IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බලා හිටියා වාගේ හොරා අල්ලා දෙයි

හොරණ පෝරුවදණ්ඩ සල්ලිය කන්දේ  දොස්තර යුවළකගේ නිවසක් බිඳ  පැය කිහිපයක් ඇතුළතදී හොරා අල්ලා ගැනීමට හොරණ පොලීසියේ ග්‍රේරෝ සුනඛයා  සමත් විය.

හොරා ජනේලයක ග්‍රීල් රාමුව ගලවා ලේන්සුවකින් අල්ලා එය පැත්තක තබා ඇතුළට ගොස් වෛද්‍යවරියගේ අත් බෑගයේ තිබු රුපියල් දහදාහක් සොරකම් කැර විදුලි පන්දමක් දල්වා තවත් සෝදිසි කරද්දී ඇති වු මතු වු හඩක් නිසා ඔහු පෑල දොරින් පැන ගොස් ඇතැයි කියති.

ග්‍රේරෝ ලේන්සුව ඉව කර කිලෝමීටර් එකහමාරක් මඟ ගෙවා මැටි ගෙයක් ඇතුළට ගොස් කුඩා විදුලි පන්දමක් කටින් ඩැහැ ගත්තේය.

පෙරදින රාත්‍රියේ සොරකමට යොදාගන්නට ඇත්තේ එම විදුලි පන්දම යැයි පොලීසිය කියයි.

 

 

 

 



අදහස් (0)

බලා හිටියා වාගේ හොරා අල්ලා දෙයි

පිටබැද්දර ජයා Friday, 11 October 2013 06:47 PM

පොලිසියේ සමහර නිලධාරීන් නම් දේශපාළුවන්ට ලොකු ලොක්කන්ට මුදලාලිලාට ආවඩද්දී ග්‍රේරෝ අපක්ෂපාතීව තම රාජකාරිය හරියටම කරලා තිබිම ගැන නුඹට ස්තූතියි ග්‍රේරෝ (නි)

:       0       0

මනෝ Saturday, 12 October 2013 05:11 AM

හොරණ වීරයෙක්.... (නි)

:       0       0

සරත් Friday, 11 October 2013 06:54 PM

අසංක කියන්නේ පුදුම කතාවක්නේ. (නි)

:       0       0

සත්‍යයා Saturday, 12 October 2013 05:48 AM

බල්ලෙක් පොලිසියට එකතුවීම අනාගතයට හොඳ පෙර නිමිත්තක්. ග්‍රේරෝ, මම නුඹට ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ඉහළටම යාමට හැකිවෙන්න කියා. මොකද එතකොටවත් අනික් පොලිස් ලොක්කන්ට පෙනේවි ග්‍රේරෝ ස්වාධීන ප්‍රාණයක් කියලා. (නි)

:       0       0

ජානක Friday, 11 October 2013 07:23 PM

මිනිස්සුන්ගේ වැඩ බල්ලන්ට බාර දීලා වගේ (අ)

:       0       0

නිලූෂි Saturday, 12 October 2013 07:45 AM

ගොඩක් මිනිස්සු ළග නැති හොද ගතිගුණ ඒ සතා ළග තිබෙනවා. (නි)

:       0       0

විමලනාත් Saturday, 12 October 2013 07:56 AM

ග්‍රේරෝ පොලිසියට වැඩිය දක්ෂයිනේ (නි)

:       0       0

ජනක Saturday, 12 October 2013 08:17 AM

බල්ලා වුණත් වැදගත් සතෙක් (නි)

:       0       0

චමත් Sunday, 13 October 2013 08:39 AM

චන්දි , දිසාගේ ප්‍රශ්නයට පිළිතුරක් නම් තිබෙනවා. පිටරටින් පුරුදු පුහුණු කරන ලද මෙවැනි සුනඛයන් ආනයනය කළ හැකියි. නමුත් එවිට ඇතිවෙන ප්‍රශ්නය වන්නේ , මෙම සතුන්ට අපිට ගෙවීමට සිදුවන්නේ ඩොලර් වලින් වීමයි. එය සුළුපටු මුදලක් නොවේ. සමහරවිට එක සුනඛයෙකුගේ වටිනාකම ඩොලර් මිලියන 1/2 වත් විය හැකිය. හොදම දෙය නම් පිටරට පුහුණුකරුවෙකුගේ උපදෙස් මත ලංකාවේදී ඉතා උසස් ඝණයේ සුනඛයන් පුරුදු පුහුණු කිරීමයි. (නි)

