සෑම දේකටම බදු ගසන රජය පාරේ බුලත් කෙළ ගැසුවත් දඩ ගැසීමට යතියි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේණ්තු මන්ත්‍රී අනුර කුමාර දිමානායක මහතා ඌව පළාත් සභා ඡන්ද රැලියක් අමතමින් වැලිමඩ බෝගහකුඹුරේ දී කීවේය.
සෑම දේකටම බදු ගසන රජය පාරේ බුලත් කෙළ ගැසුවත් දඩ ගැසීමට යතියි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේණ්තු මන්ත්‍රී අනුර කුමාර දිමානායක මහතා ඌව පළාත් සභා ඡන්ද රැලියක් අමතමින් වැලිමඩ බෝගහකුඹුරේ දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුලත් කෙළ පමණක් නෙමෙයි ඕනෑම අපද්‍රව්‍යයක් පාරේ පොදු තැන් වල අත්ඇරලා යනවා. (නි)
අනුර කුමාර මහත්තයෝ, ඔබ ඕනෑ දෙයක් කියන්න (නි)
අනිවාර්යයෙන්ම දඩ ගැසිය යුතුයි (නි)
සිගරට් බිව්වොත් කට කපන කාලයක් තිබුනා.හොඳ වෙලාවට එයාලට බලය ගන්න බැරි වුණා (නි)
මේකට අදහස් දාන අය බුලත් විට කන හෝ විටක තියන දෙයක් දන්න අයවත් නොවෙයි වගේ (නි)
හැමතැනම බුලත් කෙළ. එය නම් අනිවාර්යයෙන්ම කළයුත්තක් (නි)
අපේ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් විට කෑම සහ ඇඟිලි දෙකක් අතරින් චිරිස් ගා කෙළ ගැසීම. (නි)
අනිවාර්යයෙන්ම දඩ ගහන්න ඕනෑ (නි)
තමන්ගේ ශරීරයෙන් බැහැරවෙන දේවල් අනෙකුත් අයට පිළිකුලක් ඇති නොවෙන විදියට බැහැර කරන්න සමහරුන්ට කිසිම පුරුද්දක් නැහැ. එක දවසක් අපේ ගෙදර අසළින් යන්න ආ ගැබිණි කාන්තාවක් වැසිකිළිය පාවිච්චි කරන්න ඇසුවා. එයා සිටිය තත්ත්වය සළකලා ඉඩ දුන්නා. පාවිච්චි කරලා ගියාට පසු මට වැසිකිළිය සෝදන්න සිද්ධ වුණා. (නි)
අනිවාර්යෙන්ම දඩ ගැසිය යුතුයි (නි)
අපේ රටේ ඉදිරි පරම්පරාවටවත් අපද්‍රවය බැහැර කිරීමේ ඉඳලා වැසිකිළි පාවිච්චිය දක්වාම පාසල් මට්ටමින් පුහුණුවක් ලැබෙන්න ඕනෑ. (නි)
ඇයි මහත්තයෝ මේ වගේ කතා වේදිකාවල කියන්නේ? (නි)
බුලත් කෙළ ගහන අයට තැන නොතැන නොබලා දඬුවම් කළ යුතුයි. (නි)
මේ රටේ දේශපාලුවෝ එදා ඉඳලම කළේ ලස්සන කතන්දර කියලා ජනතාව රවට්ටපු එකයි (නි)
හැමදේම වැරදි විදිහට දකින දේශපාලකයින්ට කවදාවත් ඡන්දෙ දීලා වැඩක් නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ වගේ අය බලයට ඇවිල්ලා කිසිම දෙයක් කරන්නෙත් නැහැ. (නි)
