මලයාසියාවේ පැවැති බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ දී බඳුන ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඔවුන් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබිණ. මෙම තරගාවලිය රටවල් 12ක සහභාගීත්වයෙන් පසුගිය 1 සහ 2 දිනවල මලයාසියාවේ කොටකිනබාලූ හිදී පැවැත්විණි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රීනාත් ශූරියබණ්ඩාර (නායක) රදික හෙට්ටිආරච්චි (උප නායක,) සජිත් සාරංග, නයිජිල් රත්වත්ත, සාලිය කුමාර, ෆාසිල් මර්ජා, මිතුන් ෂාමිල්, චාමර දාබරේ, දිනූෂ චතුරංග, සාලිය හඳපාන්ගොඩ, විශ්වමිත‍්‍ර ජයසිංහ යන ක‍්‍රීඩකයෝ ඇතුළත් වූ අතර පුහුණුකරුවන් ලෙස බෙන්ගෝලින්ස් සහ ලෙනාඞ් ද සිල්වා යන මහත්වරු ද, කළමනාකරු ලෙස මොහාන් රත්නායක මහතා ද කටයුතු කළහ.
බඳුන ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රග්බි සංගමයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීමෙන් පසු.
ශ්‍රීනාත් සූරිය බණ්ඩාර (නායක), රදික හෙට්ටිආරච්චි, සජිත් සාරංග, නයිජිල් රත්වත්ත, සාලිය කුමාර, ෆාසිල් මර්ජා, මිතුන් ෂාමිල්, චාමර දාබරේ, දිනුෂ චතුරංග, සාලිය හඳපාන්ගොඩ, විශ්වමිත‍්‍ර ජයසිංහ, රුෂාන් චන්දිමාල්, චාමර දාබරේ යන ක‍්‍රීඩකයෝ ඡායාරූපයේ සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් ක්‍රිකට් ඇරෙන්න ජාත්‍යන්තරයේ හැප්පෙන්නේ රග්බි තමයි...(ස)
අපේ කොල්ලොනේ අහල වැඩක් නැහැ ඉතින් (දී)
රග්බි වලට වඩා බැඩ්මින්ටන් තමයි ජාත්‍යන්තරයේ වැජඹෙන්නේ...(ස)