බ්‍රිතාන්‍යය අගමැති ඩෙවිඩ් කැමරන් අද පස්වරුවේ හමුදා ගුවන් යානයකින් පලාලි ගුවන් තොටටත් එතැනින් යාපන නගරයටත් ගියේය.
ඔහු උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් යාපන පුස්තකාලයේදී හමුවී සාකච්ඡා ඇරැඹිය.
මහ ඇමැති හමු වීමට යද්දී යාපන නගරයේ පිරිසක් ඔහුගේ කාරය නතර කරන්නට උත්සාහ ගත්හ.
යුද සමයේ අතුරුදන් වු දු දරුවන්ගේ මව් පියන් වු ඔවුන්ට කැමරන්ගේ කාරය නතර කර ගත නොහැකි විය.එහෙත් මාධ්‍යවේදීන් ගමන් කළ රියක් නතර කර ගත හැකි විය.
බ්‍රිතාන්‍ය අගමැති උදයන් පුවත්පත් කාර්යාලයට ද ගියේය.
(ඡායාරූප රොමේෂ් මධුසංඛ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසය බැලුවොත් කැමරන් අපේ රටට කළ විනාශය හොදින් පෙනෙනවා. අපිට බැරිද කැමරන්ට විරුද්ධව යමක් කරන්න? (නි)
ඔන්න ඉතින් ඇවිල්ල වද කරගන්නමෙයාලට යාපනේ ගැන කැක්කුමක් තිබුන නම් මීට කලින්නේ එන්න තිබුනනේ . මේගොල්ලන් ඔක්කොම එකගලෙන් කුරුල්ලෝ මරණ අය. (දිල්)
ඩේවිඩ් කැමරොන් සිහලයන් හට අපහස කලා (දී)
යාපනේ ගිහිල්ල මොනවද කරගත්තේ? (දී)
ලංකාවේ සිංහයෝ කැමරොන් පිළිගන්න එයාපෝට් යන්න බැනර්ටිකක් හදාගෙන.10 දෙනෙක් උනත් කමක් නෑ රටවෙනුවෙන්. (දී)
ඔය උතුර පැත්තේ අතුරුදහන් සහ මිය ගිය කට්ටිය කියල පින්තුර කියල පෙන්නගෙන ඉන්න අය කොච්චරක් ලෝකේ රටවල් වලද කියල කවුද කොහොමද දන්නේ ,ඇත්තටම රට බේරගන්න සටන් කරලා මිය ගිය අබ්බගාත උන රණ විරුවන් ගැන සහ බෝම්බ වලට මිය ගිය ගැන බලන්න මානව හිමිකම් හොයන්න ඔය විදේශිකයෝ යන්නැද්ද ,අසාදාරණය ලොව රජ කරයි ,විපක්ෂය හැසිරීමත් අන්තිමයි ,ඔය ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපේ පොලිසියටත් මේ රටවල වගේ බොඩි ආමර් ඇතුව සන්නද්ද කරන්න ඕනේ ,ජල්තර කාරයෝ ලම්බෝගිනි පොර්චේ වලින් ගිහින් වැරදි කරනකොට පොලිසියට අල්ලන්න එලවන්න තියෙන්නේ පොඩි හුන්දායි කාර් වලින් ඔහොමයි හැටි මෙහෙ ලොකු වාහන වැඩිවෙනකොට ඊට වඩා වේගවත් පොලිස් වාහන ඒවා නිසා තමයි හරියට නිතිය කරන්නේ. (දී)
මොක කිව්වවත් ඩේවිඩ් කැමරන් ට බයයි වගේ. අපි දැක්කා අද උදේ එතුමා ලංකාවට බහින කොට දාපු දර්ශනේ ,(දී)
ගාමිණි ඔබ හරි (දී)
අගමැතිට කියලා මොනවා හරි යාපනේ දියුණුවට කර ගන්න තිබුන. (දී)
මේක අපේ රට. මේ අයට ඕන ඕන තැන ඕන ඕන විධියට යන්න නිදහස තියෙනවා. ඕනෑම ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්නත් පුළුවනි. අපටත් එහෙ ගිහිල්ල මේවා කරන්න පුළුවන් වේවිද? මේ අය තවම අපට සලකන්නේ යටත් විජිතයක් විදියටයි.(නදී)
