IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘බ්ලූ රිජ්‘ ලංකාවෙන් යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ හත්වැනි නාවික බලඇණියේ යූ.එස්.එස් බ්ලූ රිජ් නෞකාව බ්‍රහස්පතින්දා (31) දිවයිනෙන් පිටත්ව යන බව  ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.

කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙරට මාධ්‍යවේදීන් පිරිසක් ද බ්ලූ රිජ් නෞකාව නැරඹීමේ චාරිකාවකද නිරතවූහ. මෙහිදී මාධ්‍යවේදීන්ට පැයකට ආසන්න කාලයක් නෞකාවේ පිහිටි ප‍්‍රධාන නාවික මෙහෙයුම් මැදිරිය ,නෞකාවේ ආරක්ෂිත මෙහෙයුම් කුටිය , හෙලිකොප්ටර් අංගනය, පුස්තකාලය හා රැස්වීම් ශාලාව ඇතුළු නෞකාවේ ස්ථාන කිහිපයක් නැරඹීමටද අවස්ථාව හිමිවිය.

නැව දින පහක් පුරා කොළඹ වරායේ නැංගුරම්ලා තිබිණි.

ඇමෙරිකාවේ වොෂිටන් නුවරදී ඉකුත් දෙරටේ බලධාරීන් අතර පැවති සහයෝගීතා ප‍්‍රයත්නයන් ශක්තිමත් කිරීම , මුහුදු කොල්ලකෑම් පාලනය ,මානුෂීය ආධාර වැඩසටහන් සඳහා සහාය දීම සහ කලාපයේ අත්‍යවශ්‍ය නැව් මාර්ග තුළ සංචලනයේ නිදහස් බව සහ ආරක්ෂක බව තහවුරු කිරීමට මෙම නෞකාව පැමිණි අතර නෞකාව කොළඹ වරායේ නැංගූරම්ලා පැවති දින කිහිපයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ,කථානායක කරු ජයසූරිය ,විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුද මෙම නෞකාව නිරීක්ෂණ කිරීමේ සංචාරයක නිරතවූහ.

2011 වසරේ ඔක්තෝබරයෙන් පසුව එනම් වසර පහකට පසුව මෙරටට පැමිණි  පළමු එක්සත් ජනපද නෞකාව වන බ්ලූ රිජ් නෞකාව සමඟ පැමිණි 900කට අධික නැවියන් මෙරට රැඳී සිටි දින කිහිපයේදී ස්වේච්ඡාවෙන් මෙරට ප‍්‍රජා මධ්‍යස්ථානයක බිත්ති සහ ගෘහ භාණ්ඩ අලුත්වැඩියාව, ක‍්‍රීඩා පිටි ගොඩනැඟීම සහ අසරණ පිරිස් සඳහා ආහාර වේල් ලබාදීම ඇතුළු විවධ සමාජ සුබසාධන කටයුතු වල නිරත වූයේය. මීට අමතරව මොවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමටද කටයුතු කළේය.

12895313_10154091670563960_590048077_n 12899901_10154091667668960_2146595398_n 12899968_10154091684148960_1395472574_n 12910254_10154091678413960_1997101799_n 12919191_10154091683448960_2059374515_n

(ජායාරූප - තිළිණි ද සිල්වා)



අදහස් (0)

‘බ්ලූ රිජ්‘ ලංකාවෙන් යයි

අදිකාරි Thursday, 31 March 2016 04:43 AM

ඔත්තු ගන්න ඒවා හයි කරන්නත් ඇති ? (බ)

:       0       0

සිරි හීන්පැල්ල Thursday, 31 March 2016 05:24 AM

දෙරටක හොඳ හිත වර්ධනය වන අසිරිය (බ)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 30 March 2016 11:29 AM

පසුගිය රජය කාලයේ නිතරම අාවේ ගියේ චීනයේ යුද නැව්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 10 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 65 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 111 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 92 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 278 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 326 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site