IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බීලා කූඩුවේ ලගී

යහළුවෙකුගේ නිවසකට ගොස්  මත්පැන් පානයකර වෙරිවී නැවත තම වාසස්ථානය කරා එන අතරමගදී මිලානෝ ප්‍රධාන දුම්රියපොළ ආසන්නයේ  රාත්‍රි දෙකට පමණ විසිදෙහැවිරිදි  ඉතාලි ජාතික තරුණියකට බලහත්කාරකමක් කිරිමට තැත්කළැයි කියන   විසිතුන්හැවිරිදි ලාංකිකයෙක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉතාලිජාතික තරුණියගේ නිවස පිහිටි මහල්ගොඩනැගිල්ලේ දොරටුව අසලදී ඇය බිමට තල්ලුකර ඇඳුම් ගැලවිමට තැත්කරද්දී තරුණියගේ කෑගැසිම ඇසුණු දෙමාපියන් එතැනට පැමිණ පොලීසියට කතා කර ලාංකිකයා අත්අඩංගුවට පත්කර ඇත.

පොලීසිය හමුවේ  ලාංකිකයා පවසාඇත්තේ තමා නීත්‍යනුකූලව 2010 සිට ඉතාලියේ වාසයකරන බවත් , අරක්කැමියකු ලෙස කලින් සේවය කළද දැන් රුකියාවක් නොමැති බවත්, සිද්ධිය සිදුවිමටපෙර තම යහළුවෙකුගේ නිවසකට ගොස් මත්පැන් පානය කළ නිසා  සිද්ධිය ගැන කිසිවක් මතකනැති බවත්වය.

ඒ අවස්ථාවේ තරුණිය රෝහල්ගත කළද ඇයට අතවරයක්  සිදුවු නැති හෙයින් රෝහලෙන් නික්මගොස් ඇත.



අදහස් (0)

බීලා කූඩුවේ ලගී

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 29 October 2013 04:05 PM

චතුල සහ පිටබැද්දර,,,,,ඔය කියන එක රටක්වත් මොන පාටද කියලවත් මම දන්නේ නැහැ. රත්නපුරෙන් එහාට ගිහින් තියෙන්නෙත් ලොකු උනාට පස්සේ. ඒ හන්දා ඔය දේවල් මට කියල වැඩක් නැහැ. මම අදහස් දැම්මේ පත්තර වලින් දකින කියන දේවල්. ඉතාලියේ සහ යුරෝපයේ රටවල් වලින් ඇහෙන දේවල් අනෙක් රටවල් වලින් ඇහෙන්නේ නැහැ. ඔයාල මොනවා කිව්වත් යථාර්තය හැමෝම දන්නවා. ඒ දේවල් මෙහෙ අය දැනගන්නවට අකමැති නම් ශිෂ්ට විදිහට ඉන්න රටේ ජීවත් වෙන්න. නැත්නම් දැන්වත් කොහෙට හරි ගිහින් මොනවා හරි ඉගෙන ගන්න. (ස)

:       0       0

අෂ්ලෙයි Wednesday, 30 October 2013 09:56 AM

අනේ ඔයා එන්ඩ තිබුනේ ඩුබායි. (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 29 October 2013 12:28 PM

මිනිහා හිතන්න ඇති ගෙදර කියලා. (ස)

:       0       0

සුදර්ශන් Tuesday, 29 October 2013 05:14 PM

රොෂාන් ජයමාන්න මිලානෝ ,මහතාණෙනි, ඔබට මම හිස නමා ආචාර කරමි. සත්‍ය ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම ගැන. මේ අනුන්ට අවලාද කියනා අය දැනගත යුතුයි , අනුන්ගේ කුණු ඇවිස්සීමට යාමෙන් තමන්ගේ කුණු වසා ගැනීමට බැරි බව. එයින් සිදුවන්නේ තමන්ගේ කුණු වඩාත් හොදට අවුස්සවා ගැනීම පමණි. අනිකුත් පුද්ගලයන්ට ගැරහීම වසලයන්ගේ වසල ගතියකි. (නි)

:       0       0

නසරානි Tuesday, 29 October 2013 05:22 PM

රටේ නමත් කනවා. වෙනත් කෙනෙකුටවත් රස්සාවක් කරගන්න බැහැ (නි)

