IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බලන් අලියගේ මොළේ හැටි

කන්තලේ සුරියපුර සැරිසරන වල් අලියකු රාත්‍රී කාලයේ ගෙවල්වලට ඇතුළු වී  හාල් පොල් සීනී කෑමට අමුතුම උපක්‍රමයක් යොදාගෙන ඇතැයි වනජීවී නිලධාරී බී ඩබ්ලිව් රත්නායක මහතා පවසයි.

මිනිසුන්ට හෝ දේපළවලට හානි නොකරන මේ වල් අලියාගේ උපක්‍රමය වී ඇත්තේ විදුලි මනුව ළගින්  විදුලිය විසන්ධි කිරීම බව රත්නායක මහතා කියයි.

සුරියපුරයේ නිවාස හත අටකම  වී, හාල් ආදී දේ මේ වල් අලියා විසින්  කා දැමු අවස්ථාවවල විදුලිය විසන්ධිවීම ගැන ගැමියන් සෝදිසියෙන් සිටි බවත් අලියා පළමුව හොඩවැලෙන් විදුලි මීටරය විසන්ධි කරන අයුරු  ගැමියන් කිහිප දෙනකු දැක ඇති බවත් රත්නායක මහතා පවසයි

මේ අලියා අල්ලා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇතැයිද ඔහු කියයි.

විදුලි වැට උඩින් ලීයක් දමා විදුලිය අක්‍රීය කරීමෙන් වගා ඇති දෙසට ගිය වල් අලින් ගැන මීට කළින් වාර්තා විය.



අදහස් (0)

බලන් අලියගේ මොළේ හැටි

පෙරේරා Monday, 14 October 2013 05:26 PM

ගිය ආත්මේ විදුලි ඉංජිනේරුවෙක් වෙන්න ඇති (නි)

:       0       0

තිස්ස Monday, 14 October 2013 12:49 PM

අපේ අහවල් මහත්තයාගේ මොළය වගේම තමා (නි)

:       0       0

වළල්ලාවිට Monday, 14 October 2013 01:20 PM

ඒ මහත්තයාගේ මොළේට වඩා මේ අලියාගේ මොළේ වටිනවා! බඩ ගින්නට තමයි ඔහොම කරනවා ඇත්තේ. අපේ මහත්තුරු ඕවා කරන්නේ බඩ ගින්නටයෑ? (නි)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Monday, 14 October 2013 01:32 PM

සිරිකොතේවත් නෑ මේ වගේ අලි. (ස)

:       0       0

නිහාල් Monday, 14 October 2013 01:37 PM

තිරිසනෙක් වුවත් පෙර ආත්මයේ කළ සොරකම් මේ ආත්මේත් පිහිටා තිබෙන්න ඇති (නි)

:       0       0

දිසා Tuesday, 15 October 2013 01:08 AM

මෙන්න මේ වගේ අලි වාසනාවන්! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 October 2013 01:52 PM

ඔන්න, යවනවා නම් අපේ විදුලි බල මණ්ඩලයට ! (නි)

:       0       0

බුද්ධි Monday, 14 October 2013 01:56 PM

පට්ට අලියෙක් ඈ..... අලිනං අලි ෂෝක් පුතා (ස)

:       0       0

උපාලි Monday, 14 October 2013 01:56 PM

මෙන්න මේ අලියා තමයි එජාපෙ ඊළඟ නායකයා විය යුත්තේ. (ස)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 14 October 2013 06:48 PM

දුකයි මෙයාට කොලෙස්ට්‍රෝල් , සීනි වැඩිවෙයිද කියලා (නි)

:       0       0

රේණුක Monday, 14 October 2013 02:10 PM

බුද්ධිමත් සතෙක් අලියා කියන්නේ. (නි)

:       0       0

රසාද් Monday, 14 October 2013 02:32 PM

උපාලි හොඳ යෝජනාවක් . පාලකයන්ට මොලේ නැහැ මේ සත්තුන්ට තරම් වත්. සත්තුන්ට කන්න තියෙන කැළ මිනිස්සු විනාශ කරන එක නවත්තන්න කෙනෙක් නැද්ද? (ස)

