විදේශගතව සිටින සිය බිරිය ගෙන්වා ගැනිමට බලධාරීන්ට කන්නලව් කළද පලක් නොවුවේ යැයි කනස්සලට පත් සැමියා බත්තරමුල්ල විදේශසේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී වස ශරීරගත වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
ඔහු වස බොන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
අනුරාධපුර පුලියන්කුලමේ ඉන්දික ප්‍රසාද් (38) නැමැති සිවු දරු පියකු මෙසේ රෝහල්ගත කැර ඇත.
බිරිය සෞදි අරාබියේ රැකියාවට ගොස් සිටින තර ඇයට හිරිහැර වන බව පවසන බැවින් නැවත ගෙන්වා දෙන්නැයි විදේශසේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා ඇත.
ඒ සදහා රුපියල් ලක්ෂ තුනහමාරක් අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පවසා ඇති හෙයින් මුදල් ගෙවීමට නොහැකි නිසා දරුවන් සමඟ ඊයේ (9 ) නැවත විදේශසේවා නියුත්ති කාර්යාංශයට පැමිණ ඇති අතර එහිදී නිසි පිළිතුරක් නොලැබුණු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ගෘහ සේවයට සෞදි අරාබියාවට කාන්තාවන් යවන එක නවත්වන්න ඕනේ. බිරිඳ රට යවන පිරිමි කසාද බඳින්න නැතුව ඉන්න ඕනේ. කවදාවත් ගැහැණියෙක් රට ගිහිල්ල හම්බ කරපු මුදල් වලින් දියුණු වෙච්ච පවුලක් ඉතිහාසයේ නැහැ. හැබයි විනාශ වුණු පවුල් අනන්ත අප්‍රමාණය. ඇය වෙහෙස මහන්සියෙන් හම්බ කරන මුදලින් එක්කෝ ස්වාමියා පුරුෂයා මත්පැන් බීල බීල සියල්ල විනාශ කර හමාරය. දියණියක් නිවසේ සිටීනම් ඇය දූෂණය වී හමාරය. බිරිඳගේ නැගණිය දරුවන් බලා ගැනීමට නිවසට පැමිණියා නම් ඔහු එය සමඟ දීගකයි. එසේ නැත්නම් බිරිඳ ලංකාවට එනවිට ඇගේ මහන්සියෙන් හම්බ කරපු මුදල් සියල්ල රැගෙන මිනිහ වෙනත් කාන්තාවක් සමඟ පලාගොස් වෙනත් පළාතක ජීවත් වේවි. ඒ මදිවට මේ රටවල ඉන්න තානාපතිවරුන් අපේ බදු මුදලින් අපේ රජයෙන් පඩි අරගෙන මෙහෙ ඉන්න අරාබි කාරයින්ගේ ඕනේ එපා කම් ඉෂ්ට කරාවි. අපේ රට වැසියන්ට සේවය කිරීමට රජය මාව පත්කරලා තිබෙන්නේ කියන එක ඔවුන්ගේ මතකයේ නැත. කරදයකට මුහුණ පාපු කාන්තාවන්ට මේ අයගෙන් ලැබෙන්නේ ඉතාමත් පහත් ප්‍රතිචාර. සැබවින්ම රටට හා රට වැසියන්ට ආදරය කරන නිලධාරීන් පත් කරන්න. යහපත් ඔ නිලධාරීන් ලැබීමටත් අපි පින් කරලා තියෙන්න ඕනේ. කොහෙද අපේ අයට මුදල් ලැබෙනවා නම් ඕනෙම දෙයක් කරන්න සූදානම්. (ඕනෙම දෙයක්) (ස)
