IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බාල ඩීසල් ටෙන්ඩරය අත්හිටැවෙයි

බාල ඩීසල් ශ්‍රී ලංකාවට සැපැයූ සිංගප්පූරුවේ විටෝල් සමාගමේ ටෙන්ඩරය අත්හිටැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය අද තීරණය කෙළේය. බාල ඩීසල් පාවිච්චි කිරීම නිසා දළ වශයෙන් ලංගමට රුපියල් ලක්ෂ 750ක ද, දුම්රියට ලක්ෂ 30ක ද පාඩුවක් සිදුව ඇතැයි දැන ගන්නට ඇත. මීට අමතරව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයට වූ අලාභය වෙනුවෙන් වන්දියක් ඉල්ලන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. මෙම සමාගම අසාදු ලේඛණ ගත කර තිබිණි. ඛනිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවැසුයේ කලින් හිටපු සභාපති එම සමාගම හොඳ සමාගමක්සේ ලියාපදිංචි කර ඇති බවයි.    



අදහස් (0)

බාල ඩීසල් ටෙන්ඩරය අත්හිටැවෙයි

සුමනා Friday, 03 August 2012 08:00 PM

රටේ නිලධාරීන්ට අවශ්‍ය ඕනෑම විදියකට වැඩ කරන්න ඇමතිතුමා ඇයි ඉඩ දුනනේ? (නි)

:       0       0

ජගත් බාලසුරිය Friday, 03 August 2012 08:07 PM

ඇමතිතුමා ගෙදර යන්න රට කන්නේ නැතුව . (දී)

:       0       0

කසුන්-ලක්සම්බර්ග් Friday, 03 August 2012 08:34 PM

"ඛනිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවැසුයේ කලින් හිටපු සභාපති එම සමාගම හොඳ සමාගමක් සේ ලියාපදිංචි කර ඇති බවයි." කාට කියන්නද මේවා? තොග පිටින් ගන්න කලින් සාම්පල පරීක්ෂා කරල නැහැ වගේ එතකොට. ලියාපදිංචි කරල තිබුණ නිසා ගෙන්වා ගත්තා, එහෙමද? කොමිස් කතාවල් පැත්තක තියමුකෝ. ඒත් ඇමතිතුමා පොඩ්ඩක් තාත්වික වෙන්න බලන්න. (නි)

:       0       0

රංග Friday, 03 August 2012 08:40 PM

මේ කරපු බලු වැඩ වලට කවද හරි හම්බෙයි.

:       0       0

ස්ලික් Friday, 03 August 2012 08:42 PM

හිටපු සභාපතිතුමා පත්කළේ කවුද ? (නි)

:       0       0

සෙනරත් Saturday, 04 August 2012 09:08 PM

අයියෝ අපේ සල්ලි. (නි)

:       0       0

පාලිත වීරතුංග Saturday, 04 August 2012 09:32 PM

මේවගේ තව බාල ටෙන්ඩර් කොපමණ රජයේ ආයතනවල තිබෙනවාද ඒවා එලියට නෑවිත් සල්ලි කොපමණ විනාශ කරනවාද? මේවත් සොයා බලන්න..(නු)

:       0       0

චමී Friday, 03 August 2012 08:51 PM

අනේ, අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 August 2012 08:58 PM

අපිට බෑරිද තෙල් ගන්න ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් හදන්න? (නි)

:       0       0

දිලිප් Friday, 03 August 2012 09:15 PM

අවුරුදු දෙකක් ගතවන්නටත් පෙර නැවතත් බාල ඉන්ධනම ගෙන්වන්න තරම් අමතක වීමක් සිදු වුණේ ඇයි? (නි)

:       0       0

සමන් Friday, 03 August 2012 09:16 PM

තවත් නම කැත කර ගන්නේ නැතුව ඉල්ලා අස් වුණා නම් හොද නැද්ද? (නි)

:       0       0

රොනී Friday, 03 August 2012 09:18 PM

ඇමැතිතුමාට මතක නැතිව ඇති හිටපු සභාපතිගේ කාලේ කවුද තෙල් ඇමැති කියලා?