:       0       0

සුරංගී Wednesday, 30 October 2013 01:03 AM

මෙයා නම් වෙන්නප්පුවේ කෙනෙක්ගේ වැඩක් වෙන්න බැහැ අර කට්ටිය සද්ද නැත්තේ ඒකනේ.(නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 29 October 2013 12:57 PM

අපොයි දැන්නම් ඉතාලියේ කතා අහල ඇති වෙලා. උගත්කමක් හැදියාවක් තියෙන කවුරුවත්ම ඉතාලියට ගිහින් නැද්ද? කැනඩාව, නවසීලන්තය , ඕස්ට්‍රේලියාව වගේ වැදගත් මිනිස්සු සංක්‍රමණය වන රටවලින් නම් ඔහොම දේවල් ඇහෙන්නේ නැහැ. යුරෝපයේ හැම රටක්ම එක වගේද කොහෙද. (ස)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 05:31 PM

බිල කූඩුවකට ගියාට කමක් නැහැ.හැබැයි වෙරි මරගාතේ අනුන්ගේ ගෙවල් වලට රිංගන්නේ නැතුව. (නි)

:       0       0

ශාන්ති Tuesday, 29 October 2013 01:01 PM

අන්න හ‍රි මොකුත් මතක නැහැ කී වහාම ඔක්කොම හරිනේ. බූරුවා, ඉතාලිය විතරක් නෙමේ මුළු ලංකාවම කනවා. (ස)

:       0       0

උපාලි Tuesday, 29 October 2013 01:11 PM

ඉස්සර රෑට ලයිට් නැතුව යන බයිසිකල් අල්ලා ගත්තාම කොල්ලෝ බොරු ලිපිනයන් දෙනවා රාළහමිලට. ඒ වගේ මේ මිනිස්සුන්ට හදිසියකදී පාවිච්චි කරන්න රටක් මේ ලෝකයේ නැද්ද? මොකක් හරි "ලන්තයක්", අපේ රටේ නම කන්නේ නැතුව? (නි)

:       0       0

පද්මිනී Wednesday, 30 October 2013 02:09 AM

මහගෙදර, මම හිතන්නේ යුරෝපයේ මත්පැන් බොහොම ලාබයි. යුරෝ 1 කට වුනත් වයින් බෝතලයක් ගත හැකියි. ඔයත් යුරොප් ආවනම් ඔය ටික තමා...(නදී)

:       0       0

ඩයස් Tuesday, 29 October 2013 01:13 PM

යමු යමු ආශ්චර්යය කරා (නි)

:       0       0

සජිත් Tuesday, 29 October 2013 01:28 PM

මෙයාවත් යවන්න ඕනෑ සෞදි අරාබියාවට (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 30 October 2013 03:02 AM

ජයතිලක මගෙ රට නම් ලංකාව ඔයා ගෙ රට ස්වාසිලන්තෙද? ඉන්ටර්නෙට් එක තිබුන පලියට මෝඩ කොමන්ටු දාන්න එපා(නදී)

:       0       0

ජයතිලක Wednesday, 30 October 2013 12:46 PM

චතුල වෙරෝනා, අපි හැමෝම ඉපදුනු රට ලංකාව තමයි හලෝ. නැත්නම් අපි මෙතන සිංහලෙන් බයිලා කියා කියා ඉන්නේ නැහැනේ. මම කතා කරන්නේ තමුන්නාන්සේ දැනට වැඩ වාසය කරන රට ගැනයි. හිතා ගතහැකි මොලේ තරම. (ස)

:       0       0

ජෝයි ඩයස් Sunday, 03 November 2013 11:47 AM

රොෂාන් ජයමාන්න මහතාගේ කතාව හරියට හරි...සෙනසුරාදාට කට්ටි කට්ටි සෙට්වෙලා බොනවා අපේ අය සංගීත ප්‍රසංගයකට ගියත් බීලා ගෝරියක් දා නොගත්තොත් එතන ලොකු අඩුවක් වගෙ එයාලට දෑනෙන්නේ....නූගත් කම වගේම දූෂිත දේවල් වල්ට ඈබ්බහිවීම. පෑමිලිවීසා වලට ආපු තරුණ කිරිකජු කොල්ලෝ හරියට නාස්තිවෙලා තියෙනවා.දෙමව්පියන් යුරෝ පස්සේ දුවනවා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 October 2013 02:16 PM

