ත්‍රිකුණාමල සාම්පූර් බලාගාර ගිවිසුම අත්සන් තැබීමට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා සමග 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලැසුම් කර ඇතැයි ඉන්දියාවේ ‘‘ද හින්දු‘‘ වෙබ් අඩවියේ දැක්වේ.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව පසුගියදා පැවැති පළාත් සභා මැතිවරණයෙන් උතුරේ වැඩිම මනාප ලබාගත් සී.වී.විනගේස්වරන් මහතා හා දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානීන් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් මහතා යාපනයේදී හමුවනු ඇතැයි හින්දු වෙබ් අඩවියේ සදහන්ය.
දෙමළ ජාතින සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසා තිබුණේ ශී‍්‍රලංකාව මින් පෙර ඉන්දියාවට පොරොන්දුවී තිබූ පරිදි 13 වැනි ව්‍යවස්ථාව ස්ථාපිත කර ගැනීමේ කි‍්‍රයාදාමය සඵල කර ගැනීමට තම පක්ෂය කටයුතු කරන බවයි.
දෙමළ ජාතික සන්ධානය උතුරේ විශිෂ්ට ජයක් ලබා තිබෙන මේ අවස්ථාව නිසියාකාරව බලය බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීමට හොදම කාලය යැයි ඔහුගේ අදහස වී තිබුණි.
නමුත් පසුගියදා ශී‍්‍රලංකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරුණේ ඉඩම් හා පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුව අතෙහිම පැවතිය යුතු බවයි.පළාත් සභා වලට තවත් බලය ලබාදීමක් අවශ්‍ය නොවන බව එම නියෝගයෙන් පැවැසිණි.
ශී‍්‍ර ලංකාවේ රජය මැතිවරණ වලින් තමන්ගේ ජය පතා පමණක් කටයුතු කරන්නේයැයි පැවැති මතය උතුරේ පළාත් සභා මැතිවරණය දෙමළ ජාතික සන්ධානය ජය ගැනීමත් සමග බිද වැටුණි.උතුරු පළාත් සභාවේ ආසන 38 න් 30 ක්ම අත්පත් කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වුනි.සල්මන් කුර්ෂිඩ් මහතා අතර පැවැත්වීමට නියමිත හමුවේදී ඉන්දු-ශී‍්‍රලංකා ධීවරයින් අතර නිරන්තරයෙන් පැන නගින ගැටලූ වලට විසදුම් සාකච්ඡා කිරීමටත් නියමිත බව හින්දු වෙබ් අඩවියේ සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ ආර් ගේ විධායක ජනාදිපති තනතුර කපල මේ ටික කොලා නම් අපි කපෝති. .(නදී)
දෙවියොලුනේ මේ ලෝකෙ මැව්වේ. එහෙම දෙවියෝ කියන කට්ටිය මේක මවද්දි එක එක රටවලට සැප, දුක වගෙම විනාශයටත් එක එක දේවල් මැව්වලු. දැන් අරාබිකරය ගත්තම සල්ලි වකාරෙනෙ, ඒ තෙල් නිසානෙ. දෙවියො තෙල් මවල සල්ලි වකාරයක් කරලා උන්ට දුක දෙන්න කාන්තාර මැව්වලු, වතුර නැතිම වෙන විදියට. ජපානයට මොලේ තියෙන මිනිස්සු මවලා ගිනි කදු මැව්වලු. ඔහොම ඔහොම තව තව දේ මැව්වලු. මවල මවලා කොහොම හරි ශ්‍රී ලංකාව කියන රට පොඩිම පොඩි නිසා කොහොම හරි දෙවියන්ට මිස් වෙලා ඔක්කොම හරියට මැවිලලු. වතුර, ගස් කොලන්, සාරවත් බව උපරිමයෙන් තියෙනවලු. ඕක මීටර් වුන දෙවියෙක් කොහොම හරි ලෙඩේ ඇදලා ශ්‍රී ලංකාවටත් විනාශ වෙන්න මොකක් හරි මවමු කියලා තීරණය කලාලු." ඔක්කොම එකතු වෙලා කල්පනා කරලා කරලා කරන්නම දෙයක් නැතිම තැන ඉන්දියාව කියලා රටක් මැව්වලු ශ්‍රී ලංකාව විනාශ වෙන්න" (ස)
සුළු ජාතීන්ට සමානව සැළකූ විට බලය බෙදීම අවශ්‍ය නැත. එක් ඉරක් පමණක් ඇති ලෝකයේ සම අවස්ථාව මිනිසාගේ පරම අයිතියක් බව අවුරුදු 2500 ඉතිහාසය ඇති අය නොදන්නේද? (නි)
මෙයාලට මොනවා කලත් ඉන්දියාව තමයි...මතක තියා ගනන්න නුඹලා ජීවත් වෙන්නේ ලංකාවේ. ලංකාවේ ඉදන් ඉන්දියාවට අදින්න එපා...(නදී)
අපේ අයට කොන්ද පණ තියෙනවද කියලා නොවෙයි අහන්න ඕනෑ. කොන්දක් තියෙනවද කියලා. නැත්නම් 2/3 බලයක් පාර්ලිමේන්තුවේ තියාගෙන කෑ ගහපු අය දැන් ඉන්දියාව ඉදිරියේ බයේ ගැහෙනවා. අනේ මගේ රට. (නි)
අපට තේරුණා ඔය ටිකිරි මොලේ කාගේද කියලා. අවදානම් පාර... (නි)
මාතෘකාව ආධාර හෝ ණය. තහනම් වචනය "බලය බෙදීම." අපේ අයටත් ලැජ්ජාව ගෑවිලාවත් නැහැ. (නි)
ඉන්දියාවට වහ කන්න වෙන්නේ ටැමිල් නාඩුව ඊල නාඩුව දෙක එකතු උනදාට.(නදී)..
