමාමක ශ්‍රි ලාංකිකයින්ගේ ප්‍රණාමය. (දී)
වෛද්‍ය රණතුංග මහතා මිහිපිට දෙවියෙක්. ඒ මහතාගේ පරහිත කාමී චින්තනය ට ජනක අලහප්පෙරුමගේ සහය නොමදව ලැබීම අප කාගේත් භාග්‍යයක්. වසන්තව මා පෞද්ගලිකව නොදන්නා වුවද කරන සත් කාරයෙන් පැහැදිලිවෙනවා මේ පිරිස සැබෑ ලක් මෑණියන්ගේ පුතුන් බව. ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා. (නදී)
මේ ලස්සන දේශාභිමානී උත්සවයට සහභාගී වෙන්න මටත් වාසනාව ලැබුනා. එංගලන්තේ කොච්චර ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධාන තිබුනත් රට, ජාතිය, ආගම වෙනුවෙන් අභියෝගාත්මක වැඩ වලට ඉදිරියට එන්නේ මේ අය තමයි, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව සුභ පැතුම්! (නදී)
ලන්ඩන් වලත් බහුබූත පක්ෂ, පාට වලින් තොරව, අවංක, උගත්, නියම දේශප්‍රේමී වැඩකාරයෝ ඉන්න එකගැන සතුටු වෙනවා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසදයට මිලානෝ අපේ සුභ පැතුම්. මේ අය මෙහෙමවත් දෙයක් නොකලා නම් නිතරම ලන්ඩන් වලින් අහන්න ලැබෙන්නේ තනතුරු, තාන්න මාන්න, ලාභ ප්‍රයෝජන ලබාගන්න වැඩකරන බොරුකාරයින්ගේ පම්පෝරි තමයි. (නදී)
හොද වැඩක්.හැබැයි ලක්ෂ දෙකක් කියන්නේ හරිම පොඩි ගානක්. ඔච්චර ශ්‍රී ලාංකිකයින් ඉන්න බ්‍රිතාන්‍යයෙන් එකතු වුනේ පවුම් 1000 නම් කනගාටුයි මොනවාද ලක්ෂ 2 ට කරන්ඩ පුළුවන්? (අ)
අශේන් ඔබ හරි. ලක්ෂ දෙකක් කියන්නේ දැන්කාලේ ලංකාවට සුළු ගානක්. හැබැයි ජනකලා මෙහෙමවත් කරපු එක ලොකු දෙයක්. ලන්ඩන් වල ජීවත්වෙන අපි දන්නා නිසයි කියන්නේ. මෙහෙ අපේ අයගේ සමිති සංවිධාන ලංකාවටත් වඩා වැඩියි. හරියට බෙදීම්. මේ අයටත් වැඩ කරන්න දෙන්නේ නැහැ, බාධා කරනවා. ඒ අය වැඩි හරියක් කරන්නේ තමන්ගේ නම දාගන්න කරන බොරු ආටෝප වැඩ. මේ වගේ ජාතික වැදගත්කමක් තියෙන කාලින වැඩ කරනවා අඩුයි. (නදී)