මහගෙදර අනේ අපි නොදන්නා ඕස්ට්‍රේලියා, ගිය මාසෙත් අපේ එකෙක් සිඩ්නි වලදී තරුණ ළමයෙක් අල්ලගන්න හදන කොටම මාට්ටු උනා කියල එසනෙන් දැකකේ නැද්ද ?අපේ එවුන් දිව්‍ය ලෝකේ ගියත් නැහැදිච්ච්කම නම් අතාරින්නෙ නැහැ ! (ස)

:       0       0

රසික Tuesday, 29 October 2013 02:36 PM

අපෝ මේ බත් කන මී හරක් රටේ නම කනවා. (ස)

:       0       0

සුමුදු කාරියකරවන Tuesday, 29 October 2013 02:39 PM

මිනිහා ලංකාවේ දේශපාලනය කරපු කෙනෙක්ද කියලා හොයල බලන්නකෝ. (ස)

:       0       0

රොෂාන් ජයමාන්න ,මිලානෝ Tuesday, 29 October 2013 02:56 PM

වර්ථමානයේ ඉතාලියේ ජීවත්වන ගොඩ දෙනෙකුගේ පවුල් පරිසරය ඉතාමත් කණගාටුදායක තත්වයකයි තිබෙන්නේ.පුරුෂයා යුරෝපයේ රැකියාව කරමින් සිටිද්දී බිරිඳව හා දරුවන්ව ලංකාවට යවයි. ඉන්පසු ඔහු මෙහි ඩෙඟානටයි. ඊටම හරියන ගැහැණුද මෙහි ඇත.තම කසාද පුද්ගලයාගෙන් වෙන්වී තවත් කාගේ හෝ ඇඟේ එල්ලීමට බලා සිටියි. ඉන්පසු මේ ගැටවලට අසුවුන පුද්ගලයින්ට සිදුවන්නේ ණය වෙවී අනුන්ගේ දරු පවුල් නඩත්තු කිරීමටයි. (ස)

:       0       0

කුමාරි Tuesday, 29 October 2013 02:57 PM

ඕක තමයි කියන්නෙ බලු වලිගය උණු පුරුකේ දැම්මත් ඇදේ අරින්න බෑ කියලා. (ස)

:       0       0

සුදර්ශන් Tuesday, 29 October 2013 02:57 PM

පිටබැද්දර ජයා නමැති අලුත්ම ඕස්ට්‍රේලියන් ඇලජික් කරලියට එයි. ඒ සිඩ්නි වලදී මාට්ටු වෙච්ච කෙනා ඔහේගේ නෑ කෙනෙක්. බෝට්ටුවෙන් ආපු ග්‍රහයෙක්. නිතියානුකුලව මෙහාට ආපු කෙනෙක් නොවෙයි. (ස)

:       0       0

ගජ මෑන් Tuesday, 29 October 2013 03:03 PM

මේ අර මතක නැති ලෙඩේ බෝ වෙච්ච කෙනෙක් වගෙයි. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 29 October 2013 03:11 PM

මහගෙදර ඕස්ට්‍රේලියාවෙ ඉන්න වැදගත් අය ගැනනම් අපිට කියන්න එපා. එහෙට ගිය ඔය වැදගත් අය වීස ගන්න ලියකියවිලි හදා ගත්තු වැදගත් ආකාරය ඔයාට ඕනනම් කියා දෙන්නම්. ලක්ෂ ගණන් බැංකු මැනේජර්ලට දීල තමයි හොර ආදායම් වාර්තා හදා ගත්තෙ. ඉගෙන ගන්නව කියල ඉංග්‍රීසි කෝස් එකක් කර කර ජොබ් කරන ඔහෙ ඉන්න වැදගත්තු සිංහ කොඩියක් අරගෙන රට වෙනුවෙන් පාරෙ ඉඳල තියනවද කවදාවත් මැච් එකක් තියෙද්දි නම් බීගෙන කොඩි ඔලුවෙ ඔතාගෙන හිටියා. ඉන්න රටේ හැටියට මිනිස්සු වර්ග කරන්න බෑ. මොට්ට වැඩ කරන උන් ලෝකෙ කොහෙත් ඉන්නවා. (ස)

:       0       0

ජයතිලක Tuesday, 29 October 2013 03:36 PM

චතුල වෙරෝනා, වැඩිපුරම මොට්ට වැඩ කරන කට්ටිය ඉන්නේ ඔයා ඉන්න රටේ. ගම කාල, රටත් කනවා. සන්තෝසේ බෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3627 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 37 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 22 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 72 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 108 0


මඩකලපුව සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 91 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 64 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site