තැන නොතැන නොබලා කෙළගහන එක අන්තිම කැත පුරුද්දක් කියලා තේරුම් ගන්න අපේ රටේ උදවියට තව ශත වර්ෂයක් ගියත් බැරි වේවි. (නි)
මම ඉන්න රටේ පොදු ස්ථාන වල බුලත් කෙළ නෙමෙයි නිකම් කෙළවත් ගහන්න තහනම්. මෙහෙ කිසිම කෙනෙක් පාරේ සෙම් සොටු හුරා දමන්න, පාර දෙපැත්තේ ගස් පඳුරු වැසිකිළි කරගන්න හදන්නේ නැහැ. වෙන එකක් තියා තමන්ගේ ගෙදර ඇති කරන බල්ලා පාරේ කැතකළත් දඩ ගහනවා. (නි)
ඔය බුලත් කන අය පොඩි පඩික්කමක් අරගෙන ගියා නම් ප්‍රශ්නය ඉවරනේ (නි)
තිවංකගේ අදහසට මම එකඟයි (නි)
දඩ ගහලා කට මහන්න ඕනෑ ආයෙත් කෙළ නොගහන්න. (නි)
එහෙම කියලා හරියනවද? ඉතාලි වගේ රටකට ගෙන්නලා පුහුණුවක් දියයුතුයි පිරිසිදුකම ගැන (නි)
හැමතැනම බුලත් කෙළ. එය නම් අනිවාර්යයෙන්ම කළයුත්තක් (නි)
මේ කතාවෙන්ම පෙනෙනවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දර්ශනය කොයි තරම් ලාමකද කියල. මේ ගොල්ලොනේ මේ රට කරවන්න බලය ඉල්ලන්නේ! (අ)
මේ මහත්මයා මෙතනදී කියන්නේ මේවගේ සුළු වැරදී පවා ආණ්ඩුව ආදායම් මාර්ගයක් කරගන්න හදනවා කියලා මිසක් නගරය අපිරිසිදු කිරීම අනුමත කෙරීමක් නෙව්යි. (අ)
මෝඩකම තිබුණාට පෙන්නන්න යන්න එපා හොද දේ අගයන්න පුරුදු වෙන්න එදාට ඔබලාටත් යමක් කරන්න පුළුවන් වෙයි යුද්දය අවසන් සමයේ රජයට බොරු චෝදනා කරලා ඉවත් වෙලා තිබුණා ඡන්ද ටිකටත් නැති කර ගත්ත මතක ද මෝඩ යක්කු මේ අයනේ අම්මප රට හදන්න දගලන්නේ. මේ අයට ඡන්දෙ දෙන අපට අර මොකද්ද එකෙන් ගහන්න ඕන (අ)
යුරෝපයේ බල්ලකු පාරේ අරන් යනවිට , බල්ලා මලපහ කරොත් ඒවා එකතු කර ගැනිමට අයිතුකරු අනිවාර්යෙන් එ් සඳහා ප්ලාස්ටික් බෑගයක් ගෙනයා යුතු වාගේ ලංකාවේ බුලත් කන අයට පඩික්කමක් ගෙන යාමට අනිවාර්ය කල යුතුය (නදී)
අනුර මන්ත්‍රීතුමා යම්කිසි දෙයක් ගැන කතා කරන්නේ තරමක අවබෝදෙයෙන් කියල මට බොහො අවස්ථාවල හිතිලා තියනෙවා. නමුත් මේ කියන දේ නම් එතරම් හිතල බලල කියන කතාවක් කියල හිතන්න බැහැ. ලංකාවේ විතරක් නොවෙයි ආසියාවේ බොහොමයක් දියුණු වෙන රටවලට තිබෙන විශාල පරිසර ප්‍රස්නයක් තමයි මේ බුලත් කෙල ප්‍රශ්නය. බලන්න