බෝලට් ඇන අස්සේ සඟවාගෙන මෙරටට ගෙන ආ හෙරොයින් කිලෝග්‍රෑම් 36 ක් ඔරුගොඩ වත්ත කන්ටේනර් අංගනයේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
භාරකරුවෙකු නොමැතිව තිබු ගමන් මළු දෙකක් පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇත.
පකිස්ථානයේ කරච්චි නුවර සිට කොළඹ හෝටලයක ලැඟුම් ගෙන සිටින පකිස්ථාන ජාතිකයෙකුගේ පෞද්ගලික ලිපිනයකට මෙම ගමන් මළු එවා තිබු බව රේගුව කියයි.
ලෝහ භාන්ඩ ගෙන්වන අයුරින් ලියකියවිලි සකසා මෙම ගමන් මළු මෙරටට ගෙන්වා ඇති බවද අනාවරණය වී ඇත.
ජාත්‍යන්තර සංවිධානයක් මගින් දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිංහල බෞද්ද තරුණ පිරිස විනාස කරන්න දගලන්නේ අද ඊයෙ නෙවෙයි. අපේ රේගුවට මගේ ප්‍රණාමය.(නදී)
අනේ මේක ලියන්න බෑනෙ. හස්බන්ඩ් ගෙන් අහන්න ඕනෙ (බ)
රටේ දරුවන් බොන කිරිපිටි මිල ඉහළ ගියාට මොකද ඔරන තරම් කුඩු තියෙන්නේ පහසු මිලට මිලදී ගන්න. (අ)
මේ තරම් රටට රටේ ජනතාවට සේවය කරපු කාලයක් ඉතිහාසයේ කිසිම දවසක තිබුණ කියල මමනම් අහල දැකල නැහැ.තව දුරටත් රට විනාශම කරන්න ඉඩ දීල සොභාව ධර්මයෙන් හෝ දඩුවම් නොදී තියන් එන්න අක ගැනේ මම පුදුම වෙන්නෙමි.(අ)
රටක පාරවල් කාපට් කලාට,අහස උසට ගොඩනැගිලි හැදුවට,සංචාරක වියාපාරය දියුනු කරන්න තරු පහේ හෝටල් හැදුවට වැඩක් තියෙනවද රටේ දරුවන් කුඩු වසංගතයට ඇබ්බැහි වෙලා වටිනා ජීවිතය කාලකන්නි කර ගන්නවානම්.කටේ දත් ටික හැලුන,වැඩක් පලක් කරන්න සක්තියක් නැති වැහැරුණු ශරීරයක් සහිත තාරුන්නයක් නැති සමාජයක් බිහි වෙනවනම්.රටේ හොරකම්,කප්පන්,එස්ත්රි දුෂණ,ගිනි තැබීම්,ගැහැණු දරුවෙකුට අර්සාවට කියල රත්තරන් චේන් එකක් දාගෙන තනිවම පාරක බැහැල යන්න බැරිනම්.......(අ)
යුද්ධය දිනුවත් මේ වසංගතයෙන් රට නිදහස් කර ගන්න ඇයි මෙතරම් ප්‍රමාද වෙන්නේ?රටම කුඩු වලින් සංවර්දනය වෙනකම් එන්නවද?(අ)
කුඩු කිලෝ අකසිය හතලිඅක් අල්ලපු ඉන්ස්පෙච්ටෝර් සිසිර කුමාරට මොකද වුනේ?අන්තිමට කුඩු මුදලාලිලා මරණයෙන් පස්සේ පාටි දැම්මා මතකද? (අ)
ඇමරිකාවෙන් ඔත්තුව දුන්න නිසා ඇල්ලුවා. ලංකාවේ කුඩු ලොක්කෝ ටික මග ඇරලා පකිස්තාන් කට්ටිය ඉදිරිපත් කෙරුවා නේද? පස්සේ සේරමල්ලා නිදහස් වෙනවා. මේක තමයි හැමදාම සිද්ද වෙන්නේ.(නදී)
මේ කස්ටම්ස් එකේ කට්ටිය මේවා අල්ලන්න්නේඅත්මේස් වත් නැතුව. අමතක වෙලා වෙන්න ඇති.... (අ)
කුඩු අල්ලන එක වැරදියි වගේ මට පෙන්නේ. ඉස්සර වගේ කුඩු අල්ලන්නේ නැතුව හිටියනං මේ වගේ මෝඩ ප්‍රතිචාර බලන්න වෙන්නේ නැ? (නදී)
රට ඉවරයි. ඕකටත් දේශපාලුවෙක් සම්බන්ද ඇති.(නදී)
ඉස්සර කුඩු කිලෝ එකසිය ගානක් ගෙනාව සිද්දිය දැන් අපිට මතක නැහැනේ.(නදී)