:       0       0

firo Friday, 03 August 2012 09:24 PM

ඇමැතිතුමා තාම නිදිමරගාතෙද කතා කරන්නේ? (ත)

:       0       0

ඇරිස් Friday, 03 August 2012 09:27 PM

සමාගමෙන් වන්දි ඉල්ලන්නකෝ. (නි)

:       0       0

තරංග Friday, 03 August 2012 09:31 PM

ඒ ගමන අපට තවත් නාටකයක් පෙන්වන්නද හදන්නේ? (නි)

:       0       0

රෝහිත සමරකෝන් Friday, 03 August 2012 09:36 PM

ජනාධිපතිතුමනි, එකමදේ දෙතුන්පාරක් වෙනකම් ඔබ තුමා ඇයි මොනවත් කරන්නේ නැත්තේ? (ත)

:       0       0

අමිල කටුනායක Friday, 03 August 2012 09:39 PM

බාල තෙල් වලට බාල කතා. (ත)

:       0       0

පාලිත වීරතුංග Friday, 03 August 2012 09:51 PM

දෙවරක් අසාදුලේඛන ගත කරපු දමාගම තව ටික කාලෙකින් නැවත පගා දීලා බාල තෙල් එවයි. (ත)

:       0       0

දර්ශණ Saturday, 04 August 2012 10:27 PM

ඇමතිතුමා හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ජනතාව මොනවා කනවා කියලාද දන්නෙ නැහැ.. (නු)

:       0       0

sarfaz Friday, 03 August 2012 09:53 PM

එතකොට යාළුවන්ට දීපු ටෙන්ඩර් හොදයි. (ත)

:       0       0

සුසන්ත Saturday, 04 August 2012 10:27 PM

ඒ තෙල් සමාගම බලෙන් ලංකාවට තෙල් දෙන්න එන්නේ නෑනේ. ලංකාවෙන් ඉල්ලුවොත් තමා තෙල් දෙන්නේ. ඇමතිතුමා කියන කතා හොදයි කෙන්ඩේ බැදපු චීන්නුන්ට.(නු)

:       0       0

සිසිර Monday, 06 August 2012 09:10 AM

ඇයි අප්පේ අරාබිකරයේ තෙල් සමාගම් ඕනෑතරම් තියෙන්නේ. (නි)

:       0       0

කැලුම් Friday, 03 August 2012 09:59 PM

අනේ මේකෙ සභාපතිකම මට දෙන්න බැරිද? (නි)

:       0       0

නන්දිත Friday, 03 August 2012 10:13 PM

වෙන රටක මෙහෙම වුණානම් මෙලහකට ඒ ඇමති ඉල්ලා අස්වෙලා. (නි)

:       0       0

සුනිල් අබුඩාබි Saturday, 04 August 2012 11:32 PM

අපි මේවට හැමෝම අදහස් දක්වමු.. දුප්පත් අපිට හැමදාම දේශපාලනයෙන් සෙතක් නැහැ.. අපි පත් කරපු නිසා අපිම අපේ වාහන හදාගමු..(නු)

:       0       0

සුජීව Friday, 03 August 2012 10:33 PM

අනේ මෙහෙමත් කාලයක්..!!(නු)

:       0       0

චමිලා Friday, 03 August 2012 10:45 PM

‍දැන් මේ කියන්නේ වගකී‍මක් ඇති පිළිතුරක්ද? අන්තිමට මේවායින් විදවන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට. (නි)

:       0       0

ලක්සිරි Friday, 03 August 2012 10:47 PM

කලින් සභාපතිතුමාව පත්කළේ අපිමනේ. (නි)

:       0       0

යෝනුසලවි Friday, 03 August 2012 10:53 PM

මේ ඇමතිතුමෝ, සිංගප්පූරුවෙන් ගෙනාවේ බොර තෙල් ද? නැත්නම් පිරිපහදු කරපු තෙල් ද? කෙසේ වෙතත් අපේ පිරි පහදුවේ තෙල් නිකුත් කරන්න කලින් බලන්නේ නැද්ද? ඔය පාඩුව ඇස්තමේන්තු කරල තියෙන්නේ යස අගේට. මෙම පාඩුවත් අපි වගේ සාමාන්‍ය ජනතාවට තමයි විදවන්න වෙන්නේ. (නි)

:       0       0

සංජය Friday, 03 August 2012 10:54 PM

ණයට ගන්න දේවල් මෙහෙම තමයි. (නි)