සිංගප්පුරුව, පාරේ කෙලගහන්න බැහැ. චුවින්ගම් ඒ රටේ විකුණන එකත් තහනම්. ඒ රට පුංචි රටක්. පරිසරය එහාට වැදගත්. එ් නිසයි එහෙම කරන්නේ. කුවෙට් රටට බුලත් කොළ, පුවක් සහ බුලත්විට ගෙනෙන එක තහනම්. එ්කට හේතුව දකුණු ආසියාවේ රටවලින් එහෙට සමහර රැකියා වලට ගිහිල්ල ඉන්න අය බුලත්විට කාල පාරේ කෙළගහනවා. බලන්න ගිහිල්ලා ඉන්දියාවේ ගුවන්ත්ටුපලවල්වලට , වෙනත් ප්‍රසිද්ධ ස්ථානවලට, කොච්චර අවලස්සනද ඒ ස්ථාන කියලා. ලංකාවේ බස්වල ඉඳල එලියට බුලත් කෙල ගහල පාරේ යන අයට කොච්චර කරදර වෙනවද. ඒ නිසා අනුර මන්ත්‍රීතුමාගේ මේ කතාව සමග නම් එකඟ වෙන්න බැහැ. (නදී)
බුලත් කෙල විතරක් නෙමෙයි පාරවල් පුරාම ඡන්ද ලකුණු අඳින ජේ.වී.පී අයටත් දඬුවම් කරන්න ඕනා. මේ අය පාරවල් ඒ අයගේ දේපොළ කියල හිතන්නේ. (නදී)
තමන්ගේ ශරීරයෙන් පිටකරන සේ සොටු මල මුත්‍රා බුලත් කෙල ආදී දේවල් අනෙත් අයට අප්‍රසන්න බවක් ඇති නොවන පරිදි අදාළ තැනකදී අවට අයට පිළිකුලක් නොවන පරිදි පිට කරන්න ඕනෑම කෙනෙකුට පළමු පුහුණුව ලැබෙන්නේ තමන්ගේ පවුල් පරිසරයෙන්. (නදී)
දවසක් මම පාරේ යනකොට පොඩි ළමයෙක්ගේ මල පහවුන නැපි එකක් පාරේ ගිය වාහනයකින් වීසි කළා. මගේ මුළු ඇගේම ජරාව ගෑවිලා අසල කඩේකින් වතුර බාල්දියක් ඉල්ලාගෙන අත පය හෝද ගෙන ගෙදර ගියා. . ලංකාවේ මිනිස්සුන්ට කුණු කසල ඉවත් කරන හැටි ඉඳල වැසිකිලි භාවිතය දක්වාම ආපසු පාසලට ගෙන්නලා කියලා දෙන්න වෙලා. (අ)
අපේ ක්‍රියාන්විත විපක්ෂය විවේචන කරන්න අවශ්‍ය නැහැ. නමුත් අනුර මහතා මේවගේ ගොන් කතාවක් කරයි කියලා මමනම් කවදාවත් හිතුවේ නැහැ. කොහොම වුණත් උන්නැහේට අවශ්‍ය වන්නට ඇති සියයට පනහකට ආසන්නව සිටින අපේ වැඩිහිටි ජනතාවගේ ආදරය, කරුණාව සහ කතිරය ලබා ගන්න. (අ)
හරියට පොදු වැසිකිලි පාවිච්චි කරන්නේ නැති අයටත් දඩ ගහන්න ඕන. (අ)
අනුර මහත්තයෝ රජය කරන්න හදන හොද දේවල් වලටවත් ගර හන්න එපා ....ලේ ගංගාවල් ගලා ගිය ...හන්දියක් ගානේ රොස් වූ මිනීකදු වලින් පිරුන රටක්....ක්‍රමිකව පිරිසිදු කරන් එද්දී බුලත් හප වලින් පරිසරයට කරන ලද අප්ප්‍රසන්න බව නැති කිරීමට දරන උත්සාහයට කුහක සිතින් .නොබලා ලස්සන පරිසරයක ජීවත් වීමට දැන් හැදෙන පරම්පරාවටවත්.......ඉඩක් දෙන්න .....(අ)
