IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බ‍්‍රයන් ලාරා ‘නානානේ’ ගීතය මිමිනු 20-20 අපූරු රාති‍්‍රය...

විස්සයි-විස්ස ක‍්‍රිකට් තරඟ යනු ලෝක ක‍්‍රිකට් පිටියට අමුතුම ආකර්ශනයක් ගෙනදුන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නව හැඩයයි. තරඟයකට පමණක් සීමා නොවී මෙම ක‍්‍රිකට් තරග පැවැත්වෙන්නේ හරියට සැණකෙළි ස්වරූපයෙනි. මේ අපූරු සැණකෙළි තරඟ අතරට එක්වූ නවතම විස්සයිxවිස්ස තරඟාවලිය වන්නේ එස්-එල්-පී-එල් (SLPL) හෙවත් ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්-විස්සයි-විස්ස තරගාවලියයි. දැන් මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මොහොතකි. මෙවැනි තරගාවලියක් ආරම්භ කරනවිට එය උත්කර්ෂවත් සමාරම්භයකින් පැවැත්වීමට සංවිධායකයෝ උත්සුක වෙති. ඒ අනුව මෙම තරගාවලිය ආරම්භ කෙරුණේද එවැනි උත්කර්ශවත් සමාරම්භයක අසිරිය සමගින් පසුගිය 10 වෙනිදාය. සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩා පරිශ‍්‍රයේ පැවැති මේ සොඳුරු අවස්ථාව චිත්තාකර්ෂණීය රටා පෙළකින් හැඩ ගැන්විණ. මේ සටහන් වන්නේ ඒ සොඳුරු රාත‍්‍රිය ගලා ගිය විදිය ගැනයි. පාකිස්ථාන හිටපු ප‍්‍රවීණ ක‍්‍රීඩක රමීශ් රාජා සහ ශ්‍රී ලංකා රූ රැජිණ වූ ස්ටෙෆානි සිර්වර්ධන මෙන්ම කැලූම් ශ්‍රීමාල් මෙහි විස්තර කථනයට එක්ව සිටියහ. මෙම උළලෙහි සමාරම්භය සනිටුහන් වූයේ ජාතික ගීයට මුල්තැන දෙමිනි. ඒ සඳහා ළමෝ ළපටි රැසක් සහභාගි වූහ. ඉන්පසු ශ්‍රී ලංකාවේ එදා මෙදා ක‍්‍රිකට් තරු ගැන සහ ඔවුන්ගේ දක්‍ෂතා ගැන හැඳින්වීමක් කරන අතරේ දර්ශන තල පරිගණක තිර මතින් මුදා හැරිණි. මහින්ද්‍රා එස්එල්පීඑල්(SLPL) නමින් පැවැත්වෙන මෙම උළලෙහි ආරම්භක කතාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග විසින් කරන ලදී. ඉන්පසු විවිධ නර්තනයන්ගෙන් වේදිකාව හැඩ ගැන්විණි. විවිධ හඳුන්වාදීම් කිරීම සඳහා හේතු පාඨ කීමට එක් එක් අවස්ථාවලදී ප‍්‍රවීණ රංග ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහද එක්විය. සනත් ජයසූරිය සහ අනර්කලී ද, එලෙසින් එක්වූ අනෙක් තරුය. මහින්ද්‍රා ආයතනයේ සහ මේ තරගාවලි ප‍්‍රධානීන් වන ඉන්දීය ජාතිකයින්ද, එක් එක් කණ්ඩායම් බාර හිමිකරුවන්ද කණ්ඩායම් නායකයින් සමග හඳුන්වාදීම ඉන්පසු සිදු කෙරිණ. ඒ සෑම හඳුන්වාදීමක්ම  අවසන් වූ පසු විශේෂිත නර්තන අංග සහ ගීතවත් අවස්ථා පැවැත්වූවේ ඒ ඒ පළාත්වල රිද්මයට-සංස්කෘතියට සමගාමීවය. මේ අතරවාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක මහේල හිටපු ක‍්‍රීඩක ලෝප‍්‍රකට ක‍්‍රීඩ අරවින්ද ද සිල්වා මෙන්ම ලෝක වාර්තාවන්ට හිමිකම් කියන