( ජේ.ඒ.එල් ජයසිංහ , ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින කොරෝනා අවදානම් තත්ත්වයට පිළියමක් වශයෙන්රට යම් කාලයකට වසා දැමිය යුතු යැයිසෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලීමක් කරන්නේ නම් රජය ඊට අවනත වී කළ යුත්තේ රට වසා දැමීම බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි.
පෙර රජ දවස සිටනැවත එන චාරිත්රයක්ඉෂ්ට කරමින්ආදිවාසි නායක සහඔහුගේ ආදිවාසී පිරිස ඊයේ (18) මහනුවරට පැමිණප්රථම රන්දෝලි පෙරහැර දිනයේසාම්ප්රදායික මී පැණි පූජාවසිදු කිරීමෙන් අනතුරුව ආදිවාසී නායකයා එම අදහස් පළ කරමින් මෙසේ පැවසීය .
වෙනත් වසර වලදී මේ මීපැණි පූජාවට අපේ පරම්පරාවේ සීයක් විතර සහභාගි වෙනවා . නමුත් අද රටේ පවතින තත්වය හේතුවෙන් අද අපි දහදෙනකුපමණයි සහභාගි වන්නේ . ඒ අයත් එන්නත් මාත්‍රා දෙකම ගත් අයයි .මොන වසංගත තත්ත්වයක් ආවත් අපේ චාරිත්‍ර අපි ඉටු කළ යුතුයි .
මේ වසංගතය ස්වභාවධර්මයාවිසින් ලෝකයාට දීලා තිබෙන දඬුවමක් හැටියටයි මා දකින්නේ .මේ වසංගතයට ජාති, ආගම්, පාට, පක්ෂ, භේදයක් නැහැ . ලෝකයේ ඕනෑම බලවත් රටක ඉහළම පුද්ගලයාගේ සිට පහළම පුද්ගලයා දක්වා මේ රෝගයේ අවදානමට අද ලක් වෙලා ඉන්නවා . අපේ ආදිවාසී පරම්පරාවේ පිරිසකටත් රෝගය වැළඳිලා කියලා අපට දැනගන්නට ලැබී තිබෙනවා . මේ කාලයට අපේ අයට කැස්ස උණ වැනි රෝග හැදෙනවා. ඒ අයට හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් හැදෙන රෝග තත්ත්වය ද එසේ නැත්නම් කොරෝනා රෝගය ද කියලා අපිට තාම නිශ්චිත නැහැ .
රජයට, සෞඛ්‍ය අංශ හෝ ආරක්ෂක අංශවලට මේ වසංගත රෝගය තනිව පාලනය කරන්න බැහැ . රටේ ජනතාව විනයගරුකව සෞඛ්‍ය නීතිරීතිවලට ගරු කර ඊට අනුගත වෙලා කටයුතු කළොත් තමයි මේ තත්ත්වය යම් තරමකට හෝ පාලනය කරගන්න පුළුවන්.
අපි දැක්කා රජය නීති පනවන්න ඉස්සරවෙලා පවතින අවදානම් තත්වය තේරුම් ගෙන බොහෝ නගරවල ව්‍යාපාරිකයෝ ස්වයං වාරණ වලට එළැඹිලා තම ව්‍යාපාර වසා දැමීමට තීරණය කොට ඇති ආකාරය . මේක ඉතා හොඳ ප්‍රවණතාවයක් රජයේ හෝ වෙනත් අංශවලට දොස් කිය කියා ඉන්නවට වඩා තමන් ම තත්ත්වය තේරුම් ගෙන කටයුතු කරනවා නම් ඒක ඉතාම යහපත් .
මෙම අවස්ථාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර චාරිත්‍රානුකූලව ආදිවාසී නායකයා ඇතුළු පිරිසටත්යාග බෝග ලබා දීමද සිදු කෙරුණි .
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘බලධාරීන් කියනවානම් රට වැසිය යුතුයි‘
gamage Wednesday, 18 August 2021 04:04 PM
එහෙම බෑ. එක එක අය කියන දේ අහලා වැඩකරන එක අපේ සර්ගේ පෞරුෂයට හොඳ නෑ. කොන්ද කෙළින් නායකයෙක් නේ ඉල්ලුවේ. ඔන්න දැන් ලැබුණා.
de silva Wednesday, 18 August 2021 04:06 PM
වැදි නායකයාට, රටේ ව්‍යාපාරිකයන්ට, සාමාන්‍ය මනුස්සයින්ට තිබෙන දැනුම අපේ ඩුබ්ලිකේට් ඇමෙරිකන් කාරයාට නැත. නමුත් කොරෝනා වැඩිවුණොත් ෆ්‍රෙඩී සිල්වා මාධ්‍යයට බනින්නේ ජනතාවට...
fairoos Wednesday, 18 August 2021 04:23 PM
අපේ සර්ට වැදි භාෂාව තේරෙන්නේ නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 18 August 2021 05:10 PM
වැදි නායකතුමාට තියෙන වැටහීමවත්, අපේ නායකතුමාලාට නැහැනේ...
මහසෙන් Wednesday, 18 August 2021 06:10 PM
ඔබතුමාට වැටහෙන දේ රටේ මහ ඌරට වැටහෙන් නෑ. බිලි පූජාවක් බාරවෙලා ඇවිත් ඉන්නේ. ඒක දෙනවා තාම...
de silva Wednesday, 18 August 2021 06:11 PM
අපේ රට පාලනය වැදි නායකයාට දුන්නා නම් මීට වැඩිය හොඳට කරාවි කියලා හිතෙන්නේ මට පමණද?
Sri Lanka Wednesday, 18 August 2021 07:27 PM
කවුද ලොක්කා බලධාරීන් කියන්නේ? ලංකාවේ ඉන්නේ බඩජාරීන්...
sampath Wednesday, 18 August 2021 09:48 PM
මෙයාව තැනකට ගෙනෙල්ලා තනතුරක් දුන්නානම් මොකද වෙන්නේ.
L.G.P.Jathunaracchi. Thursday, 19 August 2021 08:10 AM
ඌරුවරිගෙ වන්නියලැ ඇත්තන්ගේ ප්‍රකාශය අගයකොට සලකනවා.