‘රාජපක්ෂලාට මේ රටේ යළි බලයට එන්න බැහැ. බලයට එන්නට හෙළ උරුමය ඉඩ දෙන්නෙත් නැහැ. 2020 අලුත් ආණ්ඩුව පිහිටුවීමේ යතුර ඇත්තේ ජාතික හෙළ උරුමය ළඟ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මීළඟට බලය ලබාගත යුතු පක්ෂ දෙකයි. ඔවුන් හැබැයි තවත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ගැන කථා කරලා වැඩක් නැහැ. ඔවුන් තව අවුරුදු 40ක් කතා කර කර ඉඳීවී.‘ යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මාතලේ දී පැවසීය.
රට හරි මගට ගැනීම ගැන දේශනයක් කරමින් ඔහු එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම හිතාගෙන වෙන්න ඇති, අහිංසකයෝ හප්පලා සදහටම අබ්බගාතයෝ කරලා පල යන්නේ. කට දොඩවන්න නම් දන්නවා, ඒ වුනාට වැඩ නම් නෑ. රටේ එදා වියදම හොයාගන්න බැරුව දගලනවා. (බ)
ඡන්දයක් තියල බලන්නකො ඔබලා කියන විදියට සිද්ධවෙනවාද කියල අපිටත් බලන්න පුළුවන් (බ)
උගතෙක් විදියට ගරු කරපු කලක් මහජනතාව අතර තිබුන , දැන් එ්ක හදාගෙන ගිහින් හුගක් කල් (බ)
දැන් සැර වැඩි වෙලා දෝ කියවනවා නේද අනතුර වුන දරුවා පොල් ගැහුවලු ඒවා වැඩ කරනවා ඇති නේද (බ)
එතුමා ගැන අනුකම්පා කළ යුතුයි..එයානේ 2020 ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්නේ..(බ)
යතුර තියෙන්නේ ඔබේ ළඟ නොව අපේ ළගයි (බ)
දැන් නම් ජනාධිපති සිහිනේ පිස්සුව හොදටෝම වැඩි වෙලා. (බ)
ඔව් ඔව් උරුමයේ යතුර කාටද කියලා අපි දන්නවා (බ)
හීන ලෝකයක ජීවත් වෙන්න හොඳ නැහැ..ජනතා විමුක්ති පෙරමුණ තීරණාත්මක වැඩ කොටසක් ඊළඟ ඡන්දයේදී කරයි කියලයි අපිට නං හිතෙන්නේ. (බ)
පරණ මහින්ද දැන් අපිට හොදා අපි රැවටුනා (බ)
හරියට රා බිව්වා මීයාගේ කතා වගෙයි තමයි මෙයාගේ කතා,අපිට මතකයි විදුලි බල ඇමැතිවෙලා ඉන්න කාලේ කරපු වැඩ අන්තිමට රටේ බලශක්ති අර්බුදයක් ඇති කරලා තමයි නැවතුනේ. (බ)
ඔබතුමා අපිට සමච්චල් කරනවද (බ)
හෙළ උරුමයේ හෙළුව පෙනෙන්නේ තනියම ඉල්ලන්න වුනදාට. ඒ දවසත් වැඩි ඈතක නෙමෙයි. එදාට කියන්න වෙන්නේ "සිහින ලොවක් දුටුවා මතකයි " කියල තමයි.(බ)
හාපෝ ඇඟ කිලිපොලා යනවා කියල තියෙන කතාවට...(බ)
යතුර ඔයා ළග තියාගෙන අදට වැඩේ කරමු. 2020 වැඩේ එදාට මිනිස්සුන් බලාගනී. (බ)
ඔබ තුමාට බොහොම ස්තුති බඩ පුරා හිනා වීමට අවස්ථාව සලසපු එක ගැන. (බ)
අනිත් මොකවත් මට අදාල නෑ රාජපෂලාව අායේ බලයට ගේන්ඩ ඉඩදෙන්නෑ කියන වචනයට මම හරි ආසයි (බ)
අපි නැවතත් ඔබටත් බලය දෙන්නැහැ (බ)
ජනාධිපති වෙන්න. නමුත් ඔය අතේ තිබෙන යතුර අයිති. ජනතාවට. එ්කේ තමයි තියෙන්නේ.(බ)
ගංගොඩවිල සෝම හිමියන්ට පින්සිද්ධ වෙන්න, මුලින්ම හෙළ උරුමය මන්ත්‍රී ආසන ටිකක් අරගෙන හිමිවරු ටික දෙනෙක් පාර්ලිමේන්තුවට ගියා. අපට වැටහෙන විදිහට, එම පක්ෂයෙන් හෝ එදා තෝරාගත් මන්ත්‍රී හිමිවරුන්ගෙන් හෝ එතරම් වැඩක් කෙරුනේ නැහැ. ඒ මදිවට ගම්වල අහිංසක හාමුදුරුවරුත් උපහාසයට ලක් වුණා. (බ)