ලෝප‍්‍රකට ක‍්‍රීඩක බ‍්‍රයන් ලාරාගේ කතාද ඇතුළත් විය. බ‍්‍රයන් ලාරා කළ කතාව කාගේත් පැසසුමට ලක්විය. බ‍්‍රයන් කිසිවිටෙකත් ශ්‍රී ලංකාවේ ලෝක ශූරතාවය දිනූ කණ්ඩායම සහ එහි නායකයා වූ අර්ජුන අමතක කළේ නැත. කවදත් ශූර කථිකත්වයට දක්‍ෂ අපේ සංඟා කතා කිරීමට පෙර, විශේෂිත නර්තන කීපයකින් සහ සංගීත වාදන වෙතින් උළෙල රස ගැන්විණි. ප‍්‍රසාදි නර්තන ඇකඩමිය, චන්දන වික‍්‍රමසිංහ සිසු සිසුවියන් මෙන්ම විවිධ නර්තන වාද්‍ය ශිල්පීන් රැසක් මේ අංග හැඩ ගැන්වූහ. මෙහිදී පැමිණ සිටි කාගේත් සිත් ගත්තේ මෙම තරගාවලියේ වෙළඳ නාම තානාපති දෙපළක් ලෙස කටයුතු කරන භාතිය-සන්තුෂ් ඩිල්ෂාන් සමග නටමින් ගැයූ ගීතයයි. ඒ ගීතය ගැයීම සඳහා ඔස්ටෙ‍්‍රලියානු ක‍්‍රීඩකයින් වන ඩර්ක් නැනස් සහ බොගස් මෙන්ම පාකිස්තානු ක‍්‍රීඩක ඉම්රාන්නසීර් මෙන්ම බ‍්‍රයන් ලාරාද එක්වීම සුවිශේෂී අවස්ථාවක් විය. ඩිල්ෂාන් නානානෙ... නානනෙ නානනෙ නා... කියමින් තාල මවද්දී, ඩර්ක් නැනස්ද එය අපූරුවට ගැයුවේය. ඉන්පසු ලාරා ද එම විදියටම ගැයූ අතර කවුරුත් ප‍්‍රීතියෙන් උද්දාමයට පත්වූ අවස්ථාවක් විය. ඩිල්ෂාන් දිල්ස් කූප් ගීතයෙන් නර්තනයෙන් භාතිය සන්තුෂ් සමග ඉදිරිපත් කළ විදියද කාගේත් සිත්ගත් මොහොතක් විය. භාතිය-සන්තුෂ් මෙහි ප‍්‍රසංග කළමණාකරණය සඳහා එක්ව සිටි අතර, ගීතවත් අවස්ථා සඳහා ඉන්දියාවේ ප‍්‍රකට ශිල්පීන් මෙන්ම ලෝප‍්‍රකට රෙගේ ගායක මැක්සිෆිස්ට්ද  මේ අවස්ථාව හැඩගැන්වූහ. මෙහිදී අමතක කරන්නම බැරි තවත් චරිතයක් ලෙස බොලිවුඞ් රංගන ශිල්පී විවේක් ඔබරෝයි සඳහන් කළ හැකිය. අපූරු නර්තනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාව හා ඔහු අතර ඇති ආධ්‍යාත්මික බැඳීම ගැන කතා කළේ හරියට ශ්‍රී ලාංකිකයකු මෙනි. ශ්‍රී ලංකාවේ බොහෝ දේ සඳහා දායකත්වය ලබා දෙන බවට ඔහු තවදුරටත් සඵත වූහ. කෙසේ වෙතත්, මේ සොඳුරු මොහොත සඳහා මාධ්‍ය වෙනුවෙන් ගරුත්වයක්, ආරාධනා කිරීමක් කළාදැයි අප නොදනිමු. අපට මේ සොඳුරු මොහොත ආවරණය කිරීමට ලැබුණේ පෞද්ගලිකව ලද ආරාධනා පත් නිසාය. ඒ වෙනුවෙන් වෙසෙසින්ම අප වත්මන් ප‍්‍රසංග කලාවේ ශබ්ද පරිපාලන අංශයේ නව ප‍්‍රවණතාවය වන මලින්ද ලෝ වෙනුවෙන් ස්තූතිය පුදකළ යුතු අතර, භාතිය සහ වෙසෙසින්ම සන්තුෂ්ට විශේෂිත ස්තුතිය පුද කළ යුතුය. ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හදවතින්ම ආදරය කරන බව අපි දනිමු. මේ සොඳුරු මොහොත ගැන මෙලෙස සටහන් කළේ ඒ නිසාමය. එසේ නම් ඔබ ආදරය කරන ඒ ක‍්‍රිකට් තරු පිරිවරාගත් ඒ රාත‍්‍රියේ සුන්දරත්වය මේ ඡායාරූප වෙතින් සිතුසේ විඳගන්න.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