කුණු පාරේ අතහරින, බල්ලන් වඳනොකර පැටවූන් පන්සල් ළඟ අතහරින, බල්ලන් පාලනය නොකර අයාලේ යවන, වැසිකිළි පාවිච්චි කරන්න නොදන්නා, බස් වල යන්න නොදන්නා, ඕනෑම තැනක මළමුත්‍රා කරන,කෙළ ගසන, එහෙත් සංස්කෘතිය ගැන පුරාජේරු වයන, ලාංකිකයා හදන්න ඔබතුමාගේ යෝජනා මොනවාද? (නි)
හොදම උදාහරණය ගාල්ල බුස් නවතුපොල. අලුතෙන් හදල මාසයක් යන්න වුණේ නැහැ. හැම තැනම බුලත් කෙල. පේමෙන්ට් එකේ ඇවිදින්න බහ බුලත් කෙල හැම තැනම ගහල. ඉතින් හොදට හිතන්න මේ වගේ නායකයෝ රට පාලනය කරන්නේ කොහොමද කියල.. මෙයාගේ ගෙදරත් මේ වගේ ඇති.. මනුස්සයෙක් කරන කියන දේවල් වලින් අපිට එයාගේ ඇතුලාන්තය මොන වගේද කියල හිත ගන්න පුළුවන්. (අ)
හැම දේටම විරුද්ද වෙලා බැහැ. හරි දේ අගය කරන්න ඕනේ. (නදී)
පාර්ලිමේන්තුවේ වාඩි වෙන ආසනය ළඟ කකුල් තියන තැන කවුරු හරි බුලත් කෙල ගහලා තිබුනා නම් බලන්න තිබුනා. (නදී)
"බතයි බුලතයි" සිංහල සංස්කෘතියේ සංකේතයක් නිසා මෙයාල බලනවා ඇති මේක අරගෙන සිංහල හඩක් නගන්න. ඉස්සර සිංහලයා තැන තැන කෙල ගැසුවේ නෑ. අද ත්‍රීවීල් පාර්ක් එකක් ලග බිම බලන්න. කක්කුස්සියක් වගේ කෙල ගහලා. පුද්ගලික බස් රියදුරෝ බස් එක යන ගමන් බුලත්විට කාල කෙල ගහනකොට පස්සේ ඉන්න අයගේ කටට මුහුණට කෙල විසි වෙනවා. මේක නවත්වන්නට පමා වුනා වැඩියි.මේ සමගම බල්ලන් ඇති කරන්නන් උදයට හවසට පාරට ගෙනත් පාර අයිනේ මල පහ කරන එකත් නැවැත්විය යුතුමයි. (නදී)
ඔන්න අනුර මහත්තයත් නාගන්න තැන (නදී)
බුලත් කාලා පාරේ කෙළගහන එක නම් නරක වැඩක්. පාරේ විතරක් නම් කමක් නැහැ. සමහර උදවිය බස් එකේ යන ගමනුත් කෙළගහනවා. (නි)
ජේවීපී එක කෙළ ගහලා තියෙන්නේ උඩ බලාගෙන. (නි)
මම පසුගිය දවසක පාරේ අයිනෙන් යනවිට බසයක ගිය කෙනෙක් බුලත් කෙළ ගැසූ පාරට මගේ ඇඟට වැදුනා (නි)
පවන්, ඔබ හරියටම හරි (නි)
රජයේ බොහෝ දේවල් අනිවාර්යෙන්ම වැරදි.එත් බුලත් කෙල ගහන එකට දඩ ගැසිය යුතුයි (දී)
ඔය වගේ වැඩ වලට දඩ ගහන්න ඕන තමඊ පාර ජරා කරනවට(දී)
මොන දේශපාලනේ කතා කලත් එකනම් හොඳ වැඩක්(දී)