:       0       0

එඩ්වඩ් Friday, 03 August 2012 11:04 PM

මෙහෙම ඇමතිවරුන්ව තවත් තියා ගන්න නම් හොද නැහැ. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 03 August 2012 11:07 PM

මේ සභාපතිවරුන් පත් කරන ක්‍රමවේදය කුමක්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 03 August 2012 11:27 PM

මගේ වාහනය ගෙදර. ඩීසල් ගහන්න බයයි මට. (නි)

:       0       0

ඔසධ Friday, 03 August 2012 11:28 PM

මොනවා කළත් ඇමතිතුමාට තියෙන්නේ හොද ප්‍රියමනාප මුහුණක්. (නි)

:       0       0

සනත් ඉන්දික Sunday, 05 August 2012 04:38 AM

මනෝජ් ඩුබායි 2012-08-04 18:48:04 ආණ්ඩුව එකම වරද දෙපාරක් කළාම මොකද? අපේ මිනිස්සු සිය පාරක් විතර එකම වරද කර කර ඉන්නෙ මේගොල්ලන්ටම ඡන්දය දිදී..!! මම දැකපු ලස්සනම කොමන්ට් එක ඔය හරියටම හරි

:       0       0

බෙස්ටර් Sunday, 05 August 2012 05:04 AM

මේ ආණ්ඩුව තමයි ස්ත්‍රී දූෂකයන් වැඩියෙන්ම ඉන්න ආණ්ඩුව. (නි)

:       0       0

ගයාන් Friday, 03 August 2012 11:48 PM

දේශපාලනඥයන් මේ රට විනාශ කරලා අවසන් වෙන්නේ කවද්ද? (ත)

:       0       0

රුවන් Friday, 03 August 2012 11:51 PM

අසාදුලේඛන ගතකරපු සමාගමක් කොහොමද හොද වෙන්නේ? මේකට සම්බන්ධ අයගේ සියලුම දේපළ රාජ සන්තක කර උපරිම දඩුවම් දෙන්න. (ත)

:       0       0

ජයරත්න දේවපතිරාජ Saturday, 04 August 2012 12:01 AM

මේ නාගත්තේ කීවෙනි පාරටද? (ත)

:       0       0

පිනා Monday, 06 August 2012 11:01 AM

සමන් ප්‍රදීප් 2012-08-05 07:36:49 ඔය කියන විදියට මෙයා අස්වුනොත් තමයි පුදුමේ එහෙමනම් මෙයා අස්වෙන්න ඕන අර බාල පෙට්රෝල් ගෙනාපු දවස් වලයි (දී)

:       0       0

ඉක්බාල් Sunday, 05 August 2012 07:01 AM

ජනතාව රැවටුනා මදිවට තවත් රැවටෙනවා. ලොකු පොඩි හැමෝම හිතෙන හිතෙන විදියට සෙල්ලම් කරනවා. (ත)

:       0       0

අසිත් Monday, 06 August 2012 11:14 AM

මෙවැනි නාස්තිකාර වැඩ නවතා ලංකාව කවදා නම් ගොඩ එයිද දන්නේ නැහැ. (නි)

:       0       0

පුරවැසියා Saturday, 04 August 2012 12:30 AM

මට නම් ඔබතුමා ගැනත් මං ගැනත් හරිම දුකයි. මොකද අපිනෙ ඔයාලව පත්කළේ. (ත)

:       0       0

සිල්වා Saturday, 04 August 2012 07:18 AM

අනුන්ට උදව් කරන්න ඕන නැහැ.. කරදරයක් නොවී හිටියානම් ඇති.. ඒකට අ‍පේ අය..(නු)

:       0       0

බමුණුසිංහ Saturday, 04 August 2012 07:32 AM

යුද්ධය දිනපු එක ඇත්ත වුණත්...??? (නි)

:       0       0

සමන් ප්‍රදීප් Sunday, 05 August 2012 07:36 AM

ඇමැතිතුමනි ඔබ රටට ආදර්ශයක් දෙන්න. ඔබගේ අත්වැරදීම පිළිගන්න. ජනතාවගෙන් සමාව ඉල්ලලා අස්වෙන්න. එතකොට ඔබ ජාතික විරයෙක් වෙයි. (ත)

