බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ජාතික හෙළ උරුමය කැමති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද කොළඹදී පැවති සංවාදයකදී පැවසීය.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව විසින් සංවිධානය කැරුණූ මෙම සංවාදය සඳහා කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි ජ්‍යෙෂ්ඨ කථිකාචාරිය ටෙරන්ස් පුරසිංහ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීවේදී ශිරාල් ලක්තිලක යන අයද සහභාගීවී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම රාජ්‍යයක් කියාගෙන නේද දේශපාලනයට ආවේ? ඊළග පාර නම් ඇපවත් නැතුව යන්නම ඕනෑ කියලයි මම නම් කියන්නේ. (නි)
බලයේ බෙදන්න දෙයක් දැන් ඉතුරුවෙලා නැහැ. (නි)
උපාලි මහත්තයෝ, ඉස්සර හිටපු අය දැන් වෙනස් වෙලා (නි)
ඒකත් හරියට ග්‍රෑන්ඩ්පාස් සිද්ධියේදී බෝගස කැපීමට එකඟ වුණා වගෙයි නේද? (නි)
වෙල්මුරුගන්, ඔහේලා නටන නාඩගමක් තමිල්නාඩුවට ගිහින් නටාගන්නවා. මේකේ බෙදන්න තියෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැතුව ඇති. (නි)
විස්තර නොදැන ප්‍රතිචාර දමන්න එපා. හෙළ උරුමය කවදාකවත් රට බෙදන තැනට එන්නේ නැහැ. සාකච්ඡා ආරම්භ කළාට පසු හෙළ උරුමයේ ප්‍රතිචාර බලා ගන්න. ඔවුන් පෙනී සිටින්නේ කොන්ද පන නැති දේසපාලන පක්ෂ හා දේසපාලුවෝ රට වෙනුවෙන් නොමැති නිසයි. (ස)
මහා කළු සිංහලයා නමින් අදහස් දක්වා ඇත්තේ මගේ අදහස් දැක්වීමට නම් ,මහා කළු සින්හලයණනි, මම කවුද නියම ලෙස හඳුන්වා දීමට නොහැකිවීම ගැන කණගාටු වෙමි.මා පැවසුවේ ඔය කාගේත් කියුම් තරම් කෙරුම් නැති බැවිනි. අද රටේ සිංහලයට හැම තැනකම ප්‍රශ්න, ජලය ඉල්ලා හඬන විට වෙඩි, බෞද්ධ පුරාවස්තු විනාශයන්, සිංහලයා යට කරමින් මුස්ලිම් අන්තවාදයේ නැගිටීම්, ජාතික සමඟිය වෙනුවෙන් බෝධීන් වහන්සේ කැපීම්, විනශ වෙන බෞද්ධ උරුමය වෙනුවෙන් නිහඬ වීම් ,ඉතිං මේ හැම සිංහල සංවිධානයක්ම එකතුවී මේවා රැක ගැනීමට සිංහල අයිතිය,බෞද්ධ අයිතිය වෙනුවෙන් මෙයට වඩා වැඩි දෙයක් කල නොහැකිද? මම නම් මගේ හැටියට සිංහල කම වෙනුවෙන් විශ්‍රාම වැටුපත් නැති කරගත් අයෙක්. පළාතේ සිංහල ජාතිවාදී නායකයා වශයෙන් උසාවියට ඉදිරිපත් කලද සාක්ෂි නැතිකම නිසා නිදහස් වූ අයෙක්. (ස)
රටේ ජනතාව ආණ්ඩුවට බලේ දුන්නේ රට එක්සත් කරලා හැම ජාතියකගේම ප්‍රශ්න විසඳන්නයි. බලේ බෙදන්න නෙමේ. එක එක අයට ඕනේ දේ කරන්න බලයක් දීලා නැහැ. සිංහලයෝ දැනටම බයවෙලා උතුරේ පළාත් සභා ඡන්දෙට. අනේ මෙහෙම ජාතියක්.? හාමුදුරුවෝ දැන් යුඑන්පී නේද? දැන් එයාගෙන් වැඩක් නැහැ. රටට ආදරේ තරුණ මිනිස්සු ඉස්සරහට එන්න ඕනේ . බලය රැක ගන්නයි ඕනේ. (ස)
නියම කියමන තමයි. "කන්න හිතුනහම කබරයා තලගොයා " ජයවේවා හෙලයිනේ ....! (ස)
අනුමැතිය දුන්නා නම් - ඇමතිකමුත් දෙනවා නම් මොන එහෙකටද අපි බැහැයි කියන්නේ (නි)
තව ටික දවසක් යනකොට 13 ට ඇනගෙන ඇනගෙන ගිය අරයා ඇතුළු පිරිසත් ඔය දේම කියයිද දන්නේ නැහැ නේද? (නි)
සාකච්ඡාවට නේ කැමතිවෙලා තියෙන්නේ.කැමතිවෙලා ගිහින් අහන්න තියෙන්නේ දෙමළ ජාතිකයන්ට විතරක් වෙච්ච අසාධාරණය මොකද්ද කියලා, වර්තමාන පාලන ක්‍රමය අනුව. (ස)
සටන ඉවර උනහම බලය බෙදීමට එහා ගිය විසදුමක් දෙන්න උනත් අපි කමතේකියල (අ)