වාසු ටයි බාහු ටයි ඡන්දෙ දෙන ඔල මොට්ටලයින්ට කියන්නේ. ඔලුව අතගාලා බලන්න අන් ඇවිත්ද කියල.(නදී)
මේක විසඳෙන්නේ අපේ නායක කාරකාදීන් ගේ කෙලින් තීරණ ගැනීමේ හැකියාව නොහොත් පිට කොන්දේ ශක්තිමත් බව මතයි. මේක ස්වාදීන රටක්. ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවෙයි. ඉන්දියාවට නැමුනොත් අපි නිවටයෝ කියල මුළු ලෝකයම දැනගන්නවා.(නදී)
උතුරේ මහා ඇමතිගේ මාමණ්ඩියා වාසුදේව නානායක්කාර 7 වැනදා සිරස පස්වරු 7 කළ ප්‍රකාශය තුලින් 13 සංසෝදනයේ ඉඩම් සහ පොලිස් බලතල වලට විරුද්දව කතා කරන අයට විරුද්දව කැස්සා. දැන් මොකද එයා කියන්නේ. මේ ගොල්ලන්ට ඡන්දය දෙන අයටත් සාප වේවා. (නදී)
මේකේ කොමෙන්ට් දාලා තියන දේශප්‍රේමියන් කොච්චර කෑ ගැහුවත් අන්තිමට වන්නේ බලය බෙදන එක තමයි. . .(නදී)
ආපු වැඩේ කරගෙන ගියා නම් හොඳයි. නැත්නම් ඕකත් නැති වෙයි. (ස)
පේනවා නේද ? ඉඩම්, පොලිස් බලතල නැතුවම ඉන්දියාව සාකච්ඡා කරන්න ලෑස්තිය. මේවා දුන්නොත් අපේ ආණ්ඩුව බල්ලට දාලා මෙයාලා තමිල්නාඩුවත් එක්ක වෙනම ගමනක් යාවි. මොලේ තියෙන ආණ්ඩුවක් හැටියට මේ හමුවීම වහාම නවත්වන්න ඕනේ. (නදී)
මේ අයට ලැට් එකට යන්න බැරි වුනත් ඉන්දියව තමයි (අ)
අපේ අයට කොන්ද පණ තිබුනොත් ඇති, ඉන්දියාව ඉදිරියේදී දන නොනමා ඉන්න. (ස)
අපි ටිකක් ඉවසමු, විග්නේශ්වරෙන් මහතා සාධාරණව කටයුතු කළ යුතුයි. මේ සාම්පුර් බලා ගාරය අවැසි වැඩක් ද? අර නොරෝචෝලේ වගේ කරච්චලයක් වේවි..(නදී)
මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බව අමතක වෙලාද? (ස)
මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බව අමතක වෙලාද දන්නේ නෑ... (ස)
උතුරේ නව මහ ඇමතිතුමාට කවුරුත් නීතිය කියා දෙන්න උවමනාවක් නැහැ. එතුමා නීතියට අනුව කටයුතු කරාවි. දැක්කනේ එතුමා ජනපති ඉදිරියේ දිවුරුම් දුන් හැටි. (ස)
දෙමල සන්ධානයේ තාත්තද ඉන්දියාව, සහය පතන්න? ශ්‍රී ලංකාව යනු ස්වාධීන රාජ්ජයකි. ඉන්දියාවට දෙකට නැවීමට අපිට කිසිම අවශ්‍ය තාවයක් නොමැති බව දෙමළ සන්ධානය අවබෝධ කර ගත යතුයි. (ස)
ඉන්දියාවේ ධිවරයෝ ලංකාවේ මාලු හොරකම් කරන එක ගැන කෙලින් කථා කරන්නෙ නෑ. උන් ඇවිල්ලා අපේ හොදි හට්ටියේ තියෙන්නේ මොනවද කියලත් බලනවා. අනෙක දෙමළ ජාතික සංධානෙවත් ඔය විග්නේෂ්වර්වත් මාලු හොරකම ගැන කථාවක් නැහැ. දෙමළ මිනිස්සු ගැන ඔය තරම්ම ඉන්දියාවට විග්නේෂ්වරන්ට කැක්කුම නම් ඔය මාළු හොරු ගැන කථා කරලා ඒක නවත්වන්න... (ස)
මොකද මේ ඉන්දියාව කරන්නේ, තවත් පළාත් 8 ක්ම තියෙද්දී එක පළාතක් විතරක් වෙනම රටක් විදියට සලකනාවාද? මේවාට ඉඩ දෙන්න ඕනෑද? (ස)