:       0       0

මීමනගේ Saturday, 04 August 2012 07:41 AM

මේ රට දැං අයෙත් ගොඩ ගන්න බැහැ.. රට විනාශ කරලා තියෙන්නෙ.. කතිරෙ ගහපු අපි තමයි වග කියන්න ඕන..මේවට...!!(නු)

:       0       0

නලින් Saturday, 04 August 2012 07:40 AM

සුසිල් බබා මොනවත්ම දන්නෙ නැහැ..!!(නු)

:       0       0

බමුණා Saturday, 04 August 2012 07:40 AM

ඇයි මගේ ප්‍රතිචාරය කැපුවේ. මේක ස්වාධීන පත්තරයක් නිසා රජය ගැන මිනිසුන්ගේ අදහස් කියන්න ඉඩ දෙන්න.

:       0       0

කමල් Saturday, 04 August 2012 07:44 AM

අපිට බැරිද ඇමතිව අසාදු ලේකනයට දාන්නද

:       0       0

සරත් Saturday, 04 August 2012 08:26 AM

කමල්, ඒත් වැඩක් නෑ. මහජනතාව ආයෙමත් පත් කරනවා. (ත)

:       0       0

නිමල් ලලිත Saturday, 04 August 2012 08:26 AM

අතක් කැපුවත් එක් පක්ෂයකටම පමණක් ඡන්දය දෙන වහල් ඡන්ද දායකයො සිටින රටක දේශපාලන සොරුන් සහ ඔවුන්ගේ ගෝලයන් සොරකම් කරනවා. (ත)

:       0       0

gamma Saturday, 04 August 2012 08:53 AM

මෙයාලට ඡන්දය දුන්න ඔය කමෙන්ට්ස් දාන අයගෙන්ම තමයි පාඩුව අය කරගන්න ඕන. (ත)

:       0       0

සජී Saturday, 04 August 2012 09:01 AM

මේ විදියට වැඩ කළොත් රට ඉතුරු වෙන එකක් නෑ. (ත)

:       0       0

tom Saturday, 04 August 2012 09:39 AM

ඇමතිතුමා ගෙදර යන්න

:       0       0

මහාචාර්ය බබා සේන Saturday, 04 August 2012 10:07 AM

ජනාධිපති තුමනි මේක ලොකු වරදක් නෙමෙයද දෙපාරක්ම කරලා තියෙන්නේ , ස්ත්‍රී දුෂකයෙක්ම වෙන්න ඕනෙද තනතුරෙන් පහකරන්න .

:       0       0

රංජිත් Saturday, 04 August 2012 10:22 AM

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට දින කිහිපයකට කලින් කිව්වා සාම්පල් බැලුවා ඒත් ඒවා බාල ඩීසල් නෙවෙයි. ඇයි අද වෙන‍කොට බාල ඩීසල් කියා කියන‍්නේ. ඔබලාගේ බාල වැඩ නිසා වදවන්නේ අපි. (ත)

:       0       0

රන්දුල Saturday, 04 August 2012 10:33 AM

කොහෙට හරි ලොකු කුට්ටියක් යන්න ඇති. මේක මුළු රටටම ලොකු පිළිලයක් වෙලා.

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 04 August 2012 10:42 AM

"රංග 2012-08-03 20:40:28 මේ කරපු බලු වැඩ වලට කවද හරි හම්බෙයි..." කවදාහරි ඉබේ හම්බවෙනකල් ඉන්න නම් රටකට නීති පද්ධතියක් හෝ අධිකරණයක් මොකටද රංග..? (ත)

:       0       0

අසන්ක Saturday, 04 August 2012 10:54 AM

දැන්නට් කට්ටියට යන කාලේ හරි වගේ. (ත)

:       0       0

සුසිල් Sunday, 05 August 2012 12:31 PM

සභාපතිට ඕනෑ විදිහට වැඩ කරනවා නම් ඇමති කෙනෙක් මොකට ද? (නි)

:       0       0

පිනිබබා Saturday, 04 August 2012 11:15 AM

ඇමැතිතුමාට මේවා නිසා නමුත් වැටිලා. (ත)