:       0       0

චන්දි Saturday, 12 October 2013 05:21 PM

දිසෝ, ඔයාගේ ප්‍රශ්නය නම් පංකාදුයි ...!!! ඇත්තටම දන්නා කෙනෙක් ඉන්නවනම් දිසාට පිළිතුරු දෙන්න බලන්න ..!!! (අ)

:       0       0

සෙනවිරත්න Friday, 11 October 2013 08:32 PM

ඇත්තටම ග්‍රේරෝ දක්ෂ බල්ලෙක්. හොදට බලා ගන්න ඕනෑ. එයාව පුහුණ කරවන කෙනාට අපේ ප්‍රණාමය. (ත)

:       0       0

මහින්ද Friday, 11 October 2013 08:39 PM

මට හිතෙන හැටියට බල්ලා කියනවට වඩා පොලිස් සුනඛයා කියන එක සුදුසුයි.හේතුව කරන්නේ රාජ්‍ය සේවයක් .නමුත් නම තමා මාරු කරන්න ඕන .ඒකට හේතුව හැමෝම දන්නවා ........(දිල්)

:       0       0

පාලිත Friday, 11 October 2013 08:45 PM

ඔය සංස්කෘතික කට්ටිය මොනව කිව්වත් තව බලු මගුල් පෝරු කිහිපයක් ගහන්ට වෙයිද මන්ද...(දිල්)

:       0       0

ලලිත් Friday, 11 October 2013 08:50 PM

හොඳ වෙලාවට බල්ල හිටියේ. ඌ නොහිටියානම් මලාට හොරා අල්ලන්නේ නැහැ අපේ රාළහාමිලා.(දිල්)

:       0       0

මංජු Sunday, 13 October 2013 11:03 AM

මිනිස්සුනුට බැරි වැඩ අද බල්ලෝ කරනවා. එහෙව් එකේ මගුල් පෝරුවකට නග්ගන එකේ වරදකුත් නැති තරම්.(නදී)

:       0       0

මංජු Sunday, 13 October 2013 11:03 AM

මිනිසුන්ට කිරීමට නොහැකි වැඩ aඅද බල්ලෝ කරනවා.එහෙව් එකේ මගුල් පෝරුවකට නග්ගන එකේ වරදක් මා නොදකින තරම් (නි)

:       0       0

මිනිපෙ Saturday, 12 October 2013 09:45 AM

අනේ අනේ ! මේ බල්ලා හනුමන්තාගේ බලයෙන්, අංජනමක් බලලාවද්ද? (නි)

:       0       0

කපිල Friday, 11 October 2013 03:39 PM

බල්ලා ඇත්තටම බලාගෙන හිටියද දන්නේ නැහැ... (ස)

:       0       0

උත්තරා Friday, 11 October 2013 09:58 PM

ඔය බල්ලට වගේ බැරිද අනිත් බල්ලන්ටත් උගන්වන්න? (නි)

:       0       0

කුමාරන Friday, 11 October 2013 10:01 PM

බොහෝ සතුන්ගෙන් පුහුණුව තුලින් බොහෝ කාරණා ඉටු කර ගන්න පුළුවන්.ඔවුන්ට අපේ භාෂාවෙන් කතා කරන්නට නොහැකි වුණාට සන්නිවේදනය හොඳට තේරෙනවා. (නි)

:       0       0

චන්දි Sunday, 13 October 2013 12:20 PM

අපි කිවුවේ ව්‍යාපාර ගැන නොවේ.පොලිසියේ ඇත්තෝ ගන්නා ''පගාව'' ගැන (නි)

:       0       0

නිමල් Friday, 11 October 2013 03:44 PM

විදුලි පන්දම විතරද හොයාගෙන තියෙන්නේ? (දිල්)

:       0       0

ශිහාන් Friday, 11 October 2013 03:48 PM

මම හිතුවේ අපේ අර ප්‍රසිද්ධ ටි‍යුෂන් ගුරුතුමා කියලා.... (ස)

:       0       0

චන්දන Saturday, 12 October 2013 10:09 AM

අපේ රාළහාමිලට වැඩ හොඳට බල්ලා රාජකාරිය කරලා වගේ (දිල්)

:       0       0

චන්දි Saturday, 12 October 2013 10:10 AM

මේ වගේ වැදගත්,එඩිතර ,වීර ක්‍රියාවක් කල සුනක විරුවට ''බල්ලා ''කියා ආමන්ත්‍රණය කරන්න එපා (බල්ලා කියන්නේ කැත නමක් )(දිල්)