රට යන්න කලින් විදේශ සේවා ගාස්තුව විතරද බලන්නේ.ගියාට පස්සේ වෙන හිරිහැර කවුද බලා ගන්නේ? (නි)
සැමියා ගැන දුකත් හිතෙනවා (නි)
මම නම් දකින්නේ මේවා අනුවණ වැඩ හැටියටයි (නි)
කියන්නේ නම් රටවිරුවෝ කියලා. ඒත් වැරදුණහම කවුරුවත් නැහැ (නි)
රුපියල් 100000ක් අතට අරන් තමන්ගේ බිරිදව ඒජන්සි එකට විකුණලා මේවගේ දේවල් කර ගන්න එපා. ඒජන්සි කරුවන්ට ඕනි අපේ කාන්තාවන්ට රට ගිහින් මොනවා උනත් කමක් නැහැ උන්ට සල්ලි හම්බවෙනවනේ රට ගහින් අරබිකරාන්ගේ හැම ඕන එපාකමක්ම අපේ කාන්තාවන් කරන්න ඕනි. මෝඩ මිනිසුනේ ලංකාවේ බඩගින්නේ හිටියත් තමන්ගේ බිරිදව අරාබියට යවන්න එපා එහෙ ඉන්නේ තිරිසන්නු.(නදී)
විදේශ සේවා එක කියන්නේ මන්කොල්ල කාරයොන්ගෙ තිප්පොලක්. (නදී)
මිනිස්සු ඕනේ නැහැ ජිවත් වෙන්න (දිල්)
මං ඉල්ලීමක් කරනවා අපේ අදහස් දක්වන ඇතැම් අයගෙන් ,මනුෂ්‍ය ජිවිත වලට වටිනාකමක් දීලා අදහස් ඉදිරිපත් කරන්න කියලා. "කරලා තියෙන්නේ මෝඩකමක්." එහෙම කොහොමද අනෙක් මනුස්සයගේ දුක දිහා බලන්නේ? තේරුම් ගන්න, තුවාලේ තියෙන මිනිහටලු ඒකේ වේදනාව දැනෙන්නේ. (නි)
රට යවපු ඒජන්සියේ කෙනා ගැනත් සෝදිසියෙන් ඉන්න (නි)
බිරියට මෙතරම් ආදරයක් තිබුනා නම් රට නොයවා ඔහුට යන්න තිබුනනේ (නි)
ගැහැණු බලෙන් රට යවනවා. ඊට පස්සේ ගෙනැල්ලා දෙන්න කියනවා.අවදි වූ වෙලාවේ ඉඳලා නිදාගන්න තුරුම වැඩ.ලංකාවේ ගේක වැඩකළා නම් මීට වඩා මුදලක් ගන්න පුළුවන්. (නි)
ආදරයේ නියම අරුත දන්නා පිරිමියෙක්. හොද සැමියෙක්. හොද පියෙක් (නි)
මේ ආදරය ඇත්ත ආදරයක්. ඔබගේ බිරිය ඉක්මණින් නිදහස් කර ගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
සමන් කුමාර: "ආදරයේ නියම අරුත දන්නා පිරිමියෙක්. හොඳ සැමියෙක්. හොඳ පියෙක්" "මේ ආදරය ඇත්ත ආදරයක්." මේ නිසා ද රට යැව්වේ ? (ස)
මම කලිනුත් දවස මේ තීරයට ලිව්වා දට පත්වූ මිනිසුන්ගේ ප්‍රශ්න දිහා මීට වඩා මානුෂිකව බලන්න කියා. මැද පෙරදිග වහල් සේවය නවත්වන්න කියා මා දැනට වසර 4ක ට ඉහතදී අදාල බලධාරීන්ගෙන් පෞද්ගලික ව ඉල්ලා සිටියා. කියන්න කනගාටුයි ප්‍රතිපලය ගැන. මේ වහල් සේවයෙන් ගසා කන පිරිසේ අභිවෘද්ධිය ගැනත් හිතන්න වූ බව නොකිවමනායි. ඔය තුන්ලක්ෂ කතාව පිටුපස ඇත්තේද ද හැමදා දිග්ගැස්සෙමින් පවතින ජාතියේ තවත් එක් ඛේදවාචකයක්. (ස)