මට කියන්න තියෙන්නෙත් නිමල් ලලිතා කියපු ටිකට සමාන ටිකක් තමයි. (නි)
මාර යූ ටර්න් එකක්නේ ගත්තේ මේ පාර (නි)
අපිට එක බිරින්දැයි, සමහරුන්ට පස් දෙනයි. සල්ලි වලටත් පිනටත් ඕනෑතරම් ඉන්නේ. රට කමු අපි හදමු (නි)
අර දෙන්නට මොකද මේ එකපාරම වුණේ? දැන්වත් මෙරටේ මිනිස්සුන්ට සමගියෙන් ඉන්න දෙන්නකෝ. ඒක තමා අපි ඉල්ලන එකම දේ (නි)
හහා! හොදම වීහිළුව. දමිළයන් පිළිගනීවි. ලෝකයේ උසස්ම ධර්මයක් වන බුද්ධාගමට නේද මෙහෙම කරන්නේ? (නි)
මේ වගේ අයට ඡන්ද දෙන්නට රටේ මිනිස්සු තවත් මෝඩ නැහැ (නි)
හෙළ උරුමයට ස්තුතියි. මතවාද තිබුනාවේ. රට රැකගැනීමයි මුල්තැන ගතයුත්තේ. සෝභිත ස්වාමීන් වහන්සේ නියම ලංකා පුත්‍රයෙක්. උන් වහන්සේ වටා එක්වීම හොඳයි. සාකච්ඡා කරලා රටටම පිළිගත හැකි විසඳුමක් සොයන්න. (නි)
දැඩි ප්‍රතිවිරෝධයක් දක්වනවිට ඔවුන් පලායනවා (නි)
බලය බෙදන්නේ කා සමගද? කුමක් නිසාද? අපි බලයක් දෙන්නේ එක පැත්තක ජන කොට්ඨාශයකට....වෙනත් පැත්තකින් තව කව්රුවත් ඉල්ලුවොත් අපි එයාලටත් දෙනවද? බලය ඉල්ලන ජන කොට්ඨාශය ඉන්නේ එම පළාතේ විතරද? මෙන්න මේවට අපි පිළිතුරු හොයන්න ඕනෑ.හෙළ උරුමය හෝ වේවා වෙනත් සිංහල ජාතික බලවේගයක් වේවා, ඒවා අපේ ශක්තින්.ඒවා හෙළාදකිනවා නම් එම පුද්ගලයෝ සිංහල ජාතිය ගැන කිසිම කැක්කුමක් නැති අය.. (නි)
ද්‍රවිඩ ජනගහනය රට වල වල විසිරී ඇති ආකාරය අනුව,. කිසිම රටක් වෙනම පාලනයක් සදහා ද්‍රවිඩ ජාතිකයන්ට අයිතිවාසිකම් දී නැත. අඩුම තරමේ 72 ලක්ෂයකට වැඩි ද්‍රවිඩයන් සිටින ඉන්දියාවේ පවා වෙනම පාලනයක් තමිල්නාඩුවට නැත. 3 ලක්ෂයක් වන ද්‍රවිඩයන්ට මේ පුංචි ලංකාවෙන් කොටසක් පාලනය කරන්න දුනහොත් අනාගතයේදී තව අවුරුදු 10 කින් විතර අපිට බලාගන්න පුළුවන් රටේ වැඩිහරිය ද්‍රවිඩ දොස්තරවරු, රජයේ ආයතන පාලකයන්, කථිකාචාර්යවරු මෙකි නොකී සෑම දෙනාම ද්‍රවිඩයන් වීම. හේතුව සියලුම විභාග ද්‍රවිඩ භාෂාවෙන් කර සමර්ථ වී. පසුව ඉංග්‍රීසියෙන් වැඩ කිරීම. ලංකාවේ සියලුම විභාග ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් පැවැත්වීමට වහාම නීති පැනවිය යුතුයි. (නි)
ඔය ජාතික හෙළ උරුමයේ ප්‍රදාන නායකයන් කිහිප දෙනෙකු කියපුව දැන් කියන්නේ නැහැ. මමත් ඔය පක්ෂයේ ගම මට්ටමේ ආදාර කාරයෙක් වෙලා සිටියා. මට කියන්න තියෙන්නේ එකම දෙයයි. මේ රටේ හැම පුරවැසියෙකුම එකම රජය නීතියක් යටතේ මිසක් ආගමික නීති වලින් පාලනය කරන්න ඉඩ දෙන්න බැහැ. අපිට එක බිරින්දයි, සමහරුන්ට පස් දෙනයි. ආගමික සමගිය සඳහා යි කියමින් සිංහල බෞද්දයා විනාස වන තැන ට කටයුතු යෙදෙන විදිහට වැඩ කරන්න ඉඩ දෙන්නත් බැහැ. ඔය කව්රු කව්රුත් එක්ක මම වැඩ කරලා තියෙනවා. නමුත් මේ දක්වා සිදු උනේ සිංහල බෞද්ද අයිතිය ටිකෙන් ටික හෝ නැතිවෙන එකයි. එදා මාදුළුවාවේ සෝභිත හිමියන් සමග සිටි ප්‍රදානම හිමි වරුන් දෙදෙනෙක් අද නිස්සබ්දයි.(නදී)
නිශාන්ත මහත්තයෝ ජාතික සහ සමාජ ගැටළු වලදී සියලුම ජාතිකයන් ගේ විශ්වාස දිනාගත් මාදුළුවාවේ සෝබිත ස්වාමින්වහන්සේත් එක්ක එකතුවී අපේ රටේ ජාතික ප්‍රශ්නයට ඒකීය රටක්තුල සාදාරන විසදුමකට අඩිතාලම දමන්න (නදී)
අතු ගෑවිලා යන්න ඉසෙල්ලා මොලේ පැදුනු එක හොදයි.(නදී)
කන්න ඕනෑ වුණහම කබරගොයි මාළු තලගොයි මාළු වෙනවලු. (නි)
මේ සංවාදය පිළිබද සවිස්තර වාර්තාව බලන්න. (නි)