:       0       0

වීරසුරිය Saturday, 12 October 2013 10:13 AM

පොලිස්පති තනතුරටත් මින් එක්කෙනේක්වම දාගත්තොත් කොහොමද? (දිල්)

:       0       0

අමිල Friday, 11 October 2013 10:41 PM

කාටවත් කරදරයක් වුණේ නැහැ නේද? (නි)

:       0       0

දුරන්ග් Friday, 11 October 2013 10:57 PM

පොලිස් සුනඛයා වෙනුවට " පොලිස් කොස්තාපල් සහකාර " කියල නිල නාමය දැම්මොත් නරකද?.(නදී)

:       0       0

ඉසුරු Saturday, 12 October 2013 10:50 AM

මට මතක් වෙන්නේ සීබා. කහවත්තේ මිනීමරුවෝ අල්ලන්න අමිල මෙහෙවරක් කරපු සීබා. සමහර මිනිස්සුන්ට වඩා මේවගේ සුනඛ මිතුරෝ වටිනවා. ග්‍රේරෝට ප්‍රණාමය! (නි)

:       0       0

මන්ජුල Saturday, 12 October 2013 08:51 PM

රටේ මුදල් කොමිස් ගහල හොරාකන උන්ව අල්ලන්න පුළුවන් එකෙක් නැද්ද (අ)

:       0       0

ප්‍රදීප් Friday, 11 October 2013 04:46 PM

බල්ලා එයාට දුන්න ජොබ් එක හොදට කරල තියෙනවා. හොඳටම හොඳයි.(අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 11 October 2013 11:30 PM

ඕවා මොනවද..,අපේ ඉන්නවා ටිකිරි බණ්ඩා කියල හාදයෙක් බලා හිටිය වගේ නෙමෙයි එයා ඉස්සරහ එයාට කියල හොරකම් කලා වගේ දුෂණ වංචා හොරකම් ගැන කතා කරන්නේ....වෙන එකක් තියා නඩුකාරයින්ට ලක්ස 10ක් සමග කාර් එකකකුත් දීල තියෙන්නේ,දයාසිරිට කොටි ගානක් දීල තියෙන්නේ,අර හෝටලය අරගෙන තියෙන්නේ,අර ඉඩම අරගෙන තියෙන්නේ අර කොමිස් ගැහිල්ල කරලා තියෙන්නේ ඔක්කොම එයා ඉදිරිපිට,,නියම වැඩකාරයෙක්..මිනිහට තාම හොයාගන්න බැරිවෙලා තියෙන්නේ ප්‍රබාකරන්ගේ රත්තරන් ටොන් 100 කටයි ,,එතනෝල් සහ කුඩු කන්ටේනර් දෙකකටයි මොකද උනේ කියල විතරයි. ....හෙට අනිද්දා ඒකත් හොයා ගනීවි..(නදී)

:       0       0

සුජීව Sunday, 13 October 2013 02:47 PM

සුනකයා වැඩේ හරියට කළා පොලිස් මහත්තරු තවම නිදි අදට දවස් දෙකක් හොරා බල්ලාට බැන බැන ගමේ ඇවිදිනවා ග්‍රේරෝ ගැන මට දුක හිතෙනවා (නදී)

:       0       0

සා ඉතාලිය Friday, 11 October 2013 05:02 PM

මේ සුනකයා යොදවල අර රේගුවේ අසුවන ඉන්දියන් පකිස් අයගේ ගුද මාර්ගය පරික්ෂාවට .රේගු නිලදරින්ට ලොකු පහසුවක් එක (අ)

:       0       0

කුමාරි Friday, 11 October 2013 05:03 PM

බල්ලා කියන පහත වචනයෙන් වුව ආමන්ත්‍රණය කලාට ගොඩක් මිනිස්සුලග නැති හොද ගතිගුණ ඒ සත ලග තියනවා. (අ)

:       0       0

සිරියලතා Friday, 11 October 2013 05:05 PM

ඔය ලංකාවේ සිදුවන සියළුම අපරාධ වගේ අල්ලන්න නොහැකිද ඔය බල්ලට කියලා? රාළහාමිලා අඩු කරලා බල්ලෝ වැඩියෙන් ගත්තා නම් හරි (නි)

:       0       0

ගජමන් Friday, 11 October 2013 05:12 PM

බලල හොරකම අල්ලලා දුන්නට දඬුවම් කරන්නේ නීතියෙන් නේ. නීතියෙන් බේරිලා යන්න ක්‍රම සහ විධි තියෙනවා. (අ)