හැබැයි අපේ අයත් 100% හරි නැහැ. මේවා වගකීමෙන් කියන්නේ. මේවා දකිනකොට ගොඩක් දුක හිතුනත් වගකිවයුතු අය නිදිමතේ (නි)
රටවිරුවෝ කියල ප්‍රසිද්ධියේ පම්පෝරි ගහන කාර්යාංශ පුද්ගලික ප්‍රශ්නයකදී ඉදිරිපත් වෙන විදිහ නම් අගේ කරන්න වටිනවා. ඒ මනුස්සයාගේ බිරිඳ ගෙන්වන්න ලක්ෂ 3ක් ඉල්ලනවා නම්, කාර්යාංශයේ ලියාපදිංචි වෙන එකේ තේරුම මොකක්ද? අනිත් එක සෞදියට කොහෙත්ම කාන්තාවන් එවන එක සම්පුර්ණයෙන්ම නැවැත් විය යුතු කරුණක්. (ස)
ඔහු සුවපත් වේවා ! අසරණ දරුවන්ගේ නාමයෙන් ...... (ස)
විදේශ සේවා එක ගැන කතා කරන්න එපා ඇඟේ මාළු නටනවා. එයාලා හිතන් ඉන්නේ එයාල නිසා අපි ජීවත් වෙනවා වගේ. මම අවුරුදු 2 ක් ඔය රක්ෂනය ගෙවන්නේ නැතුව හැමදාම හොරට ආවා. මොකද ගෙව්වා කියල ඇති වැඩක් නැති නිසා. පේනවනේ අමාරුවේ වැටුනම සලකන විදිහ. (නදී)
ගැහැණුන්ව රට අරින පිරිමින්ට හොදක් වෙන්න.(නදී)
රට යන්නේ කොන්ද පණ නැති උදවිය.(නදී)
රන්ජිත් සිල්වා, ඔයා ගොන් කතා කියන්නේ නැතිව ඉන්න. තුවාලේ ඇති මිනිහා තමයි ඒකේ වේදනාව දන්නේ .. ඔයාට ඒ වේදනාව දැනෙන්නේ ඔයාගේ නෝනාට හරි ඔයාගේ සහෝදරියකට හරි වුනොත් විතරයි ... එදාට අපිට බලන්න පුළුවන් ඔයාගේ ගොන් පාට්.... (ස)
විදේශ සේවා එක ගැන නම් කතා කරන්න එපා රුපියල් 12000 නිකරුනේ ගසාගෙන කනවා. පිට රටකදී හදිස්සි අනතුරක් උනොත් සම්පුර්ණ ලියකියවිලි නැත්නම් ඒ වන්දි මුදල ගෙවන්නෙත් නැහැ. එයාර් පෝර්ට් එකට එන මනුස්සයන්ව මොනතරම් රස්තියාදු කරනවද ගුවන් ගමන අවලංගු උනත් ගෙවන්න ඕනා. මුදල ගෙව්වේ නැත්නම් යන්න දෙන්නෙත් නැහැ. කිසිම අනුකම්පාවක් නැති මිනිස්සු තමා එයාර් පෝර්ට් එකේ ඉන්නේ. විදේශ සේවා නමට විතරයි. අහිංසක මනුස්සින්ට සේවා නැහැ.(නදී)
අහිංසක දරුවො ගැනවත් හිතලා වගකිව යුතුතන් මේ ගැන සොයා බලන්න. (ස)
ඇයි විදේශසේවා එකෙන් සල්ලි ඉල්ලන්නේ අසරණ මිනිසුන්ගෙන් අපිත් ගෙවනවානේ අවු දෙකකට වතාවක් අපිට මොන සේවයක්ද ඒකෙන් කරන්නේ ඒ සල්ලි වලින් අසරණ වුණු කෙනෙක් ගෙන්වා ගන්න බෑරිනම් ඕකෙන් ඇති වැඩේ මොකද්ද?(දිල්)
ආදරයට ඇති බාධාව දුප්පත්කම තමයි (නි)
මෙතන මට බනින්නේ ආදරයේ රසය නොදන්නා අයයි (නි)