මුරලිට සහ මහේලට මැදිවූ  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයා... හරි ලස්සන අවස්ථාවක් නේද... හරි අපිත් ලෑස්තියි වාකාර්ගෙන් ලහිරුට උපදෙස්... බස්නාහිර වීරයෝ.... කඳුරට වොරියස්ලා... ඊළඟට මගේ සිංදුව.... ඩිල්ස්කූප් විතරක් නෙවෙයි මට ගයන්නත් පුළුවන්... ඩර්ක් නැනස්ටත් නානානේ නානනෙ කියන්න පුළුවන් ඉම්රාන් නසීර් නා නා නේ.. වෙනුවට නේ... නේ..නේ.. කියමින්... සුපිරි කී‍්‍රඩාක සනත් ජයසූරිය සහ අනර්කලී නිවේදන කටයුත්තක...



අදහස් (0)

බ‍්‍රයන් ලාරා ‘නානානේ’ ගීතය මිමිනු 20-20 අපූරු රාති‍්‍රය...

තමීල් Wednesday, 29 August 2012 04:54 PM

මොන වගේ වින්දනයක්ද දන්නේ නැහැ නේද ගන්න හදන්නේ? (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 29 August 2012 04:56 PM

වින්දන....? පිස්සුද? (නි)

:       0       0

සුරේන්ද්‍ර Saturday, 25 August 2012 04:36 PM

මම බැලුවා ඒ වීඩියෝව ලස්සනයි

:       0       0

චානක Monday, 20 August 2012 03:12 PM

මොන එදිරිවාදිකම් තිබුණත් මෙතනදි අපි නියෝජනය කරන්නේ අපේ ලංකාවයි. (නි)

:       0       0

මනෝහරන් Tuesday, 21 August 2012 11:29 AM

මට නම් කන්න බොන්න, පාසල්, රෝහල්.. ඕනෙත් නැහැ මේවා බලන්න තියෙනවා නම්.. තව තවත් මෙවැනි දේ ලැබේවා..!!(නු)

:       0       0

ඩඩ් Friday, 24 August 2012 09:05 AM

මෙතන ඉන්න සමහර අය පැමිණි අරමුණ සැකසහිතයි (නි)

:       0       0

ඩයස් Friday, 24 August 2012 09:10 AM

මධුරයි මනෝහරයි (නි)

:       0       0

ශාන් ඉතාලි Saturday, 01 September 2012 02:44 AM

ලංකාවෙ ඉන්නෙ මහ පුදුම මිනිස්සු.. අලුත් දෙයක් කලොත් නම් කවදාවත්ම හොදක් කියන්නේ නැහැ.. වෙන රටවල මේවගේ දේවල් කරලා හොදට සල්ලි හම්බකරනවා.. අපේ රටෙත් ක්‍රිකට්වලින් මේ විදියට ඉදිරියට ගියොත් මේ බනින අයට මොනවා හිතෙයිද? (නු)

