”කෞෂල්‍යා” වසර 12කට පමණ පෙර රඟපෑ ”බොරදිය පොකුණ” චරිතයේ අතීතයට ගියොත්?
ඇත්තටම බොරදිය පොකුණ චිත‍්‍රපටයේ එදා මම රඟපෑමට එක්වුණේ රංගනය ගැන ගැඹුරින් හිතන්න, අධ්‍යයනය කරන්න, උනන්දුවxආසාව තදින්ම තිබූ කාල සමයකදියි. ඒ හැරත් අදට වඩා නිදහස් මානසික පරිසරයක් පවා ගොඩනැගී තිබුණු කාලයකදීයි. ඒ නිසා සීයටxසීයක්ට වඩා සීයටxදෙසීයයකින් එදා ඊට කැප වී රඟපෑමට හැකි වුණා.
අද රඟපෑමට ප‍්‍රවේශවීමේදී ඔය කියන නිදහස් මානසික පරිසරය නැද්ද?
මම කියන්නෙ මගේ ජීවිතය වටා ඇති පරිසරය ගැනයි. එදා මම විවාහ වෙලා සිටියේ නැහැ. දරුවෝ හිටියේ නැහැ. බැඳීම් තිබුණෙ අඩුවෙන්. එදා මම හිටියෙ පවුල කියන රාමුවෙ නෙවෙයි. ඒ නිසා සැහැල්ලූවක් තිබුණා. ඒ ගැනයි මම කිව්වේ. මේක ඕනෑම සමාජයක ජිවිත ගලායන ස්වභාවයයි. අද රංගනයට අමතරව මම සරසවියේ බාහිර කතිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. ඊට අමතරව නාට්‍ය හා රංග කලාව ගැන පුහුණු පාසැල පවත්වාගෙන යනවා. ඊළඟට මගේ පවුල, හැබැයි මම කරන කුමක් හෝ චරිතයකට මේවා බලපෑම් කරන්නෙ නැහැ. නමුත් ජීවිතය ඇතුලෙ ඇති සැහැල්ලූවට එහා ගිය ස්වභාවය ගැනයි මම කිව්වෙ.
කොහොම වුණත් එදා ඔබ දායක වූ මේ චරිතය අදට සාපේක්ෂව ඔබ දකින්නෙ කොහොමද?
මට හැෙඟන විදියට එදාට වඩා අදට මේ චරිතය තේරුම් ගැනීම පහසුවක් වේවි. මොකද එදාට වඩා සමාජය සංකීර්ණ වෙලා, පුළුල් වෙලා. නමුත් ඒ නිසාම එදාට වඩා අද ආසාවන්, හැඟීම්, තණ්හාව වැඩිවෙලා. ආදරය කරනවා නම්, එයින් උපරිම තෘප්තියක් ලබන්න, ව්‍යාපාරයක් කරනවා නම්, එයින් උපරිම ධනයක් එක් රැුස් කරන්න, අන්න ඒ විදියට තමයි සමාජය ගලාගෙන යන්නේ.
මෙම චිත‍්‍රපටය තිරගත කිරීමට මෙතෙක් කාලයක් අවසර නොලැබෙන්න ඇත්තෙ ඇයි?
මෙහි කතාවට අදාලව චරිත විකාශය වීමේදී, ඒවා ගලායන අන්දමට අදාලව තමයි රූප රාමු පෙළ ගැසී තිබෙන්නෙ. නියමාකාරයෙන් කතාවට අදාලව එය සංකලනය වී මුසු වී තිබෙනවා. එහි ඇතුළත් ලිංගික දර්ශනය ඒ නිසා ඊට ප‍්‍රත්‍යක්ෂයි. එය කපා හැර ඉදිරිපත් කිරීම වෙතින් චිත‍්‍රපටයේ උකහා ගැනීම කළ නොහැකියි. ඒත් මීට පෙර වාරණ මණ්ඩල මේ දර්ශන ඉවත් කරන්න යැයි කියා තිබුණා. එසේ තිබියදී 2010 දී පමණ එවකට චිත‍්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිතුමා යම් යම් සංස්කරණයක් සහිතව මෙය තිරගත කරවීමට අවසර ලබා දී තිබුණා.
ඔබ ඔය සඳහන් කළ විදියේ චිත‍්‍රපටයක් අද ඔබගේ පවුලේ අය නැරඹීමෙන්, එය ඔබගේ පවුල් සංස්ථාවට කෙසේ බලපාවීද?
මගේ පවුලේ දෙමාපියන්, ස්වාමිපුරුෂයා ඇතුළු ඒ හැමෝටම ඕනෑ කරන්නෙ ගුණාත්මක තත්ත්වයෙන් මාව හොඳ නිළියක කරවීමටයි. වෘත්තීය ගුණාත්මක බව ලබාදීමටයි. මේ නිසා ඇත්තටම බාහිර දේවල් බලපාන එකක් නැහැ.