මට බනින්නේ අනියම් බිරියන්ගේ පහස ලබන, ආදරය නොහදුනන අයම තමයි (නි)
මම ඉන්නේ කුවෙට් වල. මම ආදරේ අරුත දන්නවා. දෙමව්පියන්ගෙන්, දරුවන් ලබන ආදරෙත්, මිතුරන්ගේ ආදරයත් ගුරුවරුන්ගේ ආදරයත් මම හොදට දන්නවා.(නදී)
මම නම් තවම විවාහ වෙලා නැහැ. දැන් වයස 24යි (නි)
මිනිසුන්ගේ අසරණකමට ගරහන්නේ ඇයි මිනිස්සුනේ. මේක තමයි මේ රටේ ඇත්ත තත්වය. ජීවත් වෙන්න බැරිම තැනට තමයි රට යන්නේ. මෙච්චර හොද සැමියෙක් ඇයි බිරිදව රට ඇරියේ.(නදී)
බිරිඳ රට ගියහම වෙන ගෑණු සොයා නොගිය අවංක සැමියෙක්......... දරුවන් ගොඩක් සිටිනවා නම් මව සිටිය යුතුමයි. කරුණාකර මේ පවුලට උදව් කරන්න. (ස)
මේකත් මරණය දක්වා දුරට ගියාට පසු නිසි බලධාරින්ගේ ඇස ඇරේවි. අපේ මිනිස්සුන්ට තියෙන්නේ දෙයක් වෙන්න ඉස්සෙල්ල වලක්වා ගන්න පුරුද්ද නොව දෙයක් සිදු වූවට පසු පිස්සු නටන්නයි පුරුද්ද. (ස)
මොනවා උනත් පව්. (ස)
මේ අපේ රටේ අපේ මිනිස්සු නේද ? මේ මනුස්සයා කියන්නේ බොරුද ? මේ මනුස්සයා කාටද මේ දේ කියන්නේ. (ස)
ඕවට වියදම් කරන්න සල්ලි නෑනේ අපට.. අහිංසකයන්ව රට පටවලා ඕන තරම් හම්බකර ගන්නවා.ඊට පස්සේ අර රේස් මේ රේස් තියනවා. බොහොම සන්තෝසයි. (ස)
ලංකාවේ එම්බසි එකට කොහොමත් සල්ලි තමයි ඕන.මම ඉන්නෙත් සෞදි වලම තමා.රුපියල් 60000 තියෙනවා නම් එම්බසි වල දුක් විදින්න ඕන නෑ.එන්න පාරවල් තියෙනවා. (ස)
මොකද මේ ආපහු ගෙන්න ගන්න ලක්ෂ ගානක් ඕනේ ? ඔක්කොටම ඉස්සෙල්ල ඒ ගැන හොයන්න. රට යනකොට ලියාපදිංචි කරල, රක්ෂණය කරලා නේද යන්නේ? එහෙම කරලත් ආපහු එන්න තවත් සල්ලි ඕනේ ද ? (ස)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කරන එකම දේ බෙල්ලට පිහිය තියල වගේ රුපියල් 12000 ක් ගසා කන එකයි. ගුවන්තොටුපොළට ඇතුළු වුන වෙලාවේ ඉදලා ගුවන් යානය නග්ගන මොහොත දක්වා පරික්ෂා කරන්න. නෝනලා එකසිය පනහක් විතර දාලා තියෙන්නේ. ඉස්සර ගසා කාපු රුපියල් 3200 ය ගිය අවුරුද්දේ ඉදලා වැඩි කරලා. (නදී)
අර මොකක්ද සගරාවකින් කිව්වා නේද ලංකාව කියන්නේ අර්සියාවේ සෞභාග්‍යමත් රටක්.සතුටින් ජීවත් වෙන මිනිසුන් ඉන්න රටක් කියලා.එහෙනම් මොන එහෙකටද ගුල්ෆ් වල වහල්ලු හැටියට මැදපෙර යන්නේ?.යවන්නේ? (ස)
