IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


බ්‍රිතාන්‍යය කොටින්ට එරෙහි තහනම අඛණ්ඩව

( තිළිණි ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා)

බ්‍රිතන්‍යය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර ඇතැවි විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ එරට රජය එම සංවිධානය තහනම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත් කොට ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටී.

එරට තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ (POAC) තීන්දුවෙන් අනතුරුව ගනු ලැබූ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය මඟින්, එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා එල්ටීටීඊ පෙරමුණු සංවිධානයකින් කරන ලද ඉල්ලීම ද මේ අනුව ප්‍රතික්ෂේප වූ බවද විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී, බ්‍රිතාන්‍යය ඇතුළ රටවල් සමඟ පවතින හවුල්කාරිත්වය ශ්‍රී ලංකා රජය අගය කරන අතර, පුරවැසියන්ගේ ජීවිතවලට තර්ජනය කරන සහ ගෝලීය හා කලාපීය සාමය හා ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය අවම කිරීම සඳහා එක්සත් රාජධානිය සමඟ කටයුතු කිරීම සඳහා ද ශ්‍රී ලංකාව කැපවී සිටින බව අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දේ.

මේ වන විට යුරෝපා සංගම් කලාපය ඇතුළුව ලොව පුරා වෙනත් රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක මෙන්ම, එක්සත් රාජධානියේ ද එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පවතින බවද විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම රටවල කොටි සංවිධානය මුලින්ම තහනම් කරන ලද්දේ, සිවිල් වැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් ඉලක්ක කරගත් මෙම කණ්ඩායමේ කෲරත්වය සහ සාහසිකකම්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වීම සහ ගෝලීය හා කලාපීය ආරක්ෂාවට බලපාන වෙනත් අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙනි.

එල්ටීටීඊ තහනම ලොව පුරා අඛණ්ඩව රඳවා තබා ගැනීම, එහි ජාත්‍යන්තර ජාලය හරහා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීම, ප්‍රචණ්ඩ අන්තවාදය කරා තරුණයින් රැඩිකල්කරණය කිරීම සහ ජනවාර්ගික අසමගිය ඇති කිරීම සහ ඔවුන් ක්‍රියාශීලීව සිටින සෑම රටකම සාමූහික ජීවිතය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරන එම කණ්ඩායමේ අවශේෂ කොටස් විසින් එල්ල කෙරෙන අඛණ්ඩ තර්ජනය හඳුනා ගැනීමක් යැයිද විදේශ අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (3)

බ්‍රිතාන්‍යය කොටින්ට එරෙහි තහනම අඛණ්ඩව

kamal Friday, 03 September 2021 10:47 AM

අපේ සර්ට බයවෙලා තමයි ඔක කරනන ඇත්තෙ

:       0       0

Keppetipola Friday, 03 September 2021 12:33 PM

පුදුමෙ කියන්නේ මම ඉන්න රටේ සිංහල මිනිස්සු එක්ක සමගියෙන් ඉන්න.. කොටිත් ඉන්නවා.

:       0       0

chandanaFriday, 03 September 2021 03:48 PM

ඔයාගෙ රටේ ඒහෙමද. මෙහෙ ටිකක් වෙනස්. මෙහෙ ත්‍රස්තවාදීන් ඒක්ක සමගියෙන් ඉන්න, ත්‍රස්තවාදීන්ට මානුෂික මුහුනුවරක් දීලා ත්‍රස්තවාදීනගෙන් අපිව බේරාගත්ත අයට පාඩම් උගන්වන, සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් බල්ලට දාලා ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන රණවිරු ගාය ගැන දේශණා තියෙන, අවුරුදු 30 ක් පුරා පන්සල් පල්ලි කෝවිල් පාසැල් ලඟ බෝම්බ පිපිරිලා දහස් ගණන් මැරුණත්, අවුරුදු තිහක් මරභියේ ජීවත් වුනත් ත්‍රස්තවාදයට විරුද්ධව මීක් ගාපු නැති. ඒ්ත් දැන් නිදහසක් නැහැයි කියලා ලෝකෙට ඇහෙන්න කෑ ගහන, මේ රටේ ඉපදුනු ඒකට ගරහන අමුතුම සත්ව කොට්ඨාශයක් මෙහෙත් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 336 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 315 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 523 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 260 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 355 1

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 557 1

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 90 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 468 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1440 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site