:       0       0

ජගත් චන්දන Sunday, 05 August 2012 02:25 PM

රටක ආණ්ඩුව පත් කරන්නෙ ජනතාව. එහෙමනම් ඒ ආණ්ඩුව වැරදි දේ කරනකොට ඒ වැරදි ජනතාවට කියන එක මාධ්‍යයක යුතුකම සහ වගකීම වෙනවා. ඒ සමඟම ඒ වැරදි පිළිබඳව කතා කරන එක ජනතාවගෙ අයිතිය. මාධ්‍ය බිහිවෙන්නෙ ඒ අයිතිය ලබාදීම සඳහා. යම් ඇමතිවරයෙක් ජනතාවට අහිතකර තීන්දු තීරණ ගන්නවා නම් ඊට එරෙහි වීම අපේ අයිතියක්. අපි කරන්නෙ ඔවුන් කරන වැරදිවලට එරෙහිව අපේ මතය කියන එක. අපේ මතය වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ. (නි)

:       0       0

රොෂාන් - සෞදි Saturday, 04 August 2012 12:14 PM

ජනාධිපතිතුමනි, ඔබතුමාට ඇමි මේවා පේනේනේ නැත්තේ. ඇයි ඇමතිවරු හිරේ දාන්නේ නැත්තේ?

:       0       0

ප්‍රවීන් Saturday, 04 August 2012 12:16 PM

මේවා දකිනකොට ඇගේ මාළු නටනවාත මේ හැම දේකින්ම කැත වෙන්නේ ජනාධිපතිතුමාගේ නම. (ත)

:       0       0

කසුන් අමරණායක Saturday, 04 August 2012 12:20 PM

ලංකාවේ තවත් ආශ්චර්යයක්. (ත)

:       0       0

ගමරාල Saturday, 04 August 2012 12:28 PM

රටට කරන අපරාධවලට ස්වභාව ධර්මයෙන් උපරිම දඩුවම් දෙන්න ඕන.(ත)

:       0       0

පතිරණ Sunday, 05 August 2012 04:31 PM

කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරුවන්? (නි)

:       0       0

නිහාල් Sunday, 05 August 2012 04:40 PM

අනේ මහින්ද මහත්තයෝ, මොනවා හරි කරන්නකෝ. (නි)

:       0       0

රංග Saturday, 04 August 2012 12:56 PM

මොනවා කලත් ඇමතිතුමාව බ්ලැක් ලිස්ට් එකට වැටෙන්නෙ නෑ. ඒක තමා අපේ රටේ සදාකාලික ආශ්චර්යය. ඇමති මණ්ඩලයේ ගීතය: පින්කෙත හෙල රන්දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා..(ත)

:       0       0

hanifa Saturday, 04 August 2012 01:13 PM

ඇමැතිතුමා බේරෙන්නයි හදන්නේ. (ත)

:       0       0

සරත් අමරසිංහ Saturday, 04 August 2012 01:16 PM

දැන්නම් ඉස්සරට වඩා රටේ විනයක් නැති පාටයි. කවුරු මේවා නිවැරදි කරයිද මන්දා. (ත)

:       0       0

රූපවතී Saturday, 04 August 2012 01:22 PM

ජනාධිපතිතුමනි වැරදි කරන ඇමැතිවරුන්ට දඩුවම් දෙන්න නීතියක් නැද්ද? (ත)

:       0       0

රවින්ද Saturday, 04 August 2012 01:46 PM

ජනාධිපතිතුමාට කියලා වැඩක් නැහැ. ලංකාවේ මන්ද බුද්ධික ජනතාව මොවුන්ට ජන්දය දුන්නා නම්, එහි ප්‍රතිවිපාකත් ඔවුන් විසින්ම විද ගත යුතුය. (නි)

:       0       0

කුරේ නාවල‍ගේ ජූඩ් Saturday, 04 August 2012 02:32 PM

ගමරාළ ඔයා ඉල්ලන්නෙ සුනාමියක්ද අනේ... කීයටවත් එපා..!! (නු)

:       0       0

කුමාර Saturday, 04 August 2012 02:59 PM

ඔය ආසනය කරන්න පුළුවං කෙනෙකුට දෙන්න.. හිටපු ඇමති ෆවුසි හොදයි ...(නු)

:       0       0

සෝමදාස Saturday, 04 August 2012 03:02 PM

හිටපු සභාපති තාමත් වැඩද?(නු)