කණගාටුදායක පුවතක්. මෙවැනි අවස්ථාවලදී විදේශ සේවා නියුක්ත කාර්යාංශය මෙයට සම්පුර්ණයෙන් මැදිහත් විය යුතුයි. මොකද මේ අහිංසක මිනිස්සුන්ගෙන් රක්ෂණයි කියා මුදලකුත් අය කරනවනේ. (ස)
ගොඩක් නිලධාරීන් ' වැඩ බැරි ටාසන් ලා' . එහෙව් එකේ අරාබි නීතියට හෝ අරාබි කාරයන්ට බැනීම මෝඩ කමක් නේද ? (නදී)
ගරු කර්තෘ තුමනි මාගේ අදහස් සැමදාම ප්‍රමාදවී පලවන්නේය. ඔබේ කාරුණික අවධානය යොමු වේවා. (නදී)
මේ වගේ වෙලාවට පිහිටට තමයි විදේශ සේවා කියල එකක තියෙන්නේ. නමින්ම තේරෙන්නේ සේවය නමුත්, එක නොවෙන තැන අහිංසක මිනිස්සු මොනවා කරන්නද ? සල්ලි තියෙනවා නම් බිරිඳ රට යනකල් බල ඉන්නේ මොන පිරිමියද ? (ස)
මෝඩ කොල්ලනි කෙල්ලනි. සෞදියට නම් යන්න එපා. තමාගේ ගෑනි සෞදියට ගියා නම් කනත්තට ඇරලුවා කියලා හිත හදා ගන්න. වස බීලා ගොන් පාර්ට් දාන්න ඕනේ නැහැ. ඉන්න ළමයින් ටික කොහොම හරි හදා ගන්න බලන්න. (නදී)
මෙහෙමත් මෝඩ වැඩ.. (ස)
මුද්දරේ ගහලද කියල හරියටම බලනවා ගුවන් තොටු පළේදී. පැමිණිල්ලක් උදව්වක් ඉල්ලන්න ගියාම බිරි අලින්ට වීනා වයනවා වගේ ? (නදී)
පනින්නට පෙර සිතා බලනු. යවන්නට පෙරත් සිතා බලනු. මෝඩ වැඩ නොකරන්න බලනු. යහපත් වැඩ කරන්න බලනු.(නදී)
අපේ රටේ මිනිස්සු ගැන ඔය ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හිතන්නේ තමන්ට හම්බවෙන ගැන ගෙන පමණි. (ස)
කපිලගෙ කතාව හරි වැදගත්. ඔන්න ඕකයි ලංකාවෙ තත්වය..(ස)
අපි රට යනකොට අපිව පරික්ෂා කරන්න ඉන්න මහත්තුරු නෝනලා බලන්න එපායැ අපිට තියන ආදරේ, අපි යන එන තැන් හොයල බලන ලස්සන.මොනවා හරි කරදරයක් වෙලා එතැනට ගියහම බලන්න ඕන මිනිස්සුන්ට සලකන හැටි .12500/= අපරාධ අපි ගෙවන්නේ. (ස)
තමන් පැමිණෙන්නේ සේවයක් කර වැටුපක් ලබා ගැනීමට බව දන්නේ එහෙමත් පිරිසක් විතරයි. මම බැංකුවේදී අනන්තවත් දැකල තියෙනවා තම හාම්පුතාට කිසිම ගරු සරුවක් නැති අපේ රටේ කාන්තාවන්. සල්ලි දාන්න එක්කරගෙන ආවම හැසිරෙන විදියෙන් එක හොඳටම ඒත්තු යනවා. කිව යුතුමයි, මෙහි එන ගොඩක් කාන්තාවන් හොඳින් අවංකව කැපවීමෙන් වැඩ කරනවා. මම දැක්ක ළමයෙක් බලාගන්ඩ ඇවිත් ඉන්න එක බොහොම තැන්පත් කාන්තාවක්. එයා තමන්ගේ දරුවෙක් වගේ ඒ දරුවාව බල ගන්නවා. සල්ලි දාන්න ආවම හාම්පුතා ඒ වෙලාවෙත් තව කීය හරි වැඩිපුර දෙනවා මේකත් එක්කම යවන්ඩ කියල. මේ වගේ ගොඩක් අත්දැකීම් තියෙනවා. පසුව කියන්නම්කො. (දිල්)