ඇත්තටම පාරවල් වල සහ ප්‍රසිද්ධ තැන් වල බුලත් කෙල ගහන මිනිස්සුන්ට දඩ ගහනවනම් ඒක ලොකු දෙයක්.. මමත් කීප සැරයක්ම පයින් යද්දි බයිසිකලේ යද්දි ඔය පරිප්පුව කාල තියනවා. අරිම අසික්කිත පිළිකුල් සහගත දෙයක්. (නදී)
පරිසරය පිරිසිදුව තබාගැනීම ඉතාම වැදගත් දෙයක්. අපේ රටේ අයට මේවා මේ විදිහට හරි පුරුදු කරලා රට ලස්සනට තියාගන්න උගන්නන එක වරදක් නෙමෙඉයි. ගිහින් බලන්න සිංගප්පුරුව වගේ රටවල් වල මිනිස්සු කොච්චර ලස්සනට පරිසරය තියාගන්නවද කියලා (නදී)
බුලත් කෙළ පහරට දඩ ගැසිය යුතුමය. (නදී)
අනුරගේ සමහර කරුණු වලට එකඟ වන නමුත් බුලත් කා ප්‍රසිද්ධ තැන්වල කෙල ගැසීම, පාරවල් අපිරිසිදු කිරීම් වැනි දේවලටනම් දැඩි නීති අවශ්‍ය බව කිව යුතුමයි. (දී)
පරිසරය කැත කරන එකට දඩ ගහන එක හොද දෙයක් (දී)
සහෝදරයා. මහජන ගෞරවයට පාත්‍ර විය යුතු අල්ප වූ පාලකයින් ලයිස්තුවේ ඔබේ නම ඉහලින්ම බව පිළිගමි. ඔබේ විවේචනය පිලිබඳ එක ගැටලුවකි. බලවතුන් පරිසරයේ සුන්දර බව නැසීමට එරෙහිව යමක් නොවීම සාමාන්‍ය මිනිසුන්හට සුළුවෙන් හෝ එවැන්නක් කිරීමට ලැබෙන අනු බලයක්ද? (නදී)
නියමයි නියමයි අනුර සහෝදරයා දෙන්ඩ රිදෙන්ද ඕකුන්ට (නදී)
එතකොට පාරේ හැමතැනම කෙල ගහගහ යන එක හරිද? හොඳ දේට හොඳයි කියන්න පුරුදුවෙන්න, ඡන්ද වාසි ගන්න හදන්නේ නැතිව (නදී)
ඒක ඉතා හොඳ වැඩක්(දී)
දඩ ගහල මදි.. කෙල ගහපු තැන හෝදන්න කියන්න ඕනේ හැමෝටම පෙන්න . කානුවකට කෙල ගහනාවන් කමක් නැහැ ... පාරේ දිගේ හැම තැනම(දී)
අන්න හරි (දී)
බුලත් කෙල පාර පුරා, බිත්තිවල කාණුවල ගහල ලස්සන පාරවල් ජරා අපායක් කරන අයට දඩ ගහනවා නම් මම තනි පයින් එකට සහයෝගය දෙනවා. (නදී)
අනිවාර්යෙන්ම දඩ ගැසිය යුතුයි. දුම් බීමට දඩ ගහනවා නම් මේකටත් එසේම කල යුතුයි. (නදී)
හොද වැඩක්. (නදී)
එකටනම් දඩ ගහන්නම ඕන. ඉවක් බවක් නැතුව රියදුරෝ පර පුර කෙළගහනවා (දී)
හොද වැඩක් (දී)
හොද වැඩක් (දී)
හැම එකටම බදුගහන එකටනම් මම කැමති නැහැ.එත් ඔය බද්දට නම් මම එකයි.මොකද මහා සෙනග ගැවසෙන තැන වල වැස්සේ පවාපාරවල් දිගට අප්පිරියාවේ බැහැ.සමහරු බස් එකේ යන ගමන් ජනේලේ ඇරලා ගහපු ගමන් පාරේ යන මිනිස්සු ඉවරයි.ඕක හොඳ වැඩක්.(දී)
දඩ ගහන්න එපා(දී)