ලංකාවේ ඉන්න සිංහල මිනිස්සුන්ට බැරිද කොටි මරපු සිංහල මිනිස්සුන්ගේ ෆොටෝ අරගෙන පාරට බැහැල ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන්න කොටි සිංහල අහිංසක මිනිස්සු මරපු විදිය. සංවිධානය කරන්නකෝ.(නදී)
චැනල් 4 සහ මෙයා අගේ ඉදන් කන කනවා . (නදී)
සුදත්, ඔයා ඉපදුනේ 1989 න් පස්සෙද? සිංහල කොල්ලෝ 1989 කාලෙදි මරපු හැටි ඔයාට මතක නැද්ද? හරියට පරීක්ෂණ තැබුවා නම් දැන් අහවලාටත් හිර ගෙදර මේ දවස් වල උළු ගණන් කර කර ඉන්න තිබුණා. බටලන්ද ගැන කාටවත්ම මතක නැද්ද? දැන් එයාලත් මානව අයිතිවාසිකම් ගැන කතා කරනවා. (නි)
හොදයි ගිහින් බලන්න දීපු එක (දී)
නැවතත් ඔවුන් හදන්නේ ජාතිභේදය ඇතිකරන්නද? (නි)
චැනල් 4 ට විරුද්ධව මහා බ්‍රිතාන්‍යයේ නඩු පැවරීමට ක්‍රමයක් ඇත්නම්....මොවුන් ජාතිබේදය ඇතිකරවනවා (නි)
සංජිව,මට 1971 ඉඳලා මතකයි.1989 ට පෙර 1983 ත් මතකයි. වැලිවේරියත් මතකයි.ඉතින් ඔය තත්ත්වය හැමදාම තියෙන්න ඕනෑද? (නි)
කෙළේ ගුණයක් දන්නේ නැති සමහරක් යාපනයේ ජනතාව. මේ අය දැන් පොඩ්ඩක් හිතන්න ඕනෑ දැන් කොච්චර නිදහසේ ජීවත් වෙනවද කියලා.කෙසේ වෙතත් අපේ ජනාධිපතිතුමා ඉන්නකන් රට දෙකඩ කරන්න කාටවත්ම ලැබෙන්නේ නැහැ. (නි)
ඉස්සර යාපනයට යන්න කිවුවොත් සුද්දන්ගෙත් කකුල් ගැහෙනවා. දැන් මෙහෙම යන්නේ කවුරු නිසාද කියලා හිතන්නෙ නැහැ (නි)
කොටි බෝම්බ වලින් මැරුණු අහිංසක සිංහල මිනිස්සු ගැන මෙයාල අහන්නේ නැද්ද.අපේ ජනාධිපතුතුමාට ධෛර්යය ශක්තිය ලැබේව අපේ රට ආරක්ෂා කිරීමට. (දී)
යකෝ මේ පිට රටවල් වල කීප දෙනෙකුටනේ යාපනය ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ...අපේ සිංහල මිනිස්සු කොයි තරම් නැති උනාද මේ කොටි නිසා... ඒවා ගැන අහන්න මොකෙක් වත් නැ... (දිල්)
මෙරටට සාමය ගේන්න මිය ගිය සහ අතුරුදහන් වුන හමුදාවල පවුල්වල අය හමුවන්න යන්නේ නැද්ද? අද මෙහෙම ඇවිල්ල සියලු රඟපෑම් කරන්නේ ත්‍රිවිද හමුදාවට පින්සිද්ද වෙන්න .මේ කට්ටියටත් කවදා හරි අලි මරපු සුද්දට වගේ අකුණු වලින් පිළිතුරු ලැබේවි.(නදී)
හර්ෂ,මමත් කියන්නේ ඒ ටිකම තමා, හැමදේටම පාරට බහින මිනිස්සු කෝ? ගෙවල්වලට පැනලා පවුල් පිටින් විනාශ කළා.ඕක තමා සිංහලයට ඉක්මනින්ම අමතක වෙනවා කියන්නේ.එයාලට එහෙම අමතක වෙන්නේ නැහැ.විශේෂයෙන් භාෂාව. (නි)
