IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බොරළු ලෙඩේ කන්තලේ වැවටත් පැතිරේ

කන්තලේ පැත්තේ පාරවලට පස් හා බොරළු සොයා ගැනීමට කන්තලේ වැව් පිටිය ද හරා මහා විනාශයක් කර ඇත.

ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජනරාල් මී මී රංජිත් ද ස්ල්වා මහතා ලිපියකින් ත්‍රිකුණාමලය වාරිමාර්ග අධ්‍යක්ෂ වෙත දන්වා තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය මස 25 වැනි දා උත්සවාකාරයෙන් ආරම්භ කැරිණි.

මෙම කටයුතු ආරම්භ කිරීමත් සමග අනවසරයෙන් කන්තලේ වැව් පිටියෙන් පස් හා බොරළු කැපීම සිදු විය.

ඉකුත් 23 වැනි දා මෙසේ හොර රහසේ පස් කැපීමේ යෙදුණු තිදෙනකු බැකෝ යන්ත්‍රයක්, ටිපර් රථ තුනක් ද සමග පොලිසියෙන් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීය.

වැව් පිටියේ පස් කැපීම ඇන හිටියේය.

.

 

ඉකුත් 12 වැනි දාතමින් දිසාපතිවරයා නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට ලිපියක් යවා ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා පස් හා බොරළු කන්තලේ වැව් පිටියෙන් ලබා ගැනීමට හැකියාව ඇති බැවින් තමන් ඒ පිළිබඳ විමසා බැලුව ද ඉදිරියේ වැසි සහිත කාලගුණය ආරම්භ වීමට පෙර ව්‍යාපෘතිය අවසන් කළ යුතුව ඇති හෙයින් මේ පිළිබඳ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ලෙස ලිපියෙන් දන්වා ඇත.

මෙම කටයුත්තේ දී යම් පාරිසරික බලපෑමක් සිදු වන්නේ නම් එය සමනය කිරීමට නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා අවශ්‍ය පියවර ගන්නා බව ද දිසාපතිගේ ලිපියේ සඳහන් ය.

මෙම වැව් පිටියෙන් මෙම වැව් පිටියෙන් නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්ෂවරයකු  මධ්‍යම පරිසර අධිකාරිය වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යංශයේ හා ජාතික මැණික් හා ස්වර්ණාරණ අධිකාරියේ වාර්තා ලබා ගැනීමට යයි.

 



අදහස් (0)

බොරළු ලෙඩේ කන්තලේ වැවටත් පැතිරේ

දමිත් Monday, 30 September 2013 09:46 AM

ඔය හොයන්නේ මොනවද දන්නවද? (නි)

:       0       0

ධම්ම Sunday, 29 September 2013 04:28 PM

වැවද, පාරද, කොන්ත්‍රාත්කරුද වඩා වැදගත්?(නදී)

:       0       0

ජයසූරිය Sunday, 29 September 2013 05:02 PM

අටුව කඩලා පුටුව හැදුවා වගේ වැඩක් වෙයි වගේ (නි)

:       0       0

හේරත් Monday, 30 September 2013 01:41 AM

එන හැටියට තීරණය ගන්නවා. (නි)

:       0       0

අබ්දුල් Monday, 30 September 2013 01:11 PM

එක පැත්තක් දියුණු කරන්න තව පැත්තක් විනාශ කරනවා. මේකද සංවර්ධනය... (ස)

:       0       0

ගුණේ Monday, 30 September 2013 08:42 AM

වැවු පිටිය ක්‍රමවත් ලෙස හාරා වැව සංවර්ධනය වන ලෙස එම ක්‍රියාව කළාට කමක් නැතිබවයි මගේ අදහස. අහසින් වැටෙන වතුර වැඩිපුර රදවා ගත හැකි ක්‍රමයකට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1013 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 442 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 593 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2013 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2011 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 875 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22566 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22517 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site