:       0       0

නසාර් Friday, 11 October 2013 05:15 PM

බල්ලා නිසා ඇල්ලුවා. පොලිසිය කළා කිවුවා නම් අපිට පුදුමයි (නි)

:       0       0

ටිකිරි මැණිකේ Saturday, 12 October 2013 12:27 AM

මහින්ද, ඔයා කියන දේ හරියට හරි (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 11 October 2013 05:45 PM

බොහොම ස්තුතියි බල්ලාට. කරුණාකර කුඩුකාරයොත් මේ විදිහට අල්ලන්නකෝ. මෙතන වටිනාකම් රු. 10000යි. කුඩුකාරයෝ කොතරම් දරුණුද? (නි)

:       0       0

සුජිව Friday, 11 October 2013 05:56 PM

විදුලි පන්දම විතරද හොයාගෙන තියෙන්නේ? ඒකත් හොරා පාවිච්චි කළ එක කියලා පොලිසිය සැක කරනවාලු නේද? හොරා අල්ලලාද? මට ටිකක් අපැහැදිලියි. (නි)

:       0       0

අසංක Friday, 11 October 2013 05:57 PM

අර සුදුපාට මලකින් පටන් ගන්න තැනට මූව යවන්න බැරිද? ඔක්කොම හොරු අහුවෙයි ග්‍රේරෝට (නි)

:       0       0

සුජීව Friday, 11 October 2013 06:09 PM

ඔහු හොරකමට ගෙනවිත් ඇත්තේ විදුලි පන්දම පමණද? (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 13 October 2013 01:09 AM

බන්දුල, ඇත්ත වෙන්න පුළුවන් කතාව.නමුත් කරන කියන දේවල් ගැන ප්‍රවේශම් වන්න. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 12 October 2013 02:47 AM

අනේ මම හදුනන කෙනෙක්ගේ නමනේ පොලිස් සුනඛයාට දාලා තියෙන්නේ!! (නි)

:       0       0

සමන්ත Saturday, 12 October 2013 02:52 AM

අනේ රත්නපාල, මේ මනුස්සයා පෙර දවසේ මස් ගෙනෙන්න යද්දී ඔය විදුලි පන්දම අරගෙන ගියා වෙන්න පුළුවන්. මස් ගදට තමා බල්ලා ඒක කටින් ගන්න ඇත්තේ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 12 October 2013 02:54 AM

පොලිස් සුනඛයන් ලවා ඔත්තු සෙවීමේදී හොරාගේ මළ ඉව කරවීම නුවණට හුරු නැත.නඩු භාණ්ඩය සැනින් අතුරුදහන් විය හැක. (නි)

:       0       0

දිසා Saturday, 12 October 2013 01:30 PM

මෙය විහළුවක් නෙව්. කරුණාකර සෑම පොලිචේ ස්ථානයකටම හොඳ බල්ලන් 5දෙනෙක්වථ් පිට රටින් හෝ ගෙනත් දෙන්ඩ. අපේ පොලොසියට වඩා හොඳට බල්ලෝ වැඩේ කරයි. මට තව ප්‍රස්නයක් තියෙනව බල්ලෝ පගාව ගහනවද?නැත්ද?(දිල්)

:       0       0

චමත් Saturday, 12 October 2013 03:15 AM

මෙවැනි සුනඛයන් බොහෝ දියුණු රටවල ගුවන් තොටුපළ වල රේගු සේවයට හා තැපැල් හුවමාරු මධ්‍යස්ථාන වල [ පිටරටින් පැමිණෙන බඩු භාන්ඩ හා ලිපි පරික්ෂාවට ] සේවයට යොදා ගැනේ. මෙවැනි සුනඛයින්ගෙන් බේරී මත්ද්‍රව්‍යය,රත්තරන් ඇග තුළ හෝ සගවාගෙන රට තුළට ගෙන ඒමට නොහැක. මෙවැනි සුනඛයන් අපගේ ගුවන් තොටුපළවල රේගු සේවයට යොදා ගැනීමෙන් රේගු නිලධාරින්ට ඉතා පහසුවක් වනු ඇත. මෙවැනි සුනඛයෙකු පුරුදු පුහුණු කිරීමට රුපියල් නම් මිලියන ගනණක් වැය වෙනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 115 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 112 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 4376 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2625 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3276 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5941 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18914 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 92 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site