( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - බලන්ගොඩ නගර සභාව හොදම නගර සභාව ලෙසින් නැවතත් රන් සම්මාන දිනා ගනී. 2012 සබරගමුව පළාතේ පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරගයේදී වැඩිම සම්මාන හා සහික පත් ලබා ගත් පළාත් පාලන ආයතනය ලෙසින් බලන්ගොඩ නගර සභාව පෙරමුණ ගෙන තිබේ.
පළාතේ හොදම නගර සභාවට හිමිවන රන් සම්මානය, පළාතේ හොදම මහජන පුස්තකාලය, හොදම මහජන සති පොළට හිමිවන සම්මානය, හොදම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ඇතුඵ විශාල සම්මාන හා සහතික පත‍්‍ර ප‍්‍රමාණයටකට බලන්ගොඩ නගර සභාව හිමිකම් කියයි.
සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සබරගමුව පළාත් සභා සම්මන්ත‍්‍රණ සභාවේ පැවැති රන් අස්වනු 2012 සම්මාන උළෙලේදී බලන්ගොඩ නගර සභාවට එම සම්මානය පිරිනැමිණ . තවද මෙයට අමතරව පළාතේ හොදම නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා දෙවැනි ස්ථානයද, පළාතේ හොදම පෙර පාසැල දෙවන ස්ථානයද දිනා ගත්තේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බලන්ගොඩ නගර සභාවට රන් සම්මාන
වජිර දිසානායක Monday, 17 February 2014 11:31 PM
සුභ පැතුම්! (නදී)
සත්‍යා Sunday, 16 February 2014 09:16 AM
බලංගොඩට මොනරවිල කැප්පෙටිපොල දිසාවගේ ඍජු සම්බන්ධයක් තිබුනා. මේ වගේ වීරයෙකුගේ පහස ලැබූ පෙදෙසක වසන මිනිස්සුත් වාසනාවන්තයෝ.(දී)
අමිලා සංජීවනී Tuesday, 18 February 2014 10:37 AM
සුභ පැතුම්! (නදී)
ශාමින්ද ජයවර්ධන Wednesday, 19 February 2014 02:37 PM
අනෙක් නගර සභා වලට හොඳ ආදර්ශයක් (දිල්)