(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් ජාවාරම්කරුවකු සමග අද (6) අලුයම බොල්ගොඩ ගඟේ පිහිනාගෙන පැමිණෙමින් සිටි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.
එම අතුරුදන්වීම සම්බන්ධයෙන් පැය දහයකට පමණ පසු පොලිසියට පැමිණිලි කළ මත්පැන් ජාවාරම්කරු පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා පැවසීය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම කෝට්ටෙගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි එක්දරු පියෙකි.
මත්පැන් ජාවාරම්කරු අතුරුදන්ව සිටින පුද්ගලයා සමඟ මත්පැන් පෙරීම සඳහා ඔරුවක් ආධාරයෙන් අලුබෝමුල්ල ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසිය කියයි.
පැමිණීම සඳහා ඔරුව නොතිබූ හෙයින් ඔවුන් දෙදෙනා ගෑස් සිලින්ඩරේ සහ නීති විරෝධී මත්පැන් කෑනයත් රැගෙන බොල්ගොඩ ගඟේ පිහිනා පැමිණීමේදී සිය සගයා දිය රළකට හසු ව නොපෙනී ගිය බවත් බේරා ගැනීම සඳහා උත්සාහ දැරුවත් අසාර්ථක වූ බවත් එම පුද්ගලයා පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බොල්ගොඩ ගඟේ ගිය එක්දරු පියා