:       0       0

ජයසූරිය Saturday, 04 August 2012 03:01 PM

හිටපු සභාපතිතුමත් හරිම බබා තමයි . එයා කවුද කියල නොදැනද ඔය තනතුරට පත් කලේ ?(නු)

:       0       0

සමීර Saturday, 04 August 2012 03:33 PM

අපේ අයම පත් කළ කෙනානෙ. දැන් බැණලා වැඩක් නැහැ. ආයෙ ඡන්දෙ ඉල්ලුවොත් පත්කරනවානෙ. (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 04 August 2012 03:41 PM

මේ වගේ ඇමතිවරුන්ට මනාපෙ දුන්න අපට ගහන්න ඕනැ මඩු වල්ගෙන්. (නි)

:       0       0

සමීර Saturday, 04 August 2012 04:13 PM

අපේ රටේ කෝටි ගණන් නාස්ති කරන අයට කිසිම දඩුමක් නැද්ද? ආශ්චර්යයක් කරන්න බැරිනම් රට තවත් වලපල්ලට නොදා ඉන්න බැරිද?(නු)

:       0       0

නිමල් සෞදි Saturday, 04 August 2012 04:53 PM

ඇමතිතුමනි ඉල්ලා අස්වෙන්න නම් එපා! ‍මේ ලංකාවනේ..!තව ටික කාලයක් ගිහිං ආ‍යෙ බාල පෙට්‍රල් ටිකක් ගේනන.. අපි සූදානම් මේවගේ කතා අහන්න..!(නු)

:       0       0

ජගත් චන්දන අධිකාරි Saturday, 04 August 2012 05:02 PM

හිටපු සභාපති පත්කළේ අපිද ? අධ්‍යක්ෂක මණ්ඩලය පත්කළේ අපිද ? බාල පෙට්රල් - බාල ඩීසල් ගෙන්වූයේ අපිද ? සභාපතිලාට ඕනෑ ඕනෑ විදිහට කරනතුරු බලා සිටියාද?(නු)

:       0       0

ධර්මෙ Saturday, 04 August 2012 05:04 PM

මේකට වගකියන්න ඕන සභාපති නම් ඇමතිතුමා ඉන්නෙ මොකටද? ඇමතිතුමාගෙ නිර්දේශයෙන් නේද තෙල් ගෙන්නුවෙ.. පැහැදිළි උත්තරයක් දෙන්න ඇමතිතුමා..!!(නු)

:       0       0

හෑගොඩ Saturday, 04 August 2012 05:10 PM

එකට වැඩේ කරලා ඇග බේරගන්න හදනවා නේද?(නු)

:       0       0

ප්‍රසාද් චමීර Saturday, 04 August 2012 05:57 PM

මම එනකම් පොඩ්ඩක් ඉන්න.. ඔක‍්කොම හදලා ගන්නවා... (නු)

:       0       0

නලින් Saturday, 04 August 2012 06:00 PM

අහිංසක මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරන්න එපා මේවගේ බාල දේවල් කරලා..!!(නු)

:       0       0

ඩයස් Saturday, 04 August 2012 06:34 PM

ඩීසල් බාල වෙන එක ගැන අපට හිතා ගන්න පුලුවන්. ජය වේවා! (නි)

:       0       0

ෆෙවුන්ඩ් Saturday, 04 August 2012 06:39 PM

මේ වගේ ලජ්ජා නැති කට්ටියක් ලංකාවේ ඉඳලම නැහැ. (නි)

:       0       0

මනෝජ් ඩුබායි Saturday, 04 August 2012 06:48 PM

ආණ්ඩුව එකම වරද දෙපාරක් කළාම මොකද? අපේ මිනිස්සු සිය පාරක් විතර එකම වරද කර කර ඉන්නෙ මේගොල්ලන්ටම ඡන්දය දිදී..!! (නු)

:       0       0

සමන් ඩුබායි Friday, 03 August 2012 08:01 PM

ඇමති තුමාගේ කතාව හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට . (දී)

:       0       0

වාස් ඩයස් Saturday, 04 August 2012 08:28 PM

මේ බාල ඩීසල් ගැටලුව පිළිබදව ජනාධිපතිතුමා බලාරීන් ගැන තීන්දුවක් ගන්න ඕන.. හැමදාම මේගොල්ලන් ලිස්සලා යනවා.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2909 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 510 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 758 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2734 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3573 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1936 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site