ජර්මනියේ බර්ලින් නුවර සම්බෝධි විහාරස්ථානයේ කඨින මහා පිංකම පසුගිය 19 වෙනි සෙනසුරාදා දවස පුරාම ජර්මන් ජාතික බෞද්ධයන්ගේ බෞද්ධ සංගම් ශාලාවේදි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම මහා පිංකම බර්ලින් සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහා පිරිවෙනේ අධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීය.සිංහල හා ජර්මන් භාෂාවෙන් පිළිගැනීම සිදුකළ උන්වහන්සේ කඨින පිංකමක ඇති වැදගත්කම පෙන්වා දෙමින් පෙ:ව 10ට පිංකමේ කටයුතු ආරම්භ කළේය.
කඨිනානිසංශ ධර්ම දේශනාව බර්ලින් විහාරාධිපති දික්වැල්ලේ සීලසුමන නායක හිමියන් විසින් පැවැත්වූහ. සුරිච් බෞද්ධ විහාරාධිපති කරුවලගස්වැවේ අනුරුද්ධ හිමි, සෙන්ට්ගාලන් හී ශ්‍රී ලංකා මහා විහාරාධිපති ලේඩියන්ගල සුදස්සී හිමි, මණ්ඩවිල අංගොඩ අභය සුමනාරාමාධිකාරී කුඹුරුගමුවේ සුගුණධම්ම හිමි, කටුපොත පොතුවැව ශ්‍රී ශෛලතලාරාම රජමහා විහාරාධිකාරී බෝගහපිටියේ ධර්ම ශ්‍රීඤාණ හිමි, මියුනිච් බෞද්ධ විහාරයේ ශාස්ත‍්‍රපති කන්නිමහර පියසිරි හිමි, බර්ලින් ප‍්‍රභවන තායි බෞද්ධ විහාරාධිපති ප‍්‍රාමොන් චායි යන හිමිවරු වැඩම කල අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් කොහුලරංගන් මහතා ඇතුළු මහත්ම මහත්මීහු හා ජර්මනියේ කාම්බෝජ් තානාපති ආචාර්ය විද්‍යා චෙම්, ජර්මන් ජාතික බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ච රෛනර් නුවාක් මහතා ඇතුළු සිංහල, තායි, වියට්නාම්, බුරුම, කාම්බෝජ්, හා ජර්මන් ජාතික බෞද්ධයන් විශාල පිරිසක් සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි දැක්වෙන විහාරාධිපති හිමියන්ට අමතරව තවත් විහාරාධිපතිවරයෙක් සිටිනවාද? (නි)
ජර්මනියේ ලාංකිකයින්ගෙන් අපේ රටට ජාතියට කිසිම සේවයක් වෙන්නේ නැත්තේ ඇයි? (නි)
. අනිත් ආගමවල මේ වගේ දේ වෙන්නේ නැද්ද ?(නදී)
සාදු.සාදු,සාදු.!!! මේ අට මහා කුසල්ය.ඔබත් මේවා දැක හෝ සහභාගි වී නිවන් සැප ළගා කරගන්න.තෙරුවන් සරණයි ඔබ සැමට. නමෝ බුද්ධාය! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිවන් දකිත්වා! (නි)
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
පිටිගල මිලානෝ, ජර්මනියේ සිටින ලක්වැසියන්ගෙන් ආගමට ජාතියට,රටට සුබ දේවල් ගොඩක් සිද්ධ වෙනවා.ඔයාට මොකක්ද තියෙන ප්‍රශනය? (නි)
පිිටිගල මිලානොගෙත් කතා? (නි)