හරි දුකයි ජ.වි.පේ ගැන. (නදී)
මේක නම් හොඳ යෝජනාවක් (නි)
කෙළ ගහනවට සිංගප්පුරුවේ, චීනයේ දඩගහනවා.අපේ අය අපි උතුම් කිය කියා රා බීපු මියන් සේ පුරාජේරු වැයුවාට, තැනක ගිහින් හිටගන්නවත් දන්නා අය නොවේ.මම වැරදි නම් අපේ නගර ටික තියෙන්න එපැයි දිලිසි දිලිසී. අනේ මහත්තයෝ, පොඩ්ඩක් හිතලා බලන්න. (නි)
කොළඹ බැස්ටියන් මාවතේ යන්න බැහැ, මුත්‍රා ගඳයි. පාරවල් වල බුලත් කෙළ. (නි)
මහ පාරේ මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන වල සහ බස් වල සිට බුලත් කා කෙළ ගැසීමට ඉතාම ඉහළ දඩයක් ගැසීම අනුමත කරනවා. මේවා නිසා පාරේ යන අපිට ලොකු කරදරයක්. සමහරවිට අපේ ශරිරයේද මේවා තැවරෙනවා. (නි)
පඩික්කමක් පාරේ තිබුණා නම් මිනිසුන්ට කෙළ ගහන්න තිබුනා. (නි)
මම නම් හිතුවේ නැහැ අනුර මහත්තයා මේ වගේ කතාවක් කියයි කියලා. (නි)
මම අනුර කුමාර මහත්තයාගේ හා එම පක්ෂයේ කෙනෙක් නොවුණත් මෙතුමට ගරු කරනවා (නි)
නියම වැඩක් (දී)
පාරේ යන්න බැහැ (දී)
සාධාරණයි (දී)
අන්න හොද වැඩක් (දී)
ජයවේවා (දී)
ඇයි දඩ ගහන්නේ නැත්තේ කියලයි අපි බලන් ඉන්නේ ? (අ)
එකනම් හොදයි, ටව්මක බස් ස්ටෑන්ඩ් එකක ඇවිදින්න බැහැ , හැමතැනම බුලත් කෙල . බස් එකේ යද්දී ඉස්සර ඉන්න කෙනා ජනේලෙන් එලියට ගහන බුලත් කෙල පහර පිටි පස්සේ ඉන්න අයගෙය් පාරේ යන අයගෙය් ඇඟ පුරා. මේ වගේ අත්දැකීමට මුහුණ දුන්නොත් නම් හැමෝම කියයි බුලත් කෙල ගහන අයට සිර දඩුවමක් දෙන්න ඕනේ කියල (අ)
මොනවා වුණත් කරනවානම් හොද වැඩක්.බලන්න ලංකාවේ පාරවල් වල කැත බුලත් කෙල පාරවල් හැම තැනම.(අ)
අනුර කුමාර මහත්තයෝ...ඔබතුමා මොනවා කිව්වත් එයනම් අනිවාර්යයෙන්ම කලයුත්තක්.හොදින් බලන්න විට පප්පලා නිසා නගරවල අලංකාර ස්ථාන අපිරිසිදු වෙලා තිබෙන හැටි.සිංගප්පූරුවේ පාරේ නිකම් කෙල ගැසුවත් ඩොලර් 500ක් දඩ ගහනබව දන්නවද?ඒ රට එතරම් ලස්සනට තියෙන්නේ ඒකයි (අ)
මේ ලිපිය දල තියෙන්නේ බුලත් හපයේක්. (අ)
විට කන මිනිස්සු පාර පුරා කෙළ ගහල තියෙන හැටි දැක්කම වමනේ යන්න එන තරමට හිරිකිතයි.දඩ ගහන්න නෙවෙයි තියෙන්නේ කට කඩන්න (අ)
අනුර මහත්තයෝ එක නම් හොද දෙයක්. (අ)
පරිසරය ජරා වෙනවා (දී)