කන්තලේ සුරියපුර සැරිසරන වල් අලියකු රාත්‍රී කාලයේ ගෙවල්වලට ඇතුළු වී හාල් පොල් සීනී කෑමට අමුතුම උපක්‍රමයක් යොදාගෙන ඇතැයි වනජීවී නිලධාරී බී ඩබ්ලිව් රත්නායක මහතා පවසයි.
මිනිසුන්ට හෝ දේපළවලට හානි නොකරන මේ වල් අලියාගේ උපක්‍රමය වී ඇත්තේ විදුලි මනුව ළගින් විදුලිය විසන්ධි කිරීම බව රත්නායක මහතා කියයි.
සුරියපුරයේ නිවාස හත අටකම වී, හාල් ආදී දේ මේ වල් අලියා විසින් කා දැමු අවස්ථාවවල විදුලිය විසන්ධිවීම ගැන ගැමියන් සෝදිසියෙන් සිටි බවත් අලියා පළමුව හොඩවැලෙන් විදුලි මීටරය විසන්ධි කරන අයුරු ගැමියන් කිහිප දෙනකු දැක ඇති බවත් රත්නායක මහතා පවසයි
මේ අලියා අල්ලා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇතැයිද ඔහු කියයි.
විදුලි වැට උඩින් ලීයක් දමා විදුලිය අක්‍රීය කරීමෙන් වගා ඇති දෙසට ගිය වල් අලින් ගැන මීට කළින් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගිය ආත්මේ විදුලි බල මණ්ඩලේ වැඩ කරන්න ඇති. (ස)
ගමේම කෙනෙක් මැරිලා ඉපදිලා ඇති.. (ස)
සුද්දාගේ කාලේ නම් වෙඩි තියලා හිස් කබල අරගෙන කෞතුකාගාරයේ තියාවි, ලංකාවේ අලි කියලා. (නි)
අලියා කියන සතා ලෝකයේ සිටින අනෙක් සතුන්ට වැඩිය බුද්ධිමත් හොඳ මොළයක් තිබෙන සත්වයෙක්. (නි)
මේ හැම සතෙකුම එක්තරා ප්‍රමාණයක බුද්ධියක් පාවිච්චි කරනවා. හිතවත්කම, ආදර කරුණාව සිව්පාවා තුලත් තිබෙනවා. අපි මේ සත්තු ජීවත් වුණු ඉඩම් අල්ලාගෙන ගෙවල් හදාගෙන උන්ගේ නිදහස නැති කරලා. උන්ටත් ආදරය කරන්න. (නි)
මෙන්න මේ වගේ අලි වාසනාවන්! (නි)
කැලය විනාශ වෙද්දී අලියා මොළය පාවිච්චි කර ජීවත් වෙන්න උත්සහ කරනවා. ඒත් රට ගැන හිතන්න මනුස්සයාට මොළය මදි .(නදී)
මේ වගේ බුද්ධිමත්, අලියාගේ ලාංජනය ඇතුව, බුද්ධිමත් ශ්‍රේෂ්ඨ නායකයින් පිරිසක් අප රටේ විශාල සංවර්ධනයක් කරනු ලැබුවා.එහෙත් අද? මෙම අසාමාන්‍ය අලින්ට සිදුවුවා මෙන් ඔවුන් අද අතරමං වෙලා (නි)
දුකයි මෙයාට කොලෙස්ට්‍රෝල් , සීනි වැඩිවෙයිද කියලා (නි)
ගිය ආත්මේ විදුලි ඉංජිනේරුවෙක් වෙන්න ඇති (නි)
වෙන්න බෑ......කෝ රනිල්ට එහෙම මොලයක් තියෙන බවක් පෙන්න නැහැනේ. (ස)
කොහොමද අලි මොළේ? (නි)
ඉතිරි වනාන්තර ටිකත් නැතිවෙන දිනක් ගැන මිස නැවත ඇතිවෙන දිනක් ගැන නම් අපිට හිතන්න බැහැ (නි)
ඒ ජ පෙ අලින්ට විතරයි මෝලේ නැත්තේ. (ස)
අපේ අහවල් මහත්තයාගේ මොළය වගේම තමා (නි)
ඔය ලකුණ තිබුනට පක්ෂයේ නම් එක් කෙනෙක්වත් නැහැ ඔය වගේ.පුලුවන් නම් මෙයාට සාමාජිකත්වය දීලා බදවාගන්න.ජය සිකුරුයි. (නි)
ස්වාභාවික කටු පැදුරු,අලින් අකමැති පැළෑටි,තල් අතු, මී මැසි ජනපද ඇති කිරීමෙන් අලින් සංක්‍රමණය වීම වළක්වා ගන්න පුළුවන්.වියදමත් අඩුයි. පරිසර හානියකුත් නැහැ (නි)
මෙන්න නියම අලි, මෙයාලගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියනවා.නොහැක්කක් නොමැත. (ස)
උපාලි මහත්තයාගේ කතාව ඇත්ත. (ස)
උපාලි හොඳ යෝජනාවක් . පාලකයන්ට මොලේ නැහැ මේ සත්තුන්ට තරම් වත්. සත්තුන්ට කන්න තියෙන කැළ මිනිස්සු විනාශ කරන එක නවත්තන්න කෙනෙක් නැද්ද? (ස)
බුද්ධිමත් සතෙක් අලියා කියන්නේ. (නි)
මෙන්න මේ අලියා තමයි එජාපෙ ඊළඟ නායකයා විය යුත්තේ. (ස)
පට්ට අලියෙක් ඈ..... අලිනං අලි ෂෝක් පුතා (ස)
ඔන්න, යවනවා නම් අපේ විදුලි බල මණ්ඩලයට ! (නි)
තිරිසනෙක් වුවත් පෙර ආත්මයේ කළ සොරකම් මේ ආත්මේත් පිහිටා තිබෙන්න ඇති (නි)
සිරිකොතේවත් නෑ මේ වගේ අලි. (ස)
ඒ මහත්තයාගේ මොළේට වඩා මේ අලියාගේ මොළේ වටිනවා! බඩ ගින්නට තමයි ඔහොම කරනවා ඇත්තේ. අපේ මහත්තුරු ඕවා කරන්නේ බඩ ගින්නටයෑ? (නි)