(ජේ.කේ.එල්. චාමින්ද)
සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් සාම්පුර් හි සුර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුනද පරිපාලන වියදම් සදහා රුපියල් එක්කෝටි, එකොළොස් ලක්ෂ, අසුහත්දහස් හාරසියපනස්පහක මුදලක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
සාම්පුර් හි මෙගාවොට් 50ක සුර්ය බලාගාරයක් පිහිටුවිම සදහා සමාගමට 2018 වර්ෂයේ දි කැබිනට් අනුමැතිය ලැබි තිබුණි. එහෙත් එකි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2022 මාර්තු මස 31 වැනිදින වනවිටත් ආරම්භකොට නොතිබුණි.
.මේදිනට සමාගමේ අලාභය රුපියල් හැටඑක්කෝටි,පනස්දෙලක්ෂ,පන්දහස් අටසිය තිහක් බවද ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම සම්බන්දයෙන් 2021/2022 යන්ට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කර තිබුණි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බලාගාරයේ වැඩ පටන් ගන්නත් කලින් ලක්ෂ 111ක් වැය කරලා
Aravinda Monarawila Friday, 17 February 2023 01:58 PM
කොහොම හරි බලයේ ඉන්න උත්සාහ කරන්නේ ඒකනේ...!
de silva Friday, 17 February 2023 02:15 PM
අපි කීය වුණත් විදුලි බිල ගෙවන නිසා, ඒගොල්ලන් හිතෙන ඕනෑම දෙයක් කරනවා. නිලධාරීන් සහ දේශපාලකයන් අපිව හිතෙන හිතෙන විදිහට ගසාකනවා. අපේ නිදහස නැතිවුණේ සුද්දා අපිව මේ හොරු කල්ලියට බාරදීලා එංගලන්තයට ගිය දවසේ. සුද්දා රට පාලනය කළා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ.
SenakaFriday, 17 February 2023 02:49 PM
සුද්දා තමයි මේ වගේ ජරා සිස්ටම් එකක් හදලා ඔවුන්ගේ ගොටු අල්ලපු අයට බලේ දීලා යන්න ගියේ. ඊට කලින් මෙහෙම සක්කිලි වැඩ කළා නම් බෙල්ල කපලා අතට දෙනවා බලබලා ඉන්න.
JiwanSaturday, 18 February 2023 06:23 AM
මේකට කරන්න තියෙන හොඳමදේ... පුළුවන් හැම මනුස්සයාම ඕෆ් ග්‍රිඩ් සෝලා සිස්ටම් එකක් හයි කර ගන්න එක... මේ ගස් බල්ලන්ගේ බලු වැඩ දැක්කාම ඇඟේ මාලු ගඟේ නටනවා...
de silva Friday, 17 February 2023 03:50 PM
්ක මහත්මය සුද්ද එන්න කලින් උඩරට පාලනය කලේ දකුනු ඉන්දියානු සම්භවයක් අති නායකර් වංෂික රජෙක් , එකාලෙ හිටපු රජ කුඩා ලමුන්ගෙ හිස කපල , වංගෙඩියක දමල මවුවරුන්ට කියල කොටන්න අන කලා , කාන්තාවන්ගෙ බෙල්ලෙ ගල් ගැට ගහල වතුරට දැම්ම , මෙ ඔක්කොම කලේ දලදා මලිගව ඉස්සරහ , එම පලනය තලිබාන් පලනයකට අන්තයි , උඩරට ජනතව සුද්දට යටත් උනේ නැහැ , රජතුමගේ දුර්දාන්ත පාලනයෙන් මිදෙන්න ස්වකැමැත්තෙන් සුද්ද උඩරටට ගෙන්ව ගත්ත , සුද්දගෙ සිස්ටම් එක ජරා නැහැ නමුත් ප්‍රශ්නෙ එම නිති ක්‍රියත්මක කරවන අපේ කලු සුද්දො හොරු නම් අපි කුමක් කරමුද? සුද්ද බාර දීල ගියෙ නය නැති , අසියවෙ 2 කට අර්තිකය තිබෙන රටක්.
Jayasena Saturday, 18 February 2023 06:31 AM
දූෂිත භාවය, වෙලාවට වැඩ නොකිරීම, අයිස් ගැසීම, තුච්ඡභාවය අනුව පහත ආයතන අනුපිළිවෙලින් සකසා වටිනා ත්‍යාග දිනාගන්න. ලංකා විදුලිබල මණ්ඩලය, පාර්ලිමේන්තුව, වරාය අධිකාරිය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදේශ සේවා නියුක්ති කාර්යංශය, ආගමන විගමන දෙපාර්ථමේන්තුව, පළාත් සභා, ප්‍රාදේශීය සභා... මඟහැරුනු ආයතන නම්කර සැනසිලි ත්‍යාග දිනාගන්න....
sanjeewa Saturday, 18 February 2023 04:15 PM
ලංකාවට වසරේ සෑම දිනකම හොඳින් ඉරඑළිය ලැබෙනවා.. හොඳම විසඳුම වහලවල් මත සූර්ය බල පද්ධති සවිකිරීම... ලොක්කෝ මේකට කැමැති නැහැ... හිරු එළියෙන් කොමිස් ගහන්න බැරි නිසා.