ගිය සතියේ දෙවැනි වතාවටත් ගෙදරකට හොර කමේ ඇවිත් මුළු ගේම ගිනි තියලා ගිහින් තිබුනා. විශාල ගෙයක් පැය ගානක් ඇතුලතදී ගිනි අරගෙන විනාසම වෙලා තිබුනා. ගිනි නිවන හමුදාවෙන් ඇවිත් ගින්න පාලනය කලාට බිත්ති පමණක් ඉතිරි වෙලා තිබෙනවා. දැන් ඉන්න හොරු හොරකම් කරලා ගෙදරත් ගිනි තියලා යන්නේ සාක්කි වලලලා දාන්යි. පොලිස් බල්ලොත් නන්නත්තාර කරලා දාන්නයි. කුඩු නිසා අපිට සහ අපේ අනාගත දරු පරපුරට හොද අනාගතයක් උදා වෙලා කියල දැන්නම් සැබවින්ම පෙන්නුම් කරනවා. සුභ අනාගතයක්.(නදී)
කුඩු කන්ටනේර් එකට මොකොදෝ වෙන්නේ? (නදී)
ඔත්තුව දුන් නැත්නම් අල්ලනවා බොරු. මේ ටික අහුවෙන්න ඔත්තුව දිලා ඔත්තුව දිපු කෙනා නැවත බඩු එවනවා රේගුව අවදානයෙන් ඉන්න මිනිස්සු කුඩු බොන් නැතුව හිටියා නම් ඉවරයි මොකද බලෙන් පොවන්නයැයි. බොන හින්දා ගේනවා.(නදී)
අපේ අයගෙන් ලිපියක් ලැබුනේ නැද්ද, දුප්පත් බිස්නස් කරුවකුගේ පළමුවෙනි ආයෝජනය වෙන්න ඇති. (නදී)
පකිස්තනයවත් කිසිම රටක් ලංකාවට බලෙන් කුඩු එවන්නේ නැ.එක හරියට කියන්නේ අර මුණු පොත නිසා එල්ලිලා මැරෙනවා වගේ කතාවක්.මුනුපොත පලි නැ වගේ කිසිම රටක් පලි නැ කුඩු වලට.ඒවා ගෙන්වන අය තමා අල්ලා ගන්න ඕනි.කිසිම රටක් ලංකාවට බලෙන් කුඩු එනවන්නේ නැ අපේ අය ගිහිල්ලා හෝ කොම හරි කුඩු මේ රටට ගෙන්වනවා .(අ)
මේ රෙගු නිලදාරිගේ පින්තුර මාධ්‍ය වල පල කිරීම වලක්වන්න ඕන, මතකනේ ඊයේ පෙරේදා සුර බදු නිලධාරියෙකුගේ ගෙදරට වෙඩි තිබ්බ, කිසිවෙකු අත් අඩංගුවට ගත්තේවත් නැහැ තවම, මේ උදවියගේ ආරක්ෂාවට කවුරුත්ම නැහැ, (අ)
මේවට යොදවන මොලේ හොද වැඩකට යෙදුවනම් අද අ මිනිස්සුත් කොතරම් සතුටින් ඉන්නවද? ඉක්මන් කොටයි කියන්නේ මේවට තමයි. (අ)
ග්‍රීස් ටිං අස්සෙ ගෙනාපුවා පාරිබෝගිකයන් අතර බෙදා දීලාද? (අ)
කුඩු ග්‍රෑම් 200 ක් තියාගෙන හිටි කෙනෙකුට මරණ දඬුවම නියම උන කතාවක් මම දැක්ක පත්තරේක. කිලෝ ගණන් ගෙනාවම ඒ නීතිය වලංගු නැතුව ඇති මයේ හිතේ? (නදී)
ඉන්දි, පකිස්තානය මිතුරුයි ශ්‍රී ලංකාවේ පාලකයෝත් එක්ක. හැබැයි සතුරෝ වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවත් එක්ක. දේශපාලකයා බලේ ඉන්නේ කතිරයේ ආනුභාවය තියෙන කම් හින්ද ඒ අයට සදා කාලික මිතුරන්ගෙන් වැඩකුත් නැහැ. සතුරන්ගෙන් වැඩකුත් නැහැ. ජනතාවට නම් පිටරට එකත් හතුර. මේ රටේ එකත් හතුරා.(නදී)
වසර 1700 කට පෙර බෞද්ධ රටක් ලෙස පැවතී මෙරටට අද වෙනකොට වී ඇති ත්තවය අමතක කරන්න එපා.(නදී)
පකිස්තානයෙන් එන සියලුම දේවල් හොඳින් පරික්ෂා කරන්න. ලංකාවට මිතුරු රටක් උනාට පකිස්තානය හොඳ රටක් නෙමේ. නරක මිතුරෙකුට වැඩිය හොඳ හතුරෙක් උනත් හොඳයි. (නදී)
මේ ආණ්ඩුවට ඉක්මනින් තීරණය කරන්න වෙනවා රටේ සංවර්ධනයට අවශ්‍යය බෝල්ට් ඇන ද කුඩුද කියලා. (නදී)