මොවුන් හදන්නේ මේක සිරියාවක් කරන්නද? (නි)
මේ සුද්දට ඊර්ෂ්‍යා ඇති, අපේ ජනාධිපතිතුමා යුද්ධයක් දිනුවට (නි)
ජනගහනයේ අනුපාතයට රජයේ වියදම් පළාත් සබාවලට වෙන් කිරීම වරදක් නොවේ. විදේශ මැදිහත් වීම් මත උතුර කිරි දී අනික් පළාත් වලට කැකිරි බෙදීම නැවතිය යුතුය.(නදී)
යාපනය සාමකාමිද? (දී)
දරුවන් බේරගන්න නම් මෙම දෙමාපියන් ඒ දවස් වල නතර කරන්න තිබුනේ අර නන්දිකඩාල් පැත්තෙන් හොරෙන් මාරු වෙන්න ගිය මීනී මරු තක්කඩියවයි. දැන් කැමරුන්ව නවත්තලා මොනා කරන්නද? (ස)
චැනල් 4 කට්ටියට උතුරට යන්න නොදීම තුලින් එයාලට කරපු උදව්ව කොපමණද කියල අපේ ගොන්නු තේරුම් ගන්න කල් යයි.නාලිකාවක් හැටියට ඒක එයාලට ජයග්‍රහණයක්.උතුරේ හිටපු කොටි විතරක් නෙමෙයි රුප රාමු සහිතව තොරතුරු දෙන්න අපේම උනුත් ලන්ඩන් වල පිරිලා ඉන්නවා. එයාලව මෙයාලට කිසිම අපහසුවකින් තොරව මුණ ගැසෙන්න පුළුවන්. (ස)
මෙතුමාට සමුළුවට වඩා වැදගත් වගෙයි යාපනයට යෑම (නි)
වැඩේ හරි වගේ.ඔක්කොම කියයි අරයා දැන් මෙයාට. (නි)
සම, ලන්ඩන් ඉන්න කොටින්ව අපිට පාලනය කරන්න බැහැ. එහෙත් චැනල් 4 මෙහෙටම ඇවිත් අපිට කොකා පෙන්නලා යනකම් ඔවුන්ට බයවෙලා උඩ බලාගෙන ඉන්නද කියන්නේ? (නි)
සම්, කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න ඕනෑ. ඔයාය බයනම් අපේ ජනපති චෝගම් ලංකාවේ තියන්නෙ නැහැ (නි)
අපේ ජනපතිට සභාපතිකම ලැබුන එකම ලොකු දෙයක්. (නි)
සුදත්, සභාපතිකම ලැබුණ එක හොඳයි. ඒත් මේ සංගමයේ සභාපතිකම ලැබුණා කියලා අපේ රටේ මිනිස්සුන්ට ලැබෙන දෙයක් තිබේද? කැමරන් ලංකාවට ඇවිල්ලා ගුවන් තොටුපොළේදී හැසිරුණේ අපි තවම ඔවුන්ගෙ යටත් විජිතයක් කියලා හිතාගෙන වගේ. අපි ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් වෙනතුරු අපට මේ කෙනෙහිලිකම් විඳින්න වෙනවා. ඒ නිසා චෝගම්වලින් හොඳ ආයෝජන ටිකක් ඇවිල්ලා රටේ ආර්ථිකය ශක්තිමත් වුණොත් ඒක තමයි සැබෑ ජයග්‍රහණය. (නි)
මහ ඇමැතිවරු නවදෙනෙක් ඉන්න රටක එක මහ ඇමැති කෙනෙකුට අසමානව සැළකීම ටිකක් හොද මදි නේද? (නි)
අපේ ජනාධිපතිතුමාට දේශනයක් තියන්න ගෙන්නලා කළ අපහාසයට උත්තරයක් දෙන්න තිබුනා නම් තමයි හොද? සුද්දන්ගේ රටේ සුද්දට ගිය කල! (නි)
අවස්ථාවාදී දේශපාලනයට ඇස් කන් නොමැත (නි)
කෝ මේ ආණ්ඩුවේ උද්ගෝෂණය කරන අය ටික? කෝ අර සේනාව? අපරාදේ.දරුවෝ නැති අම්මලා ඒ වේදනාව දන්නේ. හිතාගෙන ඇති සැණකෙළි කළොත් විතරක් රට දියුණු වෙයි කියලා. (නි)
