IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


බර්ලින් කඨින පිංකම

ජර්මනියේ බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගිය 19, 20 යන දිනවල එම විහාරස්ථානයේදී විචිත‍්‍ර ලෙස පැවැත්විණි

19 වන රාත‍්‍රියේ පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින කඨින චීවරය පූජා කිරීම සම්බුද්ධ ප‍්‍රජාව සාංඝික දානය සහ කඨිනානිශංස ධර්ම දේශනයක්ද පැවැත්විණි.
කඨිනානිසංස ධර්ම දේශනය විහාරවාසි  දික්වැල්ලේ සීලසුමන හිමියන් විසින් පැවැත්වූ අතර ජර්මන් බසින් හැම්බර්ග් විහාරාධිපති නම්මැන්නාවේ ධම්මානන්ද හිමියන්ද ජර්මන් බසින් ඉංග‍්‍රීසි බසින් තල්පාවිල කුසලධම්ම හිමියන්ද පැවැත්වූහ.
ශ්‍රී ලංකා ජර්මන් ධර්මදුත  සංගමයේ උප සභාපති තිස්ස වීරරත්න  මහතාද එහිදී දේශනයක් පැවැත්වූ අතර ධර්මදුත සංගමයේ සංවිධානයෙන් සහ විහාරාධිකාරීන් වන කෝන්ගස් පිටියේ ශාන්ත රක්ෂිත දික්වැල්ලේ සීල සුමන යන හිමිවරුන්ගේ අනුශාසනයෙන් පිංකම පැවැත්විණි.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකික කාම්භෝජ ලාඕස් ජාතික බෞද්ධයින්ද එම අවස්ථාවට සහභාගි වූහ.
කඨින පිංකම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිට අයි.ඞී.එච්. හි මණ්ඩාවිල විහාරාධිපති කුඹුරුගමුවේ සුගුණ ධම්ම හිමියන් වැඩම කර සිටි අතර ඉතාලිය සහ ජර්මනියේ විහාරස්ථානවල වැඩ සිටින ස්වාමින් වහන්සේලා දසනමක් පිංකමට සහභාගි වූහ.

 



අදහස් (0)

බර්ලින් කඨින පිංකම

සුජාත Friday, 25 October 2013 12:26 PM

සිරාණි මහත්මිය කියපු දෑ හරි මෙවන් දේ අද සමාජයෙන් තුරන් නොවි රැකගන්නේ අපේ හාමුදුරුවන් වහන්සේලයි. (ස)

:       0       0

චානක. Friday, 25 October 2013 12:07 AM

අද භික්ෂුන්ගේ ක්‍රියාකාරකම් පෙනෙන විට මට නම් පෙනෙන්නේ එම වහන්සේලා බුදුන්ගේ දහමට පිටතින් ගමන් කරනවා කියලයි.සම්පත් ටිකෙන් ටික ඉවත දමනවා වෙනුවට ‍තව තවත් සම්පත් ළඟා කර ගැනීමේ ප්‍රවණතාවයකි දකින්න තිබෙන්නේ. (නි)

:       0       0

සපුමල් Friday, 25 October 2013 08:01 AM

ඔව්, චානක ඔබ හරියටම හරි. අද භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ ආර්ය පර්යේෂණයේ නොවේ (නි)

:       0       0

ලසන්ත Friday, 25 October 2013 08:47 AM

චානක සහ සපුමල් කියන දේ හරි....නමුත් මේ වගේ පින්කමුත් තියෙන්න ඕනේ.....එතකොට ජනතාවට පින්කම්වලට සහබාගි වෙන්න පුළුවන්....කටින චීවර පින්කම් කියන්නේ මහානිසංස පින්කමක්....හාමුදුරුවන්ගේ මුලික පරමාර්තේ නිවන් මග ටමි.....ගිහි සමජයට් පින්කම්වලට යොමු කිරීමට් හමුදුර්වන්ගේ උතුකමක්.....ඔබ සැමට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 25 October 2013 04:07 PM

