ශ්‍රී ලංකාවේ සතියක සංචාරයක් සදහා පැමිණි බෙල්ජියම් ජාතික යාකොබ් ලෙනාඩ් (15) පිරිමි දරුවා පේරාදෙණිය ගෙලිඔය දුම්රියපොළ අතර දුම්රිය මැදිරියෙන් බිමට විසිවී බරපතල තුවාල ලබා මහනුවර මහා රෝහලේ 74 වාට්ටුවේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබන බව පේරාදෙණිය පොලසිය කියයි.
දරුවාගේ මව වන බාබරා අන්තෝනියෝ (52) පැවසූයේ දුම්රිය ධාවනයට පෙර බෙල්ජියමේ සියලු දොරවල් වසා තබන බවත් එහෙත් මෙම දුම්රියේ දොරවල් වසා නොතබා දුම්රිය ධාවන වූ බවයි.
දුම්රියේ අන්තිම පෙට්ටියට ඉදිරිපස පෙට්ටියේ දෙවැනි පන්තියේ වෙන්කරන ලද ආසනවල ඔවුන් පැමිණ ඇති අතර තුවාල කරු පාපුවරුවේ වාඩි වී ගමන් කර ඇති බව ඇගේ මව ප්‍රකාශ කල බව පේරාදෙණිය පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමනාගමනය ජාත්‍යන්තරයට ගියා වගේ නේද ? (ම)
අනේ නෝනේ, මේක ශ්‍රී ලංකාවනේ! (නි)
මේක අපේ රට. මේ රට මුදලට යටයි. (නි)
ඒ බෙල්ජියමේ මේ ශ්‍රී ලංකාවේ. (ර)
ලෝකයේ දියුණු රටවල් වල මගී දුම්රියේ සියලුම දොරවල් වැසී නැති නම් දුම්රිය පණගැන්විය නොහැකි ලෙස තාක්ෂණ මෙවලම් පද්ධති යොදා ඇත. (ර)
මේ නෝනා සීතල රටක දුම්රිය අපේ රටේ දුම්රියට සමාන කරලනේ. එහේ දොරවල් වහන්නේ සීතල නිසා (නි)
දරුවෝ පාපුවරුවේ ඉඳගෙනද යන්නේ? මව අත්අඩංගුවට ගන්නයි වටින්නේ (නි)
මෙය කණගාටුවට කරුණක්. එහෙත් මව ඉදිරිපත් කරන කරුණ මෙයට හේතුව ලෙස පිළිගත නොහැකියි. දොරවල් වසන්නේ නැත්නම්, එබඳු දුම්රියක යන ළමයාට පාපුවරුවේ ගමනට ඉඩ නොදිය යුතුයි! (නි)
බෙල්ජියමේ වැහුවට මෙහෙ දොරවල් වහන්නේ නැහැ. හිතන්න ඇති දොරේ ඉඳගෙන යන එක ලේසි වැඩක් කියලා. අපේ මිනිස්සු සාස්තරේ දන්නා නිසාම එහෙම යනවා. කොල්ලගේ අම්මා දැනගන්න එපායැ කොල්ලව එතනට නොයවා ඉන්න. නැතුව ඉඳගෙන හිටපු සීට් එකෙන් විසිවෙලා පාරට වැටුනා නොවෙයිනේ. අනික අපිටත් බෙල්ජියමේ ජාතියේ කෝච්චි තිබුනා නම් දොරවල් නොවහා ඉන්නේ නැහැනේ. (නි)
ඒවා එහෙ මේවා මෙහේ.. හොඳ වෙලාවට දරුවා බේරුනේ. (නි)
ඔව් දොරවල් අැරගෙන යන එක වැරදි තමයි. එ්ත් පාපුරුවේ වාඩිවෙලා යන්න මේ අම්මා ඉඩ දීලානේ. (නි)
දුම්රිය සේවය දියුණු කරන්න බලධාරීන්ගේ අවධානය යොමුවේවා! (නි)
අපේ ඉතින් දොරවල් වහන්න ගියොත් උදේට වැඩට ගිහිල්ලා ඉවරයි කියලා එයාලට කියලා දෙන්න. අපි පොඩි දුප්පත් රටක් බව.(හේ)
ලලිත්, අපි ඉන්නේ ගල් යුගයේ නොවෙයි. මගීන්ටම දොස්කියන්න එපා. ඇමෙරිකාව වැනි රටවල මගී වාහනවල දොරවල් වැහුවේ නැත්නම් රියදුරුට වාහනය ධාවනය කරවන්න බැහැ. දුම්රියේ දොර වහලා තිබුනා නම් එයා පාපුවරුවේ යන්නේ නැහැනේ. (නි)
අවුරුදු 50 කට පෙර ලංකාවේ ධාවනය වූ දුම්රිය මැදිරි හැමඅතින්ම මගියාගේ පැත්තෙන් සුරක්ෂිතයි. දොරවල් වසාගෙනම යා යුතුයි. දැන් කාලේ වගේ පාපුවරුවේ එල්ලිලා යන්නෙත් නැහැ, දොරවල් අවහිර වන ආකාරයට පඩිපෙලේ ඉඳගෙන යන්නෙත් නැහැ. (නි)
අවාසනාවන්ත පුවතක් (නි)