(සුජිත් හේවාජුලිගේ සහ තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
බෙලිඅත්ත නගරයේ අවමඟුල් නිවෙසකින් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු හමු වී ඇති අතර එම අවමගුලට ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගිවී ඇතැයි තොරතුරු හෙළිවීම නිසා ආරක්ෂක පියවරක් ලෙස නගරයේ සියලු වෙළඳසැල් හා පොදු වෙළෙඳපොළ (12) මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා දැමීමට තීරණය කළ බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා පවසයි.
මෙම අවමඟුලට සහභාගී වූ දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ද කොවිඩ් ආසාදනයවීමෙන් මිය ගොස් ඇතැයි සභාපතිවරයා කීය .
මේ පිළිබඳ තොරතුරු හෙළි වීමෙන් පසු ප්‍රදේශයේ පිරිසක් පී.සි.ආර් පරීක්ෂණවලට යොමු කර ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති .
මේ අතර පවතින තත්වය යටතේ බෙලිඅත්තේ ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර ඇත.
අවමඟුල් උත්සවයේ කිහිපදෙනකුට කොරෝනා වැළඳී ඇති බව දැනගෙන සිටියද එය සෙසු අයට වසන් කර තිබූ බව පෙනී යන්නේ යයි එම සෞඛ්‍ය නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති .
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෙලිඅත්තේ කඩ සහ පොදු වෙළෙඳපොළ දින තුනක් වහයි