60% ශ්රී ලාංකික උගත් යැයි සිතන ජනතා කොටස් නිතරම කියවන බස් වලට නොරැවෙටෙනු ඇත. අර කියපු 10 ගුණයේ සංවර්ධනය කොහෙද? (නි)
අනේ මොකටද මගේ කට! (නි)
වැඩක් කරනතුරු ජනතාව බලා සිටිනවා. මෙය අධිතක්සේරුවක් විදියටයි පෙනෙන්නේ. (නි)
වැල යන පැත්තට මැස්ස ගහලා, දැන් කියනවා මැස්ස ගැහුව පැත්තට වැල යන්නේ කියලා! (නි)
පාඨලී ඇමතිතුමා ගෞරවනීය ලෙස කටයුතු කළත්, දැන් දැන් කරන කියන දේවල් අනුව අරාජික තත්වයට පත්වෙමින් ඉන්නා බව පෙනෙනවා. (නි)
යතුර ඔබතුමාම තියාගන්න. මීළඟ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ තම පිහිටවන්නේ. අපිට දැන් හොඳටෝම එපාවෙලා ඉන්නේ. රට හරි මඟට ගන්න ඔයාලා කාටවත් බැරිවුණා. තවම ඔයාලා පළිගන්නවා, වැඩ නැහැ. රටක් ඉදිරියට ගෙනයන්න කැපවීම ඕනෑ. ඔයාලා ළඟ එ්ක නැහැ. ඔයාල සැප හොයන කට්ටිය. (නි)
මෙයාලා හෙළ උරුමයේ ඉන්නාතුරු අපි කවුරුත් හෙළ උරුමයට නැහැ. (නි)
රැවටුණු කාලය ඉවරයි. (බ)
අපේ ඡන්දේ බුදලේට ලියාගෙන වගයි. (බ)
මට නම් හිනා යනවා. හෙළ උරුමය තනියම ඉල්ලුවොත් ෆොන්සේකාට වඩා අන්ත විදියට පරදින්න වෙන්නේ. එජාප එක්ක ඉලුවොත් ලිස්ට් එකෙන් හරි රිංගන්න පුළුවන්නේ නේද (බ)
අනේ ඇයි ඔබ තුමා ඉක්මනටම මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ නැත්තේ (බ)
ඔය යතුරු වර්ග මොනවාද කියා කියන්න පුළුවන්ද අපිටත් දැනගන්න (නි)
"රාජපක්ෂලාට නොවෙයි, මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවකට මේ රටේ යළි බලයට එන්න බැහැ" කියලයි අපි නම් හිතන්නේ (නි)
මම නම් හිතන්නේ ඊළඟ පාර සෑහෙන ඡන්ද ගානක් වැඩියෙන් ලැබෙනවා කලින් පාරට වඩා. ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලයි හිතෙන්නේ. (නි)
සුපිරිම කතාවක්. (බ)
ගරු අැමතිතුමෙනි, මම ඔබතුමාට ගරුකරනවා. ඔබතුමාට වැඩක් කරන්න පුළුවනි,ඒත් රට ගෙනියන විදිහ බලපුවාම මොනවද වෙන්නේ කියල හිතෙනවා. ඔබතුමා විදුලිය සම්බන්ධව හිටපු කාලය පරිසරය පිලිබඳ කාලයත් එක්ක බැලුවාම යමක් කරන්න ලැබේවිද කියල හිතෙනවා. අවසානයේ කාගේද රිමෝට් එක වගේ අතේ තියාගෙනම ඉන්න වේවිද? (බ)
ඉක්මන් ප්‍රතිකාරයක් ගත්තොතින් හොඳා (බ)
හෙළ උරුමයට තිබුණු තැන නැති කළෙත් ඔබලා තමයි (බ)
දැන් ගිහින් තියන උඩ ඔයාට වැඩිය උඩ ගිය අය වැටුණා ඒ ගැන හිතන්න (බ)
2020 ජනාධිපති වෙන්න හීන බලන එක පුද්ගලයෙක් තමයි මේ. නමුත් ඡන්ද ලක්ෂ 160ක් ම තියෙන්නේ අනික් පැත්තේ බව තවමත් අවබෝධ වෙලා නැති හැඩයි. (බ)
හොදටම අසාධ්‍යයි වගේ. (බ)
ඔය කට්ටියම දන්නැති වුණාට බලය පිහිටුවන බලේ තියෙන්නේ මහා ජනතාවගේ අතේ. (බ)
මගේ අදහස් ඔක්කොම ඉහලින් පලවෙලා තියෙනවා.(බ)
බලයේ යතුර කෙසේ වෙතත් ලංකාවේ හන්දියක්, හන්දියක් ගානේ තියෙන සීසීටීවීවල ලින්ක් එකනම් හැබැහින්ම හෙළ උරුමය ළඟ තමා තියෙන්නේ. අනිත් එක ඔබතුමා වාගේ පක්ෂ මාරු කරපු කිසිම වෙන මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ නැහැ. ඔබගේ කෙරුවාව හොඳට පෙනෙයි ලබන ඡන්දයේදී .... එ්කට 2020 වෙනකන් බලා ඉන්න ඕනේ නැහැ. (බ)