ඔබගෙ පවුලේ විස්තර කියමු?
සැමියා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. අපි දෙන්නට දරුවෝ දෙදෙනයි. ඒ දෙන්නා නිවුන්නු. ඒ දේවල් එක්ක සැමියා සහ මම එකතු වෙලා නිර්මාණශීලී තරුණ පරපුරක් කලාවට දායක කිරීමට සහ උදව් කිරීම උදෙසා අපට හැකි විදියට කටයුතු කරනවා.
පේ‍්‍රක්ෂිකාවක ලෙස ඔබ මේ චිත‍්‍රපටය දකින්නෙ කොහොමද?
මම හිතන්නෙ මෙහි අධ්‍යක්ෂක සත්‍යජිත් මාඉටිපේට මේ චිත‍්‍රපටය එක්ක බොහෝ දේ එයාට අහිමි වුණා. බොහෝ බාධා ඇති වුණා. නමුත් කෙසේ මොන දේ වුවත් මෙය අති විශිෂ්ඨ නිර්මාණයක් බව බොහෝ දෙනා මේ වන විට ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ ගෞරවය ඔහුට හිමි විය යුතුයි. මම කියන්නෙ මේ චිත‍්‍රපටය නැරඹූ පසු ඔබට ඔබගෙ ජීවිතය මෙහි කොතැනකදී හෝ හමුවේවි. යන්න
ගිහින් බලන්න ”බොරදිය පොකුණ” එය සැබෑවක් නොවේද කියා?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘බොරදිය පොකුණ’ කැලැතූ කෞෂළ්‍යා
සමන්තිකා Wednesday, 18 March 2015 06:49 AM
අපිට සිටින ඉතාම දක්ෂ නිලියක්.ඔබතුමියට සුභ පතමි! (ම)
විල්මා Sunday, 08 March 2015 06:53 PM
සත්‍ය වශයෙන්ම ඔබ ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ බව අපි හැමෝම අනිවාර්යෙන්ම පිළිගන්නා කරුණක්.විදේශගතව ඉන්න අපිට මේ චිත්‍රපටිය බලන්න දැන්ම බැරිවුණත් ඔබේ රඟපෑම් ගැන අමුතුවෙන් කිවයුතු නැහැ.ඔබට සියලු ජය ප්‍රාර්ථනා කරනවා! (නි)
දුලිප් Friday, 27 February 2015 10:38 PM
කීර්තිමත් ජ්‍යෙෂ්ට පරිපාලන නිලධාරියකු සහ තානාපතිවරයකු වූ ලයනල් ප්‍රනාන්දු මහතාගේ සහ ප්‍රවීන නාට්‍ය නිෂ්පාදික සහ නිලි සෝමලතා සුබසිංහ මහත්මියගේ දියණිය වූ ඔබ කවුදැයි අපි හොඳින් දනිමු. ඔබගේ රංගන ප්‍රතිභාව තවත් දියුණු වේවා, බොහෝ දේ කරන්නට ශක්තිය ලැබේවා!(නදී)
වීරා Saturday, 28 February 2015 05:55 PM
ඔබ අති දක්ෂ කලා ශිල්පිනියක්. ඔබගේ දුන්හිඳ අද්දර රංගන තාම මතකයි. මගේ ප්‍රියතම නිලියක් ඔබ. ඔබට ජය පතමි (නදී)
වීරසිංහ Saturday, 28 February 2015 05:55 PM
ඔබ අතිදක්ෂ කලා ශිල්පිනියක්. ඔබගේ දුන්හිඳ අද්දර රංගන තාම මතකයි. මගේ ප්‍රියතම නිළියක්. ඔබට ජය පතමි (නි)
රුවන් ජයතිලක Friday, 06 March 2015 03:14 AM
ඔබ හා චන්දන අයියා අතිදක්ෂ කලා ශිල්පීන්. මම දැනට පදිංචිව සිටින්නෙ කැනඩාවේ. මම සහ මල්ලි ඔබගේ ආයතනයේ ඉගෙන ගත්තේ 1986දී. ඔබට ජය පතමි. (නි)
සරත් Saturday, 28 February 2015 06:11 AM
මා විදේශ රටක සිටින නිසාත්, ලගදීම ඒමට නොහැකි නිසාත් මෙම චිත්‍ර පටය බලන්න පුළුවන් විදියක් ගැන කියන්න. කෞශල්‍යා ඔබ මගේ ප්‍රියතම නිලියක්. ඔබට සුබ අනාගතයක්. (අ)
ප්‍රසන්න Friday, 13 March 2015 12:34 PM
හොඳ රඟපෑමට අපේ සුබ පැතුම්! (නි)
දුමින්ද Monday, 02 March 2015 07:23 AM
පෙනන-දකින ජීවිත රංග මණ්ඩලෙන් ඔබ්බට ගිය නිලියක්. (ර)