:       0       0

පුෂ්පේ Monday, 20 August 2012 09:12 AM

20-20 සෙල්ළංකරනවා ද (අ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 19 August 2012 05:01 PM

ඇයි මේ අනර්කලී? (නි)

:       0       0

ඉරේෂ් Wednesday, 22 August 2012 11:40 AM

මෙහෙම දේවලුත් තියෙන්න අවශ්‍යයි. එහෙත් දැන් දැන් අනවශ්‍ය වියදම් ටිකක් වැඩියි වගේ නේද? (නි)

:       0       0

වත්සලා Sunday, 26 August 2012 01:49 PM

ලස්සනයි

:       0       0

අනුර Monday, 20 August 2012 10:38 AM

සුභ පැතුම් .හරිම ලස්සනයි..(ස)

:       0       0

චන්දන Tuesday, 21 August 2012 03:27 AM

රට පිරිහිලා. මිනිස්සුන්ට කන්න බොන්නවත් සල්ලි නැහැ. මේ අය මෙහේ පිස්සු නටනවා. අපේ රට ළගදිම ඉතියෝපියාවක් වේවි. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 20 August 2012 11:05 AM

මල් හතයි (නි)

:       0       0

අනුර Wednesday, 22 August 2012 02:03 AM

රවීන්ද්‍ර මහත්තයානම් ඉන්නවා කෝ ජැක්සන් මහත්තයා!!(නු)

:       0       0

නිරාන් Tuesday, 21 August 2012 01:41 PM

ලංකාවේ ක්‍රිකට් ලෝකෙට අරන් ගිය අර්ජුනලා කෝ..(ස)

:       0       0

දිලිප් Thursday, 30 August 2012 10:09 AM

සමහර මිනිස්සු කන්න නැතුව වතුර ටිකක් විතරක් බීලා ඉන්දැද්දි මොනවට මෙහෙම සල්ලි නාස්ති කරනවද මන්දා? (නි)

:       0       0

හර්ෂණ Monday, 20 August 2012 12:24 PM

මෙතන ඉන්න එක්කෙනෙක්, "කරන වැඩකුත් නැහැ, නොයන තැනකුත් නැහැ." (නි)

:       0       0

කුරුප්පු Wednesday, 22 August 2012 06:53 AM

දැන් වෙළඳ මාෆියාව තවත් ශක්තිමත් වේවිද දන්නේ නැහැ. (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 22 August 2012 07:13 AM

නියම පින්තුර (දී)

:       0       0

මධු Monday, 20 August 2012 12:08 AM

ප්‍රනාන්දුත් අහන්නේ හරියට මුකුත්ම දන්නේ නැහැ වගේනේ. (නි)

:       0       0

අරුණ Monday, 20 August 2012 01:01 PM

අර්ජුන ගැන මතක් කළාට ලාරාට ස්තූතියි. බලාගෙන යද්දී අපි මහ කෙළෙහි ගුණ නොදන්න ජාතියක්. (නි)

:       0       0

deepa Tuesday, 21 August 2012 07:42 PM

සන්තෝසයි (දී)

:       0       0

ගිහාන් Tuesday, 21 August 2012 07:45 PM

නන්නානේ තමයි ගැලපෙන්නේ (දී)

:       0       0

ෂර්ෆාස් Monday, 20 August 2012 02:06 PM

අවස්ථාවට නුසුදුසු පිරිසකුත් ඉන්නවා. (නි)

:       0       0

ගිරිගෝරිස් Saturday, 25 August 2012 07:11 AM

චන්දන මහත්තයෝ, ඉතියෝපියාව තියෙන්නේ කොහේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 30 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1795 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1380 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 393 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 527 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 238 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40018 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site