සාදු,සාදු,සාදු, මේ අටමහ කුසල් වලින් ප්‍රධාන පින්කම්.කාරුණික පින්වතුනි, තෙරුවන් සතු අගුණ, වැරදි, අඩුපාඩුකම් සෙවීම, යම් යම් අඩුපාඩු විකෘති කර කීම, ප්‍රචාරය ආදී මේ සියල්ලම තම තුල ඇති සිල්වත් බව තමා විසින්ම බිඳ ගැනීමකි.අන් අයගේ දිහා බලන්න එපා.මොකද අපි තුල තියෙන වැරදි අපිටවත් තේරුම් ගන්න අමාරුයි. පින් කම් දිහා බලල සතුටු වෙන්න.තමා හැකි නම් කරන්න.මේවා දස කුසල් වේ.ඔබ සිත් තෙරුවන් ගැන පැහැදේවා. තෙරුවන් ගුණම නිතරම සිහි කරන්න.එය සුගති ගාමි වීමට හේතුවකි.තෙරුවන් සරණයි..ඔබලාට දහම් කරුණක් දැනගන්න අවශ්‍ය නම් පමණක් කතා කරන්න. 00393341227517 (ස)

:       0       0

සිරානි Friday, 25 October 2013 10:33 AM

මෙහි අදහස් දාන අය ආරඤ්ඤ වාසි හා ග්‍රාම වාසි කියල භික්ෂුන් කොටස් දෙකක් සිටි බව දැනගත යුතුයි. අදත් ඒ පිරිස ඒ විදිහටම ඉන්නවා. නිවන් දැකීම සදහා කටයුතු කරමින් බණ භාවනා කරන භික්ෂුන් ඉන්නාවා වගේම මේ කටයුතු කරන්නත් භික්ෂුන් සිටිය යුතුයි. ලංකාවේ පන්සල් වල කටයුතු කරන භික්ෂුන් වහන්සේලා මිනිසුන්ගේ වැඩ කටයුතුමයි කරන්නේ. දහම් පාසල් කිරීම පන්සල් නඩත්තු කිරීම වැනි කටයුතු. ඒ භික්ෂුන්ගේ නිවන් මග බොහෝ දුර වෙන්න පුලුවන් නමුත් ඒ අය නිසා තමයි අන් අයට දහම රැක දීමේ ක්‍රියාව සිදුවන්නේ. එහෙම නොවුනා නම් දුකෙන් කථාකරන ඔබත් වෙනත් ආගමකට ගිහින් ඉන්න තිබුණා. වැරදි විදිහට මුදල් පසුපසම යන හාමුදුරුවරුත් නැත්තේ නොවේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකාව හා චීනය අතර සාකච්ඡා
2024 ඔක්තෝබර් මස 22 84 0

චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වි


උතුරු මුහුදේ ධීවර ගැටලු විසඳන්න සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 22 108 0

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු විය.


බුද්ධශාසන අමාත්‍යංශයේ වාහන දෙකක් අවුරුදු දෙකක් පැදලා නෑ
2024 ඔක්තෝබර් මස 22 554 0

බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයිති වාහන දෙකක් වර්ෂ දෙකකට වැඩි කාලයක සිට ධාවනය නොකර ගාල්කර පැවතුන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


හෙට සිට අඩු මිලට පොල්
2024 ඔක්තෝබර් මස 22 1133 1

ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.


වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල
2024 ඔක්තෝබර් මස 22 444 0

හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ වෙඩි තැබීමේ පුහුණුවක් අතරතුරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද එම ප්‍රදේශයේ පුද්ගල


‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සෑම විටම ශ්‍රී ලංකාවට දෙනවා‘
2024 ඔක්තෝබර් මස 22 426 0

සිය පුරවැසියන්ට හොඳ අනාගතයක් ගොඩ නගාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැමවිටම සහාය ලබාදෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ට


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site