මෙම මස 19-20 දෙදින බර්ලින් මහා විහාරයේ කඨින පින්කම වෙනුවෙන් ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති උපාලි සරත් කොන්ගහගේ මහතා හා ශ්‍රි ලංකිකයින් සමග තායිලන්ත කාම්බෝජ ලාඔස් විශාල පිරිසක් සහභාගි වන බව විහාරාධිපති ශාන්ත රක්ඛිතහිමියෝ කියති.
ලංකාවේ සිට වැඩම කරවන භික්ෂුන් වහන්සේලා දෙනමක් සමග තවත් භික්ෂුන් වහන්සේලා අට නමක් මෙම පිකම වෙනුවෙන් සහභාගි වන බවද උන්වහන්සේ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා දිගු ඉතිහාසයක් තිබෙන මෙම පන්සල සතු ඉඩම වෙන්දේසි කරනවා කියා පසු ගිය කාලේ රාවයක් පැතිරුනා.මාධ්‍ය මගිනුත් කරුණු හෙලිකලා .නමුත් දැන තත්වේ අපි දන්නේ නැහැ. (ස)
සාදු,සාදු,සාදු....මොන පන්සලෙන් කරත්,මොන හාමුදුරුවෝ මුල් කරගෙන කරත් හොඳ දේට,වරදක් කියනවා නෙමේ,...නමුත් මම දන්නා තරමින් බර්ලින් වල ඉන්නේ 100-300 වගේ සිංහල මිනිස්සු ඒකෙනුත් කොටසක් කතෝලික, දානයක් තියෙන දවසක පන්සලට එනවා, අනික් කොටස කිසිම ආගමක් අදහන්නෙත් නෑ...ජාතියට හෙනගැහිලා ගියත් ජාතියට ආදරයකුත් නෑ,..මෙවෙනි තත්වයක් තියාගෙන,..මේ ඉන්න 100 වගේ පිරිසකට මේවගේ පින්කම් දෙකක් පන්සල් දෙකක පවත්වන එක ගැන මගේ බර්ලින්වල ඉන්න මිත්‍රයන් බොහොම කනස්සල්ලෙන් කතා කරනවා,..මේ තත්වය තියෙන්නේ දැනට අවුරුදු දෙකක තුනක කාලයේ පටන් බව තමා මගේ මිත්‍රයන් කියන්නේ, ඒක නිසා මම අහන්න කැමති Frohnau පන්සලේ මෙම ක්‍රියාකලාපය කොතරම් දුරකට මේ ඉන්න සිංහල බෞද්ධ පරිසට හොඳ අතට බලපානවද කියල, මෙයට වගකිවයුතු හාමුදුරුවන්ට මට කියන්න තියෙන්නේ මේ සියලුදෙනා එකතුකරගෙන එක පින්කමක් හරියට කරන්න කියල, මට තියෙන සැකය ඔබ වහන්සේලා මේ ක්‍රියා කරන්නේ මේ සමාජය දෙකඩ කරන්න කියල,..මේ තියෙන කරන උඩඟු අහංකාර වැඩ නවත්වල, සඟ බේද කරනඑවුන්ගේ කතා නොඅසා,.දැන්වත් මේ සමාජය එකතු කරන වැඩපිළිවෙලකට දායක වෙන්න කියල, මම මේ තරුණ අත්දැකීම් අඩු හාමුදුරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා,..(අ)
ලංකාවේ මිනිස්සු මේ වටිනා ස්ථානයත් විනාශ කරන්න පුළුවන්. (නි)
ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙක් මුහුඳු බඩ වෙරල අශ්‍රිතව දිවි ගෙවූ යයි. මින් වැඩි දෙනෙක් කුඩා කල සිටම වෙරළේ සුද්දන් හා වෙළඳාම් කරපු කට්ටිය. මේ අයට ආගම ගැන එතරම් ඇල්මක් කුඩා කල සිටම නොතිබුන නිසා පන්සල් වලට ශ්‍රී ලාංකික කටයුතු වලට ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැහැ. (අ)
බර්ලින් පන්සලේ තරුණ හාමුදුරුවෝ දැනට කරගෙන යන වැඩපිළිවෙල ඉතා හොදයි. තමන් ඉගෙනගන්න ගමන් උන්වහන්සේ කරනදෙයට අනිත් අය සහයෝගය දෙන්න ඕනෑ. ඒ තරුණ හාමුදුරුවෝඉතා දක්ෂ කෙනෙක් (නි)
බර්ලින් මහා විහාරයේ ඉන්න පොඩි හැමදුරුවෝ මට හමුවී තිබෙනවා, ඉතා හොද හාමුදුරුනමක්. නිකන් මඩ ගහන්න එපා. විනාශවේගෙන ගිය පන්සල නැවත ගොඩ ගන්න වැඩකරන්නේ ඒ හාමුදුරුවෝ.ඔය කියන අය දැන් පන්සලට ගිහින් බලන්න ඉතා හොදින් වැඩ කරගෙන යනවා. (නි)
කුමාරන, පන්සල එවැනි තත්වයකට පත්වුණේ පිරිසකගේ රහසිගත වංචාකාරී ක්‍රියාකලාපය නිසයි. ඒ බව බර්ලිනයේ වසන ජර්මන් සහ ලාංකික බෞද්ධයින්ට රහසක් නොවෙයි. මෙම පාපකර්මයට තවමත් සහය දක්වන සියලු දෙනාට (ශ්‍රී ලංකාවේ සහ බර්ලිනයේ ගිහි පැවිදි අයට) කවදා හෝ දිනක ස්වභාව ධර්මය විසින් නිසි පිළිතුර දෙනු ඇත. (නි)