:       0       0

පෙත්තා Tuesday, 15 October 2013 05:21 AM

මේ හැම සතෙකුම එක්තරා ප්‍රමාණයක බුද්ධියක් පාවිච්චි කරනවා. හිතවත්කම, ආදර කරුණාව සිව්පාවා තුලත් තිබෙනවා. අපි මේ සත්තු ජීවත් වුණු ඉඩම් අල්ලාගෙන ගෙවල් හදාගෙන උන්ගේ නිදහස නැති කරලා. උන්ටත් ආදරය කරන්න. (නි)

:       0       0

චමත් Monday, 14 October 2013 02:47 PM

උපාලි මහත්තයාගේ කතාව ඇත්ත. (ස)

:       0       0

සිරියලතා Monday, 14 October 2013 02:48 PM

මෙන්න නියම අලි, මෙයාලගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියනවා.නොහැක්කක් නොමැත. (ස)

:       0       0

දුමින්ද Monday, 14 October 2013 03:02 PM

ස්වාභාවික කටු පැදුරු,අලින් අකමැති පැළෑටි,තල් අතු, මී මැසි ජනපද ඇති කිරීමෙන් අලින් සංක්‍රමණය වීම වළක්වා ගන්න පුළුවන්.වියදමත් අඩුයි. පරිසර හානියකුත් නැහැ (නි)

:       0       0

සත්‍යපාල Monday, 14 October 2013 03:03 PM

ඔය ලකුණ තිබුනට පක්ෂයේ නම් එක් කෙනෙක්වත් නැහැ ඔය වගේ.පුලුවන් නම් මෙයාට සාමාජිකත්වය දීලා බදවාගන්න.ජය සිකුරුයි. (නි)

:       0       0

ගාමිණි Monday, 14 October 2013 03:07 PM

මෙයා ගිය ආත්මේ විදුලි බල මණ්ඩලේ වැඩ කරන්න ඇති. (ස)

:       0       0

රෝමි Monday, 14 October 2013 03:10 PM

ඒ ජ පෙ අලින්ට විතරයි මෝලේ නැත්තේ. (ස)

:       0       0

දයාල් Monday, 14 October 2013 07:52 PM

මේ වගේ බුද්ධිමත්, අලියාගේ ලාංජනය ඇතුව, බුද්ධිමත් ශ්‍රේෂ්ඨ නායකයින් පිරිසක් අප රටේ විශාල සංවර්ධනයක් කරනු ලැබුවා.එහෙත් අද? මෙම අසාමාන්‍ය අලින්ට සිදුවුවා මෙන් ඔවුන් අද අතරමං වෙලා (නි)

:       0       0

ආරියසේන Tuesday, 15 October 2013 08:03 AM

අලියා කියන සතා ලෝකයේ සිටින අනෙක් සතුන්ට වැඩිය බුද්ධිමත් හොඳ මොළයක් තිබෙන සත්වයෙක්. (නි)

:       0       0

කුමාරි Monday, 14 October 2013 03:41 PM

ඉතිරි වනාන්තර ටිකත් නැතිවෙන දිනක් ගැන මිස නැවත ඇතිවෙන දිනක් ගැන නම් අපිට හිතන්න බැහැ (නි)

:       0       0

ජීවන්ත Tuesday, 15 October 2013 08:34 AM

සුද්දාගේ කාලේ නම් වෙඩි තියලා හිස් කබල අරගෙන කෞතුකාගාරයේ තියාවි, ලංකාවේ අලි කියලා. (නි)

:       0       0

සරත් Monday, 14 October 2013 03:42 PM

කොහොමද අලි මොළේ? (නි)

:       0       0

සදුනි Monday, 14 October 2013 04:09 PM

වෙන්න බෑ......කෝ රනිල්ට එහෙම මොලයක් තියෙන බවක් පෙන්න නැහැනේ. (ස)

:       0       0

දයාරත්න Monday, 14 October 2013 09:45 PM

කැලය විනාශ වෙද්දී අලියා මොළය පාවිච්චි කර ජීවත් වෙන්න උත්සහ කරනවා. ඒත් රට ගැන හිතන්න මනුස්සයාට මොළය මදි .(නදී)

:       0       0

ඒ. නිමල් Tuesday, 15 October 2013 10:02 AM

ගමේම කෙනෙක් මැරිලා ඉපදිලා ඇති.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2660 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2340 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2920 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5844 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1967 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6648 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18596 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site