රන්ජිත් සිල්වා කියනවා මෙන් සෞදි රටට ගැහැණුන් යැවිමෙන් වලකින්න. කිසිම මානුෂික සැලකිමක් නොදක්වන තිරිසන් මිනිසුන් සිටිනා රටකි. අනික් කරුණ රජය බලයෙන් අරිනවා නොවේ. මොවුන් කැමැත්තෙන් ගොස් ඇති කර ගැන දේ වලට රජය මොනවා කරන්නද ? (ස)
අන්තිම අසාධාරණයි. සල්ලි ගන්න එක මැද පෙරදිග යන අයගෙන්. ලජ්ජා නැති විදියට එකතු කරන්නේ. ඒකත් මැද පෙරදිග යන අයගෙන් විතරයි. (ස)
කොච්චර ආදරෙන් හිටියත් අග හිඟ කම් ඇති වෙනකොට මිනිස්සු තමුන්ගේ ජීවන මාර්ගය සලසා ගන්න මේ වගේ නොයකුත් රැකියා වලට විදෙශ ගත වෙනවා. ඒ තැනදී යම් කරදරයක් වෙනවා නම් මෙහෙ කියන්න කෙනක් නැහැ .මෙහෙ සමහර අයට ෆෝන් දෙන්න නැහැ. කොහොම හරි එයාලට උදව් කරන්න.. අසරණ මිනිස්සු. (ස)
ඇත්තටම ගැහැණු රට යවන පිරිමි ලැජ්ජා වෙන්න ඕනෑ. තමුන්ට රියදුරු වැඩේ හරි ඉගෙනගෙන රට ගියානම් හොදයි නේද වස බොනවට වැඩිය? රට යන්න පිරිමින්ට හිත හදාගන්න ආත්ම ශක්තිය නැද්ද? (නි)
ඕව ගැන බලන්නද විදේශ සේවා එක තියෙන්නේ, රටවිරු විහිළු ස්ටාර් වගේ කොයිතරම් වැදගත් දේවල් තියනවද ඒ මහතොරුන්ට,එවටනේ .සල්ලි වියදම් කරන්න ඕන .නැත්නම් කොහොමද අශ්චාර්ය රටක් හදන්නේ,(දිල්)
හරිම පාපයක්. ඇත්තටම මොකක්ද ලක්ෂ තුන හමාරේ කතාව? අඩුම තරමින් ගුවන් ටිකට් පතේ ගාස්තුව කීවා නම් වෙනම කතාවක් කියන්න පුළුවන්. අනෙක රජයේ ආයතනයක් වන විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අය එහෙම කොහොමද මුදල් ඉල්ලන්නේ අහිංසක මිනිසුන් ගෙන්. මේ අයව තනතුරු වලින් ඉවත් කරන්න ඕනේ. අහිංසකයෝ මැරෙන කල් ගොළු බිහිරෝ වගේ ඉන්නවා. මේවාට රජය මැදිහත් වෙලා ඔය පුටු වල ට හරියට සේවය කරන මනුස්සයන්ව දාන්න ඕනා. මට නම් තේරෙන්නේ නැහැ අපේ රටට මොකද වෙලා තියෙන්නේ කියලා. බලන්න දැන් අර දරුවෝ 4 දෙනාට යන කල. තාත්තත් මැරුනොත්? හැම දෙයක් ම අපේ රටේ පත්තරේට වැටෙනවා. උණුහුම ගියාම ඉවරයි. පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මේවා විසඳන්න රජය හරහා.(නදී)
රට යන හැමෝගෙන්ම අයකරන මුදල් වලින් දුක් කරදර වලට මැදිවන කෙනෙක් ගෙන්වාගන්න බැරිද? එම ආයතන තියෙන්නේ මොකටද? අහිංසක දරුවෝ අසරණ ජීවිත පව් (නි)
මේවා තමයි අද සමාජයේ ඇති ප්‍රශ්න (නි)