කෝ මේ ...වීර....සුමනේ...බන්දුල...අරය මෙය කොහෙද ගියෙ...දාමුකෝ බලන්න අදහස් ටිකක්... (ස)
එන පොටනම් හොද නෑ වගේ...කෝ දැන් මහලෝකුවට කෑ ගහන අපේ කට්ටිය. අනේ මන්ද මෙහෙම ගියොත්....(දී)
පව්, මෙයාගෙ ආසාවනේ!(දී)
ප්‍රභා,අඩුගනනෙ මානව හිමිකම් රකින්න උත්සහ කරයි නේද.එහෙම නොකලොත් චෝදනා එන්නෙ ජනාධිපතිට නොවෙයි.චොගම් සභාපතිට..මම හිතුවේ කතා කිරීමේ සහ ලිවීමේ නිදහස,වෙඩි නොකා සිටීමේ අයිතිය මේ නිසා හරි දුප්පත් අපට ලැබෙයි කියල..ටිකක් බයවෙනව නේද.? නැත්නම් යනවිදිහ අවුලක්...(දී)
ප්‍රභා,අඩුගනනෙ මානව හිමිකම් රකින්න උත්සහ කරයි නේද.එහෙම නොකලොත් චෝදනා එන්නෙ ජනාධිපතිට නොවෙයි.චොගම් සභාපතිට..මම හිතුවේ කතා කිරීමේ සහ ලිවීමේ නිදහස,වෙඩි නොකා සිටීමේ අයිතිය මේ නිසා හරි දුප්පත් අපට ලැබෙයි කියල..ටිකක් බයවෙනව නේද.? නැත්නම් යනවිදිහ අවුලක්...(දී)
හොදට බලා ගත්තාද? (දී)
සෑම්, තාම හිතාගෙන ඉන්නේ ඒ අය අපේ හොඳ ලෝකේ වටේ ගිහිල්ල කියයි කියලද? ඒ අය අපේ හොඳ කීවොත් ඒ අයට එයාලගේ ජොබ් එක නැතිව යනවා.නිකන් සුරන්ගනා කතා හිතන්නේ නැතිව යතාර්ථය තේරුම් ගන්න.(දී)
ගාමිණි.හරිම දුකයි නේද ඒ අම්මල ගැන.දකුණේ ඉන්න අම්මලගේ දරුවෝ කීයක් මැරුණද? එතකොට දුක නැද්ද? යාපනයේ ඉන්නවද ඊලමට උදව් නොකරපු දමිල අය? සේනාව ඉන්නේ සිංහල බෞද්ද්යගේ ප්‍රශ්න විසදන්න මිසක් මේ වගේ අගු පිල් හැමතැනම රිංගන්න නෙමේ. (අ)
පොටෝ එකවත් විශ්වාස කරන්න එපා කියන්නේ ඒකනේ.කොටි මරපු අසරණයෝ ගැන කියන්න අහන්න කවුරුත් නෑ.ලංකාවේ ඉන්න එකම මහා ඇමතියා විග්නේශ්වරන්ද?වැඩිපුර අගතියට පත් වෙලා ඉන්නේ සිංහල ජනතාව කොටි සහ උන්ගේ හිතවාදීන්ට ලෝකෙන්ම උදව් ලැබුනට සිංහලයාට විරුද්ධව සමහර සිංහල නම් තියෙන ඊලාම් වාදී අයත් වැඩ කරනවා.එයාලා දන්නේ සේනාවට බනින්න විතරයි. (දී)
දැන් නම් ඕන රාජ්‍ය නායකකුට උතුරට යන්න නිදහස තියෙනවා,නමුත් ඒ දවස්වල ගිය අය ආපසු එන්නේ නැහැ. අනෙක් රටවල රාජ්‍යනායකයෝ ලක් රජයට ස්තුති කරන්න ඕන ඒ අවස්තාව ලබාදුන්නට.(දී)
ලන්ඩන් ඉන්න සමහර දේශද්‍රෝහී සිංහලයෝ අපේ රට පාවා දෙනවා කොටින්ගෙන් ලැබෙන කෑම පිගානට. මගේ ශ්‍රී ලංකාවට බුදුසරණයි!(දී)
නැති උන අය හොයල දෙන්න කියන්න ඕන සෙබලෙක්ටනේ අනේ.මෙයාලට කියල වැඩක් නැහැ අනෙක මේ යාපනේ අයට විතරද මේ ප්‍රශ්නේ අපේ නැති උන අයගේකව්රුත් අහන්නේ නැද්ද(දී)
යාපනේ ගියත් බලන්න තොන්නේ එකම ටික තමා (දී)